වේසී සහ වේස බල්ලා (රත්නපුර ස්පෙෂල්)



සුලන් කැළඹිලි මහ පොලවට හුරුය
හෙනද සමගින් මහ වැසි ඇද වැටේය
බොර දිය ඒ කවදත් බොරම පාටය
පහත් තැන් තලා පොඩිකර ගලාය

තලන්නට පෙර යකඩය රත් කෙරේය
තලනා කලට කිනිහිරටද එය දැනේය
තල තලා හොඳ හැටි තැලේදැයි බැළේය
තැලෙනා යකඩෙට මිටියෙත් පහර වැදේය

තොවිල් නටන්නේ දැන් දැන් මහ පාරේ මැදය
කට්ටඩි අඳින්නේ ඇඳුම් කාකි රෙද්දෙන් මැසූය
යක්කු හිඳින්නේ තාමත් උන් හිටි තැන් පලේය
ආතුරයින් ගුටිකන්නේ යාකා පැටලිලා වගේය

බඩගින්නට ඇඟේ මාළු විකුණන එකීට කියන්නේ වේසි
වේසිගෙ පහස විඳි උන් කියයි හරියට එය වගේලුනේ ඒසී
ඒසී කාර් වලින් ඇය දාගෙන යද්දී නම් අපේ මේ වීර පීසී
පීසී පවර් බැහැලා බලු වෙනවානේ පතමින් ලොකු වාසී

දුක වේදනාව රිදුම හා කඳුල යන මේ මිනිස් හැඟුමන්
කැමරා පෝන් කාච ඉදිරෙයේ වෙනනේ රුප සටහන්
ඉදිරියේ හුන් එකා මලත් වටේ උන්ටික හරිම සතුටින්
මක් කරන්නද කියනු මිස මටනම් උනව තූ නොදකින්

තැලෙනා යකඩ කවදා හෝ මුවහත් නොවෙද
මුවහත් යකඩ ගෑවුනත් කැපෙනවා නොවෙද
වේසිය උනත් ඒ තවත් ගැහැනියක් නොවෙද
වේසිට තැලූ එකා වේස බල්ලෙකු නොවෙද

ප.ලි.

බස්සි අක්කගේ මුතු ඇටේ දැන් කාකි පාටය ලිපිය කියවා එහි පලකල කමෙන්ටුවක් මෙසේ පලකලෙමි.

Comments

  1. සිරාම ටෝක ඒකනම්.... හිකිස්... :D

    ReplyDelete
    Replies
    1. සිරා ටෝක් කියන්න වෙනවා මේ අහන දකින විදියට :|

      Delete
  2. තලනා තැලිල්ලට මගේ හදවත පලු වේය..

    ReplyDelete
    Replies
    1. කාටවත් හොදනෑ වැඩක් නෑ කියලා කියන්න හොද නෑ.. හොදයිම කියල කිව්වම ඉවරයි.. හැක්..

      Delete
    2. ඒ මොකද දේශක අයියා? තලන තලිල්ලට මමත් ෆුල් හොල්මන් උනා,

      මොකක්ද //කාටවත් හොදනෑ වැඩක් නෑ කියලා කියන්න හොද නෑ.. හොදයිම කියල කිව්වම ඉවරයි// කතාව ?

      Delete
    3. දේශා.. පැහැදිලි කරලා පොස්ටුවක් දාන්න වෙයි වගේ

      Delete
    4. ආ එ්ක මේ අපේ බස්සිගෙයි අපෙයි කතාවක්.. හැරිය... හැක්.. හැක්..

      Delete
    5. දේශක +++++++++++++++++

      ඉවාන් ?

      Delete
    6. @ විදානේ අයියා : අනිවාර්යයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යය වෙනවා නේ? පොස්කටුවක් දාවිද මන්දා :)

      Delete
    7. @ දේශක අයියා : බස්සි අක්කා කියපුවාට හිත රිදිලාද? :p

      Delete
    8. @ ප්‍රා :ගින්නක් වගේ, පිදුරු අහුරක් දාමුද :D

      Delete
    9. @ Som,
      සුරුට්ටු හෑව්

      Delete
    10. @ ඕල්..

      කැකුණ හෑව්... හැක්..

      Delete
    11. @ ප්‍රා : පත්තු පත්තු මචෝ.

      Delete
    12. @ දේශක අයියා : තලමු තලමු :D

      Delete
  3. මේක මේ දැන් කියෙව්වනේ ,බස්සිගේ එකේ කොමෙන්ටුවක තිබිලා , එතනත් එලද බ්‍රා කියල මෙතනත් එලද බ්‍රා කියන්න වුනා, මෙන්ඩිගෙන් ගුටි කන්න වෙනවා දැන්

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් මෙන්ඩියා අයියාට දැන් කියන්න වෙන වචනයක් හදා ගන්න වෙනවා, :D

      Delete
    2. ඇරපන් ඉවාන් කට ගල් කාලක් වක්කරන්න..
      ඉදා කාපාන් වඩේ කැල්ලකුත්..
      එල ද බ්‍රා

      Delete
    3. තොපිලා බ්‍රා එකට කෙලින්නෙ නැතුව වෙන මලඉලව්වක් හොයා ගනියව්...නැද්ද මෙන්ඩිස් අයියා...

      Delete
    4. හෙක් හෙක් (කොපි ෆ්‍රොම් දේශක අයියාස් හැක හැක)

      Delete
  4. සිරා ටෝක සොමියෝ.... ලංකාවෙ විතරයිලු තනි අතින් අත්පුඩි ගහන වේසියො ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. හෙක් සමහර විට ස්වයං අපයෝජනය වෙන්නෙත් මෙහෙ වෙන්නැති මගේ හිතේ :D, අර කව්ද කියන්න වගේ දම් මේක අමුතු ඇටේ වෙලාද කොහෙද?

      Delete
  5. අනිවා ඌ වේස බල්ලේක්..
    එල ද බ්‍රා ලියවිල්ල

    ReplyDelete
    Replies
    1. හෙක් හෙක් මෙන්ඩයියා, එකෙන්ම බසා වෙල්ලෙක්

      Delete
  6. මේ ගැන ලිව්වට බොහොම පින්... දැන් පොන්නයෝ හා වේසා බල්ලෝ උදුල් ප්‍රේමරත්නට ගහනවා..

    ReplyDelete
    Replies
    1. උදුල් ඕක මැද්දට පාත් වෙච්ච එක තමා මට තියෙන ප්‍රශ්නේ..

      Delete
    2. @ මාතලන් අයියා : අනේ මදා බස්සි අක්ක ලියපුවයි අර වීඩියෝ එකයි දැක්කම හිතට ආපුවා එතන ලියලා මෙතැ අත හැරියා, උදුලගේ කතාව මොකක්ද?

      Delete
    3. @ සෑම් අයියා : උදුල උදැල්ල දාලද?

      Delete
  7. වපුරන තරමට අස්වැන්න..

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වපුරපු තරමට නෙවේ විදානේ අයියේ දැන් කාලේ පොර ගහපු තරමට තමා අස්වැන්න සෙට් වෙන්නේ

      ජයවේවා!!!

      Delete
  8. මරු ටෝක.. වේස බල්ලොන්ගෙ කන පැලෙන්නම ලියල තියේ..

    ReplyDelete
    Replies
    1. මෙහෙම ඒවා ලියන්න වෙන එක තමා තියෙන ලොකුම ගැටලුව සංචාරක සහෝ

      Delete
  9. සොමියා උබ දන්නවද සමහර පෝස්ට් වලට දාන කමෙන්ට්, පෝස්ට් විදිහට දාන්න තරම් අන්තර්ගතයක් තියෙනවා..

    හරියට මේ පෝස්ට් එක වගේ..

    ජය !

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක අන්තිමේ පොස්ට් එකක්ම උනා සෑම් අයියේ. ජය වේවා!!!

      Delete
  10. තමුන්ගේ මට්ටම්, තම්මැට්ටම්!

    ReplyDelete
    Replies
    1. මට්ටම තම්මැට්ටම උනාට වෙන වෙන එවුන්ට එකට තට්ටු දාන්න දෙන්න එපා, තමන්ම තමා එකට තට්ටු දාගන්න ඕනා උපේක්ෂා :D

      Delete
  11. හප්පේ ලියල තියෙනවා ලිවිල්ලක් සුපිරියි

    ReplyDelete
    Replies
    1. එත් ඇත්තම කතාව මේවා ලියන්න නොලැබේවා කියලා හිතන එක තමා.

      Delete
  12. සුපිරි ලියවිල්ලක්... !!!
    එලටම දීලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධුරංග අයියා, අනේ මන්දා මේවා ලියන්න මේවගේ දේවල් අහන්න දකින්න උනානේ.

      Delete
  13. හප්පේ සැරටම ලියලා තියෙනවා..

    ReplyDelete
    Replies
    1. ලීවා සැර වැඩිද මන්දා

      Delete
  14. හි හී සුපිරි ලියවිල්ල. අම්මප මුන්ට දැන් මහපාරත් අමතකවෙනවනෙ තියෙන කුලප්පුවට

    ReplyDelete
    Replies
    1. මහපාර අමතක කරාට රගපාන්නේ මහපාරේ නොව දැන්, බලන්න චිත්‍රපටියට ලැබෙන ප්‍රචාරය, එක ඇත්තටම අනර්ග කෙටි චිත්‍රපටියක්, මනුස්ස හැඟීම් ප්‍රකම්පනය කරනවා.

      Delete
  15. සොමී සුපිරියි මේක.උඹ දන්නවාද පව්කරා ගෑනියෙක්ට ගල් ගහන්න හදපු වේලාවේ යේසුස් වහන්සේ කිවේ පව් නොකරපු කෙනෙක් පළමු වැනි ගල ගහන්න කියලායි.කවුරුවත් ගල් ගැහුවේ නැහැ.ගහන්න බැහැ,මොකද පව් නොකරපු එකෙක්වත් නැහැ.දැන් මේ බට්ටි වේස ගෑණියෙක් කියලා ඇඟිල්ල දික් කරන වුන් ඔක්කොම හොඳම ධාර්මික අයද ?
    මේවා ගැන මෙහෙම ලියන එක හොඳයි.නැතිනම් මේක නපුංසක සමාජයක් කියලා හැමෝම හිතයි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම, ගෑනියෙක් වෙස කමේ යන්න හේතුවක් තියෙනවා, මදන විසේට මෝලට ඉන්න බැරිම ගයට වෙස කමේ යන එවුනුත් ඇති, හැබැයි බහුතරයක් එහෙමමද? අපේ උන් කවදත් ඵලයට ගහනවා මිසක් ඵලයක් හැදෙන්න මුල් වෙච්ච හේතුව ගැන එකෙක් කතා කරන්නේ නැහැ, සමාජය නපුන්සක නැහැ, ක්‍රමයයි නපුන්සක.

      Delete
    2. මනෝ...එල ද බ්‍රා

      Delete
    3. හෙක් හෙක් මෙන්ඩයියා අන්න ඒ බ්‍රා එක තමා :D ජය වේවා.

      Delete
  16. අනේ මන්ද මේවා කියවද්දී පිස්සු වගේ O.o

    ReplyDelete
    Replies
    1. පිද්දුවට වඩා මටම ලැජ්ජයි නැඟී මෙහෙම දෙයක් ලියන්න සිදුවීම ගැන,

      මටනම් දුක මම ගැනම, මොකද මම තුලත් තවමත් කිනම් හෝ අයුරකින් මමවත්වය තියෙන නිසා. සියල්ලටම මුල මමය මගේය කියන එක. මමෙන් මිදිලා මේ අපි අපිමනේ කියන තැනට සමාජය තල්ලුවෙච්ච දවසකට ප්‍රසිද්දියේ ඇඳුම් ගලවපු බට්ටිලාට ඒ ගලවපු උන්දලාම ඇඳුම් අන්දවාවී. එත් ඒක................

      Delete
  17. මට මහන්සියි බං කමෙන්ට් කොරන්න....

    ReplyDelete
    Replies
    1. අවුලක් නැහැ කෙන්ජි තුමා සාදරෙන් පිලිගන්නවා.

      Delete
  18. බට්ටි ඡන්දෙ ඉල්ලුවා නම් පබාටත් උඩින් දිනන්නෙ...

    ReplyDelete
    Replies
    1. හෙක් නියම කතාව සිරා අයියා.

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්