Posts

Showing posts from April, 2016

කාලය (කෙටි කවිද මන්ද)

Image
පින්තුරය ගත්තේ  මෙතනින්   මිදුල උඹ අතුගාන කොට හීනි වැලිකැට රටා මවන හැටි එත් බොරුවමයි මියුනු පත්  ඇඟේ ලාගෙන උඹ ආයේ හැඩි වෙනවා මන් කෝමද ආයෙත් අමදින්නේ? මගේ දෙපා සහටනුත් මැකෙනවා එතකොට උඹත් හීරෙනවනේ ඉදලට හැක් ,මේ පොස්කටුවේ  පොඩි විශේෂයක් තියෙනවා. හැක් මම දන්නෙත් පස්සේ.

දුකෙද කඳුලේද සියුම් පරතෙරක

Image
චංචල ම හැඟුමක වුව ප්‍රීතිය මදක් තිබිය හැක සියුම් ලෙස කම්පිතව හදවතද ඉන් ගැසෙනු ඇත ඇසිල්ලක සුවය දෙන චංචල සිතක හැඟුමක මුදු මෙලෙක් ස්පන්දනය සියොළඟ පුරා දිවෙනු නොහැකිද කිලිපොලා යන කලෙක ගත මිදෙනු නොහැකිද ඉතින් ලෙය මොහොතක් ගෙනා ප්‍රීතිය දුකකටද හේතුවම විය හැක සිප ගැනුමටද සිත් දෙන මලක අග එහෙයින්ම කටුවක් තිබිය හැක දෙතොලග සියුම් ලෙස රිදවුවද මෘදුම සුවඳක් ඉන් නැගෙනු ඇත නෙතු මානයද ද දෑස රවටන විසිතුරව දසුන් මවන කල යලි හැරී බලනා නිමේෂෙක කඳුලකින් නෙතු බොඳ නොවේවිද ජීවිතයද එලෙසම ගත කලෙක මොහොතින් සැම වෙනස් නොවේවිද දුකෙද කඳුලේද සියුම් පරතෙරක ප්‍රීතියක් ගැබ්වී සිතම නොරැවටෙද ජීවිතය අනියත බවම වුව මොහොතකට අමතක නොවේද මොහොතද තව මොහොතකට පාරම කියනු නොහැකිද ඉතින් කෙලසකම නම් පැතුම් පොදි බැඳ ගෙනම සංසාර ගැලට වැද ගොනු  දක්කනේ නොදත් මාවතක දිවිය අනියත බව අමතකම දිවියක  සිට ( සැ. යු :- මේක කමෙන්ට් කවියක්, අපේ  හංසයා  ලියපු  හදවතට කියන වග නම්  කවිය කියවද්දී හිතට අපු දෙයක්. )

හුදෙකලා රාත්‍රියක

Image
තණ පතක පිණි බිඳකි මේ හැඟුම මා සිතට දුරක සිට නිලට දිලෙන තරුවක්ය නුඹ රැයට හිස් අහස  කළඹමින් දුක් ස්වරය හා මුසුව ගී ගයයි මද පවන වියකි යයි සිතින් මේ හැඟුම මා විඳින හෙට පහන් වන විටම යලි ආයෙත් රැයක දළුලා එනු පිණිස බලා හිඳිමි නුඹ දෙසම මතකයට සම වැදව සිප ගනිමි දහස් වර මේ හිස් අහස යට ගණදුරම තුරුල් කොට මතකයේ නුඹ දෙතොල නුඹ හා මා අතර හිස් අවකාශයක දඟකාර වලා කැටි හරස් වෙයි නුඹ දසුන නුඹ දෙසම බලා ඉනු නොහැකිය ඉතිං මට වළාවනටද ඉඩක් අවැසියි නොවේද රැය පුරා පිනි වැස්ස වැටෙනවා අප ලොවට නෙතු දෑල දොඩමළුව සිටිනවා පෙර ලෙසම නුඹත් දිලි දිලී ඉඟි කරන කොට මෙලෙස නෙතු තෙමෙනවා ඒ පිනි බිඳු නොවන වග නුඹ දන්නවා මට වඩා හොඳට