ගණිකාවට ගරු කරන්න
තවත් එක් අම්මා කවුද නංගී,අක්කා අදී සහෝදරිය කවුද දන්නැති විකෘති මානසිකත්වයකට හිමිකම් කියන පහත් අදහස් ඇති බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් ගහන්න් ඕනවෙලා තියෙන තවත් එක් වලත්තයෙක් කියන අමන කතාවක් යයි මේ ලිපිය ඔබට හැඟේ නම් මෙය නොකියුවාට කම් නැත. මොකද ඔබ මට බැන්නාට මගේ අහින්සක අම්මාට කිඹුහුන් යනවාට මන් කැමති නැත. ඔබ සංවේදී කෙනෙකුගේ දුකේදී නෙතගට කඳුලක් නැගෙන වෙනස් ඇසකින් ලෝකය දෙස බලන අයෙකුනම් එන්න අත්වැල් බැඳගන්න. කතාව අරම්භයෙන්ම අපි පටන් ගමු. මම් ඔබෙන් අහන්නම් කවුද බඩුවක්, ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් කියලා කියන්නෙ? ඔබට උත්තරයක් සිතට එනවා ඇති, නමුත් ඒ උත්තරය ඔබ තුලින්ම ආපු උත්තරයක් නොව කවුරු හෝ කියනවා ඇසුනු උත්තරයක් බව ඔබම සිතා බලන්න. ඒ අනුවයි මම ඒ විශේෂන පද තුන ආරම්භයට යොදා ගත්තෙ. මමත් ඒ වචන අහලා තියෙන්නේ අනෙත් අයගෙන්. ඔව්' ඒ සියල්ලෙන්ම හැදින්වෙන්නේ ගණිකාව නම් වූ ගැහැනියය. ගණිකාව යනු ප්‍රසිද්ධ ගීතයක කියවෙන පරිදි කුහුඹුවකුට...