"බයිසිකලය....."
දිවි බර යෙදා පදින විට
රෝද කැරකෙන අපූරුව
ටිං ටිං සීනු හඬ
ඉඩ ඉල්ලා හඬන හැඩ
මගේ දිවි සරි කළැ
දඬු යකඩ ගොඩ
පදිමි තවමත්
පදිමි හෙටටත්
වෙල මැදින් ගුරු පාරෙන්
ඉගිල යමි
විහගකු ලෙසින්
ඇයව කැන්දන් නුඹ මතින්
ආව හැටි මතකයි සොදින්
ඇය ඇති ඉතින්
මග බලන්
පදිමි හනිකට
කරමි ඉක්මන්
මා දුක සේම සතුටත්
මා දයඩියත්
හැදිනුවේ නුඹයි සබද
නුඹයි ඒ බයිසිකලය........"
දිවි බර යෙදා පදින විට
ReplyDeleteරෝද කැරකෙන අපූරුව
ටිං ටිං සීනු හඬ
ඉඩ ඉල්ලා හඬන හැඩ
මගේ දිවි සරි කළැ
දඬු යකඩ ගොඩ
පදිමි තවමත්
පදිමි හෙටටත්
දිවි බර කරට ගෙන මා අද
ReplyDeleteගෙවා යන මග ජීවිතේ කඩඉමට
මා ලග ඉදන් මට දිරිය දෙන
නුඹයි මිතුර මා යන ගමනට..