"ඩමි සහ අපි........"



"රුපියල් සත වලින් 
විලි වහන් 
වැරහැලි ඇදන් 
චංචල ලොව චංචලව 
සිප් සිගා කන කල 
දිව මාලිගාවල 
දිව සළු ඇදන් 
දිව්‍ය අප්සරාවන් වන් 
නිසල රූ 
නිසලව බලා හිදියි 
අප දිහා 
අගේ ඇති වස්තරෙන් 
ආඩම්බරව ඔද වැඩී 
නොමැති විලි වසන් 

ටයි කෝට් මහත්තුරු 
වැදගත් නෝනලා 
අපි වෙමු 
උන්ගේ නරඹන්නන්........"

Comments

  1. රුපියල් සත වලින්
    විලි වහන්
    වැරහැලි ඇදන්
    චංචල ලොව චංචලව
    සිප් සිගා කන කල
    දිව මාලිගාවල
    දිව සළු ඇදන්
    දිව්‍ය අප්සරාවන් වන්
    නිසල රූ
    නිසලව බලා හිදියි
    අප දිහා
    අගේ ඇති වස්තරෙන්
    ආඩම්බරව ඔද වැඩී
    නොමැති විලි වසන්

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක්.

    ReplyDelete
  3. නරඹලා විතරක්ම කුමටද
    කඹුරලා එක් කළ අන්තිම සතය
    විදම් කර ගත්තට ඩමියේ ඇඳුම
    ගැලපේද චංචල නුඹට...

    හරිම ලස්සනයි....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්