පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම


නුඹ වෙන්ව ගිය බව පිලිගන්නෙ මම කෝම
නුඹට කල ආදරේ වෙනසක් නෑ මගෙ තාම
නුඹ දුන්න දුක ඉතිං ඉවසන්නෙ මම කෝම
නුඹෙ නමින් හඬන්නට කඳුළු ඇත තව බෝම

සරසවි බිමේ සුවඳැති මල් පිපෙයි හැමදාම
මල් සුවඳ විඳගන්න අහිමියිද මට ඒ වරම
නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම

වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම.......

Comments

  1. වස්සානය ඇද හැලෙයි කඳුළු කැට අතරින්ම
    තෙමෙන්නට හිතක් නෑ ඉතින් මට පෙරසේම
    වැහි බින්දුවල සිසිල දැනෙන්නේ මට කෝම
    නුඹට ඇති ආදරෙන් උණුසුම්ය හිත තාම

    අනේ මේ කවි ඔයා දකිනවානම්..............

    ReplyDelete
  2. ආදරත් තඩි දුකක්
    දැන දැනම ඒ බව මමත්
    කරයි මුසපත් වි
    ආදරේ තවත්

    ReplyDelete
    Replies
    1. නුඹෙ ආදරේ දුක් දෙන තරම්
      මම ආදරෙයි නූඹට එතරම්

      ස්තූතියි

      Delete
  3. \\නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම......\\

    ලස්සනම ලස්සන පද ගැලපුමක් අයියෙ..

    ReplyDelete
  4. "නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්.."

    මමනම් අහන්නේ එහෙමයි.. කවි පෙල ලස්සනයි සහෝ..

    ReplyDelete
  5. ස්තූතියි අයියේ
    එයාම මේ කවි හිත නෙතේරුනාට මේ හිත තාමත් එයා වෙනුවෙන් මග බලන් ඉන්නවා.

    ReplyDelete
  6. “නුඹ වෙන්ව ගිය බවක් ඉතින් නොම දැනම
    ගහකොලත් මුමුනාවි මතකයන් අපි ගැනම“

    දුක්වෙන්නෙපා අයියෝ.....අපි බලමු.....එයා ඉක්මනට එන්නබැරිත් නෑ......:)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නංගෝ
      අපි බලමු
      මගෙ හිතත් එහෙම කියනවා

      Delete
  7. දුක් වෙන්න එපා එයා ආයෙම ඒවි. කවි ටික මාර ලස්සනයි. නියමෙටම ගලපලා තියනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි පැතුම් සහෝ........
      අපි බලමු

      Delete
  8. දුක් වෙන්න එපා.කාලයට ඉඩ දීල බලාගෙන ඉන්න.සමහරවිට එයා ආයෙත් ඒවි.
    කවි ටික නම් ලස්සනම ලස්සනයි....

    ReplyDelete
  9. මම මේ ආදරය කරල සතුටින් ඉන්න එකෙක් හොයනව,තාම හම්බුනේ නෑනෙ :-/
    කොහොම උණත් අගේ ඇති කවි ටික :)

    ReplyDelete
    Replies
    1. ජය වේවා මට වගේ නොවේවා
      සුබ පතනවා

      Delete
  10. හැඟුම්බර කවි ටිකක්.

    ReplyDelete
  11. මගෙත් ඔය ෆොටොව මූනු පොතේ කාලයක් දාලා තිබුනා... ;) කවි ටික නම් සිරා......

    ReplyDelete
  12. කවි සෙට් එකක් නෙ නියම..

    ReplyDelete
  13. ඔය කදුළු ටික අඩලා අඩලා ඉවර කරන්න යාළු...
    :)
    ලස්සන කවි පේළිය.

    ReplyDelete
  14. දුක් වෙන්න එපා .හරිම හැගීම්බර කවි පන්තියක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මන්දාරම් වැස්ස..........

      Delete
  15. "නවතින්න ඉඩදෙන්න ඔය නීල නෙතු ලඟම
    ගුලිවෙන්න පුලුවන්ද නුඹ දකින සිහිනයෙම
    තනිවෙන්න ඉඩදෙන්න නුඹ ලඟින් හැමදාම
    පවසන්න ඔය මුවින් ආදරෙයි මට තාම"

    No comments...., just perfect...!! :D

    ReplyDelete
  16. ඔන්න මමත් ගොඩ වැදුනා මෙහාට.....

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්