Posts

"මගේ වාරය එනතුරා......"

Image
"උදේ ඉදන් හවස් වෙන තුරා මේ පීලි මතින්  දුවන යකඩ ගොඩට වඩා  මගේ මල්ලියා  කොච්චර බරද...... මහ පාරෙ මේකව  වඩන්  තැනින් තැනට  අත පපා යන කොට  "අනේ පව් අසරණී" එකෙකුගෙ  මුවින් බිනෙන විට "පල යන්න අහකට" සියයක් මුවින් බිනෙයි..... යන්තම් වේල   ගැටගහගත්තට  මල්ලිට ඇන්කර්, නෙස්ප්‍රේ  අරන් දෙන්න  මට සල්ලි නෑ  ඒ අසරණය ඒව දැකල  නැති නිසා ඉල්ලලා  වද දෙන්නෙත් නෑ  යන්තම් මාසයක් දෙකක්  අම්මගෙ දෙතනෙන්  කිරි බීපු ඒකට  අධිපෝසනේද  මන්දපෝසනේද  මම දන් නෑ  මේ පීලි මත දුවන  යකඩ ගොඩේ උදව්වෙන්  පීලි මතම මියැදෙන  දහසක් උන් අතර  මමද මගේ වාරය  එන තූරා  බලා සිටින්නෙමි  දෑස් අයා ඒත් උඹවත් අරන්  යන්නේ කෝම......?

"දිවියට පනමක් දෙකක්......."

Image
"මහලු දිවිය  ගැටගහගන්න  පනමක් දෙකක් සොයා  උදේ ඉදන් හවස්  වෙනතුරා  යැදලා යැදලා  හොයාගත්තා  පනමක්...... උදේට කාපු පාං වාටිය  උගුරට එනව  බඩ පොත්ත  ඇකිලිල පිටටම මහලු වයසේ  දිවිය මහමග කවද හරි  දවසක  මැරෙයි පාරෙම  බල්ලොයි  කපුටොයි  එදින  තනි රකියි  මිනියට...... බයක් නැහැ  මැරෙන්නට  අනේ ඒත්  යලි උපදින්න එපා අම්මා අප්පා අදුනන් නැති  එවුන් ලග......"

"සබඳ මේඝය ඉතින් වැහැපන්......."

Image
"අව් කාස්ටකේ වල් කොටල ගිණි තියල පින් බිම හදා ගත්ත කැලේ ගස් එක්ක හැප්පිල ද ඬු  වැටත් බැ ඳ ගත්ත ඉල් මහේ නුඹ ඇවිදින් හිත පුරා අහස් දිය දෙනවයි කියා බටහිර අහසේ ඉ ඟ ි පෑව හන්දා හන්දියේ මුදලාලිගෙන් ණයට ගත් කුරහන් සමග මෑ වපුරන්නයි සූදානම සබ ඳ මේඝය ඉතින් වැහැපන් මේ බිම සරුවී අපේ හිත් පිරෙන්න කුරහන් කැකුළු දළු ලා හිනැහෙනු දකින්න ප්‍රිය බිරි ඳ තැම්බූ තලප ගුලියක් කා රෑ පැලේ අලිත් එක්ක හැප්පෙන්න සබඳ මේඝය ඉතින් වැහැපන් අපේ පැතුම් පූදිනු දකින්න........."

"සිරිපොද වැස්සේ කුඩයක් යටින්........"

Image
"සිරිපොද වැස්සේ කුඩයක් යටින් යුවලක් යයි එකට තුරුල් වී මුමුණමින් පෙම් බස් වැහි බිඳු උන්ගේ ගත තෙමයි අහස ගොරණාඩු කළ විට ඊට බියේ ඈ තවත් ඔහුට තුරුළු වෙයි එවිට ඇගේ නලලත හාදුවකින් උණුසුම් වෙයි හමන පවන කුඩය හා දඟ කරයි ඔහු තරුලේ ඈ දඟ කරයි මා කබල් කුඩෙන් යන්තම් හිස වසන් උන් දෙස බලා සිහිපත් කලා අපේ ඒ මියුරු අතීතය......"

"නුඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්........"

Image
"ගොදුරක් හොයා ඇදීගෙන හතුරෙක්ට ඔය පෙන ගොබේ පුප්පගෙන තුඹහකට වෙලා දරන ගහන් නිදියගෙන නිදහසේ උන්නු උඹේ දිවිය බට පෙට්ටියක හිර කරන් එහාට මෙහාට කුදලන් ගිහින් උඹව නටව නටව උඹට දෙන දස වදේට මට සමාවෙයන් නයි හාමි , එක අතකින් මම වැරදිත් නෑ මේක අපෙ පරම්පරාවෙන්ම එන උරුමෙ අපේ අප්පොච්චිලත් උඔලගෙ වරිගෙ උන්ව හිරකරන් නටවපු එකේ මටයි කියල ඒකෙ වෙනසක් නෑ අපි උඹලට දෙයියන්ට වගේ සළකනව සත්ව හින්සනේ සමාජ සම්මතේ ඔය බම්බු වලින් අපේ බඩවල් රැකෙන් නෑ බං බඩ රැකුනොත් තමයි අපි රැකෙන්නෙ උඹ නැටුවොත් තමයි අපේ බඩවල් සැනහෙන්නෙ අපිට නින්ද යන්නෙ මං නලාව පිඹින්නං ඉතිං උඹ නටාපං අපේ හෙට දවස වෙනුවෙන්..........."

"නුඹ කොහේදෝ අද මා කොහේදෝ........"

Image
"පාළුව තනිකම  හද හඬවන විට  ක්ෂිතිජ ඉමේ  නුඹ  මැවී පෙනේ මට  මා නෙතු  සැමදා පැතූ  නුඹේ රුව  නෙතගින් ගිලිහී  ගොසින්  අද  පාළුයි  මා දිවිය  නුඹ නොමැති  ලෝකයේ නුඹ කොහේදෝ  අද  මා කොහේදෝ  මා සිනහවන්  කඳුළු වී  වැටේ  මා දෙපතුලට  මගේ සිහිනයන්  සැඟවේ  මිහිදුම්  වළා අතර මා සිත  තවමත් සොයයි  නුඹේ පෙම  දැනේ මට  සිතින් තවමත්  නුඹ මගේ  ළඟම බව නුඹ කොහේදෝ  අද  මා කොහේදෝ........"

"ඒ අපේම ජීවිතේ නිසයි....."

Image
"එළියට බහින්න අහස පොඩ්ඩක් බලන්න මතක් කරන්න අන්තිමටම අහස ඕන කමින් බැලුවෙ කවද්ද කියලා අපි අපිත් නොදැනම යන්ත්‍ර වෙලා නෙ ඉර නගිනවා ඉර බහිනවා මල් පිපෙනවා සමනල්ලු පියාඹනව මේව බලන්න කෝ අපිට වෙලාවක් අයියෝ ඕව බැලුව කියල අපිට ඇත් ඵලේ මොකක්ද ? පොඩ්ඩක් හිතන්න මේ අපේ හිතමද කියල හ්ම්....... ඇත්ත නේද ඒත් ඒක හිතන්නත් වෙලාවක් කොහෙද ? අපි අපිත් නොදැනම ලොකු මිනිස්සු වෙලා නෙ අපිට අහිමි වුණු අපේම කියල කාලයක් තිබුනද වත් මතක නෑනෙ ඒ කාලෙ කොච්චර ලස්සනද කොච්චර සුන්දරද ආයෙත් ඒ කාලෙට යන්න පුලුවන්නම් කොච්චර නිදහසක් තිබුනද හිතේ මෙලෝ බරක් නෑ හිතෙනකොට නිකම්ම සුසුමක් මුවින් පිටාවෙනව නේද ඒ අපේම ජීවිතේ නිසයි......"