"මතකයි මට අද වගේ....." Get link Facebook X Pinterest Email Other Apps October 20, 2010 "මන්දාරම් වැහි කෝඩඉරි තැළුණු මහ පොළොවටජීවය ගෙනා සේවිසිරුනු මගේ ලොවටබලාපොරොත්තු ගෙනවා නුඹමතකයි මටඅද වගේ........" Get link Facebook X Pinterest Email Other Apps Comments ▼ Goshan ▼October 24, 2010 at 6:14 AMNice one bro...! keep it up...ReplyDeleteRepliesReply"සොඳුරු මිනිසා"October 24, 2010 at 8:32 PM@ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.ReplyDeleteRepliesReplyAdd commentLoad more... Post a Comment
යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා October 16, 2014 සියලු සත්වයින් අනන්ත වූ සසර පුරාවට විඳින්නා වූ දුකින් එතෙර කිරීමේ උතුම් අරමුණින් අතර පෙර නිමිති දැක ලෝකයේ යතා ස්වාභාවය දන හැඳින ගිහිගෙය හැර යාමට සිදුහත් කුමරුන් ගත තීරණය ට එක වරම යලි විමසා බලනන්නට තරම් වූ සිදුවීමක් සිදු වූ බව අපි සැවොම දනිමු. " රාහුලෝ ජාතෝ බන්ධන ඡාතං " කුඩා රාහුල කුමරු උපන් ඒ දිනයේ දාරප්‍රේමය හා යශෝදරාවන්ගේ ප්‍රේමයට වඩා සසර දුක බලවත් වූ හෙයින්ම නිදි පැදුරටද නොකියා ගිය සිද්ධාර්ථයන් කෙරේ තමා හා උපන් බිලිඳු ද හැරදා ගිය බව දැන ගත් විට හා ඉන් පසු කුළුඳුල් පුතෙකු සමඟ යශෝදරාව කුමන නම් හැඟීමක් සිත තුල තිබෙන්න ඇතිද, කෙලෙස ඇය තම දුක දරා ගන්නට ඇතිද, නිතර දෙවේලේ තම හිමියන්ගේ රුව නෙත ගැටී ඇයට ඒ මාලිගය තුල දකින හිස් දසුන මග හැරුණු පසු කෙලෙස නම් වීද, යන්න විවිධ මානයන් ඔස්සේ කවීන් කරන ලද ගවේෂණයන් හමුවේ යශෝදරාවන් ගේ සිතෙහි විවිද පැතිකඩයන් කවියන් විසින් ඔවුන් දුටු අයුරින් කවි රස විඳින්නන් වෙත ගෙනහැර ඇත. බෞද්ධ සාහිත්‍යය ඇසුරින් යශෝදරාව කෙරෙහි ගොඩ නැගී තිබුණු පහන් සංවේගය ඒ කවි වලට තවත් බලපෑමක් එකතු කර ඇතුවාට කිසිදු සැකයක් නොමැත. කවිය ගැන බැලීමේදී කවිය හා එය හරහා ගොඩ නැගෙන හැඟීම... Read more
ඔයාට මොකද උනේ රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් (R.M.S. TITANIC)? නැව් ගැන ලිපි 2 June 08, 2014 නැව් ගැන කලින් ලිපියෙන් අලුතෙන්ම හදන කිරි ටොයියා නැවකින් රවුමක් යමුද? මොකද කියන්නේ? කතා කරපු නිසාම මම ඒ ලිපියෙ ඊළඟ කොටස ලියන අතර තුර මතක් වූ දෙයක් නිසා ඔබ කවුරුත් දන්නා ශෝකාන්තයක් තමා රෝයල් මේල් ස්ටීමර් ටයිටනික් නැත්තනම් (R.M.S. TITANIC) ගැනයි කියන්නේ. ටයිටනික් නැව cherbourg වරායෙන් පිටවෙමින් ඉතින් මේ ශෝකාන්තය කොහෙන් කොහොම පටන් ගෙන කොහොම ඉවර කරගන්නද මන්දා. මේ ශෝකාන්තය ඇරඹෙන්නේ 1911 මැයි 31 වැනි බදාදා පස්වරු 12.15. මම හරියටම එහෙම කියන්නේ මේන්න මේ පැහැදිලි සාක්කිත් එක්ක. එත් මේ ශෝකාන්තය එදා පටන් ගත්තත් ඊටත් එහා ගියපු අතීතයක් මෙයට එකතු වෙනවා අයර්ලන්තයේ බෙල්ෆාස්ට් නගරයේ තියෙන ඩ්‍රයි ඩොක් එකක මෙයාව හදන්න මුල පුරන කාලේ ඉඳලම. එත් ශෝකාන්තය ඇරඹුනයි කියලා ලෝකය සාකිකි දෙන්නේ මෙන්න මේ දවසත් එක්ක. ටයිටනික් නැව දියඹට ගිය දවසේ නිකුත් කරපුවා ඉතින් මේ කතන්දරේ පටන්ගන්නේ වසර 1907 දි ඇමෙරිකාවේ ඒකාලේ හිටපු සල්ලිකාරයෙක් වෙච්ච ජේ. පී මෝර්ගන් (J. P. Morgan) කියන මනුස්සයා නැව් සමාගම් කිහිපයක්ම සල්ලි දීල ගන්නවා අත්ලාන්තික් සාගරය හරහා මගීන් ප්‍රවාහනය කරපු. ඔහු මිලදී ගන්නවා වයිට් ස්ටාර් ලයින් (White Star Line) න... Read more
වේසී සහ වේස බල්ලා (රත්නපුර ස්පෙෂල්) October 02, 2014 සුලන් කැළඹිලි මහ පොලවට හුරුය හෙනද සමගින් මහ වැසි ඇද වැටේය බොර දිය ඒ කවදත් බොරම පාටය පහත් තැන් තලා පොඩිකර ගලාය තලන්නට පෙර යකඩය රත් කෙරේය තලනා කලට කිනිහිරටද එය දැනේය තල තලා හොඳ හැටි තැලේදැයි බැළේය තැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේය තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන් කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන් ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින් මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින් තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද මුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙද වේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙද වේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙද ප.ලි. බස්සි අක්කගේ මුතු ඇටේ දැන් කාකි පාටය ලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි. Read more
Nice one bro...! keep it up...
ReplyDelete@ ගොෂාන් : ගොඩක් ස්තූතියි අදහසක් දැම්මට.
ReplyDelete