"තවකෙකු නොමත......"


"ලොව පුරා
සෙවුවෙමි
සොයන්නට
වෙහෙසුනෙමි
මා කැමත්තට
රිසි
මා අදහසට
කැමති
තවකෙකු.........

හමු නොවූයෙමි
එවන්නෙකු
මා රිසි දෙයට
රිසි
ම කැමැත්තට
කැමති.........

තේරුම් ගත්තේමි
එම ගැඹුරු සත්‍යය
මා රිසි දෙයට
රිසි
ම කැමැත්තට
කමති
තවකෙකු 
නොමති බව
මෙදියත.........

මා දකින
සිහිනය
තවකෙකු 
නොදකින 
බව...........

Comments

  1. "මා සිහිනය තවකෙකු නොදකී........."

    ReplyDelete
  2. හදවත හරිම පුංචි තැනක්
    නමුත් එකෙ ගඹුර
    අනන්තයටත් එහා
    ඔබ දකින සිහිනය ඇත්තේ
    ඒ ගැඹුරු අනන්තයේ
    ඔබත් මමත් නොදකින
    කෙලවරක ...............

    ඒ නිසා
    විතෙක ඔබද
    ඔබේ සිහිනය නොදකිනු ඇත .....

    ReplyDelete
  3. @ උශාන් : අනන්ත්යට එහ දිවෙන හදවතින්ම කියමි ගොඩක් ස්තූතියි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්