Posts

"ඒ මතකයට ආදරෙන්........"

Image
"ආදරය නම් වැහි සේලය  මා ගත වෙලා  ම‍ටත් හොරාම  වහි බිදු වන්  සෙනේ දියෙන් නුඹේ   අවදි කලා මා සිත නුඹ  තවත් උණුසුමක් ඉතින් කුමටද  නළදුමු වන් නුඹේ සුසුම්  උණුසුම ගෙනේ මට  ආදරනීය ඒ සැදෑව  අමතක නොමැත මට  සබද මා මිහිරාවිය  හද දිනු ඒ මොහොත  නැවතත් මට ගෙනත් දියන්  විදින්නට යලි යලිත්  ඒ මතකයට ආදරෙන් "

"අන් හදකට සෙනේ සිතින්........"

Image
"සැලෙන ලෙලෙන නුඹේ නිතඹ  මායාවකි ‍ලොව නොදන්න  මද පවනේ මුදු කෙහෙරැලි  දග කරාවි මිරිගු ලෙසින  නීල නයන නෙත් යුගලය  මැණික් නොවෙයි මගේ ලොවට  මියුරු වදන් නුඹ තෙපලයි  සනසවන්න මා දෙසවන්  නු‍‍ඹේ දසන් ලොව රවටයි  හරියට මා රැවටු ලෙසට  රෝසවන් නුඹෙ තොල්පෙති  සිපගත්තෙමි විස බව දැන  මියැදෙන්නෙමි ඒ විසෙන්ම  පණ නල වනු නුඹට හැකිද  මගේ හුස්ම පොදත් රැගෙන  සමුදීයන් මගෙ මළ කද ළග  හඩා වැටෙනු එපා ඉතින්  තවත් මෙලොව රවටන ලෙස  නුඹේ කදුළු අගේ නොමැත  අහසින් එන පිණි තරමට  මගේ සොහෙන් බිමේ ඉදන්  පාලු රකිනු එපා ඉතින්  නුඹ රජවී සිටිනු මැනවි  අන් හදකට සෙනේ සිතින්........."

"කවුරැන්ද මා හට............"

Image
"වේදනාව මිහිරක්ම වූ කළ  ඒ මිහිර මා ගත නිති  පෙළන්නේ මන්ද  වේදනාව මා හට මිහිරක්  වූයේ කෙලෙසද  සිත ඇතූලේ තෙරපී තෙරපී  මා පෙළන ඒ කුකුස  අනාගතය ගැන බියකරු සිහින  මවන්නේ මන්ද  පොදි ගහගත් ජීවන ගැලේ  ගොනු කුර ගෙවීවත්ද  මග නවතින්ට සිත් දේ  යා යුතූ මග තව තිබියදී  මා සෙවූ මා සොයන  විවේකය කොහේ සැගවීදෝ  මා දිවිය සැඩ පහරකට නතු වී ලෙස හැගේ මට  හබල නැති ඔරුවක් සේමැයි  ගසායයි ඔහේ ඒ මේ අත  කුමක් කරමිදැයි නොදනිමි මා  අනේ පිහිටක් වන්නේ  කවුරැන්ද මා හට"

"නුඹම විය.........."

Image
"ආදරය නම්  අන්දකාරයේ මංමුලාවූ හදවතට  ආලෝකයක් වී  දිවි මාවතේ  ඇවිද යන්න  මග පෙන්වමින්  සිත් අහසේ පෑයූ  පුංචි තාරකාව  නුඹම විය  මා දාවා පෙලා මා අසරණ කළ පාළුව තනිකමට  නැවතුමක් වූයේ  නුඹම විය  මා කදුළ සේම  මා සිනහව   හදුනාගත්තේද නුඹම විය  මවකසේ  සෙනෙහසින්  සොයුරියකසේ  ආදරෙන්  මා වටා හිදි මහා පවුර  නුඹම විය  මගේ හද ගැහෙන රාවය  ඒ හදේ රිද්මය  හැදිනියේ  නුඹම විය  දෛවයේ සරදමින්  පුංචි තාරකාව  සිත් අහසින් ගිලිහිනිදෝ  නොදනිමි තවම මා ඒ මතකයන් සැමදා  කදුලු පිණි වී  නෙතු අගින් ගිලිහුනද මගේ හදවතට   යලිත්  වේදනාව  මා ලොවට  පාලුව තනිකම  රැගෙන ආවේ  නුඹම යයි  ලොවට හඩගා  කොළස නමි මා  කියනු පවසන්  ඉතින්"

"බොට අයිතියක් නෑ........"

Image
ඉපදෙමින් මැරෙන  මේ සසරේ  උඹේ ඔය ශරීර කූඩුවෙ  මොන ලස්සනකක්ද උඹ ඕක අතහැරල  හමාරයි  කියපන් උඹේ  පිරිවරට මෙහෙම  "බැහැපන් ඉතින් පොළවට  තබපන් ඔය අඩිය බිමින්"  දැනෙනවද උඹට  ඒ මිනිස්සුන්ගෙ  හද ගැහෙන රාවය  උපන් බිමට බරක් නොවී  මේ පොළවෙ පය ගහල  ජීවත් වූවන්  අවසන් නින්ද  නිදද්දී  අපතයෙකු වගේ මෙහෙට එන්න  බොට අයිතියක් නෑ ‍බොලා තවමත් පොදි ගහනව  මහ ලොකුවට ඉරිසියාවයි  කුහකකමයි මාන්නයයි  මළ දාට ලොකුවට  මල් වඩම් පාවඩ  බොලගෙ මරණෙට  අඩන්නෙත් කුලියට උඹගෙ සිව් රියන  අපූරුවට සරසද්දි  එහෙමවත් නැති  සැබෑ මිනිසුන් විරලමයි  හැබැයි ඒ අය අතර  උඹ තවත් අපතයෙක්ම  විතරයි  ඔව් උඹ _ _ අපතයෙක්ම  විතරයි.  

"තවම නොකියු පෙම........"

Image
"නිසල සිත සසල වී  යාවීදෝ තව සිතක් හා  සසුමකට ලංවී පාවීදෝ  මේ අහස පුරා  සිතුම් අවදිව කිතිකවයි  මා හද මඩල අරා  තවම නොදනිමි මසිත  ගත් ඈ කවුරුදෝ කියා  මුවග සිනැහෙයි නොදනිමි   ඒ ඇයිද කියා  දෙනෙත් මග බලයි  කවුරුදෝ මග එනතුරා  දහසක් පැතුම් සිතේ පීදෙයි   සුබ සිහිනයන් දකිනු නියා  සිතුම් යාවී ඉඟිකරයි  මුලු ලොවට හොරා  දෙනෙත් එක්වී වේය දොඩමලු  පෙම්වන්තයින් ලෙසින්  සවන් පිළිරැව් දේ  යලි යලිත් ඈ කියූ වදනින්  නෙතේ කදුලැල් නොමැත එනමුදු හෙලයි සුසුමන්   මසිත විඳවයි දවයි  තවම නොකියු පෙමක් විසින්" 

"මගේ වාරය එනතුරා......"

Image
"උදේ ඉදන් හවස් වෙන තුරා මේ පීලි මතින්  දුවන යකඩ ගොඩට වඩා  මගේ මල්ලියා  කොච්චර බරද...... මහ පාරෙ මේකව  වඩන්  තැනින් තැනට  අත පපා යන කොට  "අනේ පව් අසරණී" එකෙකුගෙ  මුවින් බිනෙන විට "පල යන්න අහකට" සියයක් මුවින් බිනෙයි..... යන්තම් වේල   ගැටගහගත්තට  මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ  අරන් දෙන්න  මට සල්ලි නෑ  ඒ අසරණය ඒව දැකල  නැති නිසා ඉල්ලලා  වද දෙන්නෙත් නෑ  යන්තම් මාසයක් දෙකක්  අම්මගෙ දෙතනෙන්  කිරි බීපු ඒකට  අධිපෝසනේද  මන්දපෝසනේද  මම දන් නෑ  මේ පීලි මත දුවන  යකඩ ගොඩේ උදව්වෙන්  පීලි මතම මියැදෙන  දහසක් උන් අතර  මමද මගේ වාරය  එන තූරා  බලා සිටින්නෙමි  දෑස් අයා ඒත් උඹවත් අරන්  යන්නේ කෝම......?