මල් වඩමකින් නුඹේ තනිය නිවේදෝ
හැව්ලොක් සිටිය වාගේ උසටම
හීන කන්දක් සුමනා දැක්කා
වත්තෙ මුඩුක්කුවෙ ලෑලි පෙට්ටියේ
ගැහෙන ජීවිත ඒවා අතරේ රැඳී තිබුනා
ගැහෙන ජීවිත ඒවා අතරේ රැඳී තිබුනා
හිසට ඉහලින් උන්නු තහඩු කොළ
මලකඩෙන් බැට කාලා තිබුනා
අම්මත් මරන් උපන් එකී ලෙස
වත්තේ ඈටත් නමක් තිබුනා
මන්ද මානසික සටන පැරදී
අයියා වකුටුව වැටී හිටියා
ජීවිතේ දුක නොදැනම වෙන්නැති
උගේ මුහුණේ නිති හිනාම පිපුනා
කාසේ රෝගෙට උඩටම අදිමින්
ආච්චිත් රෑ තිස්පැය ගෙව්වා
සුමනා ගැන හිතිලා වෙන්නැති
පපුවත් ඇගෙ ගොර හඬකින් හැඬුවා
ඇඟේ මසටත් මිලක් ඇතිබැව්
අම්බපාලිත් දැනන් උන්නා
ඒවගක් දැනගත් දිනක ඉඳලා
සුමනටත් අඹවන ඇරී තිබුනා
සිටු ඇමතිවර නාදුනන හඬවල්
දුරකතනයකින් ඈ හා කතා කෙරුවා
මොහොතට සුවදෙන චංචල රසයේත්
මිල ගණන් උන් හෙට්ටුම කෙරුවා
සඳක් නොමැති රෑ තනිය මකන්නට
සුමනාට බොහෝ උන් නිතරම හිටියා
තරු එළියක් වත් උන්ලග තිබුනද
ඈ හට පොඩියට සැකයක් හිතුනා
වෙඩිමක් නැතිවට දීගෙක යන්නට
සුමනට හිත් කොන අසා තිබුනා
දීගෙක නොගියත් අතිනත යන්නට
සුමනගේ දයිවය කියලා තිබුනා
ඈටත් ඇගෙ හිමි සඳකට තුරුලුව
මධු රස විදින්නට අසා තිබුනා
හිමි සඳ නැතුවට මධු රස බොන්නට
මත් බඹරුන් බෝ පියඹා ආවා
පන්සලේ බෝ ගසේ නොමැති සිසිලක්
හිමි සඳ නැතුවට මධු රස බොන්නට
මත් බඹරුන් බෝ පියඹා ආවා
පන්සලේ බෝ ගසේ නොමැති සිසිලක්
වීදි පහන් යට සුමනාට දැනුනා
පෙරුමන් අතරේ සියුමැලි පැතුමක්
ඇගේ කුස තුල මෝරා තිබුනා
අනාරාධිතවම ඇයගේ කුස තුල
කව්දෝ පිළිසිඳ ගෙන තිබුනා
මිලාන වී ගිය සුමනාගේ ලෝකෙට
ජීවය ගෙනවිත් දීල තිබුනා
මෝරන කුස අතගාගා හිඳ
සුමනා දරු නැළවිලි ගී කිව්වා
අනාරාධිතවම ආපු කුසුම දිනයක
සුමනට නොකියම ගිහිල්ල තිබුනා
කුසයට ආ කුසුම පරවගොස්
දුකටම සුමනා කෘෂ වනවා
සිටු ඇමතිවර රැවටුන රූපය
ටික ටික වැහැරී කුණු වනවා
මල් කළඹක් නොමැතිව දීග නොගිය ඈ
සුදු සාරියකින් හැඩ වනවා
ඈව කැපූ මොචරියේ කොලුවත්
ඇයගේ තනියට ඈ හා බුදියනවා
මල් කළඹක් අගේ දෑතේ නොතිබුණද
මල් වඩමක් ඈ වල ළඟ තිබුනා
ලොකු කතාවක්, කතා ගොඩක්
ReplyDeleteහ්ම්ම් අවසානයක් තියෙන කතා ගොඩකින් එක කතාවක්.
Deleteසොමී.. මට හදිසිය කීවට උඹටත් හදිසිය මචෝ... මං මේම කිව්වෙ ඇයි දන්නවනෙ..
ReplyDeleteකවිය ඇත්තටම ගති.. හැබැයි බොක්කෙන්ම කියන්නෙ පොඩි අවුල් ටිකකනෙැතිවම නෙවී...
දවසක ආයෙ මේක එඩිට කරන්න හිත පහළ වේවා
ජයෙන් ජය සුදා
හදිස්සි නැද්ද සුදා කාලෙකින් ලියන්න ගත්තම, සමහරක් ඒවා සන්ස්කරනෙට වඩා අමුවෙන්ම රහයි කියලා හිතෙනවා බන්, අනේ මන්දා පහුගිය දොහෙම එඩිටින් පාරවල් කීපයක්ම කරලා තමා දැම්මේ, එත් අමු රහ තියන්න උස්සාහා කළා. ස්තුතියි මයියා.
Deleteදුක හිතෙන කතා මාලාවක් ...
ReplyDeleteසුමනලා හැමදාමත් අපි අතරම..
ජ ය
සුමනලාත් අපි අතරේම ඉන්නවා අපෙන් හැංගිලා, අපෙන් කොන් වෙලා, ස්තුතියි විදානේ අයියා හැමදාමත් වගේ මේ පැත්තට ගොඩ වදිනවට
Deleteකතාවක් කවියකින් ...වචන ගොඩකින් ලොකු කතාවක් කියනවට වඩා මේ කවියේ තියන වචන ටික හිතේ රූපරාමු ගොඩක් මැවුව හැටි පුදුමයි මම කවියේ තාල ගැලපුම් පැත්තකට විසිකරලා කියෙව්වෙ .මන්දමානසික අය්ය හිනහෙන විදිහ ,මෝරන දරු ගැබ පිරිමදිමින් අනාගතේ හීන දකින ගැහැනියකගේ මුහුණ ,මෝචරියේ සුදු සාරියකින් හැඩවෙලා ඉන්න ගැහැනියක් ,කනත්ත ගාව පස් ගොඩක් උඩ පරවෙලා යන මල්වඩමක් ..කවිය කියවද්දී හිතින් මැවෙන මේ රූපරාමු වල හිත ගොඩක් වෙලා නැවතිලා තිබ්බ කිව්වොත් හරි.කවි ටික හිතට දැනුන .... තදින්ම .
ReplyDeleteහ්ම්ම් එකම ගැහැනියක් ජීවිතේ විවිධ මන්සන්ධි පසුකරන් යන විදිය තමා ලියුවේ, පොචි කවියක් අස්සේ ලොකු ජීවිත කතාවක්, ඇත්තටම ඒ ගහනියාව මැවිලා පෙනුනා නම් ඔබේ රස විදීම ගොඩක් ඉහලයි නංගි, ස්තතියි හැමදාම වගේ ගොඩ වෙලා අදහස් කියලා ගියාට.
Deleteපීඩිත පන්ති ජීවිත කතාවක් ගැන කියන්නෙ.රටේ එක කොටසක් හොඳට කාලා බීලා සැප විදින කොට තවත් කොටසක් අන්ත දුක් විදිනවා.ජනතාවට දිව්‍යලෝක සැප සම්පත්
ReplyDeleteදෙනවා කියන පාලකයෝ බලයට පත් වුණාම තමුංගෙ අයට විතරක් දිව්‍යලෝකය පෙන්නනවා.සුමනලා වගේ අය හැමදාම අදුරේ..... ඒ යථාර්ථය සියුම්ව දැනෙන විදිහට කවියෙන් දක්වා තිබෙන විදිහ හරිම අපූරුයි....අතිවිශිෂ්ඨයි ..ඔබට සුබපැතුම් ...
පීඩිතයන් තුලත්
Deleteපන නල ගැහෙන
ජීවිත තියෙන බවත්
වා තලයට
මුදා හැරෙන
හුස්ම
තියෙන බවත්
මේ ලෝකයට
තේරුම් ගිය දාට
සුළඟ හමයි
පීඩිතයන්ගේ
දාහය නිවාලන්නට
වැසි වසියි
ඔවුන්ගේ කඳුල
ලොවටම
අරන් යන්නට
අල්ල දොළ දිගේ
කෙත්වතු
සාර කරන්නට
මල් පිපෙයි
දාඩිය
සුවඳ බව
කියන්නට,
එන්න
පෙරමගට
එවන් ලොවක්
තනන්නට
ඇත්තටම ඔයා දක්ෂයි...කවියෙන් උත්තර දෙන්න තරම්...හැමෝටම ඒ හැකියාව නැහැ..ස්තුතියි පිළිතුරු කවියට...ආයෙ ලියන්න.
ReplyDeleteඔබේ අදහස් දැක්වීමට බෙහෙවින්ම ස්තූතියි.
Deleteසන්නාලියනේ ගීතය වගේ................ ජීවිත කතාව තමා මේ.... ඒත් ලෝකයේ පරණම රස්සාම කරපු සුවිශේෂී ජීවිතයක් ගැන උඹ හරි ලස්සනට අකුරු කරලා තියෙනවා... හිත ගිය තැන් කීපයක් ම තිබුණා....
ReplyDelete//හිසට ඉහලින් උන්නු තහඩු කොළ
මලකඩෙන් බැට කාලා තිබුනා//
//මන්ද මානසික සටන පැරදී
අයියා වකුටුව වැටී හිටියා
ජීවිතේ දුක නොදැනම වෙන්නැති
උගේ මුහුණේ නිති හිනාම පිපුනා//
//අනාරාධිතවම ආපු කුසුම දිනයක
සුමනට නොකියම ගිහිල්ල තිබුනා//
//ඈව කැපූ මොචරියේ කොලුවත්
ඇයගේ තනියට ඈ හා බුදියනවා//
පට්ටයි බං..... ලස්සනයි.... මොනවා කියන්නද වෙන... ළගදී කියවපු ලස්සනම ලස්සන කයිය...
මචන් ලෝකේ පරණම රස්සාව කරපු නෙවෙයි කරන්න උන කෙනෙක් ගැන මචන්. ස්තුතියි මචන් අදහස් කියලා ගියාට.
Deleteකිසිදා ආදරයක් නොලද ජීවිතයක කතාව. හරිම අපූරුයි .
ReplyDeleteමම වචන බර ගානකින් කියපු කතාව ඔයා //කිසිදා ආදරයක් නොලද ජීවිතයක කතාව// කියලා හරි ලස්සනට සාරාංශ ගත කරලා, ඒ වචන ටිකට හිත ඇදිලා ගියා, ස්තුතියි ඔයාට.
Deleteහරිම සංවේදී කතාවක් හරි අපූරුවට කවියක් කරන්න පුල්ලුවන් කියන්නෙ ඇත්තටම ලොකු දක්ෂ කමක්. අපූරු නිර්මාණයක්..
ReplyDeleteසෑහෙන්න කාලෙකින් නේ? මේ පැත්තට ඇවිත් අදහස් කියලා ගියාට ගොඩක් ස්තුතියි.
Deleteහ්ම්ම් .. සෑහෙන්න කාළෙකට පස්සෙ.. මාව මතක තිබ්බා කියන්නෙත් පුදුමයක්.. අද ඉදන් දිගටම එන්නම්කො..
Deleteඑන්න එන්නෝ මේ පාරෙන් එන්නෝ :D
Deleteසංවේදීව දැනුනා... පද පේලි අතරේ බොහොම ගැඹුරු කතාවක් ඉස්මතුවෙලා තියෙනවා... අපූරුයි .
ReplyDeleteසංවේදීව දැනෙන්නේ ඔබත් සංවේදී නිසයි, ස්තුතියි අදහස් එකතු කලාට.
Deleteඅපුරු පද පෙළක් සොමි. සුමනලා කොයි තරම් ඇතිද මේ ලෝකේ හැමදාම දුකම ජීවිතය කර ගත්තු.ජිවිතේ කඳුළුම බොන.මේ පද පේලියෙන්,පේලිය කියන කතාව මැවිලා පෙනුනා.
ReplyDeleteසුමනලාගේ ජීවිත කවියන්ට අපිට කවිම විතරයි බන්, එතනින් එහාට දෙයක් නැහැ. එකයි හැබෑම ඇත්ත.
Deleteහිතට වැදුනා පොඩ්ඩෝ
ReplyDeleteස්තුතියි අක්කෝ.....
Delete