Posts

සයිබරයටත් කියවන ඔබටත් මගෙන් පුංචි ඉල්ලීමක්........

Image
අවුරුද්දත් කිට්ටු වේගෙන නේද එන්නේ. හැමොම මේ දවස් වල ගෙවල් වල පේන්ට් කරනවා  ඇති, කෑම බීම හදනවා ඇති, අලුත් ඇඳුම් ගන්න යනවා ඇති, ඇලුත් වැඩ රාජකාරි ඇති, හැමදේම අලුත් නේද? ඒත් ඒ කරන කියන දේවල් ඔක්කොම දේවල් පරණයි කියලා මම කිව්වොත් කොහොමද? දුවන්නන් වාලේ දුවමින් අවුරුදු කන්නනේද ඔබ මේ යන්නේ? ඔය ඔක්කොම පුහු ආටෝප නේද? "අවුරුද්දකට සැරයයි ගේ පේනට් කරන්නෙ ටිකක් මනුස්සයෝ වගෙ ඉන්න හැදුවම මෙන්න එනව අනන් මනන් කියන්න මේ මොන අමනුස්සයෙක්ද මේ"මම කියන ඒවට ඔබට මෙහෙම හිතෙනවා ඇති. එහෙනම් මෙන්න ඒ අමනුස්සයා ඔබෙන් ඉල්ලන ඉල්ලන දේ. ඔබ අවුරුද්ද ලබන කොටම මොකද කරන්නේ? (ඩෝං පටෝං චට පටාස්) ආහ්! කාරනය පැහැදිලියි නේද?  "එහා ගෙදර එකා රතිඤ්ඤයක් දැම්මා, මන් දානවා තුන් හුලහක් උගේ කන දෙක වෙන්න" පොඩ්ඩක් හිතන්න අපි අවුරුදු අරන් කොහේටද මේ යන්න හදන්නෙ? මේ ඔබ ඔබගෙම මුදල් නේද පුච්චන්නේ, අවුරුද්ද ලබනවිටම මුදල් පුච්චලා ඔබ අවුරුද්ද නාස්තිකාර විදියට නේද පටන් ගන්න සලසුම් කරන්නේ. ගිය අවුරුද්දේ කල දේමද මේ අවුරුද්දෙත් කරන්නේ? ඉතින් ඔබට කොහෙද අලුත් අවුරුද්දක්? ඔබට හැමදාමත් ලබන්නේ පරන අවුරුදුනේ.මේ අවුරුද්දේවත් වෙනස් වෙන් නැ...

පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම

Image
නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

හයි හීල්ස් VS බාටා කටු

Image
බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා  මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා නද දුන්නා මා හඩ මුළු බසය අරා කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා කීවා ගලපා වදන් අනේ සොරි කියා කකුලේ වේදනාව කොහේදෝ ගියා ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා

අළුගෝසු සටහන

Image
"සමරපාල පොඩිසිඤො" මම අඳුරු කුටියේ වූ කලු ලෑල්ලේ හුණු කූරක් මැවූ රටා කියවුවෙමි. ඒ මිනිසෙකුගේ නමක් වීය. මෙලොව විසූ තවත් එක් මිනිසෙකුගේ නමක් විය.  ඔහු කවුරුන්දැයි මා නොදනිමි. කලු ලෑලලේ මෙසේද වීය. "ප්‍රණය සිඳෙන තුරු එල්ලා තැබුවා 1951.10.15 වන දින පෙ. ව. 11 පසුවී 16 වන මිනිත්තුවේදී" මට එදින 11.15 වන මොහොත ගැන කල්පනා වීය. අකුරු රටා මා දෙනෙත් විඩා ගෙන දුන්නේ මා දැඇස මානයේ එල්ලෙන තොන්ඩුව දෙස බලා හිදින්නට වීමි. "උඹලයි අප්පොච්චි අදත් එකෙක් එල්ල්ලා."අම්මගේ වදන් මාතුල මහත් වූ අපුලක් පියා කෙරේ ඉපදවීමට සමත් වීය. කටගොන්නකට රා කටු හලාගෙන ආ පියාණෝ මහත් වූ පුරසාරම් දොඩවයි. ඒ වදන් මා සවන් වලට යවුලින් අනින්නා  සේම විය. තාත්තාගේ පුරසාරම් වලට හූ මිටි තියනුයේ අම්මාම විය. දෙන්නා දෙමහල්ලන්ගේ වාදයේ අවසානය වනුයේ අම්මා හොඳ හැටි තැලුම් කෑමත් කුස්සිය මුල්ලෙන් ඉකි බිඳුම් හඬකුත් ඉතිරි වීමය. ඊට පසු ඊටත් වඩා මහා හඬින් ඉකි ගසා හඬා හතර ගාතය දා නිදාගනුයේ පෙර රකුසු වෙස් ගෙන සිටි තාත්තාය. ඔහු කවුරුන්දැයි මා තබා අම්මාවත් දැන නොසිටින්නට ඇති වගක් මට හැඟේ. පසල් සමය මා නෝන්ජලයකු කිරීමට පියාගේ රැකියා...

ඔබ කකුස්සි කටක්ද?

Image
කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම් මට හැඟෙන විදිය , මා දකින විදිය සමාජය හමුවේ තැබීමක් බව වටහා ගනු මැනවි. මා මුලින්ම යොමු කලාක් සේම නැවතත් ඔබෙන මම අසනුයේ ඔබ කකුස්සි කටක්ද යන්නය. මේ වන විට ඔබට මා කෙරේ වෛරයක් හෝ පිළිකුලක් ඇතිව ඇත්නම් එය සධාරණය. එහෙත් ඔබත් මාත් කකුස්සි කටකට උපමා කර තිබේ යයි මට හැඟේ. ඔබගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටුකර දෙන අර පික් මේ පික් හාපික් දමා මදින කකුස්සි කට මට සමාන වූයේ කෙසෙද යන පැනය මේ වන විට ඔබට පැන නැගී ඇතුවා නිසැකය.  මිනිහෙක් වෙච්ච මන් කොහොමද යකෝ කකුස්සි කටක් වුනේ , මූට පිස්සුද කියා ඔබට හිතී ඇතිවා මෙන්ම මා කියන්න යන්නේ කුමක්ද යන්නත් සමහර විට ඔබ දන්නවා ඇත. මෙය කීමට මා ප්‍රමාදයයි හැඟේ. කවුරුන් හෝ මීට ප්‍රථම මෙය කියා ඇතයි මම නොදනිමි. නමුත් එය මා ඔබට කියමි. ඔබ මහ මග යන විට මේ පුවරු දැක ඇතිවා මෙන්ම සමහර විට රූපවාහිනියෙන් දැක ඇතැයි මා සිතමි. සැබැවින්ම ඔබට හිතුනේ කුමක්ද යන්න මට සිතුන ඩේ හා සසඳා කියා...

අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ

Image
අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්දයි ඒවා රිදුනු සිතේ සෝ සුසුමන් ඇතිවයි බෝමා බිදුණු රලේ පෙන කැටි සේ විසිර ගියෙයා සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ  විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ 

ඈ නාමලීය

Image
ඈ යලිත් මට මුණ ගැසුණාය. ඒ වන විට ඈ පුරන් වූ කුඹුරක් සේ මට දිස්වුනි. ඇගේ දෑස් මලානික වී තිබුණි. ක්ෂණික මතකයන් සමුදායක් මා මනසේ සිතුවම් පෙළක් සේ ඇඳී බොඳවී ගියාය. ඈ මාහා සිනාසිනි.මමද පෙරලා ඈ හා සිනාසුනෙමි. ඈ නාමලීය.  ඈ මාගේ පෙර බිරිඳ වූවාය. නාමලක් සේම ඈ මා දිවිය සුවඳවත් කලාය. නමුත් ඒ සුවඳ සදහටම උරුම කර ගන්නට තරම් මම වාසනාවන්තයෙක් නොවීමි. අතීතය සිහිවී මට නිතතින්ම බැලුනේ ඇගේ ලැම දෙසය.  ඒ සමගම ඈ අතින් අල්ල සිටි සමීර පුතු මා හදුනාගත්තේ, තාත්තී යයි කියමින් පැමින උණුසුම් හාදුවක් පිරිනමන ලද්දේ හොටු තලියක්ද මා මුහුනේ අතුල්ලාය. මට පිලිකුලක් නොදැනිනි. මා පුතු වඩාගත් අයුරු දැක ඈ ‍නෙතු කඳුලින් තෙමී තිබුනි. ඈ මා අසලට පැමින "පුතා තාත්තිට කරදර කරන්න එපා" යයි කීවාය. ඇගේ බසට ආවනත නොවූ පුතු සුරතල් බස් දොඩන්නට විය.  අමාරුවෙන් වචන ගලපාගත් මා "නාමලී, ඉතින් කොහොමද කියා ඇසීමි. ඈ කඳුලත් සිනාවත් අතරින් මා මුහුණ දෙස බලා උන්නාය. මා ඇසූ ගොන් පැනයට සියලු පිලිතුරු ඇගේ මුහුනේ රැඳී තිබුනි. බොහෝ දුරක් පයින් ආ නිසාදො ඈ වෙහෙසට පත්ව සිටියාය. දූවිලි කාස්ටකය ඇගේ මුහුන සහ මුදු කෙස් කලඹ යටපත් කර නැගී තිබුනි. මට ම...