කොයි වල යන්නද.........
ඉකි බිඳ හඬන මගෙ කිරි දරුවගෙ කටට
කිරි බිඳ නොදී මට උනනා දරු පෙමට
මුළු හදවතින් මවු සෙනෙහෙන් විත් පෙරට
මතකද කිරි පොවපු හැටි මම නුඹෙ පුතුට
පෙළට තබාලයි අත් පා බඳින්නේ
ගෙලට තියුණු පිහි පහරයි වදින්නේ
බියට පත්ව හැඬුවත් නෑ බලන්නේ
අපට ඇයි මෙහෙම වදදී මරන්නේ
ඇසුවත් කොතෙක් බණ අමතකය ඒවා
කෙරුවත් කොතෙක් සෙත අවගුණය පෑවා
ගත යුත්තකට නැති මනුසතුන් ගාවා
යළි උප්පත්තියක් නම් නොම වේවා
බොටුව කපන විට එන කළු ලේ මූද
කැටුව හුස්ම යන හැටි වෙවුලා පාද
දුටුවහොත් කරනා මේ අපරාධ
පපුව හොඳට ඇති අය ගවමස් කාද
කුර ගෙවුනේ බර ඇදලයි කඩපිලට
වෙහෙස වුණේ මෙහෙ කරලයි අප ඔබට
මෙහෙම උණේ අප කල මොන වරදකට
යහළුවනේ හදවත් නැත මිනිසුන්ට
ගුවනින් සෙත් පිරිත් ඇසෙනා කනිසමට
දස වද දිදී බෙලි කැපුනා එක පෙලට
මැනලානොවෙයි කිරි දුන්නේ අප ලොවට
කල හොඳ නරක් වීදෝ මිනිසුනි ඔබට
උපුටා ගැනීම : විශ්වකීරිතී දේශමාන්‍ය සිසිරචන්ද්‍ර වීරක්කොඩි මහතාගේ පොතකිනි
අපේ ගෙදර කවදාවත් හරක් මස් උයලත් නෑ කාලත් නෑ....
ReplyDeleteමම නම් ඔවුවා කන්නේ නෑ !!!
ReplyDeleteහැමෝටම ස්තූතියි, මේවා නවත්තන්න නම් සමාජය දැනුවත් වීම වගේම සමාජ කතිකාවතක් ඒ හරහා ගොඩ නැගිය යුතුයි.
ReplyDeleteමේ වගේ දේවල් මේ විදිහට දකින්නත් පව් කරලා තියෙන්න ඕන. කාලෙක ඉඳලම මස් මාළු කන එක නවත්තන්න ඕන කම තිබ්බ ඒත් ගෙදරින් ඉඩ දුන්නේ නෑ .එත් 10 වසරෙ ඉස්කෝලෙට උගන්නන්න ආපු හමුදුරු නමක් අපිට බලන්න දුන්න,සත්තු මරණ එක ගැන තියන CD තැටියක් බැලුව දවසෙම තීරණය කලා හැම කෑමක්ම නවත්තන්න. අම්මගෙන් ඇති වෙනකං බැනුම් ඇහුව ඒ ඒකාලෙත් මම කෙට්ටු නිසා තවත් ඇට ගැහෙයි කියල .තාත්ත ගේ අනුමැතිය හම්බුනා .දැන් අය්යයි මායි දෙන්නම නිර්මාංශයි. :) නිර්මාංශ වුන නිසා ජීවිතයට ලැබුන දේවල් ගොඩයි.ලද දෙයින් සෑහීමට පත්වීම ,අත්හැරීම,සැහැල්ලුව,මිනිස්සුන්ගෙ සතුන්ගෙ දුක ඔවුන්ගෙ සිතුවිලි වලින්ම දැනීම ..මේ හැම එකක් එක්කම ලැබුන හිතේ සතුට කියල නිම කරන්න බෑ .
ReplyDeleteඅහන්නත් සතුටුයි.
Delete