අපි මැරෙන මිනිස්සු.........
පෙර පිනින් මවු කුසකින් මිනිසත් බව ලබා උපන් අපි කවදා කොතැන කොහොම මිය යාවිදැයි කිව නොහැක. උපදින කොට ගෙනා දෙයක් නැතුවා සේම මළදාට ගෙනියන දෙයක්ද අපට නැත. අලුත උපන් පොඩි එකෙකුගේ සිත ප්‍රබාශ්වරය, උගේ හිතේ තන්හාව ක්‍රෝධය මාන්නය තබා අදරය කරුනාව සෙනෙහස යන එකී නොකී මෙකී එක හැඟීමක් වත් නැත. පෙකනි වැල කපා තවත් එක් නිදහස් ජීවියෙක් ලෙස මෙලොවට එන විට රිදීම හෙතුවෙන් මුලින්ම ක්‍රෝධ සිතුවිල්ලක් සමඟ අඬාගෙන මෙලොවට එන අප ගමක් රටක් හඬද්දී ( සමහර විට එකෙක් වත් නොහඬද්දී ) මෙලොවින් සමු ගෙන යයි.
අසීමිත අදරයෙන් දහසක් කැපකිරීම් කොට ලොව ඉවසිය නොහැකි වේදනාවක් විඳ අම්මා අඬාගෙන ආපු අපිට කිරි පොවන විට ඒ කිරට ඒ සුවදට අපි මුලින්ම තන්හා වඩයි. ඉන් පසු සෙල්ලම් බඩු වලට, පෑනට පැන්සලට අරූ මට වැඩිය ලකුණු ගත්තා , මූ මගේ පොත ඉස්සුවා යනුවෙන් ගහ මරාගෙන තවත් ඇලීම් බැඳීම් වැඩි කර ගනී.තව ටික කාලෙකින් කෙල්ලෙක්ගේ හෝ කොල්ලෙක්ගේ පොත්තට රැවටී මුලා වී කෙලෝගනිති, 3,4 ක් බූට් කති, පස්සේ යැපීම් මාර්ගයක් සඳහා ජොබ් කට්ටක් සොයාගෙන ගෙවල් දොරවල්ද, යාන වාහනද, පවුල් පන්සල්ද යනුවෙන් තව තවත් ඇලී ගැලී යයි. මේ අතර යුතුකම් සඳහාද ගෙවල් දොරවල් ඉඩකඩම් අසල්වැසි වැට මායිම් ආදී සියල්ලට මරා ගනිමින් තන්හා අශා වඩයි.
පොඩ්ඩක් හිතන්න මේ ටික කර ගන්නත් කලින් අපේ හිතවතුන් හතුරන් කොතෙකුත් අය අඩු වයසින් ජීවිතයේ සමහර තැන් වල මැරිලා ඇද්ද කියලා.
මිය යන අකාරද බොහෝ වෙති, වාසනා වන්ත මරණ, අඩු වයසින් මරණ, කාලකන්නි මරණ, අනතුරු මරණ , සියදිවි නසා ගැනීම් අදී එකී නොකී සියලු විදි වල අවසාන ප්‍රතිඵලය මරණයයි.
මේ අතර රට දැය වෙනුවෙන් විරුවන් සේ මියගිය අයද වෙති, ඔවුන්ට අපගේ සදා ප්‍රනාමය හිමි වන අතර ඔවුන්ගේ මතක සුවඳ මේ ලොව තව බොහෝ කලක් පවතීවි.
සමහරුන්ට ආදරයෙන් පරදීම මිය යන්නට හේතුවකි, සමහරුන්ට ප්‍රශ්න හේතුවකි, තවත් උන් මැරෙන හැටි අත්හදාබලන්නට ගොස් මැරෙති,මේ අතර තවත් උන්ට තමන් මිනිසෙකු නොව වල් පැලෑටියය් සේ සිතෙයි. එවිට කෘමිනාශකයක් ගහලා වන් ශොට් වෙති. තවත් උන්ට ගගක් මූදක් දැක්කම මාලුවෙකු යයි හැඟේ, උන් සමනල ආර පීනන්නට ගොස් මැරෙති, තවත් උන් තමන් මරාගෙන මැරෙති, මුන් මිය යන මොහොතේ තමන් වැදූ අම්මා හැදූ අප්පා දුක සැප බෙදා ගත් සහොදරයන් ගැන නොසිතති, ඔවුන් තමා කෙරේ තබා අති බලාපොරොත්තු ගැන නොසිතති , අවේග හැඟීම පාලනය කර ගත නොහැකිව ජීවිත්යෙන් සමු දෙති.
සමහරු ණය ගෙවාගත නොහැකිව මැරෙති, මේ අතර හොර බෙහෙත් ,හොර වෙද්දු, පාරිසරික සාදක, ඩෙන්ගු නිසා දහස් ගානක් මිය යති. කනට බොන්නට නතිව සමහර රටවල මැරෙති. ලෙඩරෝග වලින් මැරෙති.
මිනිසුනේ අපි කවදා හරි මැරෙනවා, එදට අපි කරපු හොඳ අපිත් එක්ක එයි. එක තේරුන් ගනිල්ලා. එතකොට ජීවිතය විඳින්නට පුලුවනි, ජීවිතය විඳවන් නැතිව විඳපල්ලා. මේක ලියපු මම හෙට මැරේද කියන්න මන් දන් නෑ,
නොමැරෙනවා කියලා හිතන උන් මේතන කොටලා ගිහින් කවදා හරි මැරෙනවා කියලා අද්හසක් හරි ගනිල්ලා.(කොටන්න) මේ ලිපිය ලියන්න වුනෙත් ඔය කොටලා ගිය ලින්ක් එක තමා. පුළුවන්නම් කියලා යන්න මැරෙන දවස.
මෙන්න මගේ
ReplyDelete27 february 2051
මචං මම් උබට කලින් මැරෙන නිසා මම් මලාම මගේ බ්ලොග් එකේ නිවන් සුව අත්වේවා කියලා ලියහන් !!!
Deleteෂුවර් එකටම මතක් කරලා ලියහන් ! ආයේ අමතක උනා කියලා එහෙම කියන්නෙපා ඕං !
අනිවා...........
Deleteසමහර විට මම මැරෙයි
This comment has been removed by the author.
ReplyDeleteසිරාවටම සමහර මිනිස්සු ජීවත් වෙන්නේ නොමැරෙන විදිහට. අපි කවුරුත් මැරෙන බව හිතාගෙන සැමට සමතැන දීල එකා වගේ ඉන්න දවසක් අවොත් එදාට අපිටත් අත්වැල් බැදගෙනම මියැදෙන්න තිබුන එකාවගේ. ඒවගේ දවසක් එනකම් අපි මිනිසත්කම වපුරමු. සමාජය නම් වූ කෙතේ මනුස්සකමේ අස්වැන්න නෙලන්නට
ReplyDeleteනියමයි සහෝ අනිවා අපි බ්ලොග් අවකාශය හරහා වත් මිනිසත්කම වපුරමු, ඒ වගේම ස්තූතියි අදහස් කියලා ගියාට
Delete21 February 2011
ReplyDeleteමාගෙත් ඹය දවසම වෙන්න පුළුවන්
Deleteස්තූතියි අදහස් කියලා ගියාට
බූඩි නම් අවුරුදු 65 ක් ආයු වලදා මැරිලා යනවලු. පව් නේ :( :(
ReplyDeleteඒක නෙමේ අපි මැරුණත් අපේ බ්ලොග් කියවන්න පුලුවන් එක නම් මරු නෑ. පස්සේ මෙව්වා කියෝන උන් උඩදාන් බනීද දන් නෑ :) :)
අනාගතය කාටද කියන්න් පුළුවන් සහෝ
Deleteස්තූතියි අදහස් කියලා ගියාට
24 april 2046
ReplyDeleteමට නම් ඔච්චර කල් ඉන්න ඕන නෑ.
ස්තූතියි අදහස් කියලා ගියාට මධුරංග සහෝ
Delete17 October 2053
ReplyDeleteඔය කිව්වට හෙට උදේ වාහනේකට වත් අඩ තියන්න වෙයිද දන්නෙ නෑ.
"දිගු කලක් ජීවත්වන ලෙසින් සිහින මවන්න..
ReplyDeleteඅද පමණක් ජීවත්වන ලෙසින් ජීවත් වන්න..."
මැරෙන දවසනම් ගණනය කරලා නෑ.. කවුද දන්නෙ හෙට මැරෙයිද කියලා.. :) ඒ නිසා අද ගණනය කලෙත් නෑ.. :D
හීනෙන් හෙට දවස ජීවත් වන්න
Deleteඅද රෑටත් දකින්නම් හීන........
ස්තූතියි අදහස් කියලා ගියාට නන්ඳු