Posts

Showing posts with the label මගේ කථා

මම නොවන සමලිංගික වූ මම (මනුස්ස චරිත පිලිබඳ කතාවක්)

Image
" මොකක්ද මේ බහුබූතේ මම gay ද ? යකෝ මංවත් නොදැන මම ගේ වෙලානේ ඔව් එසේ මෙසේ ගේ එකෙක් නෙවේ ගේ කුරුල්ලෙක්ම වෙලා හෙක් හෙක් විසි එක් වැනි සියවසට ගලපවපු ගේ කුරුල්ලෙක් 4G  LTE යුගයේ 3G වලින් බලගැන්වුණු ගේ කුරුල්ලෙක් " මේක මේ කියන්න කලින් ඇත්තටම මට තාමත් මේ ගැන පට්ටේටම හිනා.   මේක මතක් වෙද්දී ඇත්තටම කියනවනම් කට කොනකින් මට තවමත් හිනා යනවා.   ඇත්තටම මේක මම ගැන මම නොවෙන කතාවක්. මම ගැන කිව්වට අපි වටා අපිත් එක්කම ඉන්න මනුස්ස චරිත පිලිබඳ කතාවක්. ඇයි මම මෙහෙම මේ සමලින්ගිකත්වයක් ගැන කතා කරන්නේ ? ඒ පැනයට පිළිතුරු මේ ලිපිය තුලම ඔබට හොයා ගහ හැකි වෙයි. අද ලාංකීය සමාජය තුල ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් පිරිස් නැහැ කියලා කියන්න ඔබට පුලුවන්ද ? හොඳයි , සමලිංගිකත්වය පිලිබඳ ඔබ දරන මතය කුමක්ද ? ඇත්තටම කාමාශාවල් සපුරා ගන්න සමලින්ගිකත්වය බාවිතා කල හැකිද ? ඕනා එකක් , එහෙත් මේ සම්බන්දව සංස්කෘතික සමාජය ගොඩ නගා ගත විවිධ රාමු තියෙන බව පැහැදිලියි. හුඟක් අය මේ දෙස බලන්නේ තමන් දාගත්ත කණ්ණාඩියේ වර්ණයෙන් පෙරිලා එන පාටිනුයි. ඔව් සමලිංගිකත්වය ඒ විදියට ගත්තම පාට පාටයි. ඒ අතරේ ඔබ දකින පාටකුත් ඇති. ඒ පාට පාට සමලිං...

අලුතෙන්ම හදන කිරි ටොයියා නැවකින් රවුමක් යමුද? මොකද කියන්නේ?

Image
වෙනදා වගේ බයිලා කතා, කෙටි කතා රස කතා ලිය ලිය ඉන්දැද්දී ඉතින් හිතුනා මගේ අත්දැකීම්, මන් ලබා ගත්ත දැනුම ඔබත් සමග බෙදා හදා ගන්න කියල. ඉතින් මේ කියන්න යන්නේ මන් හදාරන ඉංජිනේරු පාඨමාලාවට අදාලව මට ලැබුණු කර්මාන්ත පුහුණුව ගැන. ඇත්තටම මන් ගොඩාක් දේවල් එකෙන් ඉගෙන ගත්තා. ඉතින් මේ පිටරටක පුහුණුවක් ගැන නෙවේ කතා කරන්නේ, අපේ පුංචි ලංකාවේම පිහිටි ආයතනයක අපේම මිනිස්සුන්ගේ දෑත් වලින් කෙරෙන ලොකු වැඩ ටිකක් ගැනයි කියන්නේ. ඔබ සමහර විට දන්නවත් ඇති කොළඹ වරාය සීමාව තුල පිහිටි කොළඹ නැව් තටාකාංගනය පුද්ගලික ආයතනය. එහෙමත් නැත්තන් Colombo Dockyard PLC. කොළඹ නැව් තටාකාංගනය ඔය ආයතනය ගැන කියනවානම් නැව් අලුත්වැඩියාව හා නැව් නිෂ්පාදනය ප්‍රධාන කාර්යයන් වන මේ ආයතනය ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් ආයතනයේ හිමිකාරිත්වය යටතේ පවතී. මේ ආයතනය අති විශිෂ්ට ආයතනක් ලෙස පැවතීමට ප්‍රධානම හේතුව ජපන් පාලනයක් යටතේ පවතින ආයතනයක් ලෙස පැවතීම බව මගේ අදහසයි. මෙම ආයතනය නැව් නිෂ්පාදනය හා නැව් අලුත් වැඩියා කිරීම මගින් රටේ සමස්ත ආර්ථිකයට 3.5% කට ආසන්න ප්‍රමාණයක් තම දායකත්වය ලබා දෙනවා. ඉතින් හිතන්න රටේ ආර්ථිකයෙන් අධ්‍යාපනයට ඉල්ලන 6% බාගයකට වැදී ප්‍රමාණ...

අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය "අම්මා", අම්මා?

Image
රස කතා , දුක කතා, කෙටි කතා, නවකතා, බයිලා, කවි, හා නිසඳැස් ආදී එකී මෙකී නොකී සියලු ලේබලයන්ගෙන් බ්ලොගේ  පිටු පුරවෙන අතර සොමියාට හාර්ඩ් ටෝක්ස් ටිකකුත් ලියන්න හිතුනා. හ්ම්ම් ලිපියේ හෙඩිම දක්කමම මොකද හිතෙන්නේ, මොකක්ද මේ අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය? එතකොට කොහොමද එකට මේ අම්මව ගෑවුනේ? ප්‍රශ්න ගොඩයි නේද? හරි එහෙනම් මන් ප්‍රශ්නෙකින්ම කතාව පටන්ගන්නම්. හොඳයි ඔබෙන් කවුරුන් හෝ අම්මා යනු කවරෙක්දැයි විමසුවහොත් ලබා දෙන පිළිතුර කුමක්ද? හරි සරල ප්‍රශ්ණයක් නේද? අම්මා කියන්නේ දස මාසයක් මාව කුසේ තියන් ඉඳලා පොඩි කාලේ ඉඳන් මාව හදා වඩා ගත්තු, මට ගොඩක්ම ආදරේ, හ්ම්ම් තව.... මගේ ඕනා එපාකම් ඔක්කොම මට කරලා දෙන, අපිට කන්න උයල දෙන.... ඔය ආදී වශයෙන් නොයෙකුත් උත්තර ගොඩක් ඔබේ ඔළුවට එන්න පුළුවන් මන් අහපු ප්‍රශ්නෙට. මගේ අදහස අනුව නම් ඔය කියපු කතා ඔක්කොම බයිලා, තනිකරම බොරු, ආයි සිරාවටම, එකෙන්ම ඔය නම් බොරු ටිකක්, හෝව් හෝව් දැන් ඉතින් මල පැනලා මට බනිනවා එහෙම නෙවෙයි ඔහොම කියවගෙනම යමුකෝ.  පොඩ්ඩක් හිතල බලන්න ඔබමද මේ පිළිතුරු දුන්නේ කියලා. මන් කියනවා මේ ඔබේ පිළිතුරු නෙවේ කියලා. ඔබ ඔය කියන්...

"අමතක වූ වස්සානයට යලි වඩින්න ඔබත් ඇවිත් එහි තෙමෙන්න........"

Image
පුංචිම පුංචි පිණි කැටයක් තවත් පිණි අහුරු ටිකක් එක්ක කාටත්ම හොරෙන් අවිත් මහ පොලොව තෙමුවා මීට ටික කාලෙකට කලින්. මෙ ඒ පිණි කැටයේ පුංචි කතාවයි .රාත්‍රියේම හොරෙන් ඇවිත් හිරු උදාවත් සමඟම හොරෙන්ම මතක සටහනක් කුරුටු ගාල ගියපු එ පිණි කැටේම මොකක්දෝ කරුමයකට මහා ඉඩෝරයකට අහු වෙලා තනියම එදා මුලින්ම වැටුණු විදියටම කාටත් නොකියම ආයෙත් වියකිලා ගියා අයෙ නොයෙන්නම කියලා පිණි කැටයවත් නොදැනම. එ පිණි කැටේ කාටහ් හොරෙන් පිනි බින්දු හැලුවා මුකුත් නොතියම මහපොලොවට.  හැබයි එ පිණිබින්දුව අහු උන ඉඩෝරය තවමත් ඉවර නැතත් ඒ ඉඩෝරය පිණිබින්දුවට ගොඩක් දේවල කියල දුන්න, ජීවිතයට අරමුණක් එක්ක තරඟයකට ඒ ඒ ඉඩෝරය පිණිබිදුව ඇඩල දැම්ම. පිණි බින්දුව තාමත් ඒ තරඟය කරගෙන යනව පුලුවන් තරම් සාර්තක විදියට.ඇත්තම කියන්න එ පිනි බිංදුව එක දෙයක් නම් ඉගෙන ගත්තා. එ තමයි " WHAT GOES UP, IT COMES DOWN". ඉතින් ඒ පිණි බින්දුව එදා මහ පොලොවට වටුනු දවසෙ ඉඳල පිණි කැටයක් දෙකක් හලලා ගියා මහ පොලොවට. මහ පොලොවත් හරි ආදරෙන් එ පිනි බිංඳු බාරගත්තා. පිණි කැටේත් මග පොලොවත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන අරන් එ ගනුදෙනුවම ටික ටික වඩි වෙලා ඉතින් ඔන්න පොද වැස්සකුත් උනා...

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්

Image
කස්ටියට මගේ කතාවත් කියන්න හිතුනා, කොතනින් පටන් ගන්නවද කියලා කල්පනා කරකර ඉන්දැද්දී කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගැන ලියන්න හිතුනා, මොකද එක තුල මහලොකු සමාජවාදය, රැග්, ආතල් තව බොහෝ දෑ තිබුන නිසා. ඔන්න ඉතින් මන් සා/පෙළ වල මැතයි විද්‍යාවයි හොඳටම ගොඩ දා ගත්ත නිසා මහ ලොකු කෙරුමා වගේ උසස් පෙළට මැත බදා ගත්තා. ඉතින් රොටරියට බඩගාලා මුල් සැරේ විබාගෙ කලා. අප්පට සිරි , ප්‍රතිඵලේ මැතටම කෙල වෙලා, ඉතින් දෙවනි සැරේ යන්තම් සන්තම් විස්ස විද්‍යාල වරම් ලබා මෙකැනිකල් ඉංජෙකු  ලෙස අධ්‍යාපනය ලැබීමට හැකිවිය. ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ඉන්ටව් එකට ගියපු දවසේ එකෙ හිටපු එවුන් මාව අල්ලන් මල්ලි උබ කොහෙද? අවේ ඉන්ජෙක් වෙන්න නේද? හොඳට ඉගෙන ගනින්, අපි දෙන්නම් පුල් බැකප් එක කියලා මාව මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවා. ඉතින් ඉන්ටව් ගිහින් ඇවිත් සතියකින් ඈවා ඇවිත් ලියාපදින්චි වෙන්න කියලා ලියුමක්, මගේ ඉහේ මලක් පිපුනා වගේ, එත් මම ලියාපදින්චි වෙන්න් ගියේ සතියක් පරක්කු වෙලා, ඉතින් රටක් රාජ්ජයක් දිනපු එකෙක් වගේ මාත් ගියා ලියාපදින්චි වෙන්න, ගියාම එකෙක් මාව අල්ලන් අමුතු නීති පද්දතියක් පැනවුවා.මාත් ඉතින් වෙන බල්ලන්ගේ ඒරියල් එකක තනිව...