වදින තැනකට ඉලක්කෙටම වදින්නට 1 (අපි නොදන්න වැලන්ටයින්)



වැලන්ටයින් වලට තව ඇත්තේ දවස් පහකි. ලව්  ෙනාකරන බහුතරයක් ෙමදින වනෙතක් අඟිලි ගනින්නේ මොන මල ඉලව්වකටද නම් මම නොදනිමි.අද වන  විට ආදරය කාමය මූලික කර ගත් ආකරයකට පරිවර්තනය වෙමින් පවතින බව පෙනී යයි. කාමය ආදරයෙ එක් පැතිකඩක් පමණි. ආදරය ගත් විට අපෙ රටේද එයට ඉතිහාසයක් ඈත. ආදරයේ නාමයෙන් සාලිය අශෝකමාලා උයනට වී සෙක්ස් කලේ නෑත. දන්නා තරමින් අශෝකමාලා බඩ වුනේද නත. ඇයට ගබ්සාවක් කලේද නැත. නමුත් අද වනවිට සාලිය වෙස් ගත් අමනයන් ඕනෑ තරම් ඇත. බහුතරයක් අශෝකමාලාවන් බඩ වෙති. ඒ වනවිට අම්මා අප්පා කියපුවා ගඟට කැපූ ඉනි වී හමාරය. ඒ බඩට ආ දියසේනලා හොර පාරෙම පරලොව යවන්නට ඇති තරම් කලු සුද්දලාගේ ගුබ්බෑයම් පඳුරක් පඳුරක් ගානේ ඇත. අද වන විට සාලියට අශෝකමාලාට පෙම් කරන්නට තැනක් ඕනෙම නැත. රුපියල් සීයට ගුබ්බෑයම් සපයන්නට සැදී පැහැදී බලා සිටින අය ඔනෑ තරම්ය. 14 දාට ඔය ගුබ්බෑයම් පිරී ඉතිරී යනු නිසැකය. මන්ද මේ බුදුන් තුන් වරක් වැඩි සිරි ලන්කාදීපය හෙයිනි. රජය ගබ්සාව නීති ගත කිරීමට යයි. ඇමතිලට ඇමති පුතාලට පට්ට ආතල් එතකොට ගත හැකිය.එවිට වරද බඩ වූ එකීගෙය. ගබ්සාව නීති ගත වුවහොත් අශෝකමාලලාට බඩුම තමාය. මෙය අහෝ ඛේදයකි, ඉරකි තිතකි.

Comments

  1. කතාවත් එක්ක එකග වෙමි.....

    ReplyDelete
  2. බඩවල් හදානොගෙන ශාරිරික සබඳතා පැවැත්විය හැක . ඒ සඳහා තරුණ පරපුර දැනුවත් කරනවා විනා ලිංගික ආශාවන් දමනය කිරීමට උත්සහ කිරීමෙන් පලක් නැත . වැඩේ අල කරගන්නෙ නොදැනුවත් කම නිසාය . පලමුව ලිංගික අධ්‍යාපනය තරුණ පරපුරට ලබාදිය යුතුය , එවිට වැලා ඩේ පමණක් නොව වෙන ඕනිම දාකට කරගන්න මගුලක් ලෙඩ හෝ බඩවල් හදානොගෙන කරගැනීමට ඔවුන් පෙලඹෙනු ඇත . පෝය දවසට හැංගි හොරා රූම්ස් ගානෙ ගොස් අනාථ වන තරුණියන් වෙනුවෙට සම ලිංගික අයිතිවාසිකම් ප්‍රායෝගිකව ලැබු තරුණියන්ද සිටිනු ඇත

    ReplyDelete
  3. කවුරු කෙසේ කීවත් ලිoගික ආකර්ශනණයකින් තොර ආදරයක් පැවතිය නොහැක. යව්වන වයසේදී ලිoගික කාර්යන් සඳහා යොමු වීමට ස්වභාදහමෙන්ම අපගේ සිරුර මෙන්ම මනසද සූදානම් කරනු ලබනවා. ඉතින් විවාහයකට පෙර මෙවැනි සබදතා වල වරදක් මම නම් දකින්නේ නෑ. එහෙම දේවල් හිතෙන්නේ නෑ කියන්නේ නම් ඒක තමයි ලෙඩේ.

    ReplyDelete
  4. කතාව එක හෙලාම අනුමත කරමි !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්