Posts

Showing posts with the label වැදිච්ච හැටියට

ආයෙමත් ආදරෙන්

Image
මේ සින්දුව අහන ගමන් පහලින් ලියල ඇති හෑල්ල කියවන්නකෝ ඉතින්. නැවතත් මා ඒ හැඟීමේ මුලාවෙමින් සිටිම්දෝ මට හැඟෙ, මට මා අවනත නොවන බවකි, ඔබ සමීපයේ මට පෙර කිසිකලෙක නොවූ සැනසුමක් තිබුනේ මන්දැයි මා නොදනිමි, ඒ සැනසුමට මා පෙම් කලෙමි. කාලය නැවතත් ඔබව මා මතකයට ගෙන එයි, මේ වස්සානය ඔබ මෙන්ම දොඩමළුව මට ඉඟි කරයි, ඒ ඉඟි ඔස්සේ ඔබේ මතකය නිතැතින්ම අවදි වේ. මේ හුදෙකලාවම ඔබේ මතයන් මතින් ගෙවී යාවි. මේ හදවත මට අවනත නොවනා සේයකි හදවත නුඹ හරිම මුරණ්ඩු ය. නුඹට නවතිනු නොහැකිද යලිදු මතකයන් මත වලපෙන්නද නුඹ මට කියන්නේ මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි මා සැබවින්ම නොදනිමි හදවත යලිදු ප්‍රේමයෙන් මුසපත් වී ඇත මම මාද නොදැනම යලිදු පෙම් කරමි මේ අරුමය කොහොමසිදුවේද මානොදනිමි මා සැබවින්ම නොදනිමි හදවත මමනුඹෙන් අයදිමි නුඹ ප්‍රවේසම් වනුමැනවි ප්‍රේමයට එහි යලිදු ඉඩක්වෙත්දැයි මා නොදනිමි මම රස්තියාදු ගසන්නෙමි නැත මා නොව ඒ මගේ සිත විය යුතුය මම සිතේ මාවත් ඔස්සේ රස්තියාදුවේ යමි මට තවමත් ඒ මං මතක ඇති හැඩය සැබවින්ම ඒ නුඹ තැනූ මාවත්ය. එහි කොනක අප සැදු නිවහන තවමත් එසේමය මම එය අසල මොහොතකට නතර වෙමි නුඹ එහි වෙත්දෝ සැකයක් උපදී නුඹ එහි වෙතැයි සි...

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

Image
සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ  බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම...