බාලචන්ද්‍රන් උඹත් නොදන්නවට
රටා නැතත් ඉටි පදුරක
උකුලේ හොවා නිදි ගන්වපු
සියලු දෙවියෝ රකිත් ම'පුතු
පංචායුදෙ ගෙලේ හොවපු
එකම පුතුගේ හිස මත්තට
තල් අත්තක අඳුරු හෙවන
නුදුරු දිනක වැටෙයි කියල
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි අම්මද එහෙම හිතුවේ
තල් වැට වට ඉස්කෝලෙක
අනා ආවන්නා කියා දීපු
සිංහල ටීචර්ගේ දැවටි දැවටි
පොංගල් දා කෝවිල් ගිය
මුරුගාගෙන් පිහිට පතපු
උඹ නොදන්න උඹ වගේම
බොහෝ ලපටි උන්ගෙ කරට
සයනයිට් විස බැඳෙයි කියල
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි කැකුලද එහෙම හිතුවේ
හිස පිච්ච මලින් සැරසූ හිමිසඳ
දෑත ඒ මල් ගීලිහි පරවී ගොස්
අවි දරන කල රුපුන් නැසුමට
යශෝරාවෙන් සොවෙන් ලතවී
උන් මලදා වයිර අග්නියෙන් දවා මළකඳ
චිතකයක අළු නිවෙන්නත් කලියෙන්
බිඳ වැටුණු ගැහැණු හදවත
උන් නසාගෙන මැරෙමියි සිතන
මිනිස් බෝම්මයයක් වෙයි කියල
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි බිරිඳද එහෙම හිතුවේ
වයිරයේ රකුසු වේශය
නොසන්සිඳි ලේ පිපාසය
උඹේ සනුහරේ ඇවිලූ ගින්න
ඒ ගින්නට පිදුරු ලූ උන් එක්ක
නුඹේ සම මසුත් ඉල්ලා ඉන්නැති
සංසිඳව ගන්නට දකුණේ විලාපය
කඳුළු ගලා ගිය යවට වන් නෙතින්
මානා එල්ලය හරි ඉලක්කෙට
විස්කොත්තකට කැටි ආදරෙන්
උදුර ගන්නැති නුඹේ ප්‍රාණය
උණ්ඩයට උණ්ඩයෙන්
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
උඹ පශ්චාත් යුධයකට
අනුප්‍රාප්තිකයෙකු විය හැකි බව
දේශපාලනිකව හිතා මරන්නට
යලිත් යුද්දයකට
ඉඩ නොතියන්න විසඳුම
"නහී වේරේන වේරානි" නොවන වගකට
උණ්ඩයම විසඳුමක් බව
උන් කොහොමද එහෙම හිතුවේ
පට්ටයි බන්.... සංවේදියි පද ටික.
ReplyDelete//"නහී වේරේන වේරානි" නොවන වගකට
උණ්ඩයම විසඳුමක් බව
උන් කොහොමද එහෙම හිතුවේ//
මේකේ කිසිම පට්ටයක් නැහැ පරි යා අයියේ, දෙපැත්තේම උන් මරා ගත්ත මැරුව, දේශපාලුවෝ තීන්දු තීරණ ගත්ත උන්ගේ වාසියට.
Deleteකොටි ඔක්කොම මරන්න ඕනේ. එකෙක්වත් ඉතුරු කරන්න දෙන්න බැහැ.
ReplyDeleteකොටි නෙවේ මරන්න ඕනේ ඇනෝ, මරන්න ඕනා යුද්දයට හේතු වුනු හේතුවයි, ආයේ මිනිස්සුන්ගේ හිත්වල තියෙන වයිරයයි.
Deleteදන්නේ නෑ සොමි , හිතට තදින් දැනුණා ...මෙහෙ ඉන්න බොහෝ දෙනා ඔය මාතෘකාව ගැන කතාකරනකොට මොන වගේ පිළිතුරක් දෙන්නද කියලා හිත විපිළිසර වෙනවා.
ReplyDeleteඔව් මේවා කතා කල යුතු එත් කතා නොකෙරෙන දේවල් මෙතු.
Deleteනියමයි මචං නොකියා වෙන මොනවා නම් කියන්නද. සුපිරියි.
ReplyDeleteඅනේ මන්ද බන්
Deleteබාලචන්ද්‍රන්
ReplyDeleteඋඹත් නොදන්නවට
කොයි අම්මද එහෙම හිතුවේ//
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට
කොයි බිරිඳද එහෙම හිතුවේ//
බාලචන්ද්‍රන්
උඹත් නොදන්නවට//
බාලචන්ද්‍රන්.......ඉස්ප්‍රියා.....මේ හැමෝම නොදන්නව....නොහඳුනව...විස්වාස නොකරනව.....මොකද උන් අපි වැනිම මිනිසුන් නිසා.....
මේ ලඟදි බ්ලොගේ දැම්ම ඔය ගැන පෝස්ට් එකට සමගාමීව බුකියෙත් පෝස්ට් එකක් දැම්ම...එතනදි හිටපු සොල්දාදුවෙක් කියපු කතාවලින් මට තේරුනෙ ගොඩක් දෙනා මේ කියන යුද්ධය අවසන් වීමේ වටිනාකමක් දකින්නෙ නෑ කියල..
ඔව් මල්ලි, යුද්දයට වටිනාකමක් නැහැ, වටිකාමක් නැති දෙක ආරම්බයටත් අවසානයටත් ඉතින් කොහෙත්ම වට්නාකමක් නැහැ.
Deleteසිංහල ටීචර්ගෙන් ඉගෙනගත් බාලචන්ද්‍රන්ලා කොච්චර ඉන්න ඇත්ද ? අහිංසක
ReplyDeleteඔවුන් කීදෙනෙක් ජීවිතය පුදන්න ඇත්ද?
සොමියාගෙ කවිපෙල සංවේදියි.
ජයවේවා !!!
අනේ මන්ද දුමින්ද
Deleteසංවේදී පැදි පෙළක්..
ReplyDeleteතවත් එක කවියක්
Deleteසියල්ලන් මරා දමා
ReplyDeleteඑකදු මිනිස් පුළුටක්
නොමැති කල
විජයග්‍රහණය සමරනු කිනම් සේද
හුදෙකලාව පමණක් ඉතිරි වීද
එබැවින්
ආපසු හැරී බැලීමක්ද
යලි පා පියවරක්ද
තබනු රිසි නැති
අප .....
අපටම වෙඩි තියා
සියදිවි නසාගනී
සියල්ලන් මරා දැමූ අවසාන
Deleteඉතිරි වූ අයෙකු වීනම්
ගිනියම්වූ අවියක්ද අතැතිව
ඉතිරි වූ හුදෙකලාවක
ආපසු හැරෙනු නොහැකිව
අවසන්ම ඉතිරි උණ්ඩය
අවි මුවින් නික්ම ගිය සඳ
හඬක් නැගුනා හිස් අවකාශයට
මහා උන්ගේ වරදින් අසරණ වුනේ පොඩි උන්මයි.
ReplyDeleteඇත්ත මනෝ සහතික ඇත්ත
Deleteඇත්ත මනෝ සහතික ඇත්ත
Deleteඅනේ බුරුවො තෝ එ කාලේ යාපනේ ගියානම් තොට පුකෙත් ඇරලා වෙඩිත් තියලා.
ReplyDeleteමේ ඇනෝ එහෙනම් ඒ කාලේ යාපනේ යන්නැති නේ? ගිහින් අර කියපු දේවල් වෙලා ඇති නේ?
Deleteසංවේදී කවි පෙළක්. ඔය ළමය මරපු එක නම් තේරුමක් නැහැ. ලොකුවෙලා පස්සේ නවතැහැ සටන් කරයි කියල හිතන්න ඇති. ඒත් සාධාරණිකරණය කරනන් බැහැ.
ReplyDeleteඔව් අජිත් අයියේ, ලොකු උන්ගේ වැරදි වලට ළමයි පලි නැහැ, ත්රත්වාදීන් හෝ වේවා කුමන හමුදාවක් හෝ වේවා තම අරමුණු උදෙසා ළමයින් භාවිතා කිරීම හා ඔවුන් මරා දමමින් සමාජයට පණිවිඩ නිකුත් කිරීම වැරදි.
Deleteසංවේදී පද ගැලපුමක්...යුද්ධයට මනුස්සකම් නැහැ...ඒකයි ඇත්ත...
ReplyDeleteඔව් පොකුරු වැහි, යුද්දයට මිනිස් කම් නැහැ.
Deleteමේ තේමාවට යමක් ඉද හිට හෝ ලියවෙන්න ඕනෙ..අගය කරනවා සොමියො...
ReplyDeleteසිරා අයිය ඇවිත් අදහස් කිව්වට් ස්තුතියි.
Deletehttp://nelumyaya.com/?p=5919
ReplyDeleteස්තුතියි අජිත් අයියා
Deleteඇත්තටම බාලචන්ද්‍රන්ට මොකද උනේ? අල්ලගෙන මෙහෙම කන්න බොන්න දීල ඔලුවට වෙඩි තිබ්බද බං??
ReplyDeleteඒක ප්‍රස්න කලයුතු ප්‍රශ්නයක් බන්
Deleteබාලචන්ද්‍රන් කියන්නේ සෑහෙන ගොඩකින් එකෙක් විතරයි....
ReplyDelete