ගණිකාවට ගරු කරන්න
කතාව අරම්භයෙන්ම අපි පටන් ගමු. මම් ඔබෙන් අහන්නම් කවුද බඩුවක්, ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් කියලා කියන්නෙ? ඔබට උත්තරයක් සිතට එනවා ඇති, නමුත් ඒ උත්තරය ඔබ තුලින්ම ආපු උත්තරයක් නොව කවුරු හෝ කියනවා ඇසුනු උත්තරයක් බව ඔබම සිතා බලන්න. ඒ අනුවයි මම ඒ විශේෂන පද තුන ආරම්භයට යොදා ගත්තෙ. මමත් ඒ වචන අහලා තියෙන්නේ අනෙත් අයගෙන්.
ඔව්' ඒ සියල්ලෙන්ම හැදින්වෙන්නේ ගණිකාව නම් වූ ගැහැනියය. ගණිකාව යනු ප්‍රසිද්ධ ගීතයක කියවෙන පරිදි කුහුඹුවකුට වුව වරදක් නැති වැරදිකාර එමෙන්ම ළැම පමණක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ගැහැනියක ලෙස මම ඔබට හදුන්වා දෙමි. මන්ද ගනිකාවගේ පහස ලබන බහුතරයක් ඇයගේ ළැම පමනක් දකින අතර ලය නොදකින බැවිනි, පොලීසියද ඇසුරු කල එකාට ඇපදී ඇයව උසාවි ඉදිරිපත් කරයි, ඇයට ඉන් හොඳ ප්‍රසිද්දියක් ලබා දේ. නඩු ගාස්තු ගෙවා නැවතත් ඇයව ඒ ජරාවලට ඇද දැමීමට සමහර නීතී වෘත්තිකයන් පෙරමග බලා සිටිති.
ලෝකයේ පැරණිම වෘත්තිය වූ මෙය අද වන විට ජාවාරමක් වී අවසානය. මුදලට විකිනෙන්නිය කවුරු වුනත් වැඩි ප්‍රතිලාබ ලබනුයේ අතරමැදියාය. මේ අතරමැදියාට මවක්, සහොදරියක් ගණිකාවක් කිරීමට ඇසුරු සැනින් පුලුවන.
තමාගේ ගත අනෙකෙකුගේ ලිංගික ආසාව සන්තර්පනයට සපයනවාට වඩා එහාට ගිය ඇරමුණක් ඇතිව ගණිකාව ලෙස පොදුවේ හදුන්වන මේ කොට්ටාසය තවත් එක් සමාජ පැතිකඩක් පමනි. ඔවුන් ස්ත්‍රී හෝ පුරුශ වේවා ඔහුට හෝ ඇයට ඒ විශේෂන පදය පටබැදුනේ කෙසෙද යන්න සමාජයේ ඔහු හෝ ඇය ඇසුරු කරන අයට ප්‍රශ්නයක් නොවීය. සමහර විට ඒ ඇසුරු කරන පුද්ගලයා ඊට වග කිව යුතු ඇත.
බුදුන් වහන්සේගේ කාලයේද ගනිකාවන් විය, අම්බපාලියද එවැන්නියකි, නමුත් ඇය සසරින් එතෙර වූවාය, අපි තවමත් සසරේය. එයල ඔවුන් පුරඟන ලෙස හැදින්වූ අතර රජවරු නිල වශයෙන් ඔවුන් ඇසුරු කල අතර අද වන විට එය නිලනොවන වශයෙන් ජයටම කෙරීගෙනයයි. රටේ මහජන නියොඅජනය යනෙන තැනැක් වූ _________________ තුලින් කාලයකදී එය සුද්ද පවිත්‍ර කරද්දී උපත් පාලන කොපු තගපිටින් ලැබෙන්නේ දෙශ පාලුවෝ නියමෙට රට පාලනය කල බවට උදාහරනද සමගිනි.
ගමේ සිට නගරයට රැකියාවකට එන තරුනියන්, රෑ වැඩ කරන කර්මානත පුරවල කෙල්ලන්, කොතෙකුත් අතරමන් කර මේ තත්වයට ඇද දැමීමට කොතෙකුත් නරුමයන් දත මැදගෙන බලා සිටී.
තවද තම රෝගී ස්වාමියා ජීවත් කරවීමට, අබ්බගාත ස්වාමියා ගෙදර සිටින විට දරු පවුල රැකීමට, තම අධ්‍යාපන වියදම් සොයා ගැනීමට ආදී විවිද ප්‍රශ්ණ හමුවේ ලෙහෙසියෙන් මුදල් සොයා ගැනීමට මේ වෘත්තියට පිවිසෙන ඇය සමාජයට බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් වූවද ඔබටත් එය එසේමද?
වස්තර ඇඳ සිටින කාන්තාවද මනසින් නිරුවත් කර රස විඳින යුගයක සමාජය විසින් නිරුවත් කරන ලද කානතාවට වස්ත්‍රයක් ලබා දෙන ලෙස මා ඔබෙන් ඉල්ලමි, ඒ වස්ත්‍රය කුමක්ද යන්න ඔබට බාරය.
අවසාන ලෙස පවට පින් දෙන්න බෑනේ කියන හිස් කියමනෙන් මෙය බැහැර කිරීමට වඩා ඔබටත් මටත් වෙනසක් කල හැකිය යන අදහසින් මෙය දෙස බලන්න.
තමාගේ ගත අනෙකෙකුගේ ලිංගික ආසාව සන්තර්පනයට සපයනවාට වඩා එහාට ගිය ඇරමුණක් ඇතිව ගණිකාව ලෙස පොදුවේ හදුන්වන මේ කොට්ටාසය තවත් එක් සමාජ පැතිකඩක් පමනි. ඔවුන් ස්ත්‍රී හෝ පුරුශ වේවා ඔහුට හෝ ඇයට ඒ විශේෂන පදය පටබැදුනේ කෙසෙද යන්න සමාජයේ ඔහු හෝ ඇය ඇසුරු කරන අයට ප්‍රශ්නයක් නොවීය. සමහර විට ඒ ඇසුරු කරන පුද්ගලයා ඊට වග කිව යුතු ඇත.
බුදුන් වහන්සේගේ කාලයේද ගනිකාවන් විය, අම්බපාලියද එවැන්නියකි, නමුත් ඇය සසරින් එතෙර වූවාය, අපි තවමත් සසරේය. එයල ඔවුන් පුරඟන ලෙස හැදින්වූ අතර රජවරු නිල වශයෙන් ඔවුන් ඇසුරු කල අතර අද වන විට එය නිලනොවන වශයෙන් ජයටම කෙරීගෙනයයි. රටේ මහජන නියොඅජනය යනෙන තැනැක් වූ _________________ තුලින් කාලයකදී එය සුද්ද පවිත්‍ර කරද්දී උපත් පාලන කොපු තගපිටින් ලැබෙන්නේ දෙශ පාලුවෝ නියමෙට රට පාලනය කල බවට උදාහරනද සමගිනි.
ගමේ සිට නගරයට රැකියාවකට එන තරුනියන්, රෑ වැඩ කරන කර්මානත පුරවල කෙල්ලන්, කොතෙකුත් අතරමන් කර මේ තත්වයට ඇද දැමීමට කොතෙකුත් නරුමයන් දත මැදගෙන බලා සිටී.
තවද තම රෝගී ස්වාමියා ජීවත් කරවීමට, අබ්බගාත ස්වාමියා ගෙදර සිටින විට දරු පවුල රැකීමට, තම අධ්‍යාපන වියදම් සොයා ගැනීමට ආදී විවිද ප්‍රශ්ණ හමුවේ ලෙහෙසියෙන් මුදල් සොයා ගැනීමට මේ වෘත්තියට පිවිසෙන ඇය සමාජයට බඩුවක්,ගොනෙක් එහෙමත් නැත්නම් ඇන්ටා පාරක් වූවද ඔබටත් එය එසේමද?
වස්තර ඇඳ සිටින කාන්තාවද මනසින් නිරුවත් කර රස විඳින යුගයක සමාජය විසින් නිරුවත් කරන ලද කානතාවට වස්ත්‍රයක් ලබා දෙන ලෙස මා ඔබෙන් ඉල්ලමි, ඒ වස්ත්‍රය කුමක්ද යන්න ඔබට බාරය.
අවසාන ලෙස පවට පින් දෙන්න බෑනේ කියන හිස් කියමනෙන් මෙය බැහැර කිරීමට වඩා ඔබටත් මටත් වෙනසක් කල හැකිය යන අදහසින් මෙය දෙස බලන්න.
ගණිකාවට සමාජයේ හිමිවිය යුතු තැන කොතනද?
ReplyDeleteගණිකාවක් බිහිවෙන්නෙත් කාගේ නමුත් වරදකින් !
ReplyDeleteහරියට හරි!
Deleteඒ කතාවට මාත් එකඟයි.
Deleteඅනිවා......
Deleteඕකෙ දෙපැත්තක් තියෙනව බං. උඹ දැකල තියෙන්නෙ සාධාරණ පැත්ත.
ReplyDeleteඅසාධාරණය සාධාරණීකරනය කරන්න ඕන නැහැනේද මචං
Deleteඇත්ත බං! ඇත්ත! ගණිකාවට වෛර කරලා බොරුවට බැනලා රඩ වෙන එවුන්ම තමයි රෑට රෑට ඒ අහිංසක ගෑනුන්ගෙ තුරුලෙ නිදියන්නෙත්! වැඩක් නෑ කතාකරලා ඕවා ගැන බං! සමාඩයේ වැරදි නිසාමයි ගණිකාව බිහිවෙන්නෙ!
ReplyDeleteසමාජයේ නාටු පොල් ගස් ටික ඔහොමම මැරිල ගියාවෙ, අනාගතයට ඉන්න අපි වෙනසක් කරමු.
Deleteගනිකාවො බිහිවෙන්නෙ සමාජයේ ඒ වෙනුවෙන් රික්තයක් තියෙන නිසා.
ReplyDeleteකවුරු කොහොම හිතුවත් ආණ්ඩුවේ ලියකියවිලි වල අත්සන් කරල ලි.ප. කරලා ගෙදර ගෙනෙන්නෙත් බොහෝ විට ගණිකාවොම තමයි.( මුදල් - දේපල- ඉඩකඩම් දිහා බලාගෙන විවාහයට ඇතුල්වෙන්නෙ ගනිකාවො මිසක් වෙන කවුරු ද?)
කෙසේ වෙතත් නිල ගනිකාවො කරන්නෙ සමාජ සේවයක්. ඔවුන්ව අපහසුතාවයට ලක් කිරීමත් අපහාසයට ලක් කිරීමත් කිසිවිටෙකත් නොකළ යුතුයි. ඔවුන්ට ගරු කළ යුතුයි.
මේක කියවද්දී මගේ හිතට ආපු සිංදු දෙකයි... එකක් ඔයා දාල... අනික "කන්‍යාවී"
ReplyDeleteඒ කාරණයේදී අසරණ වන්නේ ගැහැණිය... හැමෝම හොයන්නේ ගැහැණිය ගැනයි. අන්න ඒකයි කණගාටුවට කරුණ..
හැමොම ගැහැණියගෙ වැරැද්ද සෙවීම ඇත්තටම කණගාටුවට කරුණක්
Deleteකාන්තාවක් ගණිකාවක් වෙන්නේ කැමැත්තෙන් නෙමෙයි බොහෝ වෙලාවට..
ReplyDeleteකැමැත්තෙන් හෝ අකමැත්තෙන් හරි අවසාන ප්‍රත්‍රිඵලය ශෝකනීයයි
Deleteමනුෂ්‍යයත්වයට ගෞරව කරන්න ඉගෙන ගන්නකම් අපට ඕක ඉගෙන ගන්න බැරිවෙයි.
ReplyDeleteබස්කාරයින්ට,ත්‍රීවීල් කාරයින්ට මගිය කියන්නෙ කෑල්ලක් විතරයි.
දේශපාලකයින්ට ජනතාව මනාපයක්.
අසහන කාරයින්ට කාන්තාව කියන්නෙ බඩුවක්,කෑල්ලක්,ගොනෙක්.
මනුෂ්‍යයත්වයයි ආදරයයි කාමයයි අද රුපියල් සත වලට සීමා වෙලා තියෙන කොට ගෞරවය සිහිනයක් පමණයි.
Deleteමේකත් ජීවත් වීම සඳහා කරන රැකියවක්. කෙනෙකුට කියන්න පුළුවන් ආත්ම ගෞරවයක් නැති රැකියාවක් කියලා.. එහෙම කියන අයගෙන් මට අහන්න තියෙන්නේ තමන් කරන්නේ ආත්ම ගෞරවයක් තියෙන රැකියාවක්ද කියන එක. ලොක්කන්ට නැමීගෙන, පන්දම් අල්ලගෙන කරන් දේත් මේ රැකියාවත් අතර වෙනසක් මම නම් දකින්නේ නෑ. මෙයත් එක රැකියාවක් විතරයි. මනුෂ්‍යත්වයට ගරු කරන කිසි කෙනෙක් තවත් මනුෂ්‍යයෙකුට නිගා කරන්නේ නෑ.. විය යුත්තේ එයයි...
ReplyDeleteඇත්ත තමයි
Deleteකොල්ලුපිටියේ ප්‍රසිද්ධ ගනිකා පොට් එකේ බඩ දරු අම්මලත් ඉඳලා ඒ රස්සාව කරන්න...විලිසංගේ නැති ඒවටම කැමති උනුත් ඉන්නවලු නේ....බුදුහාමුදුරුවංගේ කාලේ ඉඳන් එන රස්සාවක් කියන්නේ කොහොම නවත්තන්න පුළුවන් එකක් ද....ඒ කාලේ ඉඳලම මේකට පිළියමක් හොයාගන්න බැරිවෙන්නැති....
ReplyDeleteමේකට පිලියම් හොයනවට වඩා මේකෙ පහස සොයා යාමයි එදත් වුනේ අදත් වෙන්නෙ
Deleteඅසරන කම නිසා එහෙම වුන අයත් ඇති..ඒත් හැමෝම එහෙමයි කියල හිතන්න පුලුවන්ද..කාගෙ වරදකින් ගණිකාවක් බිහිවුනත් ඇයි ඔවුන් ඒකෙන් ගැලවෙන්න උනන්දුවක් නොවන්නෙ..ජීවත් වෙන්න විදිහක් නැත්නම් කුලී වැඩක් කරන්න පුලුවන්..කාන්තාවකට සල්ලි හොයන්න පුලුවන් තමන්ගෙ ඇඟ පෙන්නල විතරමද..ඕනතරම් දුක් විඳින් ගැහැණු අපි අතරම ඉන්නව..ඒත් ඔවුන් තමන්ගෙ ආත්ම ගරුත්වය රැකගෙන සමාජයේ ජීවත් වෙනව..මේ වගේ අතරින් පතර ඉන්න අය නිසා හොඳ ගැහැනු ලමයෙක්ටවත් පාරක් අයිනෙ විනාඩි 5 ක් නැවතිලා බස් එකක් එනතුරු බලන් හිටියත් මිනිස්සු බලන්නෙ වැරදියට..මට හිතෙන්නෙ ඒ මේ වගේ අය නිසා තමයි අද හැම කාන්තාවක් දිහාම කෑදර විදියට මිනිස්සු බලන්න පුරුදු වෙලා තියෙන්නෙ කියල ..මේ මට හිතෙන හැටි..වරදක්නම් කිව්වෙ සමාවෙන්න..මේ මගේ පුද්ගලික සිතුවිල්ලක් විතරයි.
ReplyDeleteඅදහස් ප්‍රකාශනයේ සම්පූර්ණ අයිතිය ඇත, ඔබගේ පුද්ගලික සිතුවිල්ලේ කිසිදු වරදක් නැත, කතාව සපුරා ඇත්තය
Delete:))
Deleteමම නම් කියන්නෙ, මෙක රැකියාවක් විදියට නීතිගත කරන්න ඕන, එතකොට බස් හෝල්ට් වල ඉන්න අහින්සක නංගිල දිහා කවුරුවත් වරදි විදියට බලන එකක නැහැ. මොකද දන්නවනෙ ඒ ඉන්නෙ ගනිකාවක් නෙවෙයි කියල. අවශ්‍ය අයට කෙලින්ම අදාල තැනකට යන්න පුලුවන් කම තියෙනවනෙ, එතකොට කවුරුවත් ගෑනු ලමයෙක්ව බලහත්කාරයෙන් දූෂනය කරන්න යන්නෙ නැහැනෙ,
ReplyDeleteනීති ගත වුවහොත් ඒ හරහා තවත් බොහෝ පිරිසක් අසරණ කිරීමට නීතිය අල්ලෙ නටවන අයට පහසුවෙන්ම හැකිවේවි
Deleteකඩවල් වල සල්ලි දීල ගන්න ඕනේ තරම් බඩු භාණ්ඩ තිබුනට එදා ඉඳන් අද වෙනකන් රටේ වෙන කොරකම් නැති වුනාද ?
Deleteඕක නීති ගත කළා කියල අමාරුව තියන සමහර උදවිය අහිංසක ජීවිත බිල්ලට ගන්න එක නවත්වයිද?
තමන්ගේ අබ්භාගාත සැමියා සුවපත් කරන්න කියල හිතාගෙන, දරුවන්ට කන්ඩ අඳින්න දෙන්න කියල හිතාගෙන, සල්ලි හොයන්න තියන ලේසිම ක්‍රමේ කියල හිතල මේ විදිහට තමන්ගේ ආත්මය විකුණන් කන එක මම නම් හරියි කියල දකින්නේ නෑ. මොකද මේ රටේ දුක් විඳින ඕනේ තරම් කාන්තාවන් ඉන්නවා ඔය තරම් පහත් තත්වෙට පත් නොවී දාඩිය මහන්සියෙන් ජීවිතේ ගැටගහ ගන්න....
ReplyDeleteඔය කියන හැමෝම වගේ මේක කරන්නේ වෙච්ච දේ වුනා, ආයේ හදන්න බෑ, කරන්න වෙන දෙයක් නැති හන්ද, කියන නිදහසට කාරණේ ඕනෙවටත් වඩා පාවිච්චි කරනවා. ඇත්තටම මේ රස්සාව ඇරුනම කරන්න වෙන දේවල් නැද්ද මේ රටේ ගෑනුන්ට ?
හොඳටම තේරෙනවා සල්ලි හොයන්න ලේසිම ක්‍රමයක් හන්ද මේ රස්සාව තමන්ගේ කැමැත්තෙන් කරනවා කියල.
නමුත් අපට නොපෙනෙන පැත්තකුත් තියනවා කියල අමතක කරන්න නරකයි.
ඔබ කැමතිද කවද හරි ඔබ බැරි වෙලාවත් අබ්භාගාතයෙක් වෙලා,, කරගන්න දෙයක් නැති වුන දවසක, සල්ලි හොයන්න තියන ලේසිම ක්‍රමේ හන්ද ඔබේ ආදරණීය බිරිඳත් මේ තත්වෙට පත් වෙලා ඔබට කන්න බොන්න බේත් හේත් අරන් දෙනවට. ?
Deleteඔබේ අදහස් හා සපුරා එකග වෙමි,
Deleteනමුත් වෙනත් රැකියාවක් කරන්න නොදී බ්ලැක් මේල් වන අසරණ ජීවිත වලට සුළු හො වටිනාකමක් එක් කිරීම හොද නැද්ද? නිවෙස් වල වැඩකාර කමට යාමත්, සිගා කෑමත්, තම දුක කියා පිළිඑරණ පැතීමෙනුත් කාන්කාවනට මෙම ඉරණම අත්වීමේ අවධානම වැඩි බව ඔබ දන්නවාද?
දෙවන කමෙන්ටුවට කියන්න තියෙන්නෙ මෙම කාන්තාවන්ගේ මෙබදු සැමියන් බහුතරයක් තම ආදරණීය බිරිද මෙවැණි රැකියාවක් කරන බව නොදන්නා බව ඔබ දන්නවාද
බලහත්කාරයෙන් මේ රස්සාවට ඇද දැමීම වෙනම කතාවක්. ( ඒ කියන්නේ මේ රස්සාවට කොහොමද අවේ කියන එක නෙමෙයි වැදගත්) එතනින් ගැලවෙන්නේ කොහොමද කියන එකයි. ගණිකාවක් විදිහට ජීවිතේ පටන් ගත්තු කෙනා ගණිකාවක් විදිහට මැරිලා යනවට වඩා හොඳ නැද්ද ඒ ජරා රස්සාවෙන් අත් මිදෙන්න හිතන එක.
Delete"ඔය කියන වටිනාකම දෙන්න කියන්නේ ඔබ තුමා කියන විදිහට ගණිකාව ගණිකාවක් වෙලාම ඉඳල මැරෙනකන්මත් ඒ විදිහටම ඉදීමෙන්ද? එතකොටද ඒ ජීවිත වලට වටිනාකමක් වෙන්නේ.
දෙවෙනි කමෙන්ටුවෙන් ඔබ තුමා කියන්නේ වෙනම කතාවක් මම කියන්නේ වෙනම කතාවක්....ස්වාමියා නොදන්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ නොදන්නා කම ප්‍රයෝජනයට අරන් බිරිඳක් එහෙම හැරිසෙන එක හරිද මචන්.
හිතෙන දේ කිවේ මචන්. උඹත් එක්ක හිතේ අල්ප මාත්‍රයක කහටක් නම් නෑ කොල්ලා...
අනේ නෑ මචං මගෙත් එහෙම කිසිම එකක් නෑ, ස්තූතියි ඇත්තම අදහස කිව්වට,
Deleteමාත් කැමති නෑ මේ රස්සාවට, ඒත් මම මෙතනදී කියන්නෙ මේ අය ඇසුරු කරන අය මේ අයට පහත් කැලා කථා නිරීම හරි නෑ කියලා, මේක නවත්තන්න පුළුවන්නම් කොච්චර එකක්ද, තමං විහින් හැදෙනවා ඇරෙන්න බලං යද්දි කරන්න දෙයක් නෑ.
මගේ අදහස නම් ඔයාල ඔක්කොම කතා කළේ ලංකාවේ හෝ මොන රටක හෝ ඉන්න ගණිකාවන් ගැන.ඉතින් ඔයාල කව්රැවත් කතා කළේ නෑ ලංකාවේ ඉන්න ගණිකාවන්ගෙන් පිරිමි ගණිකා වෘතියෙ යෙදෙන අය ගැන.ලංකාවේ 60% ම පිරිමි.මාත් එක්ක එකග උනත් නැතත් ඇත්ත ඕකයි.ඔයාල ඒ ගැනත් ටිකක් හිතන්න.මමත් ගණිකා වෘත්තියට විරැද්ධයි ඒත් ගණිකාව කියන්නෙත් මේ සමාජයේ ම ජීවිතය යදින ඔබ මම වගේ ම අසරණයෙක්.ඇය හෝ ඔහු දෙස වපර ඇහින් බලන එක නෙමෙයි මනුෂ්‍යත්වය කියල කියන්නේ.සානුකම්පිත හදවතක් තියෙන මනුෂ්‍යෙයක් විදිහට ඇය හෝ ඔහු දෙස බැලීම අපි හැමෝගෙම යුතුකමයි.
ReplyDeleteඇත්ත
Deleteහැමෝම කියන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා කරනවා කියලා, හැබැයි ඉතින් පොළවල් වල පලා විකුණලා තමන්ගේ දරුවන්ට කන්න දෙන අම්මලා මේ රටේ ඕනතරම් ඉන්නවා. ඒ නිසා මම නම් හිතන්නේ නිදහසට කාරණා නෑ ඒකට මම නම් හිතන්නේ....
ReplyDeleteඇත්ත, නමුත් ගැහැණිය යන මාවත ඇයයි තෝර ගන්නෙ, ඒක හරි හෝ වරදි හෝ, මෙම මාවතත් තවත් එක් මගක් විතරයි,
Deletemekai machan..
Deletehamotama pala wikunala jiwath wenna ba ne..
Owa nikan surangana katha witharai..
Pala wikunala ganna thuttu deken mona karannada....???
Anika Prado Intercooler walin yana minissu kawadawath pole pala wikunana ganiyekgen pala gannawa dakala thiyenawada......???
But ganikawo ganna anne a vahana walin...
Penawane samaje hati..
Apita Samajaya wenas karanna amarui machan..
Mokada me loke hada gahila thiyenne aka ramuwakata..
A ramuwen pita paninna ape minissu kamathi na..
Hariyata nikan drug addict wela wage..
"වෙසඟන තුඟු තන යුග රොන් කොකු මගර
ReplyDeleteපිස එන මද පවන් වැද වෙල් ලිහිණි සර
මේ කසිකබල් වික්ටෝරියානු සභ්‍යත්වය ඇතුලේ ගණිකාව ජරා ගෑනියෙක් උනාට පෙරදිග සංස්කෘතියේ ඇයට උසස් තැනක් හිමිවෙලා තිබ්බ. වැඩියේ ඕන නෑ කියවල බලන්න බොදු සාහිත්‍ය... නගරසොභනියට අපහාස කරල තියනවද නෑ නේද??? මගේ නම් විස්වාසය ගනිකාවුර්තිය නීතිගත කරල වැදගත් විදියට රස්සාව කරගෙන යන්න ඉඩ දෙන්න ඕන. මාතලන් ගෙ අදහසට මමත් එකඟයි මම කාලෙකට කලින් මෙන්න මෙහෙම ලිව්වා ඔය ගැන
සුදු රෙදි ඇදන් රට ජාතිය විකුනනවා
සිවුරුත් පොරෝගෙන කට්ටඩියෝ වෙනවා
මේවා දැකල ඇස කන් හැම පියවෙනවා
නිලියෝ බඩු වීම ගැන පත්තර පුරවනවා
ඇත්ත තමා,
Deleteස්තූතියි මේ පැත්තෙ ආවාට
සොමි..... මං ඔයාගේ post ඒක සම්පුර්ණයෙන්ම කියෙව්වා. ඔයා හරි සොමි..... කවුරු පිළිකුල් කරත් ඒ අසරණ ගැහැනුන් ගැන හොයන , බලන, අනුකම්පා කරන අයත් මේ ලෝකේ ඉන්නව. . මම මීලග post එක මගින් කියන්නම්, ගණිකාව හා මේ අපි අතර ඇති සබදතාවය කුමක්ද කියා. අපට පුළුවන් ඔවුන්ට ශක්තියක් වන්න. ඒ ගණිකාවක් වෙන්න නෙමේ..... ඇගේ ජීවිතය ගොඩ නගා ගන්න.
ReplyDeleteඅනිවාර්යයෙන්ම , මීලග post එක පලකරනකන් මග බලන් ඉන්නවා. අපිට සැබෑම සංවාදයක් ගොඩ නගන්න පුළුවන් වෙයි යහපත් හෙට දිනක් උදෙසා...
Deleteඅද වෙනකොට ගණිකාව කියන චරිතය වෘත්තිය මට්ටමෙන් ලංකාවේ නීතිවිරෝධී කියන ලේබලයෙන් ක්‍රියාත්මක වන බව ඇත්ත.ඒ වෘත්තිය ඇතුලෙත් එක එක කුලකයන් තියෙනවා එය තීරණය වන්නේ ගණිකාව කියන චරිතය මෙය වෘත්තිය ලෙස තෝරාගත්තේ ඇයිද කියන කරණය මත.කෙසේවෙතත් මෙය අනුමත කල නොහැකි දෙයක් ලෙස ගැනුනත් 75% පමණ ප්‍රතිශතයක් කාන්තාවන් ගණිකාවන් වන්නේ ආර්ථික ගැටළු මත.නගරයේ ප්‍රසිද්ද ගණිකා නිකේතන තුල මෙන්ම ඇත පිටිසර සිල්ලර බඩු කඩේක බඩ තඩි මුදලාලි කෙනෙකුගේ ලිංගික වහලියක් වෙන එකත් ආර්ථික ගැටළු මුල්කරගෙන බොහෝවිට කාටත් නොදැනම සිදුවෙනවා.කොහොම කෙසේ වුවත් කාන්තාවකගේ සුව විදීමට බොහෝ පිරිමින් ප්‍රියයි නමුත් ශෝකාන්තය වී ඇත්තේ සමාජයෙන් මුවා වී තම සිතැගි ඉටුකරගන්නා බොහොමයක් පිරිමින් සමාජය ඉදිරියේ ගැහැණිය අවඥාවට ලක් කිරීමයි.බොහෝවිට එයට හේතු වී ඇත්තේ ඔබ කී ලෙස ගණිකාවකගේ පිරිපුන් පියයුරු යටින් ඇති ලය හදුනා ගැනීමට ඔවුන් උත්සහා නොගැනීම යයි මට සිතේ.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete