Posts

Showing posts from October, 2010

"තවකෙකු නොමත......"

Image
"ලොව පුරා සෙවුවෙමි සොයන්නට වෙහෙසුනෙමි මා කැමත්තට රිසි මා අදහසට කැමති තවකෙකු......... හමු නොවූයෙමි එවන්නෙකු මා රිසි දෙයට රිසි ම කැමැත්තට කැමති......... තේරුම් ගත්තේමි එම ගැඹුරු සත්‍යය මා රිසි දෙයට රිසි ම කැමැත්තට කමති තවකෙකු  නොමති බව මෙදියත......... මා දකින සිහිනය තවකෙකු  නොදකින  බව...........

"මම තාම පුංචි ඇති......"

Image
"නුඹ පියන් හැර පෙන්වන ඒ ලෝකයේ තවත් අසරණ වන්නට මට හයියක්  නෑ ඉතින්........ ඔය පියන් හැරදා  අලුත් නිදහසක් සොයා මා පලාගිය ඒ ලෝකය මාව අසරණ කලා අන්තයටම......... පාලුවයි තනිකමයි එකට දරා ජීවිතය සොයා ඉබාගාතේ  ඇවිද්දා මං........ මං මං ගැනම සිතුවා විටෙක සමහර විට මේ ලෝකයට........... මම තාම  පුංචි අති.........."

"මා දැන් මියගිහින්....."

Image
"මා මගේ මරණයට අසරණ කෙරූ නුඹ මගේ මරණය හමුවේ නොවැලපී සිටිනා අරුමය ලොවට කියන්නේ  කෙලසදෝ ඉතින්........... මා දැන් මියගිහින්..............."

"වෙන්නම් සදා නිහඬ....."

Image
"මේ ලෝකයට දෙයක් කියන්නට තැනූ හැමවිට කියුවා මට වහපිය කට.......... ඉතින් මම තවත් කුමට පවසම් දෙයක් ලොවට.............. එහෙයින් වෙන්නම් සදා නිහඬ..........." 

"මතකයි මට අද වගේ....."

Image
" මන්දාරම් වැහි කෝඩ ඉරි තැළුණු මහ පොළොවට ජීවය ගෙනා සේ විසිරුනු මගේ ලොවට බලාපොරොත්තු ගෙනවා නුඹ මතකයි මට අද වගේ........"

"හද ගැහෙන රාවය....."

Image
"නුඹ උදුර ගත් මගේ හදවත ගැහෙන රාවය මට තවම ඇසෙනවා....... කන් දීපන්   ඒ හද ගහෙන රාවය නුඹටත්   ඇසෙනවද කියා......... නුඹට නෑසුනු ලොවටම ඇසුනු හදවත කී   ඒ කතව ඇසෙනවද කියා......."

"තිතක්..........?"

Image
" මගේ හද පතුලෙන් ඉපදිලා මගේ සිතුම් වලින් පණ ලබා මගේ මුවින් නික්මුණු සුසුම් පොදක් සුළගට හසුවෙලා මාන්නෙන් ඉදිමිලා උඩු සුළඟේ   පවෙනා කළ මා දැක කිව්වා මට නුඹ තිතක්............. ඔව් , මම තිතක් හිතක් පපුවක් තියෙන......"

"සුදු සහ කලු....."

Image
" සාධාරණව හම්බ කරපු තාත්තා කනෙක් වැදගත් විඩියට ඇඳගෙන පුන්චි එකෙක්ව අහසට විසිකරනව ලස්සන සමාජේ බලන්න ලස්සන දසුනක් පුන්චි එකාට පන වගේ අදරේලු උඩ දම්මෙ ආදරෙ වැඩි කමටලු ඒ තාත්තා ලොකෙ හොඳම තාත්තා කියල පොඩි එකා දන්නවලු..........." " හොදට හොරකම් කරපු තාත්තා කෙනෙක් වදගත් විදියට අදගෙන පුන්චි එකෙක්ව උඩ දානව කැත සමාජේ බලන්න ලස්සන දසුනක් පුන්චි එකාට ආදරේ කිව්වට එහෙමමත් නෑලු ඌව උඩ දැම්මෙ හිත බර කරගත්ත කාළකණ්නි සතුට නිසාලු පොඩි එකත්   ඒක හොදටම දන්නවලු........."

"වූ........"

Image
සිත ගාව මතකය     වූ නෙත ගාව දසුන      වූ නුඹ මට අහිමි          වූ කාලයයි දුක   උරුම   වූ

"සොඳුරු සන්නිවේදකයන්......."

Image
" අන් අය පවසන දෙය පමණක් නොව ඔවුනට අපට පවසා ගත නොහැකි දෙය පවා තේරුම් ගන්නට අප සමත් වේ නම් අපි වෙමු ඒ සොඳුරු සන්නිවේදකයන්..........."