කවුරුවත් නෑ....ඇය වගේ....ඕ.....කවුරුවත් නෑ...ඒ...ඇය වගේ....



සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ...නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
හිරු බසිනා අඳුරේ.........
කවුරුවත් නෑ....... ඇය  වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ........

වත දිලේ.......නිවෙන නොනිමෙන ආ..ලෝකයේ......
ගත සැලේ.......පද නොදත් සංගීතයේ.......
මධුවිතේ.......මධුවිසේ.........
ගිනි ගනී.....ඇගේ යෞවනේ.......
ඕ.........ගිනි ගනී ඇගේ යෞවනේ.........

සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ...නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
හිරු බසිනා..අඳුරේ.........
කවුරුවත් නෑ....... ඇය  වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

ආදරේ.......මොහොතකට හිමි ආදරේ........
නැත සුවේ.......සුව සදන යහනා..වේ........
රාගයේ.......රාත්‍රියේ.........
අලෙවියේ.......ඇගේ ජීවිතේ.........
ඕ.........අලෙවියේ ඇගේ ජීවිතේ..........

සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ...නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
හිරු බසිනා..අඳුරේ.........
කවුරුවත් නෑ....... ඇය  වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

ප.ලි.
මේක මේ අද හවස සොමියගේ ඔළුවට ආව අදහසක් ඔහේ කුරුටු ගෑවුනා, එත් මේක මුලින්ම ලියවුනේ මේ විදියට, ඇත්තටම මට ඕන උනේ වෙන කෙනෙක් ගැන ලියන්න. 

සමනලුන්සේ.......ඉගිලී.......
යන්න ආසයි ඈ....නිදහසේ........
තනිවෙනා.......මොහොතේදී...........
සරසවි බිම කොනේ .........
කවුරුවත් නෑ....... ඇය වගේ.......
ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

එත් පස්සේ එයාව පැත්තකට විසිවෙලා මේක කුරුටු වුනා, අනේ මන්ද සින්දුද, බයිලද, කවිද, නිසඳැස්ද දන් නෑ, තම තමන් කැමති අයුරින් රස වින්දිත්වා, මට නං ටිකක් විතර සින්දුවක් වගේ ඇ, එත් ඉතින් කෝ සංගීතයක්? කියන්න එකෙක්? සොමියත් හරියට බලල කුලේ වගේ තමා, ගස් නැග්ගට බහින්න දන්නේ නෑ, හෙක් හෙක් එතකොට තමයි ඉතින් මට මගේ නොවන මගේම සින්දුත් තිබුනා කියවෙන්නේ. 

බලමු සොමියා යාලුවෝ සෙට් එකත් එක එකතු කරගෙන පොඩි වැඩක් පටන් ගත්තා, එක ගොඩ ගියොත් කස්ටියටම සොමියගේ තාලෙට සොමියගේ සින්දු අහන්න පුළුවන් වෙයි ඉතින්.

පින්තූරේ ගත්තේ http://flickrhivemind.net/User/Mon%20Partenaire%20Danse/Interesting

Comments

  1. සමනලුන්සේ.......ඉගිලී.......
    යන්න ආසයි ඈ...නිදහසේ........
    තනිවෙනා.......මොහොතේදී...........
    හිරු බසිනා..අඳුරේ.........
    කවුරුවත් නෑ....... ඇය වගේ.......
    ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........

    ReplyDelete
  2. සමනලියක් සේ ඉගිලී යන්නට.......
    තටු ඇතත්......
    කල්පනාවෙන්...... ඇය වගේ ඇය සොයන්න ගොස්....
    ඇගේ දිවි තොර කරේ.....
    මේ..... සමනල පියාපතක් වන්.......
    සිනිදු.... සුසිනිදු...... ආදරයම නේද......?


    සොමියෝ....... ඔන්න මං ලිව්වා , උත්තරයක්.....

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් හරිම ලස්සන උත්තරයක්නේ ලියල තියෙන්නේ, හ්ම්ම් මන් මේ නිකන් ඔහේ ලිව්වා එත් මේ තවත් එක තිත්ත ඇත්තක් නේද, හරිම ලස්සනයි උත්තරේ.

      Delete
  3. අගෙයි...... නිර්මාණය ඔහේ ගියාට ඒ තුළ සෞන්දර්යයක් තියෙනවා....

    එහෙම තමයි සොමියා.. හරියට ම ඉරි ගහලා නිර්මාණයන් කරන්න බෑ. ජීවිතේ ඔහේ ගිය අය තමයි අද තමන්ගේ ම නිර්මාණකරනයකට යොමු වෙලා තියෙන්නේ. ඔහේ ලිව්වත් ඒ තුළ ඔබේ ලකුණ තියෙනවා සොමියා... ඒකයි වැදගත්... තව තවත් ඔහේ ලියන්න ලැබේවා... ඒවා මහා නිර්මාණයන් වේවා... එයයි අපේ පැතුම....

    ReplyDelete
    Replies
    1. ස්තුතයි කුරුටු, අනේ මන්ද මන් තොරගත්තත් පැත්තත් එක්ක මගේ හැකියාවන් මොට වෙලාද කියල, ඔහේ නිදහසක් හම්බ උනාම මොකක් හරි කුරුටු ගානවා ඉතින්. එත් ඉතින් මන් තෝරගත්තේ නම් හරියට ම ඉරි ගහලා නිර්මාණයන් කරන එක තමා. මටත් ඕන මගේම ලකුණක් තියාගන්න තමා, මෙතුවක් ඔහේ ලියපු එකේ එදිරියටත් ඔහෙම ලියයි ඉතින්, හිතල ලියන මහප්ප්‍රාණ වලට වඩා සරලයි සුන්දරයි කියල මට හිතෙන්නේ.

      Delete
  4. // ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........// ඔන්න අපිත් අලුත් තාලේකට කියෙව්වා... කුරුට්ටක් විදිහට ලියවුනත් ගීතයකට පරිවර්තනය කරන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ ...

    ReplyDelete
    Replies
    1. ඇදෙ ගොඩක් ස්තූතියි තුශානි, එහෙනම් අලුත් තාලයක් තියෙනවා නේද? අපි බලමුකෝ මේකට වැඩක් දෙන්න.

      Delete
  5. අඩේ එල එල බං.. කෝමත් වුවමනාවෙන් ලියන ඒවට වැඩිය ඉබේම ලියවෙන ඒවයේ ගතියක් තියෙනවා.. සිරාවට, කෝම හරි මේකට මියුසික් දාගන්න බලමු.. වචන ටික ලෙසට ඇවිත් තියෙනවා..

    ReplyDelete
    Replies
    1. අඩේ ගොඩක් ස්තූතියි දිනේෂ් අය්යේ, හෙක් හෙක් බලමුකෝ වැඩක් දෙන්න.

      Delete
  6. නිර්මානය ලස්සනයි සොමියා....
    නිසැදසක් ද ගීයක් ද කියන්න තරම් දැනුමක් නැතත්, ගීයක තනුවක් වගේ දෙයක් එක්ක යනවා..

    තව ලියමු

    ජය වේවා!!!!!!! !!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි විදානේ අයියේ, තව සින්දු වගේ ඒවා ටිකක් ඩ්‍රාෆ්ට් වල තියෙනවා, හිමීට පබ්ලිෂ් කරන්නම්කො.

      Delete
  7. පට්ට බං. ආයෙ දෙකක් නෑ. නියමයි.

    //කවුරුවත් නෑ....... ඇය වගේ.......
    ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........//

    ගීතයකට ගැලපෙනවා කියන එක තමා මගෙත් අදහස නම්.

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ ප්‍රියා අයියේ, අනේ මන්ද මන් ලියන බයිලා සින්දු වගේද කියල හෙක් හෙක් :ඩ්

      Delete
  8. ගීතයකට තමා හොඳ නේද.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් මටත් එහෙම තමා හිතුනේ, ගෙඩක් ස්තුතියි මේ පැත්තටත් අවට.

      Delete
  9. ලස්සණ අදහස් ටිකක්. ගීයකටත් හොඳයි...කුරුටු ගෑම නවත්තන්ට එපා...:)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තූතියි අක්කේ, අනේ නෑ දැන් ඉතින් දිගටම කොහොම කොහොම හරි පුළු පුළුවන් වෙලාවට කුරුටු ගානවා මොකෝ ඔහේ ඔළුවට එන වල්පලනේ හෙක් හෙක්.

      Delete
  10. පද ටික ලස්සනයි සංගිතය ගැන ලොකු දැනුමක් නෑ එත් සිංදුවල් විදියට මෙක කියන්න පුළුවන් වෙයි වගේ ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝදර, මටත් ඇත්තටම සංගීතය ගැන ලොකු දැනුමක් නෑ, මන් කරේ චිත්‍ර කලාව, අනේ මන්ද මන් ලියන ඒවා සින්දු වගේද කියල.

      Delete
  11. සොමියෝ මේක ගිතයකට නියමයිනේ.. කාට හෝ දීලා තනුවක් දාගන්න....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන් අයියේ, හිමීට පොඩි වැඩක් කරගෙන යනවා, අපි බලමු, යාළුවොන්ගේ පිහිට තමා ඉතින්.

      Delete
  12. නිර්මාණයනම් කදිමයි සොමියො. මං නම් කැමති මේක ගීතයක් විදියට රසවිඳින්න. ඇත්තටම කවුරුවත් නෑ ඇය වගේ..!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනොෂ්, බලමු ඉස්සරහට එහෙම වෙඉද කියල, ඇත්තටම කවුරුවත් නෑ ඇය වගේ තමා.

      Delete
  13. කවුරුවත් නෑ....... ඇය වගේ.......
    ඕ........කවුරුවත් නෑ...ඒ....ඇය වගේ.........////
    පට්ට සොමියො....
    සුපර්බ්....
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තැන්කූ තැන්කූ මහේෂ්.

      Delete
  14. මට නං කවි ලියන්ඩ බෑ.. කවි ටික රසවින්ඳා

    ReplyDelete
    Replies
    1. හේ හේ රසයක් තිබුනානම් එච්චරයි.

      Delete
  15. මං නැති දවස් ටිකේ සොඳුරු මිනිසා සොමියා වෙලාද????
    ඇත්තටම වැඩිය හිතන්නෙ නැතුව කරන නිර්මාණ සාර්ථකයි ප්ලෑන් කරල ලියන ඒවට වඩා..

    ReplyDelete
    Replies
    1. අනේ නෑ, නම සොමියා බැරිනම් ටොමියා උනත් එදා ලියන එකාම තමා ලියන්නේ, අපේ දේශක අයියා නම ෂෝර්ට් කරලා දුන්න, මාත් ඉතින් රෙගිස්ටෙර් කරගත්තා. එත් අපි බැලුවා 50 ගහලා මොකද බෝල කන්නේ කියල, මාත් හිතන්නේ වැඩිය හිතන්නෙ නැතුව කරන නිර්මාණ සාර්ථකයි ප්ලෑන් කරල ලියන ඒවට වඩා කියල තමා, එක මගේ නම් එක්සෑම් වලටත් අදාලයි එන රෙසුල්ට් දිහා බැලුවම. ස්තූතියි ඇවිත් අදහස් එකතු කලාට.

      Delete
  16. කා ගැනද සොමි කියන්නේ මේ..?
    මට නම් හිතෙන්නේ මේ අබිසරු ලියක් ගැන කියනවා වගේයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් ඒ අය ගැනත් ලියවෙලා තියෙනවා මේකේ එක කොටසක, එත් ලිව්වේ ක්ලබ් ගර්ල්ස්ලා ගැන.

      Delete
  17. මේ ලස්සනට වචන ටික ' සොඳුරු මිනිසා ' ගේම කටහඬින් සොඳුරුවට ගායනා කලොත් අහෝ!! කෙතරම් සොඳුරුවට තියේවිද :P :D .... පදවැල් ටික නම් අපූරුයි ..ඊළඟට නරකද අය්යේ සිංදුවක් නිර්මාණය කලොත් :)

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් මගේ කටහඬින්ද නංගියෝ? අන්න එත තමා පොඩි අවුලක් තියෙන්නේ? අපි ඉතින් ඔය රාග තාල දන්නේ නෑ නේ ළමයෝ, ටකරන් වලට ගල් ගහන සවුන්ඩ් අහන්නේ මොකටද? සින්දුවේ පද රචකයා විදියට හිටියම ඇති නංගෝ, සින්දුවක් කරමු එත් කියන නැතිව.

      Delete
  18. මේක ගීතයක් කරන්න පුලුවන් තත්වයක් තියෙනව බං !

    ReplyDelete
    Replies
    1. අඩේ එහෙනං වැඩේ ගොඩනේ,බලමුලෝ අපි සෑම් අයියේ, හෙක් හෙක්.

      Delete
  19. මෙහෙම සොමියේ ඉන්න පුළුවන් ඇත්තටම සොමියට විතරයි.

    ReplyDelete
    Replies
    1. හෑ! ඒ මොකක්ද ඒ කතාව.? අර දුෂ්‍යන්ත සර් කියන්න වගේ තේරෙන් නෑ..... :(

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්