මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්


කස්ටියට මගේ කතාවත් කියන්න හිතුනා, කොතනින් පටන් ගන්නවද කියලා කල්පනා කරකර ඉන්දැද්දී කැම්පස් එකේ ෆස්ට් ඉයර් එක ගැන ලියන්න හිතුනා, මොකද එක තුල මහලොකු සමාජවාදය, රැග්, ආතල් තව බොහෝ දෑ තිබුන නිසා.

ඔන්න ඉතින් මන් සා/පෙළ වල මැතයි විද්‍යාවයි හොඳටම ගොඩ දා ගත්ත නිසා මහ ලොකු කෙරුමා වගේ උසස් පෙළට මැත බදා ගත්තා. ඉතින් රොටරියට බඩගාලා මුල් සැරේ විබාගෙ කලා. අප්පට සිරි , ප්‍රතිඵලේ මැතටම කෙල වෙලා, ඉතින් දෙවනි සැරේ යන්තම් සන්තම් විස්ස විද්‍යාල වරම් ලබා මෙකැනිකල් ඉංජෙකු  ලෙස අධ්‍යාපනය ලැබීමට හැකිවිය.

ඔන්න ඉතින් මම හා හා පුරා කියලා ඉන්ටව් එකට ගියපු දවසේ එකෙ හිටපු එවුන් මාව අල්ලන් මල්ලි උබ කොහෙද? අවේ ඉන්ජෙක් වෙන්න නේද? හොඳට ඉගෙන ගනින්, අපි දෙන්නම් පුල් බැකප් එක කියලා මාව මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවා.

ඉතින් ඉන්ටව් ගිහින් ඇවිත් සතියකින් ඈවා ඇවිත් ලියාපදින්චි වෙන්න කියලා ලියුමක්, මගේ ඉහේ මලක් පිපුනා වගේ, එත් මම ලියාපදින්චි වෙන්න් ගියේ සතියක් පරක්කු වෙලා, ඉතින් රටක් රාජ්ජයක් දිනපු එකෙක් වගේ මාත් ගියා ලියාපදින්චි වෙන්න, ගියාම එකෙක් මාව අල්ලන් අමුතු නීති පද්දතියක් පැනවුවා.මාත් ඉතින් වෙන බල්ලන්ගේ ඒරියල් එකක තනිවුන සුනඛයෙක් වගේ නකුට දෙපා අස්ස්සේ සඟවාගෙන හිටියා.

ඒ තමයි පහුවදා ඉදන් එනකොට තනිපාට අත්කොට කමීසෙ තනිපාට දිගකලිසමට යටකරලා බාටදෙකක් දාගෙන ෆයිල් එකකට කොලටිකක් දාගෙන තමා එන්න ඕන . ඒකත් උදේ 7.10 ට, ඒ කියන්නේ 7.09 ත් නෙමේ, 7.11 ත් නෙමේ.


ඔන්න ඉතින් ඒ වෙලාවට කියපු විදියට ඇඳගෙන මාත් ඉතින් ගියා, ඔහොම යද්දී එක පාරටම

"ඒයි තෝ කොහෙද යන්නේ, ජේශ්ඨ උත්තමයන්ගෙන් අවසර ගත්තද?" එකෙක් අහපි

අත බූත වෙලා ගියපු මට අප්පට සිරි ඒ මොක්කුද ඒ මන් දන් නෑනේ උන් ගැන. ඉතින් මාත් " නෑ අයියෙ, ඒ මොකක්ද ඒ? " කියලා අහපි.

එකා" අයියා, කවුද යකෝ අයියා, ජේශ්ඨ උත්තමයන්ට අයියා කියනවද? ජේශ්ඨ උත්තමයන්ගෙන් ප්‍රශ්න අහනවද? කියපිය බලන්න පස්පවු" කියලා කියපි.



මාත් ඉතින් "දන් නෑ" කියපි.

අප්පට සිරි, අමු තිත්ත වචන රාශියක් ඒකගේ මුවින් පිටවී එකගේ ජුවල් ඌරු ජුවල් විය.
ඌ මට " පල පොසිශන්" කියපි, මට ඒකත් බැරි තැන "ඒයි මූට පොසිශන් යන්න කියලා දීපන් " කියලා මන් වගේ ඇඳන් හිටපු එකෙකුට කියපි.


එකාත් බයෙන් වගේ  ඇවිදින් පොසිශන් යන හැටි කියලා දුන්නාය, ඒ අත් දෙක පොලවට සමාන්තරව තබාගෙන කකුල් වල අඟිලි තුඩුවලින් සිටගෙන සිටීමය, මට ඒ දවසම වගේ පොසිශන් යාමට සිදුවිය. මේ අතර උන් පැමින ඉතිහාසය නමින් හරුපයක් කියා දුන් අතර පන්තියේ ලමුන්ගේ නම් ගම් පාඩම් කරගන්නා ලෙස කීවාය. හවසට එය කටපාඩම් ගත්තාය, ඒක බැරිවූ තැන පොසිශන් සෙට් විය.


 මේ අතර ලමයින්ගෙන් අසා දැනගත් උන්ටම ආවේනික වචන සෙට් එකක් විය. ඒවා නම් නමට පසු පිරිමි නම් "පහිඳාද" ගැහැනු නම් "පහිඳියද" ලෙස යෙදීම. මෙහි පහිඳා යනුවෙන් උන්ගේ අර්තකතනය සමනලයාගේ කෝශ අවස්තාවේ සිටින බවය.


පාසලට අන්දර කැපූ තැනය
Z එක මීටර පාටාංකයය
4.0000 - Z අගය මැටි පාටාංකයය


ඒ අනුව මම ________ පහිදාය

තවද පන්තියට කූඩුව, වැසිකිලියට දේවාලය, වැසිකිලියාමට පූජාව තැබීම, කාර්යාලයට පොලීසිය, ඩිරෙක්ටට ඕ.අයි.සී, නන් ඇකඩමික් අය ගම් බට්ටො, යනාදී වශයෙන් විය.


පස් පවු මේවා විය,

1. පාවාදීම තහනම්
2. මල්පාත්ති දැමීම තහනම්
3. කොකු දමාගැනීම තහනම්
4. ජෙශ්ඨ උත්තමයන්ගෙන් ප්‍රශ්ණ ඇසීම තහනම්

යන ඒවා වූ අතර පස්වෙනි පව පිරිමි ලමුන්ට පමනක් අදාල විය. එනම්

5. ජෙශ්ඨ උත්තමාවියන්ගේ ගල් බැලීම තහනම්

යන්නය.

කාලයාගේ ඇවෑමෙන් පොසිශන් යාම දන බඩ ගෑමද, කූඩුවේ දැල්වල එල්ලී සිටීමද යනාදී වශයෙන් දරුනු විය. ගෙදර යන ලමුන් හා බෝඩින් වල ලමුන් ලෙස වර්ග කර තිබූ අප අතරින් මට බෝඩිමක ලැගීමට කාලයක් සිදුවිය. එය උන සන්නිපාතයකින් හමාර වී මාව ගෙදර යන ගැට්ටට වැටුනි. අපව රාත්‍රී 8.00 හෝ 9.00 වන තුරු තබා ගත් අතර ගැහැනු ලමයි සවස 6.00 ට පිටත් කර හැරිනි. මේ දවස් වල ඔබට කිව නොහැකි තරමේ නිරුවත් සන්දර්ශන පවා පැවැත්වුනි. මේ සියල්ල් වූයේ විශාල ශාලාවකට අපව හරක් ගාල් කරන්නා සේ ගාල් කිරීමෙනි.


 මේ ශාලාව උන් හැදින්වූයේ ශෙඩ් එක යන නමිනි. එයට හේතුව වූයේ මෙයට ගාල කරන ලද අපට තෙල බෙදීමය. තෙල යනු එක්තරා අන්තමක මනස විකෘති කර උන්ගේ බසට අප නමා ගැනීමට කරන දීර්ග දේශනය. මෙවා මහලොකු සමාජවාදී පන්නයේ එවා විය. ඊට උදාහරණ වන්නේ පෙර කී ඉතිහාස හරුපයේ එක් ඇමතිවරයෙකු ගැන සදහන් වූ අතර එම ඉතිහාස කරුනු නැවත කටපාඩම් ගැනීමේදී ලමයෙකු අතින් ඇමතිතුමා ලෙස කියවුනි. එවිට අර මහලොකු උත්තමයන් කිපී

"ඇමතිතුමා, මේකෙ තුමාල නෑ හු______, පර_____, හැම එකාම මේකට එකයි, විශේසයෙන් තුමාලා නෑ හරිද, හු_______ලට තේරුනාද." යයි කීමය.



මේ තෙල හරියටම කියනවානම් ප්‍රබාකරන් මරාගෙන මැරෙන්න මිනිසෙකුගේ මනස සැකසුවේ කෙසේද, ඒ හා සමානය. තෙල වැදුනොත් ගැලවෙනු බොරුය.

කෙසේ හෝ අපිව උන් හැදින්වුයේ ගෙදර යන (ප යන්න, අල් කයන්න, කු යන්න) ලෙසය, අපිව නිවෙස් වලට යාමට පිටත් කර හැරියේ මහ රෑ බස් නැති වෙලාවලය.

ඒද දසවදයක් දීය. එනම් තොපිට කියා දෙන දේවල් බෑනෙ, තොපි එන්න කන්නනෙ, කාපියව්. මෙසෙ අපිව දිනක් අපිව බඩ ගෑවීය.ඒ අඩි දෙකක් ඉස්සරහට, අඩියක් පස්සට ලෙසය.

උන් " අහ්, හරි හරි ඉස්සරහට දෙකයි, පස්සට එකයි" යනුවෙන් කියයි. අපිට උන්ගේ දෙමාපියන් මතක් වේ, ඒ සාදාරන කේන්තියකටය.

මේ අතර ගොන් කෙටීමද විය, ඒ පිරිස ඉදිරියට පැමින විකාර කිරීමය. 

කෙසේ හෝ මේ හිසරදය අවසන් වූයේ අපිව බකට් කිරීමෙනි, එදින මඩ වතුර ගසා තවත් විකාරයක් කලාය, හරියටම කීවානම් ඔබට මතකද මෑතකදී කොළඹ අඩුම උශ්නත්වය වර්තා වූ දවස. ඉතිං එදා සීතල සන්නියය.

කෙසේ හෝ දැන් මා දෙවන වසරේය, තවත් අලුත් සිසුන් පිරිසක් ආවාය, අපි එවුන් රැග් කලේ නැත, මොකද අපි ගල්ලෙන් බිඳ දැමූ නිසාය, අපි සම්ප්‍රදාය වෙනස් කල නිසය, ඒ නිසාම අපි අලයන් ලෙස උන් හදුන්වයි.





Comments

  1. හිතෙන දෙයක් ලියල යන්න

    ReplyDelete
  2. අන්තිමට රතු අකුරින් ලියා ඇති ටිකට මම මාර ලයික්..

    ඕක කවදාවත් නවතින්නෙ නෑ නේ... කලින් බැච් එකේ කට්ටියගෙන් හොඳට කාපු අය බලන්නෙ තමන්ට වෙච්ච දේ ජූනියර් බැච් එකටත් කරන්න ගියාම...

    ReplyDelete
    Replies
    1. ඇත්තම කියනවා නම් හොදටම කෑවෙ ගෙදර යන සෙට් එක, අමිට දුන්නෙ ස්පෙශල් වලින් වෙනම අරං, අපි ඔය විකාරෙ නැවැත්තුවා, ඒත් සම්පුර්ණයෙන්ම පැරි වුනා, මොකද අපේ බැජ් එකෙත් තෙල වැදුනු අය ඉන්න නිසා, ඒත් අපි පිසිකල් වද නැවැත්තුවා,
      ස්තූතියි අදහස් කියල ගියාට

      Delete
  3. අළුත් අයට රැග් එක දුන්නේ නැති එකටනම් මම මනාපයි..

    ReplyDelete
  4. කොහොම හරි අලුත් බැච් එකෙනුත් අලයො ටිකක් හදාගෙන ගොඩ වැඩි කරගනිල්ලා....එතකොට රැග් කරන්න එන උන්ට දෙන්න පුලුවන් පැණි බේරෙන්න.....

    ReplyDelete
    Replies
    1. බලනවා, කොහොමත් උන් අපිටත් වැඩිය අලයො

      Delete
  5. appa oya gananam kiyala wadak na oka gana math post ekak danna hithan innawa habei 1st year iwaraunata passe.kohomawethath apita oya tharamatanam nathi wei.

    ReplyDelete
    Replies
    1. මල්ලි උබත් HNDE ද? ඔය අපි කාපු කටු දැන් උබලට තෙල ගහන ෆය්නල් ඉයර්ලගෙන්.

      Delete
  6. oya Moratuwa campus eka ganada katha karanne? :O

    ReplyDelete
    Replies
    1. තැන නෙකීවට සමා වෙන්න, මොරටුව නම් නෙවේ, අපිට කෙයින්ද බූල් බල්ලො [:-D]

      Delete
    2. කන්ද උඩින් බස් ගත වෙන සෙට් එකේද..??

      Delete
  7. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සොඳුරු මිනිහෙක්. හැබැයි මේ වෙද්දි රැග් සුද්ද කරන කට්ටියත් මෙතනට අැවිල්ල ඉන්න ඔ්න!

    ReplyDelete
    Replies
    1. මුරුන්ගා අත්තේ උඩටම නැග්ගුවද මන්දා, [:-D]
      ස්තූතියි සහෝ.

      Delete
  8. මම නං ජීවිත කාලෙම රැග්වෙලා නෑ. අපි උපන් අලයො නේ. හැබැයි රැග්එකේ අතිශයින්ම අමාණුෂික පැති තියනව.

    ReplyDelete
    Replies
    1. අනිවා, ඔය තියෙන්නෙ උදාහරණත් එක්ක.

      Delete
  9. ‍රැග් එක නම් අපිටත් ලැබුනා. ඒත් මේ තරම් ලොකු දේවල් තිබුනේ නෑ. ඒ කාලේ නම් යකා නැගල හිටියත් අපි කරපුවා මතක් කර කර අදටත් හිනාවෙනවා.

    අපේ අය පොඩි වුන්නව ‍රැග් කරන්න මග බලාගෙන හිටියට ඒක කරන්න වුනේ නෑ. ඒත් ‍රැග් කරාවගේ දඩුවමක් නම් ලැබුනා අපිට.
    කොහොම වුනත් අපෙත් දැන් ‍රැග් එකනම් නෑ.

    ‍රැග් එක කියන්නේ එක කාලයකට විතරක් ලැබෙන ලොකු සූදානමකින් කරන මහා බොරු වැඩක්.

    ReplyDelete
    Replies
    1. අනිවා......
      රැග් එක නවත්තමපු එක නම් ලොකු දෙයක්, මොකද අපි වෙනසක් කල යුතුයි.

      Delete
  10. පිස්ස නම් ඕව ගැන දන්නෙම නෑ.....:(((

    ReplyDelete
    Replies
    1. දැන ගත්තෙ නෑ කියලා දුක් වෙන්න එපා

      Delete
  11. නොබියව අදහස් ප්‍රකාශ කිරීම සැබවින්ම අගය කරනවා.........

    ReplyDelete
  12. අපිටත් රැග් එකක් තිබුනා. අපිත් තෙල කෑවා. හැබැයි ඔය කියන විදියට “වදයක්“ නම් හම්බුනේ නෑ. බැජ් එකේ උන්ගෙ නම් පාඩම් කරගන්න උන්ව අඳුනගන්න, ටෙලිෆෝන් නම්බර්ස් එකතුකරගන්න කියලා අපටත් බලෙන්ම කෙරෙව්වා. ඒ දේවල් කොච්චර වටිනවද කියලා දැන් තේරෙනවා. අපේ බැජ් එකේ හොඳ සමඟියක් ඇතිකලා. මේ ඉන්නෙ අපේම සහෝදර සහෝදරියො කියන හැඟීම ඇතිකලා. වයසින් වැඩි අයට නෙවෙයි දැනුමෙන් වැඩි අයට අයිය කියන්න ඉගැන්නුවා. මේ දේවල් වල වටිනකම හොඳටම දැනෙන්නෙ එක්සෑම් ලංවෙච්ච මේ දවස් වල. අපේ උන්ට අපේ බැජ් එක ගැන හොඳ හැඟීමක් තියෙනවා. ඒකයි පුලුවන් උන් ඇවිත් තමන්ගෙ වටිනා කාලෙ කැපකරන් බැරි උන්ට උදව් කරන්නේ. මිනිහෙක් ඉගෙනගත්තට විතරක් වැඩක් නෑ. සමාජෙට වැදගත් යහපත් මිනිහෙක් වෙන්න ඕනෙ. ඒක තමයි රැග් එකෙන් ඇති කරන්නේ. මට අද කැම්පස් එක ඇතුලේ මගේම පිරිසක් ඉන්නවා කියලා දැනෙන්නේ, මම ආසාවෙන් ඇවිත් ඉගෙනගන්නේ රැග් එක කාලෙ අපේ අයියලා අපේ අයගෙ යහපත් ආකල්පමය වෙනසක් ඇතිකරලා තියෙන නිසා. ඉස්කෝලෙදි වගේ ගෙදෙට්ට වෙලා අයිස් ගහනවා වෙනුවට සති අන්තෙත් අපි කැම්පස් එනවා. කොටින්ම මම නම් හරියට වැදගත් විදියට ඇඳුමක් අඳින්න ඉගෙන ගත්තෙත් රැග් එක කාලෙ. කැම්පස් එක ඇතුලෙ අපේ විනය, සහයෝගීතාව වර්ධනය වෙන්නෙ රැග් එක කාලෙ. ඔයාලගෙ ෆැකල්ටිය ගැන මම දන්නෙ නෑ. හැබැයි අපේ රැග් එකෙන් නම් අපිට කිසිම පාඩුවක් වුනේ නෑ. රැග් එකක් විශ්ව විද්‍යාෙලකට අවශ්‍යයි. නිවැරදි විදියකට....

    ReplyDelete
  13. වෙන්න ඇති වෙන්න ඇති, ඒත් ඊට පස්සෙ වුණ දේවල්, ඒ දවස් වල වුණ දේවල් ඒවට කවුද වග කියන්නෙ, මේ මගුල නිසා මට මගේ computer programming and web developing higher diploma එක කර ගන්න බැරි වුණා, ඇයි උන් මාව බලෙන් බෝඩිමක ලග්ගවපු නිසා එක්සෑම් වලට යන්න වුනේ නෑ, පාටම් කරන්න වුනේ උන් ගොන් කොටපු ඉතිහාසය, බෝඩිමේ ළමයි 20යි, එකාගෙන් 1000 ගානෙ 20000යි, බොඩිමේ ගාන 15000යි, ඉතිරි 5000 හෙ ඔය උත්තමයො බීලා ඇවිත් අපට වද දුන්නා. ඒ වගේ බෝඩිම් 7,8ක් තිබුණා, මේ දුප්පත් අපෙ අම්මලාගෙ සල්ලි නේද? ඔය උත්තමයො පාවිච්චි කලේ 30000,40000 පෝන්, කාගෙ සල්ලිද?,
    කාලයක් ළමයින්ගෙ මහපොල හොරා කෑව උත්තමයන්ගෙ කවුන්සිලයෙන්, බකට් එක දුන්නෙ අපිට ඇකඩමික් පටන් ගත්ත එකයි, සර්ල උන්ව පෙෂර් කරපු නිසයි. ඊට පස්සෙ බැජ් එකේ කෙල්ලන්ව දා ගත්ත අපේ කොල්ලන්ට නෙලලා ඔළු පැළුවා. මොකද ඒ?
    අදටත් අපේ කඩ්ඩ බැරි එවුන් දුක් විදිනවා ඇයි INTENSIVE ENGLISH PROGRAM එක කාලෙ මේ මගුලක් නටපු නිසා කඩ්ඩ පොඩ්ඩක් හරි හදාගන්න තිබුනු චාන්ස් එක මිස් වුන නිසා,
    ඉංජෙක් වෙන්න ආවනම් මොකක්ද බං ගොන් කොටන්නෙ? ෆන් ගන්න ඕන නං ඒක ගන්න විදියට ගන්න තිබුනා, අපිට වද දීලයි උන් ෆන් ගත්තෙ.කෙනෙකුට වද දීල ෆන් ගන්න පුළුවන්ද?

    ReplyDelete
  14. ඔය කියන කතාව ඇත්ත වෙන්නති... ඒත් හැම විශ්ව විද්යලෙම ඔහොම වද දෙන්නෙ නෑ.. අපිත් මුල් කාලෙ නම් පාඩම් කලා.... ඒ දෙවල් නිස තමය් අපෙ උන් එකතු උනේ... හැබයි අපට වධ දුන්නෙත් නැ.. අපි අපේ පොඩි උන්ට වධ දුන්නෙත් නැ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒත් අපිව වැටුනෙ මානසික අසහන කාරයන් රජ කරපු තැනකට, අපි ඒක වෙනස් කලා.

      Delete
  15. අලයෙක් වෙන එක මානසික අසහන කාරයෙක් වෙනවට වැඩිය හොඳයි...

    ReplyDelete
  16. අම්මෝ අය්යෙ අපිට මෙච්චර දරුණුවට නම් රැග් තිබ්බේ නෑ ...එහෙම උනානම් කැම්පස් ජීවිතේ තිත්ත වෙයි.රැග් කාලේ කරපු සමහර දේවල් වලින් batch fit එක වැඩි උනා ඇත්ත .ඒත් අපි ඒ කාලේ හිටියෙ ලොකු මානසික පීඩනයක .සමහර දවස්වලට කැම්පස් එනවා කියන එක මරන්න ගෙනියනවා වගේ දැනුනෙ. අතිම වසරේ ජෙෂ්ටයින් අපිත් එක්ක හොඳයි අපි ඒ අයට ආසයි . දෙවන වසරේ ජෙෂ්ටයින් ගෙන් කීපදෙනෙකුට තමා මොලේ අවුල් වෙලා තිබ්බේ .දැන් රැග් ඉවරයි එත් තාමත් ඒ අය ගැන කිසිම පහන් හැඟීමක් නම් නැ .අපේ ජූනියර්ස් ල ඒ අතින් වාසනාවන්තයි මොකද අපිට ලැබුන වද ඒ යට ලැබෙන්න සැලැස්සුවේ නෑ ...රැග් කරන එකේ පරමාර්ථය මොකක්ද කියල තේරුම් ගන්න ඕන ..මිනිස්සු හදන්නද නැත්නම් එක එක්කෙනාගේ මානසික විකෘති ආශාවන් සනසවන්නද කියල ..මිනිස්සු හදන්න නම් ආදරය වපුරන්න, ඕන හදවතට සංවේදී වෙන්න ඕන ..එතකොටයි තවකෙනෙක්ගේ හදවතකට සවන්දෙන්න හරි කතාකරන්න හරි පුළුවන් ඒ ඇර මේ වගේ විකාර දේවල් වලින් නෙමේ ....

    ReplyDelete
    Replies
    1. හරියටම හරි නංගි, ඔයාගේ කතාවත් එක්ක 100% එකඟ වෙනවා.

      Delete
  17. සන්තෝසයි සොමියා. අපේ ෆැකල්ටියත් සාඩම්බර අලයෝ.

    අ.ල. = අභියෝග ලබන්නෝ
    (උන් අල යන වචනයට මොන ඩෙෆිනිෂන් දුන්නත් කම් නැත. අපි සාර්ථක අලයන් වූයෙමු.)

    ReplyDelete
    Replies
    1. නැත්තන් බස්සි අක්කේ, එකෙන්ම අලයෝ. අල කියන්න අල බෝල :D හැබැයි උන් අල කියන්නේ අත්හැරදමන ලද කියන එකයි.

      Delete
  18. මම අලයෙක් නම් නෙවෙයි. ඒත් වඳුරන්ට දැලිපිහි දීම තරයේ ප්‍රතික්ෂේප කරනවා.

    ගොඩක් වෙලාවට සමහරු රැග් එක දෙනවා කියල කැම්පස් එක එකම වධකාගාරයක් කරන්න හදන්නේ උන්ගේ නොදන්නාකමට. රැග් එක හින්ද බොරු ගැටි නැතිවෙලා ළමයි ටිකක් ගෙටෝන් වෙනවා. අපෙත් සමහර බැචස් පොඩ්ඩක්වත් එකමුතු නැහැ. ඒකෙ අවාසිය එයාලට තේරෙනකොට, අස්සයා ගිහිං . ඉන්ඩස්ට්‍රියට ගියාම තමයි සමහර දේවල්වල තේරුම තේරෙන්නේ.

    මම නම් ලැබිල තියෙන්නේ රැග් එකක් නෙවෙයි. පිස්සොන්ගේ කුඩුවකට වැටිලා වගේ. ඔක්කොම විකෘති.

    ReplyDelete
    Replies
    1. ඔව් සොඳුරු රැග් නැතිවම නොවෙයි, එත් අද තියෙන්නේ තනිකරම මානසික විකුර්තියක්, ඉන්ඩස්ට්‍රිය බේස් කරලා රග කරානවා කිව්වට ඇත්තටම වුනේ වෙන දෙයක්, ගී නැති කළා නෙවේ මෙතන අපුරුවට ගතට තව වැඩි කළා, නුවර කුරුනෑගල එකට, කොළඹ ගම්පහ එකට, ගාල්ල මාතර හම්බන්තොට එකට, බලන්න එපයි.

      Delete
  19. Most of JVE Bugers doing this kind of rag.

    ReplyDelete
  20. මේවා පිටරට වි වි කලේ නම් ජේෂ්ඨයන් ඉන්නේ හිරේ.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?