Posts

Showing posts from May, 2014

අනේ.මගේ.ආදරේ මට කියා ගන්න බෑ.වචන එලියට එන් නෑ.අයියෝ.මට තේරෙන් නෑ.

Image
සොමියගේ යාලුවෙක් දැන් ටික කාලෙකට කලින් හොඳ බූට් එකක් කෑව, සොමියත් ඉතින් බූට් එකක් කාල උඩු බුරල කරන්න තියෙන හැම මගුලම කරලා දැන් ආතල් තනිකඩ ජීවිතයක් ගෙවනවා, එත් ඉතින් අපේ කස්ටිය සෙට් උනාම ඉතින් අරුඋව අල්ලන් බයිට් පාරක් එහෙම දානව. පවු එත් ඉතින් මොනවා කරන්නද, එක අතලින් ඌ ඒකිගෙන් ගෙන් ගැලවුණු එකත් හොඳයි කියල හිතෙනවා. ඔහොම තියෙද්දී තමා අපේ කස්ටිය සෙට් වෙලා ලඟදි දවසක් සින්දු කන්න ගත්තේ, ඉතින් ආයි එක එක තාලෙන් සින්දු එලි බහිනවා, ගායකයෝයි පද රචකයෝයි හිටියනම් එක්කෝ උන් අපිට අමතනවා, නැත්තන් අපේ විදියට උනුත් සෙට් වෙනවා. ඇත්තටම අපේ සෙට් එකත් හතර දෙනයි, අපි හතරත් හරියටම මේ වගේ තමා. චරිත ඒ විදියටම ගැලපෙනවා. ඔය අස්සේ තමා ඉතින් සොමියටයි අපේ බූට් එක කාපු එකාටයි ඉතින් හිතුනේ අනුන්ගේ සින්දු කනකන් අපිම සින්දු හදාගෙන අපිම ඒවා කමු කියලා. ඉතින් තරමක් හොඳ සිහියෙන් හිටපු එකෙක් සොමියට කොලේකුයි පෑනකුයි දික් කළා. කස්ටිය ඉතින් සෙට් උනාම ශෝකාන්ත කෝටියයි. බූට් චරිතාපදාන එලි බහිනවා ඉතින් සට සට ගාල. සමහර උන් හොටු පෙරාගෙන අඬනවා, තව උන් හිනා වෙනවා, තව උන් බලන් උන්නු ඇත බලන් ඉන්නවා, සමහර උන්ට හික්ක වැටෙනවා, තව උන් කොට්ට බ...

මගෙත් එක්ක කොටුවක් පනිමුද මෙයා, ඔයා මොකද කියන්නේ.

Image
රජ කාලේ සිටම විවිධ අයුරින් කොටු හදාගෙන ඒ කොටු ඇතුලේ වටිනා දෙ තබාගෙන සිටි අතර සීගිරිය බල කොටුව එයට හොඳම උදාහරණයයි, කෙසේ හෝ අපේ දුටුගැමුණු රජතුමාද (කැලණියේ එකා නෙවෙයි) විජිතපුර කොටුවට පැන සොලීන් නසා අවසානයේ එලාරද පරාජය කොට ජය ගත්තේය. පසු කාලීනව අරාජික වූ රාජ්‍ය තන්ත්‍රය තුලින් ලංකාවට පැනගත් පරංගිද, ලන්දේසීන්ද, පසුව සුද්දන්ද ඒ අයුරින්ම කොටු හදාගෙන හිටි නිසා අද අපිට ගාලු කොටුව, කටුවන කොටුව, යාපනය කොටුව, කොළඹ කොටුව, ආදිය ඊට උදාහරණයි. ඉතින් ඔය මොන එකා කොහොම හිටියත් කොටු පනින එකා පැනගෙන පැනගෙන ගොස් කෙසේ හෝ මාන බැලූ කොටුවටම පැනගන්නේය.  ඉතින් ඔය කොටු පැනීමේදී විශේෂ කරුණු ගණනාවක්ම සලකා බැලිය යුතුය. එනම් පළමුවම පනින්නට හදන කොටුවේ හතර සීමාව හොඳින්ම අඳුනාගෙන සිටිය යුතුය. තමන් සිතින් පනින්නට සිතාගෙන සිටින  කොටුව මේ වගේ යයි යා මවාගෙන හතර සීමාව නොදැන කොටු පැන පසුව අසරණ නොවන්න. එක නිසා නොදැන ගොස් අතරමන් නොවී දැනගෙන ගොස් කතරගන් යමු නේද?.  ඉතින් පනින්නට හදන කොට්ටේ හතර සීමාව දැනගත් පසු තමා පනින්නට හදන ඒ කොටුවටම පනින්නට කෙල පෙරාගෙන ඉන්නා ප්‍රතිවාදීන් අඳුනා ගත යුතුය. ඒ මොක දැනගත්තත් ඉන්පසු කොට...

කවුරුවත් නෑ....ඇය වගේ....ඕ.....කවුරුවත් නෑ...ඒ...ඇය වගේ....

Image
සමනලුන්සේ.......ඉගිලී....... යන්න ආසයි ඈ...නිදහසේ........ තනිවෙනා.......මොහොතේදී........... හිරු බසිනා අඳුරේ......... කවුරුවත් නෑ....... ඇය  වගේ....... ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ........ වත දිලේ.......නිවෙන නොනිමෙන ආ..ලෝකයේ...... ගත සැලේ.......පද නොදත් සංගීතයේ....... මධුවිතේ.......මධුවිසේ......... ගිනි ගනී.....ඇගේ යෞවනේ....... ඕ.........ගිනි ගනී ඇගේ යෞවනේ......... සමනලුන්සේ.......ඉගිලී....... යන්න ආසයි ඈ...නිදහසේ........ තනිවෙනා.......මොහොතේදී........... හිරු බසිනා..අඳුරේ......... කවුරුවත් නෑ....... ඇය  වගේ....... ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ......... ආදරේ.......මොහොතකට හිමි ආදරේ........ නැත සුවේ.......සුව සදන යහනා..වේ........ රාගයේ.......රාත්‍රියේ......... අලෙවියේ.......ඇගේ ජීවිතේ......... ඕ.........අලෙවියේ ඇගේ ජීවිතේ.......... සමනලුන්සේ.......ඉගිලී....... යන්න ආසයි ඈ...නිදහසේ........ තනිවෙනා.......මොහොතේදී........... හිරු බසිනා..අඳුරේ......... කවුරුවත් නෑ....... ඇය  වගේ....... ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ......... ප.ලි. මේක මේ අද හවස සොමියගේ ඔළුවට ආව...

අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය "අම්මා", අම්මා?

Image
රස කතා , දුක කතා, කෙටි කතා, නවකතා, බයිලා, කවි, හා නිසඳැස් ආදී එකී මෙකී නොකී සියලු ලේබලයන්ගෙන් බ්ලොගේ  පිටු පුරවෙන අතර සොමියාට හාර්ඩ් ටෝක්ස් ටිකකුත් ලියන්න හිතුනා. හ්ම්ම් ලිපියේ හෙඩිම දක්කමම මොකද හිතෙන්නේ, මොකක්ද මේ අමාරුවෙන් හරි අකමැත්තෙන් වුවත් පිළිගත යුතු වන යතාර්ථය? එතකොට කොහොමද එකට මේ අම්මව ගෑවුනේ? ප්‍රශ්න ගොඩයි නේද? හරි එහෙනම් මන් ප්‍රශ්නෙකින්ම කතාව පටන්ගන්නම්. හොඳයි ඔබෙන් කවුරුන් හෝ අම්මා යනු කවරෙක්දැයි විමසුවහොත් ලබා දෙන පිළිතුර කුමක්ද? හරි සරල ප්‍රශ්ණයක් නේද? අම්මා කියන්නේ දස මාසයක් මාව කුසේ තියන් ඉඳලා පොඩි කාලේ ඉඳන් මාව හදා වඩා ගත්තු, මට ගොඩක්ම ආදරේ, හ්ම්ම් තව.... මගේ ඕනා එපාකම් ඔක්කොම මට කරලා දෙන, අපිට කන්න උයල දෙන.... ඔය ආදී වශයෙන් නොයෙකුත් උත්තර ගොඩක් ඔබේ ඔළුවට එන්න පුළුවන් මන් අහපු ප්‍රශ්නෙට. මගේ අදහස අනුව නම් ඔය කියපු කතා ඔක්කොම බයිලා, තනිකරම බොරු, ආයි සිරාවටම, එකෙන්ම ඔය නම් බොරු ටිකක්, හෝව් හෝව් දැන් ඉතින් මල පැනලා මට බනිනවා එහෙම නෙවෙයි ඔහොම කියවගෙනම යමුකෝ.  පොඩ්ඩක් හිතල බලන්න ඔබමද මේ පිළිතුරු දුන්නේ කියලා. මන් කියනවා මේ ඔබේ පිළිතුරු නෙවේ කියලා. ඔබ ඔය කියන්...

නරක සමනලුන්ට තටු එන මී හරකුන්ගේ අන් මෝදුවෙන වෙසක් (18+)

Image
වෙසක් වූ කලී මිනිසෙක්ව ඉපද මෙලොව යතා ස්වාභාවය නිවැරදිවම දැක පටිච්ච සමුප්පන්නව විග්‍රහ කර වදාළ යෝනිසෝ මනසිකාරයෙන් තුන් ලොවම දිනන ලද උතුම් පුරුෂයකුගේ ජිවන ගමනේ විශේෂ සිදුවීම් තුනක් මුල් කරගෙන පවත්වනු ලබන බහුතර ආමිස පූජාමය හා සුළුතර ප්‍රතිපත්ති පූජාමය වශයෙන් සමරන කැලැන්ඩරේ එක දිනක් උත්සවාකාරයෙන් සමරනු ලබන තවත් එක දිනයකි. වෙසක් සඳ අහසේ ලස්සනට පායා එද්දී එක දෙක රතිඤ්ඤා හඬත් එක්ක කණ පැලී යන අයුරින් බෙග් මාස්ටර්ගේ සින්දු යකඩ කටින් බෙරිහන් දිදී ඇරඹෙන දන්සල් එක්ක නෙක වර්ණ රටාවන් ගෙන් ආලෝකමත් වී බුදුරැස් මතක් කරවන තෝරන් එලි අතරේ ලොකු ලොක්කෝ තම තමන්ගේ කලාප වෙන් කරගෙන හුදු ජනී ජනයාට වෙසක් පෙන්නන්න, අනේ සාදු. ඉතින් සොමියා වන මමත් බුද්ධාලම්ඹන ප්‍රීතියෙන් යුතුව අටවන ලද බීම බට වෙසක් කුඩු ටිකත් ගේ ඉස්සරහින් එල්ලලා විදුලි පහන් එහෙම දල්වලා පොටෝ කෑලි ධෙක තුනකුත් ගහලා ඒවත් බුකියට දාල තව ඉතින් තැටිය වගේ බැබලෙන හඳත් කැමරා කාචයට අල්ලාගත්ත. අටවන ලද අටපට්ටන් :D ඉතින් වෙසක් අසිරි බැලීම සඳහා මහමගට බැස්සා විතරයි "පූ............පූ..........." කෘතීම මුචලින්දයෙක් නලාවකින් කණ ගාවම පිම්බා. කණ ලඟම නාද ඌ නලා හඬ...

ගං දිය

Image
දියේ පාවෙන ඔරු ඇණියේ වාඩි වී බිලී පිත්ත දියට දමාගෙන සුමනේ හිස් කල්පනාවකින් යුක්තව ගැඹුරු ජලය දෙස බලාගත් වනම බලාගෙන උන්නේය. ඒ නිසල දිය ඔහුගේ සිතේ වූ බොහෝ රහස් සගවාගෙන ශාන්තව නිහඬවම ගලාබසිනා අයුරු ඔහුට අරුමයක් නොවීය. ඔරු කඳ දෙස බැලූ ඔහු දිනෙන් දින දිරාපත් වන ඔරු කඳ සේම තමාද දිරාපත් වන බැවු වටහා ගත්තද යටි සිතේ වූ හැගුමන් ඔහු කිටි කිටියේ වල්මත් වූ තාරුණ්‍යට බැඳ ඇති අයුරු නොදැන සිටියාය. ගඟ මැද සිටුවන ලද ඉන්නකට රැහැනකින් බඳින ලද අඟුල ගන්දිය සේම තාලයකට ඒ මේ ඇත පැද්දෙයි. ඔහු කෙතරම් වෙලාවක් එසේ සිටියාදැයි ඔහුට නිනව්වක් නොවීය.  "අද මුන්ට බඩගිනි නැද්ද කොහෙද, නැත්තන් මෙච්චර හොඳට ඇම දීලත් තාමත් නොකා ඉන්න හැටි. එක්කෝ උන්ට ලැබීමක් නෑ, නැත්තන් මට ලැබීමක් නෑ, සමහර විට අපි දෙගොල්ලන්ටම ලැබීමක් නැතුව ඇති". ගං දියෙන් ඉහලට ඉසවූ ඇම යලි වෙනත් අන්තයකින් දියට විසිකළ ඔහු තොටුපලේ අමුත්තන් කිහිප දෙනෙකු එක්රැස් වී සිටින අයුරු දැක බිලී පිත්ත හකුලා ඔරු කඳ තුලට දමගත්තේය. ඔරු කඳේ වූ පොල්කටුව තුල නලියමින් උන් පණුවන් දුටු ඔහුට මහත් අපුලක් ඇති විය. පොල්කටුව ගඟට විසිකළ ඔහු රැහැනින් මුදා ගත අඟුල තොටුපල දෙසට පදවන්න...

මේ මැයි දිනයේ අවසානයි, ආයි බඩු ෂුවර්........

Image
මහ මං අහුරමින් - කූට අව්වේ වේලෙමින් දූවිලි කුණු කමින් - උගුරු ලේ රහ කරන් කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ බැනර් උස්සගෙන - සටන් පාඨ කියාගෙන රතු පාට ඇදගෙන - තමන්වත් අන්දවගෙන කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ සමරමින් සමාජවාදෙයි - වැඩ කරන ජනතාවයි දෑ කැත්තයි මිටියයි - අන්තම අසරණයි කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ ලෙනින්වයි මාක්ස්වයි - ඇත්තටම අමතකයි ඇති උන් කයි බොයි - උඹලා තාමත් ලෙවකයි කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ සී.ටී.බී. බස් වලින්- ල.දු.දෙ දුම් රියෙන් ඉමහත් කැපවීමකින් - පෙලපාලි පුරවමින් කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ බත් පැකට් එකටයි - වතුර බොතලේටයි රුපියල් සීයටයි - ආතල් එකකටයි කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ පරිසරය වනසමින්- දාමින් හැමතැන පොලිතින් ලද දෙයක් නැති කමින් - ඉල්ලීම් ඉල්ලමින් කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ උබලත් එක්කලම - නායකයො උබලගෙම අපූරුවට එකාවන්ව - අවිදින අපූරුව කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ වීදෙයෙ ඇවිදලා - පිටියකට ගාල් වෙලා මයික් ටයිසන්ලා - පීකර් මාමලා කාගේද මේ බලවේගේ - කාගේද මේ බලවේගේ එකම බණ දෙසලා - උබලව රවට්ටලා මීඩියාවෙන් බස්සලා - හෙන පොරවල් වෙලා කාගේද ම...