Posts

යලි හිමිවූ අහිමි අතීතය

Image
මා එදා හවස නිවසට පැමිනීමේ සිටම නිවස එකම යුධපිටියක් විය. මා යහමින් පදම් වී පැමිනෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූවත් මා එසේ නොවි පැමිණීම ඔවුන් මවිතයට පත් කලද මාගේ සිහිය මධුවිතින් තොරවම අහිමි වී තිබුණි. අම්මා ලොකුඅම්මා සහ ලොකු තාත්තා ඇතුලු පිරිස විසින් ඉදිරි ආරක්ශක වල්ලල බිඳ නොහැකිවන සේ දොරකඩ අහුරා සිටිමින් මට සෝලි තැබීම ඇරඹීය.  අප්පච්චී විසින් "ඕකට ගෙට ගොඩ වෙන්නවත් ඉඩ දියල්ලා" යි නිවසේ වූ හාන්සි පුටුවට වී බැරෑරුම් කල්පනාවක නිමග්ණ වී සිටිමින්ම කීයෙන් පසුබා ගිය ඉදිරි ආරක්ෂක වල්ලල හරහා මා හට නිවසට ඈතුලු වීමට ඉඩ හසර ලැබිණි. මගේ ක්‍රියා කලාපය හෙලා දැකීමට මැදිහත් වීම සුදුසු නැතැයි අප්පච්චීට සිතෙන්නට ඇති. එහෙත් සියල්ලන්ම එක්වී මා වැරදි කරුවකු ලෙස නිගමණය කලා මිස එසේ වන්නට, මා එවන් ත්ත්වයකට පත්වූයේ ඇය්දැයි කිසිවෙකුත් සොයා නොබැලුවාය. මා මා වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ්‍යයකු නොමති උසාවියක විත්තිකරු විය. මා හට අපේම උන් ගැන දැඩි පිළිලුලක් සේම කලකිරීමක් ඇති විය. මා හට කරුණු දැක්වීමකට ඉඩ නොතාබාම යුශ්මතා වැරදි කරුද නිවැරදි කරුදැයි නොඅසාම මා වැරදි කරු කලේ ජූරියේම එකමතික තීරණයෙන් හා අපක්ෂපාති වූ අප්...

"අමතක වූ වස්සානයට යලි වඩින්න ඔබත් ඇවිත් එහි තෙමෙන්න........"

Image
පුංචිම පුංචි පිණි කැටයක් තවත් පිණි අහුරු ටිකක් එක්ක කාටත්ම හොරෙන් අවිත් මහ පොලොව තෙමුවා මීට ටික කාලෙකට කලින්. මෙ ඒ පිණි කැටයේ පුංචි කතාවයි .රාත්‍රියේම හොරෙන් ඇවිත් හිරු උදාවත් සමඟම හොරෙන්ම මතක සටහනක් කුරුටු ගාල ගියපු එ පිණි කැටේම මොකක්දෝ කරුමයකට මහා ඉඩෝරයකට අහු වෙලා තනියම එදා මුලින්ම වැටුණු විදියටම කාටත් නොකියම ආයෙත් වියකිලා ගියා අයෙ නොයෙන්නම කියලා පිණි කැටයවත් නොදැනම. එ පිණි කැටේ කාටහ් හොරෙන් පිනි බින්දු හැලුවා මුකුත් නොතියම මහපොලොවට.  හැබයි එ පිණිබින්දුව අහු උන ඉඩෝරය තවමත් ඉවර නැතත් ඒ ඉඩෝරය පිණිබින්දුවට ගොඩක් දේවල කියල දුන්න, ජීවිතයට අරමුණක් එක්ක තරඟයකට ඒ ඒ ඉඩෝරය පිණිබිදුව ඇඩල දැම්ම. පිණි බින්දුව තාමත් ඒ තරඟය කරගෙන යනව පුලුවන් තරම් සාර්තක විදියට.ඇත්තම කියන්න එ පිනි බිංදුව එක දෙයක් නම් ඉගෙන ගත්තා. එ තමයි " WHAT GOES UP, IT COMES DOWN". ඉතින් ඒ පිණි බින්දුව එදා මහ පොලොවට වටුනු දවසෙ ඉඳල පිණි කැටයක් දෙකක් හලලා ගියා මහ පොලොවට. මහ පොලොවත් හරි ආදරෙන් එ පිනි බිංඳු බාරගත්තා. පිණි කැටේත් මග පොලොවත් එක්ක ගනුදෙනු කරන්න ඉගෙන අරන් එ ගනුදෙනුවම ටික ටික වඩි වෙලා ඉතින් ඔන්න පොද වැස්සකුත් උනා...

සයිබරයටත් කියවන ඔබටත් මගෙන් පුංචි ඉල්ලීමක්........

Image
අවුරුද්දත් කිට්ටු වේගෙන නේද එන්නේ. හැමොම මේ දවස් වල ගෙවල් වල පේන්ට් කරනවා  ඇති, කෑම බීම හදනවා ඇති, අලුත් ඇඳුම් ගන්න යනවා ඇති, ඇලුත් වැඩ රාජකාරි ඇති, හැමදේම අලුත් නේද? ඒත් ඒ කරන කියන දේවල් ඔක්කොම දේවල් පරණයි කියලා මම කිව්වොත් කොහොමද? දුවන්නන් වාලේ දුවමින් අවුරුදු කන්නනේද ඔබ මේ යන්නේ? ඔය ඔක්කොම පුහු ආටෝප නේද? "අවුරුද්දකට සැරයයි ගේ පේනට් කරන්නෙ ටිකක් මනුස්සයෝ වගෙ ඉන්න හැදුවම මෙන්න එනව අනන් මනන් කියන්න මේ මොන අමනුස්සයෙක්ද මේ"මම කියන ඒවට ඔබට මෙහෙම හිතෙනවා ඇති. එහෙනම් මෙන්න ඒ අමනුස්සයා ඔබෙන් ඉල්ලන ඉල්ලන දේ. ඔබ අවුරුද්ද ලබන කොටම මොකද කරන්නේ? (ඩෝං පටෝං චට පටාස්) ආහ්! කාරනය පැහැදිලියි නේද?  "එහා ගෙදර එකා රතිඤ්ඤයක් දැම්මා, මන් දානවා තුන් හුලහක් උගේ කන දෙක වෙන්න" පොඩ්ඩක් හිතන්න අපි අවුරුදු අරන් කොහේටද මේ යන්න හදන්නෙ? මේ ඔබ ඔබගෙම මුදල් නේද පුච්චන්නේ, අවුරුද්ද ලබනවිටම මුදල් පුච්චලා ඔබ අවුරුද්ද නාස්තිකාර විදියට නේද පටන් ගන්න සලසුම් කරන්නේ. ගිය අවුරුද්දේ කල දේමද මේ අවුරුද්දෙත් කරන්නේ? ඉතින් ඔබට කොහෙද අලුත් අවුරුද්දක්? ඔබට හැමදාමත් ලබන්නේ පරන අවුරුදුනේ.මේ අවුරුද්දේවත් වෙනස් වෙන් නැ...

පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම

Image
නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

හයි හීල්ස් VS බාටා කටු

Image
බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා  මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා නද දුන්නා මා හඩ මුළු බසය අරා කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා කීවා ගලපා වදන් අනේ සොරි කියා කකුලේ වේදනාව කොහේදෝ ගියා ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා

අළුගෝසු සටහන

Image
"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය. "ප්‍රණය සිඳෙන තුරු එල්ලා තැබුවා 1951.10.15 වන දින පෙ. ව. 11 පසුවී 16 වන මිනිත්තුවේදී" මට එදින 11.15 වන මොහොත ගැන කල්පනා වීය. අකුරු රටා මා දෙනෙත් විඩා ගෙන දුන්නේ මා දැඇස මානයේ එල්ලෙන තොන්ඩුව දෙස බලා හිදින්නට වීමි. "උඹලයි අප්පොච්චි අදත් එකෙක් එල්ල්ලා."අම්මගේ වදන් මාතුල මහත් වූ අපුලක් පියා කෙරේ ඉපදවීමට සමත් වීය. කටගොන්නකට රා කටු හලාගෙන ආ පියාණෝ මහත් වූ පුරසාරම් දොඩවයි. ඒ වදන් මා සවන් වලට යවුලින් අනින්නා  සේම විය. තාත්තාගේ පුරසාරම් වලට හූ මිටි තියනුයේ අම්මාම විය. දෙන්නා දෙමහල්ලන්ගේ වාදයේ අවසානය වනුයේ අම්මා හොඳ හැටි තැලුම් කෑමත් කුස්සිය මුල්ලෙන් ඉකි බිඳුම් හඬකුත් ඉතිරි වීමය. ඊට පසු ඊටත් වඩා මහා හඬින් ඉකි ගසා හඬා හතර ගාතය දා නිදාගනුයේ පෙර රකුසු වෙස් ගෙන සිටි තාත්තාය. ඔහු කවුරුන්දැයි මා තබා අම්මාවත් දැන නොසිටින්නට ඇති වගක් මට හැඟේ. පසල් සමය මා නෝන්ජලයකු කිරීමට පියාගේ රැකියා...

ඔබ කකුස්සි කටක්ද?

Image
කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම් මට හැඟෙන විදිය , මා දකින විදිය සමාජය හමුවේ තැබීමක් බව වටහා ගනු මැනවි. මා මුලින්ම යොමු කලාක් සේම නැවතත් ඔබෙන මම අසනුයේ ඔබ කකුස්සි කටක්ද යන්නය. මේ වන විට ඔබට මා කෙරේ වෛරයක් හෝ පිළිකුලක් ඇතිව ඇත්නම් එය සධාරණය. එහෙත් ඔබත් මාත් කකුස්සි කටකට උපමා කර තිබේ යයි මට හැඟේ. ඔබගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටුකර දෙන අර පික් මේ පික් හාපික් දමා මදින කකුස්සි කට මට සමාන වූයේ කෙසෙද යන පැනය මේ වන විට ඔබට පැන නැගී ඇතුවා නිසැකය.  මිනිහෙක් වෙච්ච මන් කොහොමද යකෝ කකුස්සි කටක් වුනේ , මූට පිස්සුද කියා ඔබට හිතී ඇතිවා මෙන්ම මා කියන්න යන්නේ කුමක්ද යන්නත් සමහර විට ඔබ දන්නවා ඇත. මෙය කීමට මා ප්‍රමාදයයි හැඟේ. කවුරුන් හෝ මීට ප්‍රථම මෙය කියා ඇතයි මම නොදනිමි. නමුත් එය මා ඔබට කියමි. ඔබ මහ මග යන විට මේ පුවරු දැක ඇතිවා මෙන්ම සමහර විට රූපවාහිනියෙන් දැක ඇතැයි මා සිතමි. සැබැවින්ම ඔබට හිතුනේ කුමක්ද යන්න මට සිතුන ඩේ හා සසඳා කියා...