යලි හිමිවූ අහිමි අතීතය
මා එදා හවස නිවසට පැමිනීමේ සිටම නිවස එකම යුධපිටියක් විය. මා යහමින් පදම් වී පැමිනෙනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වූවත් මා එසේ නොවි පැමිණීම ඔවුන් මවිතයට පත් කලද මාගේ සිහිය මධුවිතින් තොරවම අහිමි වී තිබුණි. අම්මා ලොකුඅම්මා සහ ලොකු තාත්තා ඇතුලු පිරිස විසින් ඉදිරි ආරක්ශක වල්ලල බිඳ නොහැකිවන සේ දොරකඩ අහුරා සිටිමින් මට සෝලි තැබීම ඇරඹීය. අප්පච්චී විසින් "ඕකට ගෙට ගොඩ වෙන්නවත් ඉඩ දියල්ලා" යි නිවසේ වූ හාන්සි පුටුවට වී බැරෑරුම් කල්පනාවක නිමග්ණ වී සිටිමින්ම කීයෙන් පසුබා ගිය ඉදිරි ආරක්ෂක වල්ලල හරහා මා හට නිවසට ඈතුලු වීමට ඉඩ හසර ලැබිණි. මගේ ක්‍රියා කලාපය හෙලා දැකීමට මැදිහත් වීම සුදුසු නැතැයි අප්පච්චීට සිතෙන්නට ඇති. එහෙත් සියල්ලන්ම එක්වී මා වැරදි කරුවකු ලෙස නිගමණය කලා මිස එසේ වන්නට, මා එවන් ත්ත්වයකට පත්වූයේ ඇය්දැයි කිසිවෙකුත් සොයා නොබැලුවාය. මා මා වෙනුවෙන් පෙනී සිටීමට නීතීඥ්‍යයකු නොමති උසාවියක විත්තිකරු විය. මා හට අපේම උන් ගැන දැඩි පිළිලුලක් සේම කලකිරීමක් ඇති විය. මා හට කරුණු දැක්වීමකට ඉඩ නොතාබාම යුශ්මතා වැරදි කරුද නිවැරදි කරුදැයි නොඅසාම මා වැරදි කරු කලේ ජූරියේම එකමතික තීරණයෙන් හා අපක්ෂපාති වූ අප්...