නොකී කතාවක

පින්තුරේ මෙතනින් ගත්තේ

මියැදුණු හැඟුමක් සොරකම් කල නුඹ
සිතුවිලි මගේ යලි කළඹා
නොනැගුනු වදනක සීතල හිමකැට
උනුහුමකින් ගුලි කරවා
නොකී කතාවක
වගතුග මොනවද ඇසුවා
පෙරදා මතකය සරදම් කල හඬ
යන්තම් දෙසවන රැඳුනා
නොදැනිම මුව ගොළු වූවා

ගිනියම් සිත මත පිනි බිඳු තැවරු
වසන්තයේ වැහි තිබුණා
වැසි කුලු මෙතරම් කළු කිමදැයි
නිකමට සැක සිතුනා
ඉඳහිට විදුලිය මහ හඬ නැගුවද
ගැස්සුණු සිත් වෙළුනා
මාරුත අතරේ ප්‍රේම තරන්ගේ
කොහේදෝ මානෙක ඇදුනා
නොකී කතාවක ප්‍රේමයේ උණුසුම
වැහිපොද අතරේ දැනුනා
නොදැනිම ප්‍රේමය වින්දා

වැහිබිඳු ගිනිගෙන කාලය අළුකර
අසනි වැසි ඇද වැටුණා
නුබේ ලොවක් තුල මගේ ඉමක් ගැන
සිහිනය පැටලී තිබුනා
මා දුටු සිහිනය මගෙන් උදුර ගෙන
ප්‍රේම කුණාටුව හැමුවා
රුවල් ඉරීගිය පහුරක තනිවී
මා පෙරමග තව බැලුවා
නොකී කතාවක මැවෙනා සිතුවම්
නෙතු මානයේ බොඳ වූවා
නොදනිම කඳුලක් වැටුණා

මියැදුණු හැඟුමක් සොරකම් කල නුඹ
සිතුවිලි මගේ යලි කළඹා
නොනැගුනු වදනක සීතල හිමකැට
උනුහුමකින් ගුලි කරවා
නොකී කතාවක
වගතුග මොනවද ඇසුවා
පෙරදා මතකය සරදම් කල හඬ
යන්තම් දෙසවන රැඳුනා
නොදැනිම මුව ගොළු වූවා

Comments

  1. කවියක් කොටන්න හැදුව සෑහෙන වතාවක්. නෑ බං එන්නෙ ඉස්සර වගේ අදහසක්...
    දැං තියෙන්නෙ උඹල ලියන ඒව කියවල හිත හදාගන්න තමා...
    ලස්සන කවියක්... පරණ කතාවක් මතක් වුනා.. දැං අහන්න එපා ඒ මොකද්ද කියල...
    ජයවේවා මචෝ

    ReplyDelete
    Replies
    1. එතකොට උඹ අර අවන්හලේ දාල තියෙන්න අහවල් කවිද? හැක්. මොකද පරණ කතාව, කියපන් කියපන් දැන්ම කියපන්.

      Delete
    2. ප්‍රියා අයියා ඕකගේ බොරු ඔය.

      Delete
    3. ඒ නොලිය ඉ්න හදපු කතාවක්.. ඇත්තටම කියව නං කෙටි කතාවක් පස්සෙ කවියක් කරපු. ඒකත් ඇත්තම සිද්ධිමන්ට් එකක්.. මං මට ඕන විදියට එහෙං මෙහෙං වෙනස් කලා
      එච්චරයි...
      බලමු බලමු පුලුවං වෙලාවක කවියක් දෙකක්ලියාගන්න

      Delete
    4. හැක් උඹ කොහොමද එහෙම එහෙන් මෙහෙන් වෙනස් කරන්නේ.

      Delete
  2. Replies
    1. නැහැනේ :( එපා වෙලා ඉන්නේ :'(

      Delete
  3. Replies
    1. හැක් වෙල්කම් ප්‍රියා අයියා. :D එක තමා හිතා ගන්න බැරිව ඉන්නේ සමහර කතා නොකිය ඉන්න තරමට හොඳයි.

      Delete
  4. මේ කතාව නම් නොකී කතාවක්ම වෙයි වගේනේ.

    මියැදුණු හැඟුමක් නම් සොරකම් කරලා තියෙන්නේ අවුලක් නැති වේවිනේ.

    ReplyDelete
    Replies
    1. නොකීයනම කතාවක් වෙයි, උස්සපු හැඟිමෙයි අවුඅ තියෙන්නේ.

      Delete
  5. කියන්
    හිතේ
    රැඳුනු
    වදන්
    තවත්
    වරක්
    නිහඬ
    නොවී

    ReplyDelete
    Replies
    1. හා හා එහෙමවත් බලමුකෝ :D

      Delete
  6. ' ගිනියම් සිත මත.....
    .....ප්‍රේමය වින්දා '

    අපූරුයි.

    ජයවේවා !!!

    ReplyDelete
    Replies
    1. ගිනියම් සිතම මත ප්‍රේමය වින්දා
      ඇවිලෙන සිතුවිල හදවත රන්දා

      Delete
  7. හරිම ලස්සනයි සොමියෝ..
    වෙන කියන්න වචනයක් නෑ මට.වෙනම ලෝකෙකට ගියා වගේ..
    හැම වචනයක් ගානෙම හිතට වැදුනා.

    ReplyDelete
    Replies
    1. හා හා මේ ලෝකෙට වරෝ, ඔය ලෝකේ ඉන්නේ නැතිව. :D ඉස්කොතුයි ඉස්කොතුයි, යේ ලියන්නේ නැතෙයි?

      Delete
    2. ලියනව ලියනවා.. පහුගිය ටිකේ නම් වෙලාවක් හම්බුනේම නෑ සොමියො.. මං මේ බ්ලොග් එකේ "සංකල්පනා ලේබලේ පෝස්ට් ටික එකින් එක කියවන්න පටන් ගත්ත අඟ ඉදන් මුලට..

      ඒ නිසා දැන්ම මේ ලෝකෙට එන්න හැකියාවක් නෑ:D
      නියමයි සොමියෝ..

      Delete
    3. හික් මේ ලෝකෙට එන පාට හොයා ගන්න බැරි උනොත් ඔන්න මම නම් නැහැ හරිය ;) ඉස්කොතුයි පරණ පිටු පෙරලලා බලනවට. :)

      Delete
    4. අම්මෝ පරණ ඒවා ඔක්කොම කියෙව්වා. දවස් ගානකට මේ ලෝකෙට එන්න වෙන්නෙ නෑ සොමියෝ..
      නියමයි..

      Delete
  8. මැරිච්චි ඒවත් හොරකං කරන පෙරේත යක්කු. හැක්.

    ReplyDelete
    Replies
    1. හැක් හැක් :D එකනේ දේශා අයියා.

      Delete
  9. නොකී කතාව කියන්න කල්පනාවක් හෙම නැද්ද?

    ලස්සනයි කවිය!

    ReplyDelete
    Replies
    1. නොකී කතා කියන්න කාලයක් ආවොත් එදාට කියන්නම්. ස්තුතියි සිතු.

      Delete
  10. Replies
    1. බිඳී අක්කව ඒ පැත්තට සාදරෙන් පිලිගන්නවා, ස්තුතියි අදහස් කියල ගියාට.

      Delete
  11. අඩෝ පට්ටයි බං මේක..

    ReplyDelete
    Replies
    1. ඉඳල හිටලා වත් ඔහොම පට්ට පොස්ට් එකක් දෙකක් තලා ගන්නේ නැතිව කොහොමද? හැක්.

      Delete
  12. එහෙම මියැදුනු හැඟුම් වලට පන දෙන්න පුලුවන් අය හොයා ගන්න කොයි තරන් අමාරුද ... හරිම අපූරුයි, අවසාන පද ටික තම වැඩියෙන් හිත ගත්තේ..

    පෙර කලෙක රිසි ලෙසින් පෙම් කලත් මා
    නෙක වැටකඩොලු මැද වසා දැමුවත් මා
    ඇයි ආවේ අසමි නොකියාම මේ ලෙසේ මා
    පන්හිද කියන් නුඹ ඉන්නවද පෙර ලෙසේ ලගින් මා..

    ReplyDelete
  13. ලංසන කවියක්, ඒවගේ අය ඉන්නවා අපි අතරේම, එත් එයාලවත් දන්නේ නෑ ඒ දේ ගැන.

    ReplyDelete
  14. නුබේ ලොවක් තුල මගේ ඉමක් ගැන
    සිහිනය පැටලී තිබුනා
    මා දුටු සිහිනය මගෙන් උදුර ගෙන
    ප්‍රේම කුණාටුව හැමුවා
    රුවල් ඉරීගිය පහුරක තනිවී
    මා පෙරමග තව බැලුවා

    මේ තරම් හෙමිහිට සීරුවට හැඟීම් එක්ක කතා කරන සොඳුරු නිර්මාණ කොහොම බිහිවෙනවද මන්දා . සුපිරි !

    පෙරදා මතකය ගැන යලි සිහිපත් කලාට තුති !ඒක වැස්සත් එක්ක එක්කාසු කලාම හරිම ආදරණීයයි . ඒ වගෙම වේදනාත්මකයි. ජයවේවා !

    ReplyDelete
    Replies
    1. හික්ස්, ඒවා රහස් ;) ස්තුතියි මෙතු, මෙතුගේ රටාවත් ඒ වගේමයි.

      Delete
  15. සෑහෙන දොහකින් මේ පැත්තෙ ආවෙ.
    උඹේ පද පෙල ගැන නිනන්වක් නැතුව උඩ තියෙන කලු සුදු පින්තූරෙ දිහා බලාන උන්නා.

    ReplyDelete
    Replies
    1. ඒක අපුරු පින්තුරයක් නේ සිරා අයියා. ඒ පැත්තෙත් එන්න බැරි උනා සැහෙන්න කාලෙකින්. සිරා අයියාගේ ජාලෙන් පෙරාපු කතා අමතක නැහැ තවම.

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්