නරක සමනලුන්ට තටු එන මී හරකුන්ගේ අන් මෝදුවෙන වෙසක් (18+)

වෙසක් වූ කලී මිනිසෙක්ව ඉපද මෙලොව යතා ස්වාභාවය නිවැරදිවම දැක පටිච්ච සමුප්පන්නව විග්‍රහ කර වදාළ යෝනිසෝ මනසිකාරයෙන් තුන් ලොවම දිනන ලද උතුම් පුරුෂයකුගේ ජිවන ගමනේ විශේෂ සිදුවීම් තුනක් මුල් කරගෙන පවත්වනු ලබන බහුතර ආමිස පූජාමය හා සුළුතර ප්‍රතිපත්ති පූජාමය වශයෙන් සමරන කැලැන්ඩරේ එක දිනක් උත්සවාකාරයෙන් සමරනු ලබන තවත් එක දිනයකි.

වෙසක් සඳ අහසේ ලස්සනට පායා එද්දී එක දෙක රතිඤ්ඤා හඬත් එක්ක කණ පැලී යන අයුරින් බෙග් මාස්ටර්ගේ සින්දු යකඩ කටින් බෙරිහන් දිදී ඇරඹෙන දන්සල් එක්ක නෙක වර්ණ රටාවන් ගෙන් ආලෝකමත් වී බුදුරැස් මතක් කරවන තෝරන් එලි අතරේ ලොකු ලොක්කෝ තම තමන්ගේ කලාප වෙන් කරගෙන හුදු ජනී ජනයාට වෙසක් පෙන්නන්න, අනේ සාදු.

ඉතින් සොමියා වන මමත් බුද්ධාලම්ඹන ප්‍රීතියෙන් යුතුව අටවන ලද බීම බට වෙසක් කුඩු ටිකත් ගේ ඉස්සරහින් එල්ලලා විදුලි පහන් එහෙම දල්වලා පොටෝ කෑලි ධෙක තුනකුත් ගහලා ඒවත් බුකියට දාල තව ඉතින් තැටිය වගේ බැබලෙන හඳත් කැමරා කාචයට අල්ලාගත්ත.



අටවන ලද අටපට්ටන් :D

ඉතින් වෙසක් අසිරි බැලීම සඳහා මහමගට බැස්සා විතරයි "පූ............පූ..........." කෘතීම මුචලින්දයෙක් නලාවකින් කණ ගාවම පිම්බා. කණ ලඟම නාද ඌ නලා හඬත් සමග මොකෙකුගේ හරි අහිංසක මෑණියන් මතක කරන්න මටත් ඉතින් සිද්ද උනා, ඔන්න පලවෙනි මි හරකා සොමියට හම්බ උන.  එකාගේ ලපටි අන් තවම මෝදු වෙන නිසා හිසේ රුදාව ඉවසා ගත නොහැකි වී ඇති අයුරකි. එකවත් දන් නැති කනට කිසිම අයුරකින් දරාගත් නොහැකි ඩෙසිබල් 90කට නම් කොහෙත්ම වැඩි සංකයාතයකින් යුතුව පිටවන ඒ පූ............ පූ........... හඬ ඇත්තටම හිසරදයකි.

වෙසක් අස්සට ප්ලාස්ටික් අයිටම් රිංගා අවසානය, ඔය ප්ලිස්ටික් අයිටම් නිෂ්පාදකයන් කිසිම විටෙකින් එහි ගුණාත්මකභාවයක් පිලිබඳ තකන්නේ නැත, රුපියල් 20-30 කෑලි වලට මොන කොලිටියක්ද? වෙසක් අති සුපිරියට මාකට් වේන හැටියක් සොමියා වන මට සිතුනි. බහුරු කෝලම් සහ හොල්මන් වැනි අනෙක විකෘති වෙස්මුහුණු වලින් තම අනන්‍ය තාවය වසා ගත් කොන්දක් නැති මී හරකෙකුගෙන් සොමියාටද බදා එල්ල වුණි. සොමියාගේ පුද්ගලික අදහස නම් මේ විකාර රුඋපි වෙස්මුහුණු තහනම් කල යුතුය යන්නයි.



කොන්දක් නැති එවුන්ගේ පිහිට

හිංසනය පිටු දැකීමට නම් එය කල යුතුමය. උතුම් වෙසක් දින සිදුවන හිංසනයන්ට ඔය විකාර මුහුණු බොහොම සර්දාවෙන් තම දායකත්වය ලබා දෙන අයුරකි. හොරකම් සඳහා අනුබල දෙන්නේ යයි කියමින් ෆුල්ෆෙස් හෙල්මට් තහනම් කිරිමට හැකිනම් ඇයි ඉතින් ඔය මගුල තහනම් කල නොහැකි. සමාවෙන්න මගේ අදහසින් කාට හරි බඩේ පාට වදිනවානම්, ඔවැනි දෙ විකුණා වෙසක් දරන  වල අතමිටට කීයක් හරි හොයා ගන්න ඇය ගැනත් අපි අවදානය යොමු කල යුතුය. නමුත් මාකෙට් වන දහසක් ප්ලාස්ටික් අයිටම් හමුවේ වෙස්මූණු තහනම් කළහොත් අනන්ත විකල්ප ඇති සෙයක් සොමියාට හැඟෙ. වෙස් මුහුණු වෙසක් වලට එකතු උනේ කොහොමද යන්න ගැටලුවකි. සොමියාද කුඩාකල අසරණ මිනිසුන් විසින් නිර්මිත කඩදාසි වෙස්මුහුණු පැළඳ සතුටු වුයෙමි. ඒ ලද අහිංසක සතුට කාටවත් බාදාවක් හිරිහැරයක් නොකරය. අද ඒ කඩදාසි වෙස්මුහුණු නැත. ඒවාද බුදුන් වදාළ වෙනස් වීමට අනුව ප්ලාස්ටික් වෙලාය.

සොමියා නැරඹු වෙසක් කලාපය තුල දන්සල් වලට වඩා කොත්තු මී කඩය, ජැකලින් අක්කගේ දයියා එක එලට් එකට මර්කට් වේ. 40-50 ටද කොහෙද විකිනෙන නුල්දුස් යෝගට් කැප එක වෙසක් කලාපයේ රුපියල් 100 ය, කල දුටු කල වල ඉහ ගන්නා අයුරකි. බොරුවට පොෂ් වෙන්න යන අපේ තරුණ උපාසිකාවන් වෙසක් කලාපය තුල යන්තන් විලි වහගෙන සරීර කුඩුව ප්‍රදර්ශනය කරන අතර කොත්තු මීයක්ද දයියා නොතකා අනුබව කරන අතර වෙසක් කූඩු වලට වඩා වැඩි ප්‍රේක්ෂක ප්‍රතිචාරයන් හමුවේ කොට ගවුම අතින් පහලට අදිමින් ව්‍යර්ථ උත්ස්සහයක නිරත වෙන අයුරු දැක්ම නුවනැත්තන්ට නම් සසර කල කිරිය හැකිය. අතින් වහ ගන්නනම් මොන හතිලව්වටද ඕක ඇඳ ගත්තේ?, වෙසක් කලාපය තුලට පැෂන් ෂෝ ඕනා නැති බවකි සොමියාගේ අදහස, එය තුල අද සංයමයක් දැකිය නොහැකිය, විපරීත කාලෙන කජ්ජ ගැහෙයන් පුහුලන් බිමෙයන් කිව්වලු. ජම්බෝ ජොලිද යස අගේට විකිනෙති. කලාපය තුල කුසගින්න මර්කෙට් වෙති.

"බඩ ගින්න නම් අරුමයකි 
ඉවසනු නොහෙනා
ඕන කුනු ගොඩක් 
කත හැකි කියනා"

සොමියා එහි වරදක් දකින්නේ නැත. නමුත් වරද කසල කළමනාකරණයක් පිලිබඳ ආකල්පයක් නොමැති කමය. බොහොමයක් ඕවා විකිණු කඩ අසල කසල බඳුනක් තිබුනේ නැති අයුරක් සොමියාට නිරීක්ෂණය විය. ඒවායේ ප්ලාස්ටික් බඳුණු කාපු කාපු තැන ඇත හැර දමා ගොසිනි, බුදහු වහන්සේ වදාළ මග යන්නයි කියන මෙවන් බෞද්ධයන් හට උන්වහන්නේ වදාළ පරිසර ප්‍රතිපත්තීන් අමතකය. එවුන් වෙසක් සමරන්නේ බුදුන් වහන්සේ හා උන් වහන්සේගේ දර්ශනය අමතක කර දමමිනි. අද වෙසක් ගොඩක් එවුනට ආතල් එකක් වී හමාරය. සොමියාට මිනිසුන් වෙනස් කල නොහැකිය, උන් උන්ගේ මාවත් වල යන අතර සොමියාද සොමියාගේ මාවතේ තව දුරටත් ඉදිරියටම යමි.

ඔහොම ඉදිරියට යන සොමියා ඉදිරි පිටම කොත්තු මී ප්ලාස්ටික් කප් දෙකක් සැදැහැති උපාසිකාවක් විසින් කසල බඳුනක් පෙනී පෙනීම බිමට අත හරින ලදී, සොමියාද හොඳ හැටි ඇගේ මුහුණ දෙස බලා කසල බඳුන දෙස බැලීමි. කසල බඳුනට වඩා ඉන් පිට එය වටේට ප්ලාස්ටික් බඳුන් දමා ඇති හැටියකි, ලාංකිකයන්ගේ බාගෙට වැඩ කිරීමේ කලාව හරිම අපුරුය. සොමියාට මේ සිද්ධිය පරීක්ෂණය කර එහි නිරීක්ෂණයන් දැක බලා නිගමනයන්ට එළඹීමට සිතුනි, ඒ සොමියාගේ කුහුලය.

ඉතින් සොමියාද පරීක්ෂණය ලෙස ඇයට පෙනෙන ලෙසම ඇය බිමට අත හරින ලද කප් දෙක ඇහිඳ ගෙනගොස් අසල වූ කසල බඳුනට දැම්මෙමි. අහෝ අපූරු නිරීක්ෂණයකි, විස්මයාර්ථ දෙස ඇහි බැම ගාන ලද ඇය මා දෙස දෑස් දල්වා මගේ ක්‍රියාව දෙස බලා හුන්නය, අවසාන සමච්චලයට මෙන් සිනාසෙමින් ඇගේ ගැන්සියේ උන්ටද මා කල ක්‍රියාව විස්තර කල හැටියකි, සියල්ලන්ම ඉතින් මාගේ දර්ශනය දෙස බලා සතුටින් විසිර ගියහ. නිගමනයන් ලෙස සොමියාට කියන්නට ඇත්තේ උන් සියල්ලම හදවතින්ම ශ්‍රී ලංකිකය යන්න පමණි, තූ නොදකින්.

සොමියාට මතක් උනේ සොමියා පෙර පාසල් යන කල බන්ටි ටොපියක් කා කොලය බිම දැමු වරදට දඬුවම් කල පෙර පාසල් ගුරුතුමියයි. උන්දැ බුධුන් දැක නිවන් දකිවායි සොමියා ඇයට පින් දෙමි.

ඉතින් ඔය කොත්තු මී අක්කලා, නලා කාරයන්, මුහුණක් නැති උන් මග හැර මහා මග පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය කරමින් ඉදිරියට යන සොමියාට එළඟට නෝටිස් උනේ අවදානම් අයුරින් තුන්රෝද රියවලින් සහ මෝටර් සයිකල්, පා පැදි වලින් යන තටු ලැබුණු සමනලුන්ය. "ක්රාස්............ අනේ සොරි වෙන්න ඕන අයියේ, පොඩ්ඩක් වැරදුනා." ඔය තියෙන්නේ සාක්කිත් එක්ක. සොමියාගේ ඇඟේ ගෑවෙන නොගෑවෙන සේ නවතාගත් බයිසිකලයක නැගී ආ යකෙකු පැවසීය. එකාත් යකෙකුගෙන් මුහුණ වසාගෙනය. කොහොම හරි මේ සමනලුන් හා මීහරක් මහා මග  යනෙන අනිත් වාහන හා මිනිසුන්ට කරදරයකි. සමහර විට ගැහැණු ළමුන්ගේ ඇඟට හරවන සයිකලය ඊළඟ මොහොතේ ඔවුන් පසු කර යන්නේ, බය උනාද නංගී කියමිනි. සොමියාට වෙට්ටුවක් දාන්නට ආ යකාට වැරදුනි. ගැහැණු ළමයින් සහ තරුණියන් බහුල ප්‍රදේශ වල තමගේ පොරත්වය පෙන්න්නට සය්කල් වල යන මෙවන් යකුන් වැඩ දමන්නේය. ඒ ද මහපාර එකාගේ යයි සිතාගෙන අනෙක් වාහන වලට බාදාවක් වෙමිනි. වැඩේ වරදුනොත් එකාගේ අසරණ මෑණියන්ලාට එකාට බෙහෙත් හේත් කිරීමට සිදුවීමෙන් සන්තකේටම ඇති පිච්චියටත් කෙලවේ.

සොමියාද ඔය බහුරු කෝලන් බලමින් කලකිරී යන අතර තුර වතුර ප්‍රහාරයකට ලක්විය. හොදින් නිරීක්ෂණය කලවිට සොමියාට ඉදිරියෙන් ගිය කාන්තා නඩයක්ම අධික ලෙස තෙත බරියම් වී ඇති අයුරකි, ඔන්න අර තටු ආපු සමනලුන්ගේත් අන් මෝදු වන මී හරකුන්ගේත් තවත් අමන වෙසක් ක්‍රියාවක්. ප්ලාස්ටික් වතුර තුවක්කුද මහත් සර්දාවෙන් දායක වී ඇති සෙයකි. කොහොමින් හරි එයින්ද ගැලවී ගිය සොමියාට කන්තා නඩේ විසින් එවුන්ගේ අහිංසක මෑණියන්ලාට ජාතිය අමතන අයුරු ඇසිනි.

මෙලෙසින් වෙසක් අසිරි විඳිමින් යන සොමියාව බෞද්ධ කොඩියක ග්‍රහණයට අසු විණි, දන්සලක්ය, එහි බලෙන් සිසිල් පන් පොවති. සොමියද ඉතින් එකක් බී එලියට ආවෙමි. යන එන ඔරු පාරු නවතා සිටි මාතර ගඟේ කිබුලිගේ පැටියා මහා පාරට බැස බෞද්ධ කොඩියක් වනමින් තම දන්සලට යනෙන වාහන නවතමින් සෙනග පටවයි. වාහන ඔහු පසු කර ගියොත් මල පනින එකා ඉතින් මෑණියන් මතක් කරයි. නැවතුවහොත් කට කනේය. එතරම්ම සිනා වේ. සොමියාගේ මතයට අනුව නම් මෙය එතරම් යහපත් කටයුත්තක් නොවේ.

මෙලෙසින් ඉදිරියට යන සොමියාට බඩගින්නක් දැනුනු හෙයින් නුල්ඩුස් දන්සලක පෝලිමට සෙට් විය. "බලන්න පුතා දුවලත් එක්කවත් ඇවිත් වෙසක් බලන්නවත් විදියක් නෑ, මේ තිරිසන්නු නිසා" පෝලිමේ උන් ඇන්ටි කෙනෙක් කීවේය. ඇන්ටිගේ ඉදිරියේ තාමත් පාසල් යන වයෙසේ යයි කිව හැකි දූවරු තිදෙනෙකි. ඔවුන් දෙස පැණි හලන හොල්මන් රෑනක් ඊට ඉදිරියෙන් සිටි. "ආ ඇයි ඇන්ටි , පෝලිමේ ඉන්න අමාරුද?"  "නංගි  නම මොකද්ද", "මේ මන් ඔයාට කැමැති, මොකද කියන්නේ කොහේ හරි යන්ද?" වල්මත් වූ තාරුණ්‍යයට හෙටක් නං නැති හැටියක් සොමියාට සිතුනි. තමන්ටද මෑණියන් කෙනෙකු හා නැගනියන්ලා නැති අයුරකින් හැසිරෙන තිරිසනුන් ගොඩක් මැදට සොමියා හා අර ඇන්ටි ඇතුළු පිරිස මැදි විය. බලා සිටිය නොහැකි වූ ඇන්ටි දුවරුද රැගෙන දන්සලද නොකා ඇ නික්ම ගියාය. "ආ යනවද ඇන්ටි" "බායි නංගිලා", කෙසේ හෝ නුල්ඩුස් කාපු සොමියා නැවතත් නිවෙස බලා එන්නට සැරසුණි.

සයිබරයේ අවුරුදු  සැණකෙළිය පැවැත් වූ බුද්ධදාස ක්‍රීඩාන්ගනය අසලින් පැලවත්තේ සිට බත්තරමුල්ල බලා ඩෙන්සිල් කොබ්බැකඩුව මාවතේ තනිවම එමින් සිටියදී යකුන් පිරිසක් විසින් කාට හෝ කරදර කරන අයුරු පෙනිණි.

"මචං ඔය පොන්සිව කොහෙට හරි අදිමුද?"
"මොන පොන්සියෙක්ද මේ ලෝල්ලෙක්"
"මුගේ ක___ දෙමු"
"එයි උඹ ගන්නවද"
"මේ උඹ ගාව මලක් ගන්න තියෙනවද මචං"
"ආ ඉඳා"
"මේ හු__ උබ ගාව සල්ලි තියෙනවද?"
"මචං මුව ඔය කැලේට ඇදලා මගේ පූ__ අ___"

වෙසක් දා මොන නීති දැම්මත් තවමත් තිතට මතද ක්‍රියාත්මක වේන අයුරකි.සොමියාට කාරණයද වැටහිණි, අසරණ අඩක් කාන්තා අඩක් පිරිමි අයෙකු මොවුන්ගේ ග්‍රහණයට ලක් වී ඇත,  මා ඔහුගේ සරණ මුහුණ හොඳින්ම දැක්කෙමි. පෙර කරන ලද කරුමයන්ට අනුව එලෙස උපන් ඔහු දැන් දුක් විදී. කෙසේ හෝ වෙසක් බැලීමේ අදහසින් හෝ ගනුදෙනු කරවකු සොයා හෝ යන අදහසින් මගට බට ඔහු කරදරේ වැටී අවසානය. වෙසක් කාටත් අයිතිය. වෙසක්වලට ලිංග බේදයක් නැත. නමුත් වෙසක් තමන්ගේ ලිංගයේ විතරයි යයි කියා සිතන පිරිසක්ද ඇති බව සොමියාට සිතුනි. වෙසක් තොරන් ආලෝක මැද අසරණ වන කනාමැදිරි එලිද ඇති බවක් සොමියාට සිතුනි. වෙසක් දා අඳුරු අහුමුලු වල මෙවන් දෙ කෙතරම් සිදුවනවා ඇත්තයි සොමියාට සිතුනි.

අරුන් පිරිස අර අසරණයාට පහර දීමට පටන්ගෙන ඇත. "ආයි ගහන්න එපා රිදෙනවා". සොමියාද ඒ දෙස නොබලාම ඔවුන්ගේ දෙබස් අසමින්ම එතනින් හිමිඉට මාරු වී ගියේමි. මට අර අසරණයා ගැන දැඩි අනුකම්පාවක් ඇතිවුණි. අඩුව තියෙද්දී ඇත පුච්ච ගන්නේ අහවල් දේකටද නිසා පළාත් සබාව හරියේ සිටි නීතිය හා සාමය සුරකින මාමලා දෙදෙනෙකුට සිද්ධිය පවසා සොමියා නිවස බලා ගමන් ඇරඹුවාය. වෙලාව 11.00 ට පමණ හෝ 11.00 පසුවී ඇත. සොමියාට ඔරලෝසුවක් තාමත් නැත. :D , පොන් එකෙන් වෙලාව බලන්න හුරුවී ඇති නිසා ඔරලෝසුවක් ඕනා නැත. කෙසේ හෝ කොස්වත්තේ තියෙන ගෙදර යන ගමන් එක ඉස්සරහා හිර ඩෙනිමකින් හා ස්කිනියකින් සැරසුණු යුවතියක් වික්ෂිප්තව මහා මග විපරම් කරමින් සිටි අයුරු සොමියාට නිරීක්ෂණය විය. සැබවින්ම ඈ පියකරුය. අද වෙසක් දින නඩ වශයෙන් හා තම මව සමගවත් මගට බට නොහැකි වී ඇති යුවතියන් හමුවේ ඇය නිර්බයවම මගට බැස තිබේ. සොමියාගේ නිගමනයන්ට අනුව කාරණය වැටහිණි. ඒ සමගම පැමිණි තුන්රෝද රථයක නැගී යද ඉගිල ගියාය. අද වෙසක් දින එවන් දේද වන බව හොඳට මතක තියාගන්න.


වෙසක් දිනත් ගැනුම් කරුවෙක් එන තුරා

වෙසක් ගැන මානා අවබෝදයක් ලබා ගත් සොමියා නිවෙස බලා එන විට වෙසක් කූඩු ටිකේ එලි තත්තා විසින් නිවා දමලාය, පොද වැස්සේ ග්‍රහනයටද කුඩු ටික හසුවී අවසන්ය. උඩ රුප වල තරම් සුන්දර බවක් එහි දැන් නොමැත.

ප.ලි :

ඔය තටු ආපු සමනල්ලුන්ටයි අන් මොදු වෙන මී හරක්ටයි කියන්නේ, උඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපා කියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත් මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙන විදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත් පුළුවන් වෙනස් වෙන්න තාමත්. 

Comments

  1. ඔය තටු ආපු සමනල්ලුන්ටයි අන් මොදු වෙන මී හරක්ටයි කියන්නේ, උඹල උඹලගේ ආතල් එක ගනිල්ලා, මන් ආතල් ගන්න එපා කියන්න නෑ, මොකද මාත් කවුරු මොනවා කිව්වත් කොහොම හිතුවත් මගේ ආතල් එක මාත් ගන්නවා, හැබැයි ඒ කාටවත් ඇනයක් නොවෙන විදියට, අන්න එතැනදී උඹලයි මායි සෑහෙන්න වෙනස්. උඹලටත් පුළුවන් වෙනස් වෙන්න තාමත්

    ReplyDelete
  2. බටහිර නූතනත්වය ගිලගත්තු නාගරික තරුණ පිරිස් වෙසක් උත්සවයත් විනෝද සැනකෙලියක් කරගෙන. තව ටික කලකින් වෙසක් එකට ෆ්ලෑශ්බෑක් සංගීත ප්‍රසංගයත් එක් උනොත් මමනම් පුදුම වෙන්නේ නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඉස්සරහට එහෙම නොවෙන්නත් බැරි නෑ මේ යන විදියට, දැන් ඉඳන්ම කලාප වලට වෙසක් බෙදාගෙන යන එකේ, ඉස්සරහට බලමුකෝ, අයි ඉතින් ආගමික කටයුතු අමාත්‍යංසයක් අපිට තවම නෑනේ, තියෙන්නේ නමටනේ.

      Delete
  3. හරි සරලයි දැන් තියෙන්නේ වෙසක් උත්සවයක් නෙවෙයි..උපරිම විදියට මාර්කට් උන වෙසක් සැනකෙලියක්....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි විදානේ අයියේ

      Delete
  4. ගොඩක් වැදගත් ලිපියක්. මොනා කරන්නද. බුදු හාමුදුරුවෝ දෙශනා කරපු විදියට මේ ලෝකෙත් ඉතිං කවද හරි විනාශවෙන්න එපෑ.නියමයි.

    ReplyDelete
    Replies
    1. හෙක් එත් මේ යන විදියට නම් එක ඊටත් කලින් වෙයදා මන්දා.

      Delete
  5. සත්‍ය සිදුවීම ගැන හොදට කියලා තියනවා, මාත් ගියා ඊයේ.කියලා වැඩක් නෑ.ඇස් දෙකෙන්ම දැකගත්තා මේ දේවල් ටික.ඒ ඔක්කොම අස්සේ මීහරක් පිඹිනවා වගේ කෑගහන නලා කාරයෝ... කනක් ඇහෙන්නේ නෑ....

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නේ තව සාක්කි. අනේද කියන්නේ පව් අර අම්මලා, මතක් කරන හැටියට

      Delete
  6. පලියේ තේරුම මොකක්ද?

    ReplyDelete
    Replies
    1. එකේ තේරුම මම ඒ අයට සතුටු වෙන්න එපා කියන නෑ, එත් ඒ සතුට වෙන ඇයට හිරිහැරයක් නොවන විධියට උනානම් හොදයි කියලයි මන් කියන්නේ.

      Delete
  7. ඉතා අපූරුවට වෙසක් සැනකෙළි ගැන ලියල තියෙනවා සොයුර. අද මිනිස්සුන්ට වෙසක් කියන්නේ සැනකෙළියක්.
    සැහැල්ලුවේ පළ වෙච්ච පෝස්ට් එකට මාතලන් සොයුරා ලියල තිබ්බ කමෙන්ට් එක තමයි නියමෙට ගැලපෙන්නේ........

    Maathalan - Priyantha HewageMay 15, 2014 at 7:28 AM
    /අපරාදේ ඩෝ වෙසක් ආතල් ගන්න බැරි එක නම්. බුදු හාමුදුරුවෝ උන්නා නම් සසර කලකිරින්නේ වෙසක් සමරන හැටි දැකලා../

    ReplyDelete
    Replies
    1. මාර්කටින් ඔෆ් වෙසක්, :P , වෙසක් අද බහුතරයකට ආතල් ගන්න දවසක් වෙලා ඉවරයි.

      Delete
  8. වෙසක් බලන්න ගියේ ඊයේ..... ඒත් බැනුම් ඇහුවේ අද...... දැන් තමයි තේරුනේ ......ඇයි බනුම ඇහුවේ කියල...... සොමි කියන්නේ ඇත්ත.කාලෝ විපරිතන්......... මොනවා කරන්නද වෙසක් කියන්නේ ... තවත් එක් විනෝද වෙන්න පුළුවන් සැණකෙළියක් විතරයි.
    සොමි වෙසක් මෙච්චර වෙනස් වුනේ ඕල්කට්තුමාගේ ආගමික ප්‍රතිසංස්කරණ එක්කයි , කියල මතකද...? නත්තල් හා ගැලපුන යම්තාක් දුරට.

    ReplyDelete
    Replies
    1. //මොනවා කරන්නද වෙසක් කියන්නේ ... තවත් එක් විනෝද වෙන්න පුළුවන් සැණකෙළියක් විතරයි// ඇත්තමයි. ඕල්කට්තුමාගේ ආගමික ප්‍රතිසංස්කරණ ගැන නං දැන් නෑ ඇත්තටම, අපේ ඇයට ඕල්කට්තුමා වීරයෙක්නේ.

      Delete
  9. \\වෙසක් තොරන් ආලෝක මැද අසරණ වන කනාමැදිරි එලිද ඇති බවක් සොමියාට සිතුනි//

    හරිම අපූරු විදියට ඒක කියල තියෙනවා. පෝස්ස්ටුවා පුරා කියවුන අදහස මේ වචන දෙකතුනේ තියෙනවා. ඊයෙ මමද මෙවැනි දේවල් සියැසින් දැක්කෙමි. සවනින් ඇසුවෙමි. මහ පුදුම කළකිර්‍රිමක් දැනෙන්නෙ බං. මේකනම් මහා කුණු වෙලා ගඳ ගහන කාලකන්නි සමාජයක්. වෙන වචනයක් නෑ. කාලකන්නි සමාජයක්.

    ReplyDelete
    Replies
    1. කුණු වෙලා ගඳ ගහන කාලකන්නි සමාජය තුල ඉපිද හැදී වැඩී එයින් ඉහලට ආ නෙළුමක් නෙවේද අපේ බුදුන් වහන්සේ, උන් වහන්සේගේ අසිරිමත් තෙමගුල කුණු වෙලා ගඳ ගහන කාලකන්නි සමාජය අද සමර හැටි තමා මේ, මොකද අද පිපෙන ගොඩක් නෙලුම් ඉහලට නොව තව තවත් මද යටට මද හාරාගෙන ගිහිල්ලයි පිපෙන්නේ, ඒවගේ කිසිම සුවන්දකුත් නෑ.

      Delete
  10. මේ පාර වෙසක් වලට කොහෙවත් යන්න බැරිඋනා මන් හිතින් දුක් උනා ඒ ගැන හ්ම්ම්... මේවා කියවද්දි නොගිය එකත් හොඳයි කියල හිතෙනව .නුතන වෙසක් ..මිනිස්සු හැසිරෙන්නෙ වල්මත් වෙලා වගේ ..මේවා දකිද්දී ඇත්තටම දුකයි ..අපි පොඩි කාලේ අපි වින්ද වෙසක් අසිරිය , නියම වෙසක් උත්සවය අනාගතේ නැත්තටම නැතිවෙලා යයි ..ඔක්කොමටම වඩා දුක මේ විකාර මේ ඇස් වලින් දකින්න වෙන එක ගැන .

    ReplyDelete
    Replies
    1. නෑ වෙසක් බලන්න යන්න, වෙසක් අපි එනකං තාමත් බලන් ඉන්නවා, එත් අපි වෙසක් වෙනස් කරන බයිලා නටනවා. පොඩි කාලෙට අයි යන්න බෑනේ තියෙන්නේ සුන්දර මතකයන් විතරයි.

      Delete
  11. අද හැමදේම වෙනස් වෙලා බං.. කවුරුත් නිවාඩුව සමරන්න හිතනවා මිසක, නිවාඩුව මොකද්ද කියන එක ගැන හිතන්නේ නෑ.. උඹ මේ ලියලා තියෙන්නෙත් එහෙම උදාහරණ ටිකක් තමයි බං..

    ReplyDelete
    Replies
    1. තව උදා හරණ එමටයි දිනේෂ් අයියේ. මට කියන්න තියෙන්නේ ඉතින් අර කුරුනෑගල මහ ඇමතිගේ සින්දුව එඩිට් කරලා වෙසක් හුඟක් වෙනස් වෙලා කියල තමා.

      Delete
  12. බුදුන් වහන්සේට අපහාස කලා කියලා අර 'නඕමි'ව පිටුවහල් කරපු. එහෙම කරලා ආගම දහම බේ‍ර ගත්ත වීරයො වැඩ වාසය කරන රටේ මේවත් වෙනවද බං? :o හරි පුදුමයිනෙ.

    උඹ නියමෙට ඇත්ත පෙන්නලා තියෙනවා.

    ප්‍රධානමෙ දේ උඹලා උඹලගෙ ආතල් එක ගත්තට කිසිම අවුලක් නෑ. ඒත් අනිත් උන්ට ඇණයක් නොවී.

    ReplyDelete
    Replies
    1. එකත් ඇත්තනේ, එක අර ලෝකෙට පොට ටෝක්ස්, ගෙදෙට්ට බලූ ටෝක්ස් වගේ වැඩක්නේ.

      Delete
  13. //හිංසනය පිටු දැකීමට නම් එය කල යුතුමය. උතුම් වෙසක් දින සිදුවන හිංසනයන්ට ඔය විකාර මුහුණු බොහොම සර්දාවෙන් තම දායකත්වය ලබා දෙන අයුරකි//
    උන්ගෙ හිංසනය එලියට බෑස්සොත් විතරයි නේ.
    අපි ගෙදර හිටියත් පන්සල් සහ දන්සෑල් වලින් අපේ කණට වෙන හිංසනය ?

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් ඒ කතාවත් ඇත්ත, එත් ඔය අයම කනට හිංසා වෙනවා කියල හවසට පිරිත් දාන එක තහනම් කළා මතකද? පන්සලෙන් කනට හිංසනයක් වෙනවද කියන්නනම් මන් දන් නෑ, ඒක ඒ ඒ පන්සලේ හැටියට තමා.

      Delete
  14. ඇත්තටම සැබෑ වෙසක් සැමරුමක් අද දකින්න ලැබෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. හ්ම්ම්. එක නිසානේ මේ වගේ ලිපි පළවෙන්නේ.

      Delete
  15. වෙසක් වලට වෙලා තියෙන දේ ගැන දකිත්දි දුක හිතෙනවා සොමියා... ඒකේ සැබෑ අරුත දැන් ඒකෙන අයින් වෙලා. වෙන වෙන දේවල් ඉස්සර වෙලා

    ReplyDelete
    Replies
    1. ඇත්ත, වෙසක් වෙනස් වෙලා නෑ, එත් මිනිස්සු වෙනස් වෙලා.

      Delete
  16. ස්තූතියි, මන් ඇවිල්ල ඉන්නේ ඔහෙට.

    ReplyDelete
  17. මහා පාරට බැස බෞද්ධ කොඩියක් වනමින් තම දන්සලට යනෙන වාහන නවතමින් සෙනග පටවයි//
    මේ විදියට කොඩිය පාවිච්චි කරන්න දැං තහනං නේද
    වෙන රටකද මංද එහෙම වුනේ...
    කොහොමත් ඔයා කියන්න වගේ කලකිරෙනව තමා...
    ඇත්තටම මේ බෞද්ධ යගෙ අසිරිමත් තෙමගුලමද කතියල හිතෙනව

    ReplyDelete
    Replies
    1. හේ හේ ඒ ඉන්දියාවේද කොහෙද. මෙහෙ නං නෙවේ.

      Delete
  18. ලිපිය පොඩ්ඩක් අද එඩිට් කරලා තව කරුණු ටිකක් ඇතුල් කළා දෙවන දවසටත් වෙසක් බලන්න ගිය සංචාරයේදී මට දකින්න ලැබුණු දේවලුත් එක්ක.

    ReplyDelete
  19. අද ලෝකයම පාලනය කරන්නේ වෙළෙන්දන්. වෙසක් කියා ඇත්තේ ද වෙළෙන්දන්ගේ සැණකෙළියක් පමණි
    - නලින්

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් හරියටම හරි නලින් අයියේ. එකනම් හොඳටම තේරුනා පහුගිය දවස් ටිකට.

      Delete
  20. වෙසක් විතරක් නෙමෙයි, අපේ හැම දෙයක්ම දැන් වෙළද උගුල් වෙලා ඉවරයි. ප. ලි. සමග එකගයි.

    ReplyDelete
  21. තිත්ත ඇත්තක් ලස්සනට වගේම සම්පුරණව පැහැදිලි කරලා තියනවා. ඇත්තටම සංවේගයක් ඇති වෙනවා මේවා කියවද්දී. මේ යන විදියට ගියොත් බුදු හාමුදුරුවෝ කියපු තරම් කාලයක්වත් බුදු සසුනට පවතින්න පුළුවන් වෙයිද කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්ත සයුරි, දැන් ඉතින් යන්නේ අබුද්දස්ස කාලේ පෙරටු කරගෙනනේ

      Delete
  22. පරක්කු වෙලා ආවේ...

    පළවෙනි ජේදේ තියෙන වචනයක් වෙනස් කරමුද - > 'යෝනිසෝ' මනසිකාරය කියල ?

    ReplyDelete
    Replies
    1. හත්වලාමයි අම්මපා දන්නේ දැක්කේ, :D

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්