Posts

විරුද්ධකාරයා (කෙටි කතාව)

Image
පින්තූරය අන්තර්ජාලයෙනි "අනේ හැබෑටම මගේ විරුද්ධකාරයා මට එක දවසක් හිත හොඳින් ඉන්න දෙන්නැති හැටියක්" තාත්තගේ සුපුරුදු කියුම කියත් සමඟම නංගීත් මමත් තාත්තාට ලංවීමු. තාත්තා හිත වීදනාවෙන් පසුවන අවස්තාවලදී නංගීත් මමත් ඔහු සැනසීමට නොදරනා උත්සාහයක් නැත. අප දෙදෙනා නිසා නොවී නම් තමා මෙලහකටත් ජීවතුන් අතර නැති බැව් එවන් අවස්තාවලදී ඔහු නිතර කියනා හෙයින් අප ලන්වීම ඔහුට සහනයක් වෙතැයි නංගීත් මමත් සිතුවෙමු. අම්මා ඇතුළු අප දෙදෙනාටම මහත් ගැටලුවක් ඇති කරමින් තාත්තා විසින් විරුද්ධකාරයෙකු නිසාවෙන් ඔහු නිතර පීඩා විඳින බවක් පැවසූවත් ඒ කවුරුන්දැයි නොපවසයි. අම්මා විසින් ඒ කවුදැයි අසා දැනගැනීම දැන් අතහැර දමා ඇත්තේ ඒ දැනගනු වස් අප ගන්නා ලද ප්‍රයත්නයන් හමුවී ඔහු ගොළුවත රැක්ක හෙයිනි. නමුත් එවන් අවස්ථාවල ඔහුගේ දෑසේ කුමක් හෝ ලියැවී ඇති බැව් පෙනුනද මම ඒ වටහා ගැනුමේ සමතෙකු නොවීමි. අප පවුලේ සාමාජිකයින් වශයෙන් ජීවත් වූයේ අප සිව් දෙනා හැරුණු විට බිසෝ නමින් හැඳින්වූ මට වඩා බල කෙල්ලක පමණි. ඈ අම්මට සහාය වෙමින් අප හා විසුවාය. ඈ ගැන වැඩිමනක් තොරතුරු අම්ම අපෙන් සඟවා තබා ගත්තාය. අම්මා විසින් තාත්තා සිටින තැන බිසෝ ගැන මැද...

අමතකව

Image
එක්තරා සමයක සඳටත් හොරෙන් සඳ එලියෙන්ම කුමන්ත්‍රණ කරපු උන් සඳට යලි නොඑන්නම අමාවක ගෙන ආහ අලුත් ඉරක් ගැන වගක් නොවූ උන් අව් කන්නාඩි පැළඳ අමුතු අඳුරකට පෙම් බැන්දහ උන්ට සරා සඳක සොමි පහසද අරුණෝදයක මන්ද රස්මියද අමතකව තිබුණහ අඳුරේම උන්නු උන් කණාමැදිරි පුකක් වන් එක රැයෙන් දිලී පරවන තාරුකා එලි දෙසම නෙත් යොමන් උඩ බලන් ඉන්නට ගත්තහ. තරුද තෙමේගේම ඌස්නය දරා ගත නොහී රාප්ත තප්තව දිලෙන්නට වන් කල එතරු කඩා බිම හෙළ මැයි සිතා ගල්ද බොරළුද දෝතින්ම ගෙන හිස් අහසට ඔහේ දමා ගැසූහ උන්ට තරු කැට අභිමුව දෝතට ගත් ගල් කැටයක සුමට රවුම් බවද විටෙක කඩතොළු රළු බවද අමතකව තිබුණහ. උන් තුගු රුකින් හෙබි අරණට ගිනි වැද කල් යල්ද නොබලා මෙගා හේන් කොටන්නට වන් කල වැසි දියක් නොලද්දෙන් කාබන් වායුන් වලාවලට ඉස ඉස කෘතීම වැසි මැවූහ රාත්‍රියේ ඇද හැලෙන පිනි වැස්ස උන්ට අමතකව තිබුණහ එකල්හි උඩ යැවු ගල් හිස මත්තෙහි වැටී වේදනාවෙන් බරිතව ගලට වෙර බැන්දහ නමුත් හිසක් ඇති බැව් ද උන්ට අමතකවම තිබුණහ.

පිඟන් තටු අතර (අපේ එකෙකු ගැන)

Image
උඹේ හීල්ලුම් හා එක්ව උඩු හුළඟින් දිවි ගමනේ පැතුම් කන්දට උඩහින් නැග එන බර සිහින වලාවන් නිදි නොලැබම උඹ දැක්කෙන් ගිලා බැහැලනෙ නුඹේ දෙනුවන් අම්මේ උඹත් දැන් දැන් වයසට ගිහිල්ලනේ බන් මන් ලොකුවෙලාද මන්දා බන් නුඹේ සුලැඟිල්ලෙ එල්ලෙමින් කුලියක් හොයා හොයා යන ගමන් උඹගෙ පස්සෙන්ම වැටෙමින් ගිය ඒ සොඳුරු මතකයන් අද ඊයෙම වගෙයිනෙ බන් මං දකින සිහිනයන් නොවිමසා මගේ මුවින් හැබෑවක් වනු නියෙන් විකටර් මුදලාලිගෙන් සීයට දහයේ ගිනි පොලියෙන් සින්න කරන් උඹෙ කඩුක්කන් කාසි ගෙනත් තියා මගේ දෑතින් කොළඹ රටට එනු රිසියෙන් නුඹේ දෙපා වැඳි මොහොතින් හඬන්න කඳුලක් නැතියෙන් නෙත් කෙවෙනිය තෙත් නොකලෙන් පපු පොඩිත්ත හැඬු කඳුලෙන් සිතුවම් වූ දරු සෙනෙහින් නුඹේ මුහුණම එලිය වුයෙන් වෙව්ලන ඒ මහ දෑතින් හිස අතගා නුඹේ මුවින් බුදු සරණයි කිව් හැටියෙන් කොළඹ ආවේ මං සතුටින් ජීවිතයට නව රසය සොයන් කොළඹ රටට ආපු ගමන් සුදු පාටට ඒ ඔපයෙන් කණ වැටුනිය මගේ දෙනුවන් සැහැල්ලු මුත් පිහාටු වන් උර රිදෙන්නේ හරි බරකින් හෝටලේක වලන් පිඟන් ජීවිතේම සින්න කරන් හිමිදිරියේම උදැහින් වෙල් දෙණිවල ඇවිද ගොසින් කොස් ගෙඩියෙන් පොලොස් ගැටෙන් අඳ කුඹුරක උප්පිඩකින් පොල් කොළයෙන් පිස...

මල් වඩමකින් නුඹේ තනිය නිවේදෝ

Image
හැව්ලොක් සිටිය වාගේ උසටම හීන කන්දක් සුමනා දැක්කා වත්තෙ මුඩුක්කුවෙ ලෑලි පෙට්ටියේ ගැහෙන ජීවිත ඒවා අතරේ රැඳී තිබුනා හිසට ඉහලින් උන්නු තහඩු කොළ මලකඩෙන් බැට කාලා තිබුනා අම්මත් මරන් උපන් එකී ලෙස වත්තේ ඈටත් නමක් තිබුනා මන්ද මානසික සටන පැරදී අයියා වකුටුව වැටී හිටියා ජීවිතේ දුක නොදැනම වෙන්නැති උගේ මුහුණේ නිති හිනාම පිපුනා කාසේ රෝගෙට උඩටම අදිමින් ආච්චිත් රෑ තිස්පැය ගෙව්වා සුමනා ගැන හිතිලා වෙන්නැති පපුවත් ඇගෙ ගොර හඬකින් හැඬුවා ඇඟේ මසටත් මිලක් ඇතිබැව් අම්බපාලිත් දැනන් උන්නා ඒවගක් දැනගත් දිනක ඉඳලා සුමනටත් අඹවන ඇරී තිබුනා සිටු ඇමතිවර නාදුනන හඬවල් දුරකතනයකින් ඈ හා කතා කෙරුවා මොහොතට සුවදෙන චංචල රසයේත් මිල ගණන් උන් හෙට්ටුම කෙරුවා සඳක් නොමැති රෑ තනිය මකන්නට සුමනාට බොහෝ උන් නිතරම හිටියා තරු එළියක් වත් උන්ලග තිබුනද ඈ හට පොඩියට සැකයක් හිතුනා වෙඩිමක් නැතිවට දීගෙක යන්නට සුමනට හිත් කොන අසා තිබුනා දීගෙක නොගියත් අතිනත යන්නට සුමනගේ දයිවය කියලා තිබුනා ඈටත් ඇගෙ හිමි සඳකට තුරුලුව මධු රස විදින්නට අසා තිබුනා හිමි සඳ නැතුවට මධු රස බොන්නට මත් බඹරුන් බෝ පියඹා ආවා පන්සලේ බෝ ගසේ නොමැති සිසිලක් වීදි පහන් යට සුමනාට දැනුනා ප...

අයිස් ක්‍රීම්

Image
ලපටි සිත් මත විනොදාස්වාදයේ සතුට දනවන මිහිරි රසයන්ගෙන් දිවග කලතන අරුමෝසම් සිහිනයන්හි නේක වර්ණයන් නෙතග දල්වන උදා හිරු කිරණට මොහොතකට පෙර හීතලට ලපටි දෑතක් මත මිදුණු පිනි බිඳුව පෙම්වත් දැහැන් මත්තට ආලයේ සුවය ගෙන එන පෙම්වතියක් වෙනුවෙන් පෙම්වතෙකු පුදදෙන ප්‍රේමයේ සීතලින් මිදී සැමදා ඉන්නට තතනන නුමුදු ගිනිගහන දහවලේ උණුසුමත් පරයා නැගෙන නුරාවේ ගින්නෙන් දෑත් මත්තෙම දියව යන ඉමිහිරිම මධු බිඳුව වියපත් දනන් හට ලෝකයම මුලා කර කාලය දුවන බව පසක් කර දී ගෙවුණු අතීතයේ මිහිරි සේම අමිහිරිද වූ මතකයන් එකින් එක ගෙනහැර මවා පා දෙමින් බැසයන හිරුගෙ තනියට මහලු දෑසකින් මහත් ස්නේහයෙන් කොපුල මත්තෙන් ගලා ගිය කඳුළු බිඳුව

ලයියාගේ සිහිනය (true stories behind the green field)

Image
සෑම දිනක ම ලෝකයේ සැබෑ ම සත්‍ය කතා සිදු වන අතර ඒවායින් බහුතරයක් කවුරු වත් මීට කලින් නො දැක ඇතුවාට කිසිදු සැකයක් නොමැත. එතරම් ම වැඩි කාලයකට   පෙර නොව දකුණු අප්‍රිකාවේ සවානා   බිමක විසූ මව්වරුන් දෙදෙනකුගේ බලාපොරොත්තුවේ කතාවයි මේ. සෑම විටම ඔවුන්ගේ ජීවිත සුරැකී ඔවුන් සතු   තිබුණේ අසාමාන්‍ය ධෛර්‍යය මතය. කඳුකරයේ නො දන්නා ඉසව්වකින් ඇරඹී මේ තැන්න හරහා වක ගැසෙමින් දඟර දමමින් ගලා ගිය ගංගාව ඔවුන්ගේ රාජධානිවල දේශ සීමා මායිම් කර තිබුණි. එය ප්‍රබල රාජධානි දෙකක් අතරින් නිදහසේ ගලා ගීයේ ය. දකුණු ගංගා රාජධානිය ගත් කල එහි අභීත සිංහ ධේනුවන් සය දෙනෙකුත්, උන්ගේ සුරතල් බිලාල කොලු කෙලි පැටික්කන්ගේ දඟකාර කම් වලින් පිරී ඉතිරී තිබුණි. සෑම තැනකම පැතිර තිබුණේ ත්‍රාසය හා සැකය පමණි. ඒ ගැන මේ කොලු කෙල්ලන්ට නම් වගක් නැති ගානය . උන් එකම පෙළපතක උරුම කරුවන් ය. කොට්ටා සහිත පුංචි පාද හිමිහිට බිම තබමින් විමතිය පිරි දෑසින් කොටු කෑල්ලකට එරවුම් ගෙරවීම් කරනා පැටියෙකි. විටෙක කොටුවට හිමිහිට තට්ටුවකි , තවත් විට පිම්මකි, මොහොතකින් ඌ මවු තුරුලේය. ආදරණීය ලෙව කෑම් වලින් පැටවා නැහැවී යයි. ලයිලා, සියල්ලන් අතර පරිණත හා වැඩිම...

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

Image
සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ  බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම...