දුකෙද කඳුලේද සියුම් පරතෙරක



චංචල ම හැඟුමක වුව
ප්‍රීතිය මදක් තිබිය හැක
සියුම් ලෙස කම්පිතව
හදවතද ඉන් ගැසෙනු ඇත

ඇසිල්ලක සුවය දෙන
චංචල සිතක හැඟුමක
මුදු මෙලෙක් ස්පන්දනය
සියොළඟ පුරා දිවෙනු නොහැකිද

කිලිපොලා යන කලෙක ගත
මිදෙනු නොහැකිද ඉතින් ලෙය
මොහොතක් ගෙනා ප්‍රීතිය
දුකකටද හේතුවම විය හැක

සිප ගැනුමටද සිත් දෙන මලක අග
එහෙයින්ම කටුවක් තිබිය හැක
දෙතොලග සියුම් ලෙස රිදවුවද
මෘදුම සුවඳක් ඉන් නැගෙනු ඇත

නෙතු මානයද ද දෑස රවටන
විසිතුරව දසුන් මවන කල
යලි හැරී බලනා නිමේෂෙක
කඳුලකින් නෙතු බොඳ නොවේවිද

ජීවිතයද එලෙසම ගත කලෙක
මොහොතින් සැම වෙනස් නොවේවිද
දුකෙද කඳුලේද සියුම් පරතෙරක
ප්‍රීතියක් ගැබ්වී සිතම නොරැවටෙද

ජීවිතය අනියත බවම වුව
මොහොතකට අමතක නොවේද
මොහොතද තව මොහොතකට
පාරම කියනු නොහැකිද

ඉතින් කෙලසකම නම්
පැතුම් පොදි බැඳ ගෙනම
සංසාර ගැලට වැද
ගොනු  දක්කනේ
නොදත් මාවතක
දිවිය අනියත බව
අමතකම දිවියක  සිට

( සැ. යු :- මේක කමෙන්ට් කවියක්, අපේ හංසයා ලියපු හදවතට කියන වග නම් කවිය කියවද්දී හිතට අපු දෙයක්. )

Comments

  1. Hansayata neweyi tharawata hari kamak ne liyanawanam. :) ;)

    ReplyDelete
    Replies
    1. :D :D හරි හරි කලන අයියේ පුළුවන් වෙලාවල ලියන්නම්.

      Delete
  2. නොදැන හැම මං පෙතම
    සොයා යනෙනා දිවිය
    නතරවුන නිම්නයක
    තවත් සුවඳක් ඇතිද...?
    ඒ නිසා යන්න යමු
    ඇදන් දිවි ගැල කන්ද


    උඹේ කවිය පට්ට....ජයවේවා.....

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි කටුස්, කටුස් කියන්නේ මගේ යුනි කාඩ් එක. :D, මචන් උඹ රට දාල යන්න කලින් රබාවේ එන්න බලනවා, බැරි උනත් සුබ ගමන් මචන්.

      Delete
    2. කටුස් රට යනවද???

      Delete
    3. ඔව් රසික මල්ලි. එහෙම ආරංචියක් ආව.

      Delete
    4. mkakdaaaaaaaaaaaaaaaaaa???කටුසු රට යන්නද​?

      Delete
    5. යනෝ කියල මහේෂ් අයිය කිව්වේ

      Delete
    6. නොදැන හැම මං පෙතම
      සොයා යනෙනා දිවිය නතරවුන නිම්නයක
      තිබෙනු හැක කිසිදා නොවිඳි ඉමිහිරි සුවඳක්
      ඒ නිසා අවදියෙන් යන්න යමු
      ඇදන් දිවි ගැල.....

      කවියේ පද ගැලපීම එකට එකක් දෙවෙනි නැ, ලස්සනයි.

      Delete
    7. wow, කටුස්සෝ ඔන්න පිළිතුරක්. මන් වෙනුවෙන්. ස්තුතියි චතු.

      Delete
  3. ජීවිතේ රියල් කතාව!

    ReplyDelete
    Replies
    1. අලියා හරියටම කියල, ඉස්කොතුයි.

      Delete
  4. කමෙන්ට් එක නම් මං බුකියෙ දැම්මද කොහෙද? කාලෙකට පස්සෙ ගොඩක් ආසාවෙන් කියවපු කවි ටිකක්.. :)

    ReplyDelete
    Replies
    1. හී ඔව් ඔව්, ඉස්කොතුයි සිතු. දිනේෂ් අයියගේ පොත දවසේදී හම්බ වෙමුකෝ. :D

      Delete
  5. //දිවිය අනියත බව
    අමතකම දිවියක සිට//

    මාහා කවියෙකු සේ දැනිනි ඔබ....

    ReplyDelete
    Replies
    1. හප්පේ මහා කවියෙක් නෙවේ මල්ලි, පොඩි සොමියෙක් විතරයි. ඉස්කොතුයි, :D

      Delete
  6. හංසාංඟනාවිගෙ කවි පෙල වාගෙම මේ පද පෙලත් අපූරුයි . ජය!

    ReplyDelete
    Replies
    1. :D ඉස්කොතුයි මේතු, මේ ඒ පැත්තේ දුවන්ට කියල ආපු ගමන්, මෙතුටත් ජය.

      Delete
  7. පොඩි කවියක් කරපු වැඩක් :D... කවි ගඟක් ම ගලල ^_^ සතුටුයි :)

    ReplyDelete
    Replies
    1. හී ඔය ඉන්නේ ගඟේ උල්පත. අපි අකලට වට වැහි වලින් ඇදුනු ජල බිඳු. ඉස්කොතුයි.

      Delete
  8. ලස්සන පැදි පෙළක් සහෝ,මටත් හැගෙන්නේ මහා කවියෙකු වගේමනේ,අපුරු වචන ගැලපිමක්,

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි සහෝ, මහා ලොකුවට ගන්ට එපා, සරල දෙයක්.

      Delete
  9. හංසි ගේ කවිය වැඩ කරන්න පටන් අරන් වගේ..

    ඔය ලියවෙන්නේ බස බස ගාලා කවි...

    පද පේලිය නම් අපූරුයි..

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි විභී, බස බස ගාලා :p

      Delete
  10. අපූරු පද පේලි ටිකක්...

    ReplyDelete
  11. මිහිපිට සියලු ජීවිත
    බෝ පතකට කරනු හැකි සම
    අත් හරින්නට නොහැකියයි
    කියුවද සිතුවද දිනෙක..
    කිසිවකුට නොකියාම ගිලිහෙන
    ගිලිහී දිරාපත් වී යන
    නැවත දළුලන.....

    ReplyDelete
    Replies
    1. අපුරුයි. ලස්සන අදහසක්. ජය.

      Delete
  12. සොඳුරු මනුස්සයව බලන්න ආව 1st visit එක මගේ....හික්....ආපූ ගමන් අන්දුන් කුන්දුන් උනා ...හරිම අපූරුවට ලියල තියෙනවා...මං ආසාවෙන් කියෙව්වා.....

    ReplyDelete
    Replies
    1. ඉස්කොතුයි ජබොස්. :D නෑ නෑ අපේ ලොකු බොස්. එදා නෙලුම් යායේදී දැකල කතා කල හින්ද පොඩි බොස් කියන්ටත් පුළුවන් නේ, සාදරෙන් පිලිගන්නවා.

      Delete
  13. කවිය සුන්දරයි.. ඒත් තව ටිකක් කෙටි වුණා නම් කියා හිතුණා.එහෙම වුණා නම් අදහස විසිර යන්නේ නැති වේවි.. අදහසක් පමණයි..

    ReplyDelete
    Replies
    1. ඔව් වර්ෂා ඔයාගේ අදහස හරි, මේක කොමෙන්ට් කවියක්නේ, ඔහේ ලියාගෙන ලියාගෙන ගියා මිසක් ඒ ගැන බැලුවේ නැහැ, වර්ෂාගේ අදහසට ගොඩක් ස්තුතියි. එක හරි.

      Delete
  14. ජිවිතේ ගැන අපූරු තේරුමක් දැනෙන නිර්මාණයක්...

    ReplyDelete
    Replies
    1. ස්තුතියු පොකුරු, :D ස්සදරෙන් පිලිගන්නවා.

      Delete
  15. කොමෙන්ටු කවියක් වුනත් සහෝ
    දැනෙනවා එය හිතට බොහෝ

    ජය වෙවා

    ReplyDelete
    Replies
    1. අමින්ද සහෝවත් සාදරෙන්ම පිලිගන්නවා. ජය වේවා.

      Delete
    2. හුටා අමින්ද නෙවේ දමින්දව ;)

      Delete
  16. පට්ට ලස්සනයි කවිය. ගොඩක් අර්ථවත්..
    මොකක් ගැනද ඇත්තට මේ කියල තියෙන්නේ ? තේරුනේ නැහැනේ

    ReplyDelete
    Replies
    1. යසිත් සහෝ, ඕකෙන් කියන්න හැදුවේ ජීවිතේ දුක විඳගෙන යන කොට හම්බ වෙන පුංචි පුංචි සතුටවල් නිසාම අපි අතරමන් වෙනවා නේද? ජීවිතේ දුක දැනෙද්දී මේ ජීවිතේ අනියතයි කියල අපිට මතක් වෙන්නෙවත් නැහැ නේද? කියන එක

      Delete
  17. කවිය ලස්සනයි සොමියො හැමදාම වගේ..

    වැඩිපුරම හිතට වැදුනෙ මේන් මේ ටික

    //සිප ගැනුමටද සිත් දෙන මලක අග
    එහෙයින්ම කටුවක් තිබිය හැක
    දෙතොලග සියුම් ලෙස රිදවුවද
    මෘදුම සුවඳක් ඉන් නැගෙනු ඇත//

    ReplyDelete
    Replies
    1. හී වෙල්කම් වෙල්කම්. ඉස්කොතුයි ළමයෝ. :D ළමයත් අයි ලියමු නේ.

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්