Posts

Showing posts with the label කුරුටු බලි

කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු

Image
කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු. හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්. කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේ නමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළු කියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි, ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මක ව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ, ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්.  ඔව් ඔබත් මමත් ඒ රැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස් කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි. සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේ එහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ. අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒ වර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාට හැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි. පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේ ඉරි රටා හද තල නැ...

කියවන එකේ වෙනසකට බකන් නිලන්න එන්න (ආරාධනා)

Image
ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ , ඒ චිත්‍ර පාට ගොඩයි , සංකලන , සම්මිශ්‍රණ , රටා , හැඩතල , හෙවනැලි , ආලෝකය , අඳුර , ඒ චිත්‍රෙ ඇතුලේ  කතන්දර ගොඩයි. එත් ජීවිතේ ඇත්තටම මොන පාටද ? දකින පාටමද පීන්නේ , පෙනෙන පාටමද තියෙන්නේ ? පාටට පාට කොහෙන්ද ? පාට එකතුවුනාම එක චිත්‍රයක්ද ? ඔබ පාට දකින්න ගත්තේ කවදා ඉඳන්ද ? මතකද අම්ම අන්දවපු ජංගි කොටේ ඇඳගෙන හුණු කුරකින් , පාට කුරකින් , අඟුරු කෑල්ලකින් ගෙයි බිත්ති වල හීන සිතුවම් කරපු හැටි. සමනල්ලු , මල් , සුරංගනාවියෝ , කෝ උන් ? උන්ටික කොහෙද ගියේ ? මතකද ? ඒ අතීතය , ඔබත් මෙහෙම කරාද ? ටක් ටක් ටක් කව්ද ආවේ ? රාස්සියෙක් මොකටද ආවේ පාටක් හොයන්න මොන පාටද එදා ආපු රාස්සි ආයෙම පාට ඉල්ලන් කවම දාකවත් ආවේ නැහැ , එයා ඔක්කොම පාට අරන් ගියාද ? අනුන්නට දුන්න පාට අස්සේ මම තාමත් මගේම්ම පාටක් හොයනවා. එතකොට ඔබ ? ජීවන සිතුවම ඔබ අඳින්නේ පින්සලෙන්ද ? පන්සලෙන්ද ? හුනු කූරකින්ද ? නැත්තම් අඟුරු කෑල්ලකින්ද ? හැබැයි ඔබට අලුත් කඩදාසියත් නැහැ , මකන කෑල්ලකුත් නැහැ ,  ඉතින් අඳින සිතුවම සමහර තැන වල වරදුනාද ? වැරදුනා කියලා හිතුනද ? ඉතින් වැරදුනාම සුදු පාට ගාල වැහුවද ? නැත්තන් කළු පාටින් වැහුව...