හයි හීල්ස් VS බාටා කටු
බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා
රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා
දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා
මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා
මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා
මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා
මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා
මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා
ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා
මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
නද දුන්නා මා හඩ මුළු බසය අරා
කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා
කීවා ගලපා වදන් අනේ සොරි කියා
කකුලේ වේදනාව කොහේදෝ ගියා
ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා
ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
ReplyDeleteකිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
අනේ පෑගුවයි මගෙ දෙපා ලෙලි පනින තුරා
මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
නද දුන්නා මා හඩ මුළු බසය අරා
හික් හික්....
ReplyDeleteසොදුරු මිනිසටත් වෙන වැඩ.....
:)
ඒකනේ යාළු......
Deleteඅයියෝ පව් අනේ..කොහොම වුනත් කවි පදවැල් ගැලපීමනම් අපූරුයි.. :)
ReplyDeleteස්තූතියි..........
Deleteඒකි සොරි කිව්ව ගමන් උඹට රිදිල්ලත් නැති වුනා නේද?... කොල්ලෙක් එහෙම කකුල පාගල ඔහොම වුනා නම්..... ;)
ReplyDeleteඑහෙම උනා නං හොදයි කියලා හිතෙනවා මොකද ඌ දාන්නෙත් බාටා කටුනෙ රිදෙන් නෑනෙ
Deleteහැබයි ඉතින් ඕකේ අනිත් පැත්ත උනානම් හොස්පිටල් තමා... :D
ReplyDeleteහෆොයි........
Deleteහොද වැඩේ.. එක එක ඒව බලන්ට යන්ට ඇති !
ReplyDeleteඅන්න ඉතිං කැත හිත, අපි ඕවට නෑ හරිය...........
Deleteමූ ජැක් ගහන්න යන්න ඇති
ReplyDeleteඅම්මෝ ඒ උල් සපත්තුවකට පෑගිලා කකුල යහතින් තියෙනෙවා කියන්නෙත් ලොකු දෙයක්..
ReplyDeleteඕනකමින් පෑගුවද දන්නෙ නෑ තිබ්බ තරහට........
ReplyDeleteතරහ වෙන්න මං මක් කොලාද?
Deleteඅයියෝ පව් අප්ප....:(
ReplyDeleteඒකනෙ මං පවුනේ............
Deleteඅයියෝ වෙලා තියෙන වැඩක් :)))
ReplyDeleteඒකනේ හලේ..........
Deleteකෙල්ල හිනා උනා විතරයි මලයට වේදනාවත් ගිහින්.. එවෙලේ හිනාවට වේදනාව නැති උනාට ගෙදර ආවට පස්සේ තමයි දැනෙන්නේ..
ReplyDeleteඑහෙම තමයිනේ අයියේ.........
Deleteජැක් ගහන්න ගිහිල්ල චා උනා නේද ???
ReplyDeleteඅන්න ඉතිං කැත හිත, අපි ඕවට නෑ හරිය...........
Deleteඅලවංගුවෙන් ඇන්නා වගේ මටත් උනා ඔය වගේ එකක්..හීල් එකම අඟල් 6 විතර උසයි...
ReplyDeleteහෆොයි අගල් 6ක්? හනේ හම්මෝ..........
Deleteමදැයි ඔය තරමිං ගියා.
ReplyDeleteහ්ම්...........
Delete'බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා'
ReplyDeleteමන් හිතුව කලිසමේ සිප් එකත් ඇරගෙනද බස් එකේ ගියෙ කියල :-)
හෑ!
Deleteමක්කයි මේ ඔබා මාමා කියන්නෙ?
maru....
ReplyDeleteස්තූතියි
Deleteඅනිත් දවසේ හයි හීල්ස් දාපු නැති කෑල්ලක් දිහා බලමු :P
ReplyDeleteඒක තමයි මාත් හිතලා බැළුවෙ
Deleteහම්මෝ සොඳුරු මිනිසෝ මතක් කරන්නවත් එපා ඔය හයි හීල්ස්... කවිය නම් සුපිරි.
ReplyDeleteඅත්දැකීම් සෑහෙන්න තියෙනවා වගේ.........
ReplyDeleteකවිය ගැලපිමනම් ලෙසටම තියෙනවා. සිද්දිය තමා හරි නැත්තේ.අනිත් දවසේ කෙල්ලොන්ගේ කකුල් දිහා බලල කිට්ටු වෙයන්.
ReplyDeleteඅවවාදයට ස්තූතියි.
Deleteහයියෝ වෙලා තියන දෙයක්.
ReplyDeleteහි හි
Deleteවෙලාවෙ අවුලක් තමා
ස්තූතියි