මම නොවන සමලිංගික වූ මම (මනුස්ස චරිත පිලිබඳ කතාවක්)
" මොකක්ද මේ බහුබූතේ මම gay ද ? යකෝ මංවත් නොදැන මම ගේ වෙලානේ ඔව් එසේ මෙසේ ගේ එකෙක් නෙවේ ගේ කුරුල්ලෙක්ම වෙලා හෙක් හෙක් විසි එක් වැනි සියවසට ගලපවපු ගේ කුරුල්ලෙක් 4G LTE යුගයේ 3G වලින් බලගැන්වුණු ගේ කුරුල්ලෙක් " මේක මේ කියන්න කලින් ඇත්තටම මට තාමත් මේ ගැන පට්ටේටම හිනා. මේක මතක් වෙද්දී ඇත්තටම කියනවනම් කට කොනකින් මට තවමත් හිනා යනවා. ඇත්තටම මේක මම ගැන මම නොවෙන කතාවක්. මම ගැන කිව්වට අපි වටා අපිත් එක්කම ඉන්න මනුස්ස චරිත පිලිබඳ කතාවක්. ඇයි මම මෙහෙම මේ සමලින්ගිකත්වයක් ගැන කතා කරන්නේ ? ඒ පැනයට පිළිතුරු මේ ලිපිය තුලම ඔබට හොයා ගහ හැකි වෙයි. අද ලාංකීය සමාජය තුල ගුද මාර්ගය අදායම් මාර්ගයක් කරගත් පිරිස් නැහැ කියලා කියන්න ඔබට පුලුවන්ද ? හොඳයි , සමලිංගිකත්වය පිලිබඳ ඔබ දරන මතය කුමක්ද ? ඇත්තටම කාමාශාවල් සපුරා ගන්න සමලින්ගිකත්වය බාවිතා කල හැකිද ? ඕනා එකක් , එහෙත් මේ සම්බන්දව සංස්කෘතික සමාජය ගොඩ නගා ගත විවිධ රාමු තියෙන බව පැහැදිලියි. හුඟක් අය මේ දෙස බලන්නේ තමන් දාගත්ත කණ්ණාඩියේ වර්ණයෙන් පෙරිලා එන පාටිනුයි. ඔව් සමලිංගිකත්වය ඒ විදියට ගත්තම පාට පාටයි. ඒ අතරේ ඔබ දකින පාටකුත් ඇති. ඒ පාට පාට සමලිං...