බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට
රටා නැතත් ඉටි පදුරක උකුලේ හොවා නිදි ගන්වපු සියලු දෙවියෝ රකිත් ම'පුතු පංචායුදෙ ගෙලේ හොවපු එකම පුතුගේ හිස මත්තට තල් අත්තක අඳුරු හෙවන නුදුරු දිනක වැටෙයි කියල බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට කොයි අම්මද එහෙම හිතුවේ තල් වැට වට ඉස්කෝලෙක අනා ආවන්නා කියා දීපු සිංහල ටීචර්ගේ දැවටි දැවටි පොංගල් දා කෝවිල් ගිය මුරුගාගෙන් පිහිට පතපු උඹ නොදන්න උඹ වගේම බොහෝ ලපටි උන්ගෙ කරට සයනයිට් විස බැඳෙයි කියල බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට කොයි කැකුලද එහෙම හිතුවේ හිස පිච්ච මලින් සැරසූ හිමිසඳ දෑත ඒ මල් ගීලිහි පරවී ගොස් අවි දරන කල රුපුන් නැසුමට යශෝරාවෙන් සොවෙන් ලතවී උන් මලදා වයිර අග්නියෙන් දවා මළකඳ චිතකයක අළු නිවෙන්නත් කලියෙන් බිඳ වැටුණු ගැහැණු හදවත උන් නසාගෙන මැරෙමියි සිතන මිනිස් බෝම්මයයක් වෙයි කියල බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට කොයි බිරිඳද එහෙම හිතුවේ වයිරයේ රකුසු වේශය නොසන්සිඳි ලේ පිපාසය උඹේ සනුහරේ ඇවිලූ ගින්න ඒ ගින්නට පිදුරු ලූ උන් එක්ක නුඹේ සම මසුත් ඉල්ලා ඉන්නැති සංසිඳව ගන්නට දකුණේ විලාපය කඳුළු ගලා ගිය යවට වන් නෙතින් මානා එල්ලය හරි ඉලක්කෙට විස්කොත්තකට කැටි ආදරෙන් උදුර ගන්නැති නුඹේ ප්‍රාණය උණ්ඩයට උණ්ඩයෙන් බාලචන්ද්‍රන් උඹත...