වදින තැනකට ඉලක්කෙටම වදින්නට 2 (කිඹුලා කෑම)


අපේ අයට බේකරියේ කිඹුලා කිඹුලා බනිස්ය, ප්ලේන්ටියක් සමග දෙක තුනක් ඇඟට පතට නොදනීම ගිලීමට කාතත් ඇහැකිය. වතුරේද කිඹුලන් වෙති. රාගමද කිඹුලෙක් සිටියාය. අපෙ අයට ඒ කිඹුලයි පිටි කිඹුලයි පැටලිනි. අපේ අය ඌව පනපිටින් කෑවාය. හැබයි ඒ වෙන විට මේ කිඹුලාද අපේ එකෙකුට වග කියා අවසන්ය, ඒ වනතෙක් වනජීවීඑකේ උන් පිටි කිඹුලන් කකා සිටියාද නොදනිමි. එතනද පුරස්නයකි, කතවේ හොඳම හරිය "බල්ලෙක් අපිව කෑවාට අපි බල්ලා කන්නේ නැත, ඒත් කන උන් ඉන්නවාද නම් දන්නේ නැත". එහෙත් මෙහිදී බලු කෑමක් වී ඇතුවාය, කිඹුලගේ ඔලුවේ රස පොරවක් හොඳ හැටි බලා ඇතිවාය. පොරවට පණ නැත, කිඹුලන්ගේ ඔලු පැලීමටද අවශ්‍ය නැත. තිරිසනා තිරිසනාමය, ඌ හොඳක් නරකක් දන්නේ නැත. මිනිසා මනසින් උසස්ය (ඇත්තටමද?). හැඟීම් ආවේගයන් පලනය කරගත හැකිය, නමුත් එසේ නොවුනි. මළේ ගැට කිඹුලෙකි, වාර්තා වූ හැටියට ඌ ලංකාවේ ලොකුම කිඹුලාය. ලොකුම කිරිකට් පිට්ටනි, කොටම හයිවේ, ගොඩබිම් වරාය, ලොකුම රඟහල, ආදී එකී නොකී මෙකී සෑම ලොකු ලොකු සයිස් ඒවා අතර ලොකුම කිඹුලා ඝාතනයට ලක්විය. ඉස්සර නම් ගෙදර හුරතලේට හැදූ තලගොයා මලදා "නිවන් පුරේ පලයන් ගෝ පැටියා......." කියූ මනුශ්‍යත්වයක් අපට තිබී ඇතිවාය, නමුත් මේ තලගොයෙක් නොව කිඹුලෙකි. අපේ අයට කන්න ඕනෑ වූ විට කබරයාත් තලගොයා වේ. මේ කිඹුලා අද හෙටම පුලුන් ගොඩක් වනු ඇත. ඌ වෙනුවෙනුත් ඌ කා මළ අය වෙනුවෙනුත් අපගේ සාතිශය සංවේගය.

Comments

  1. ඔළුවේ පොරෝ පාරක් තිබ්බ නිසාද අර පින්තූර වල ඔළුව වැහෙන්න තණකොල දාලා තිබ්බේ?

    ReplyDelete
  2. මොනා උනත් ඒ කිඹුලා පවු !!!

    ReplyDelete
  3. මාත් මේ පාර කිඹුලෙක් තනියම කන්න ගත්තා සුමනදාස එකෙන්. කොහෙද ඉතින් ඌව තනියම කන්න බැරි උනානේ මට.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්