කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු

කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු.

හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්.

කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේ නමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළු කියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි, ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මක ව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ, ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්.

 ඔව් ඔබත් මමත් ඒ රැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස් කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි.

සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේ එහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ.

අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒ වර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාට හැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි.

පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේ ඉරි රටා හද තල නැත්නම්, ඉතින් ඒ සියල්ලේ සංකලනය තමා දෘශ්‍ය මායාව මමත් ඔබත් දකින.

ඉතින් මම අන්දපු ඒ මායාවල් ටිකක ඔබත් එක්ක බදාගන්නයි මේ සුදානම. හැමදාම ලියන එකේ චිත්‍ර ටිකක් ඔබට කියන කතා ටික පුලුවන්නම් කියවලා යන්න.

මතක තියා ගන්න ඔබ දකින දෙය නොවන බව ඔබට පෙනෙන්නේ එහි වෙනස බවත් වෙනසක් නොමැතිව ම ඔබේ ඉඳුරන් එය ග්‍රහණය කොට ඔබ මුලා කරන බවත්.

ඒ දේ හොඳින් මතක තියන් එහෙනම් ඉතින් බකන් නිලමු.


1.      නිව්ටන්ගේ මොලේ පිටකොටුව පොලේ  -  වැටුණු ඇපල්









2.      දහසකුත් කටු අතර තවමත් පිපෙන - කළු රෝස









3.      හිනාවෙයන් - උඹටම









4.      සන්ධ්‍යා කාලෙන
තැබෑරුම් අසලේන
බහුජන හිතාය
බහුජන සුඛාය

කාල(කන්නි)









5.      උඹලා දිව්වට සමහරු තාමත් එකතැන - අස්පයා








6.      සැපය සොයා - එක මිනිහෙක්









7.      පළමු තොටිල්ල - දෙතන










7.      නුඹේ කැඩපත - මුහුණ













හරි මේ සියලුම මායාවල් වලින් ටිකක් ඇන්දේ මෙහෙමයි කොම්පීතරෙන්, ඉතාම සතුටින් දැනුම් දෙන වගනම් මේ ක්‍රියාවලියෙන් පසු  මූසිකයේ වමත් බොත්තම ක්‍රියා විරහිත වී ඇත.










හරි එහෙනම් බකන් නිලන්න ආවට ස්තුතියි, මීට වඩා යමක් කරන්නයි උත්සාහ කලේ, මොනවා කරන්නද වයධම්මා සංකාරා නේ , ඉතින් මවුස් ඒකටත් ඒ දේ පොදුයිනේ.

ආ තවදෙයක්, මේ ටිකෙන් රසම සිතුවම මොකක්ද කියලා යනවා නම් ලොකු උදව්වක්, මටනම් කාලේ බෝතලේ.

Comments

  1. මොකද නරක බං හොදයි නේ.. තව උත්සාහ කරහං. නලියා ගාව සල්ලි තිබුනොත් මං බොට මුසිලයෙක් අරන් දෙන්නං කෝමත් ඒකා ගුත්තිල නේ..

    ReplyDelete
    Replies
    1. අනේ තැන්කු වේවා දේශක අයියා, හෙක් හෙක් අනේ එත් පව් නලීන් අයියා. උත්සහා නම් කොරනවා මම හිතන්නේ අවුරුදු 9 කට පස්සේ හරි හැටි චිත්‍ර ටිකක් ඇන්දේ.

      Delete
  2. හරි අපුරුයි නේ....

    මට නිදහස් අතින් යන්තම් බලියක් ඇඳගන්න පුළුවන් උනත්, කොම්පිතරෙන් නම් අඳින්න හරිම අමාරුයි. ඕව අඳින්න භාවිතා කරන වෙනම drawing pads තියෙනවා. මවුස් එකකට වඩා ඒක යස ආයෝජනයක් වෙයි, නැද්ද?

    ReplyDelete
    Replies
    1. තැන්කු උපේක්ෂා, මමත් දැක්කා ලොකු උනාම එයින් එකක් ගන්න ඕනා, මම තාම පොඩි එකානේ, අමාරු නැහැ ඉත්සාහ කරලා බලන්න, හැබැයි මවුස් එකේ ලේෆ්ට් බටන් එක ඉවරයි. :D

      Delete
  3. පට්ටනේ.. කියල වැඩක් නෑ.. මූසිකෙ ගැන නම් සොරි තමා..

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු, සොරි කියන්නේ සොරි ඩොට් කොම් වෙලා තියෙන්නේ.

      Delete
  4. පට්ටයි ඈ... කොම්පීතරෙන් ඇඳපු නිසයි අගේ වැඩි. මොකද මවුස් එකෙන් තියා මටනම් ඩ්‍රෝවින් ටූල්ස් පාවිච්චි කරලවත් බලිකුරුට්ටකට එහා දෙයක් ඇඳගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. තැන්කු බස්සි අක්කා, එහෙම හිතන්න එපා උත්සාහ කරලා බලන්න, බැරි දෙයක් නැහැ, 5D දන්නවනම් හරිම සිම්පල්

      5D = Dream, Desire, Determination, Dedication and Discipline

      Delete
  5. මටත් අඳින්ට බෑ. :(

    මම නම් කලුපාටට කැමතියි. විශේෂයෙන් මේ දැන් හැම එකම පේන්නේ කලුපාටට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පොඩ්ඩි අක්කා, එහෙම හිටන නැතිව උත්සාහ කරලා බලන්න, ඒ මොකෝ ඔක්කොම කළු වෙලා තියෙන්නේ?

      Delete
  6. මමත් අඳින්න බැරි එකෙක් බංහැබැයි ඉතින් රස විඳින්න නම් පුළුවන් හොඳට..:)

    ReplyDelete
    Replies
    1. තැන්කු තැන්කු රසවින්දා නම් එච්චරයි, වෙන්න ඕනා. //අඳින්න බෑ// වෙන්න බැහැ හොඳටම සුවර්ද පොඩ්ඩක් ආපහු බලන්න :D

      Delete
  7. Replies
    1. තැන්කු තැන්කු ප්‍රා (y)

      Delete
  8. නියමනෙ!!!!!!!

    මේවා කොම්පීතරෙන් ඇන්දා කියලා විස්වාස කරන්නම බෑ. නියමනෙ.

    මටත් අදින්න ආසයි ඒත් ඉතිං තනි ඉ‍රක් වත් හරියට ඇද ගන්න බෑ. :D

    මගේ හිත වැඩියෙන්ම ගත්තෙ අංක 6

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ප්‍රියා අයියා, අඳිමු අඳිමු බෑ බෑ නොකියා, මොකද ලියන්නේ නැත්තේ? අංක 6 ත් අමුතුම චිත්‍රයක් තමා, එක කියන කතාව මට තාම තේරුම් ගන්න බැහැ.

      Delete
  9. මගේ හිත වැඩියෙන්ම ගත්තෙ අංක 5 ,6
    නියමයි. ඔයා නම් ඇත්තටම දක්‍ෂයෙක්..සුබපැතුම් !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දිලිනි, අස්පයා සහ හාමුදුරෝවේ එකිනෙකට වෙනස් චිත්‍ර දෙකක්, මේ කලාවේ මට වඩා දක්ෂයන් අනන්ත ඉන්නවා, මම මේ කම්මැලි කමට කරපු වැඩක්, අවුරුදු 9 කට පස්සේ අයෙත් චිත්‍ර ඇන්දේ. ඔයාගේ කවිත් ඒ වගේම රසවත්.

      Delete
  10. ඇඩොබි ඉලස්ට්‍රේටර් වලට අත හුරු කරගනින් මලයා...උඹේ මේ හැගීම් එතකොට බොහෝ දුරට ජීවමාන කරන්න පහසුයි...කළු සුදු නිර්මාණයක් ඇතුලෙ වර්ණ යොදාගෙන කරන නිර්මාණයකට වඩා ලොකු ගැඹුරක් තියෙනවා...මම උනත් පුද්ගලිකව මානුෂීය හැගීමක් බොහොම තීව්ර ලෙස ප්‍රකාශ කල යුතු නිර්මාණයකදි කළු සුදු භාවිතයට තමයි කැමැත්ත.....සුභ පැතුම් බොට...

    ReplyDelete
    Replies
    1. කියපු අදහසට ගොඩක් ස්තුතියි සිරා අයියා, මම ඉතින් ඒ තරම්ම ඩිසයිනර් කෙනෙක් නෙවේ, මේ කම්මැලි කමට කරපු වැඩක්, මයිකොසොද්ට් පේන්ට් එකට වඩා මයි පේන්ට් කියලා ඕපන් සෝර්ස් මෘදුකාංගයක් හම්බ උනා ටිකක් ෆොටෝෂොප් වගේ, එකෙන් තමා මේ විදියට ඇන්දේ, එක භාවිතය ලෙහෙසියි. සුබ පැතුමට ස්තුතියි සිරා අයියා, :D

      Delete
  11. චිත්‍ර ටික නම් හරිම අගෙයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන. කම්මැලි වැඩක් කලේ :D

      Delete
  12. ඊයේ බෝඩිමේ ඉඳල මේ ලිපිය කියෙව්වත් ෆෝන් එකෙන් සිංහල කමෙන්ටුවක් දාගන්න බැරුව අද වෙනකන්ම ඉන්න උනා ..මේකෙන් මං ආසම පින්තූර දෙකක් තියනව එකක් බෝතලය, අනෙක හාමුදුරුනමකගේ පින්තූරය.....ඒකෙනුත් බෝතලය ඇඳපු පින්තූරේ ත්‍රිමාන ගතිය හොඳටම ඇඳිලා. මං මුලින්ම හිතුවෙ මේවා පැන්සලෙන් ඇඳල කියල පරිගණකයෙන් ඇඳල කියල දැනගත්තම ඇත්තටම හිතාගන්න බැරිඋනා.මටනම් පරිගණකයෙන් මෙහෙම අඳින්න බෑ .පෙන්සිල් ටූල් එකෙන් රවුමක් ඇඳගන්නේත් බොහොම අමාරුවෙක්. හැකියාව නම් නියමයි. මවුස් එකක් තැපැල් කරලා හරි එවන්නම් දිගටම අඳින්න :D . කලුසුදු නැතිව වර්ණ පාවිච්චි කරල මේ වගේ ඇඳපු චිත්‍ර නැද්ද ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි හංසි නංගි, බෝතලේ ඇත්තම කිව්වොත් කලබල චිත්‍රයක්, විනාඩි 3ක් හරි 4ක් හරි ඇතුලත ඇන්දේ, එකත් රළු පැන්සල් සටහන් වලින්ම නිමා කරන්න ගිහින් නමුත් පස්සේ පැන්සල් සටහන් ඇඟිල්ලෙන් විසිරුවා ආලෝකය හා වර්ණ ගලපන විදියට ටූල් එක මාරු කරා, හරියටම පැන්සල් සටහනක් යන්තම් තෙත පුළුන් කෑල්ලකින් පිරිමදිනවා වගේ වැඩක්, එහි ත්‍රිමාන බව මතු කලේ ආලෝකය හා පසුබ්බිම සහ සෙවනැල්ල භාවිතයෙන්, හොඳින් බලන්න අවසාන නිමාව ඉරේසරෙන් මකලා සුදු පාට කරපු තැන්, ඒ හරහා බෝතලයට සජීවී බවක් ලැබෙනවා. ඒ නිසාම තමයි එය මගෙත් සිත් ගත්තේ.

      හාමුදුරු නමක විෂයේදී අපිට කොහොමත් පහන් සිතුවිලි හටගන්නවානේ, ඒ විදියට අන්දලා එම චිත්‍රය එයට වාඩා විශාල රාමුවක් පාවිච්චි කළා සියල්ල හිස් යන අදහසින්, ඒ නිසා තමයි එයත් මතු වෙන්නේ.

      මවුස් එකටා නම් ස්තුතියි, මම චිත්‍ර ඇන්දේ මයික්‍රෝ සොෆ්ට් පේන්ට් එකෙන් නෙවෙයි, එක භාවිතය අමාරුයි, මේ මයි පේන්ට් කියලා ඕපන් සෝර්ස් මෘදුකාංගයක්, නොමිලේ බා ගත හැකි, එයින් නිර්මාණ කරණය පහසුයි.

      තවම වර්ණ භාවිතය මෙහි හුරු නැහැ, ඒ නිසා කළු සුදු වලින් ඇන්දේ, පැන්සල් ඉෆෙක්ට් එක බේස් කරලා. අපි බලමු ඉස්සරහට, වෙලාව තියෙන විදියට බලන්න, 4න් එකෙන් කියෙව්වා කියලා ඇහුවම සතුටුයි. ඉස්තුතියි නංගි :D

      Delete
  13. චිත්‍ර ටික පංකාදු පහයි සොමියා.

    මවුස් එකෙන් චිත්‍ර අඳින්න ට්‍රයි කරල තියෙනව. මට නං බෑ, බෑ මයි...

    නිකමට වගේ පොඩ්ඩක් මේ සයිට් එකට ගොඩවෙලා බලන්න.

    https://cgcookie.com/concept

    ReplyDelete
    Replies
    1. ස්තුතියි පරිකල්පන.

      බැරි දෙයක් නැහැ උත්සාහ කරලා බලන්න, මම මවුස් එකෙන් චිත්‍ර ඇන්දේ 4 වසර ඉඳන්, අම්මලාගේ ඔපිස් එකට ගියාම ඇන්ටිලා මට පේන්ට් දාල දෙනවා අඳින්න. එතකොට තිබුණු මෙහෙයුම් පද්දතිය වින්ඩොව්ස් 95.

      මට පරිගණකය ගැන මහා ලොකු දැනුමක් තිබුනේ නැහැ, කොටින්ම 11 වසරේදීවත් මට නිව් ෆෝල්ඩර් එකක් හදා ගන්න බැහැ, මට පරුගනකය ඒ වෙනකොටත් ආගන්තුකයි. එත් මම හුඟක් දේවල් ඉගෙන ගත්තේ බලාගෙන ඉඳලා. යාළුවොන්ගේ ගෙවල් වල ගිහින්.

      ඉතින් මම කියන්නේ කිසිම කෙනෙක්ට බැහැයි කියලා දෙයක් නැහැ. උත්සාහක කර බලන එකයි වටින්නේ.

      ඔත්තුවට ඉස්තුතියි.

      Delete
  14. Corel Draw, Adobe Illustrator දෙකට හුරු වෙන්න බලන්න!!! මම ගොඩක් official වැඩ වලට ගන්නේ ඒවා!! (official ඒවා නිසා personally post කරන්න බෑ)
    ගොඩක් හොඳට අඳින්න පුළුවං. ජීවමාන පෙනුමක් ගන්න පුළුවං. අැංදා කියලා හිතන්න බැරි තරං හොඳට අඳින්න පුළුවං.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි අදහස් එකතු කලාට, සිරා අයියත් කීවා ඔය ටූල් වලට හුරු වෙන්න කියලා, එත් කම්පියුටර් පෙන්ටින් වලට වඩා ලියනාඩෝ ඩා වින්චිලාගේ පිකාසොලගේ පින්සල් පාරත් වටින්නවනේ, මේ නිකන් කම්මැලි කමට කරපු වැඩක්, සෑහෙන්න කාලෙකට පස්ස චිත්‍ර ටිකක් ඇන්දේ, පන්සල් සෙට් එක මාමලාගේ නැන්දලගේ මල්ලිලා නංගිලා අරගෙන, පාට පෙට්ටිය තිබුණු පොඩි එකෙකුට දුන්නා, ඉතින් අඳින්නම හිතුනු නිසා කම්පීතරේට බැස්සේ. ස්තුතියි නැවතත්, උත්සාහ කර බලන්නම්.

      Delete
  15. අපූරු චිත්‍ර ටිකක්... වැඩිපුරම හිත ගියේ 3වෙනි පින්තූරෙට.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි තුෂානි, මට මතක් වෙනවා ඔයා අර පොඩි ලමයෙක්ගේ වෙසක් තොරණේ සිතුවම් දාපු පොස්ට් එක

      Delete
  16. මටත් වෙනස් රසයක් ගෙනාවේ කාලේ බෝතලේ. පළමු තොටිල්ල සිතුවම අම්මා කෙනෙක්ව සිහියට නඟාගන්න තරන් තාත්වික මදියි කියලා මට හිතුනේ... සරාගික පෙම්වතියක් නම් මතක් වෙවි.

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්