හයි හීල්ස් VS බාටා කටු



බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා
රූබර ලදක් හිටියයි හෙලමින් බැලුමන් නුරා
දැකුමෙන් ඈ කැලබිනිය මාසිත මටත් හොරා
මන්මත් බවක් ඇතිවිය මාගත නොලබත් සුරා

මාගත ඇදෙයි ඈ අසලට කාන්දමක් වෙලා
මාසිත ඇදෙයි ඊටත් පෙර මාන්දමක් වෙලා
මානෙතු නැලවෙයි ඇගෙ රූ දැකුමන් බලා
මාකන් පිනයි ඇගෙ මුව සිනහවන් නෙලා

ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
අනේ පෑගුවයි ලෙලි පනින තුරු මගෙ දෙපා

 මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
නද දුන්නා මා හඩ මුළු බසය අරා

කදුළු පිරි නෙතින් ඈ මා දෙස බලා
කීවා ගලපා වදන් අනේ සොරි කියා
කකුලේ වේදනාව කොහේදෝ ගියා
ඊලග නැවතුමෙන් ඇයත් බැස ගියා

Comments

  1. ඈ තැවරූ වත්සුනු සුවදින් මා මත් වෙලා
    කිට්ටු උනා මමත් ඈහට සිනහවක් හෙලා
    හයි හීල්ස් දැමූ ඇගෙ විල්ලුද පුංචි දෙපා
    අනේ පෑගුවයි මගෙ දෙපා ලෙලි පනින තුරා

    මත් බවින් සිටි මා දැක ඇගෙ නුරා
    මිදුනයි මා මතින් වේදනාවෙන් දෙපා
    මතක් වුනි ඉතිං මට ඇගේ පරම්පරා
    නද දුන්නා මා හඩ මුළු බසය අරා

    ReplyDelete
  2. හික් හික්....
    සොදුරු මිනිසටත් වෙන වැඩ.....
    :)

    ReplyDelete
  3. අයියෝ පව් අනේ..කොහොම වුනත් කවි පදවැල් ගැලපීමනම් අපූරුයි.. :)

    ReplyDelete
  4. ඒකි සොරි කිව්ව ගමන් උඹට රිදිල්ලත් නැති වුනා නේද?... කොල්ලෙක් එහෙම කකුල පාගල ඔහොම වුනා නම්..... ;)

    ReplyDelete
    Replies
    1. එහෙම උනා නං හොදයි කියලා හිතෙනවා මොකද ඌ දාන්නෙත් බාටා කටුනෙ රිදෙන් නෑනෙ

      Delete
  5. හැබයි ඉතින් ඕකේ අනිත් පැත්ත උනානම් හොස්පිටල් තමා... :D

    ReplyDelete
  6. හොද වැඩේ.. එක එක ඒව බලන්ට යන්ට ඇති !

    ReplyDelete
    Replies
    1. අන්න ඉතිං කැත හිත, අපි ඕවට නෑ හරිය...........

      Delete
  7. මූ ජැක් ගහන්න යන්න ඇති

    ReplyDelete
  8. අම්මෝ ඒ උල් සපත්තුවකට පෑගිලා කකුල යහතින් තියෙනෙවා කියන්නෙත් ලොකු දෙයක්..

    ReplyDelete
  9. ඕනකමින් පෑගුවද දන්නෙ නෑ තිබ්බ තරහට........

    ReplyDelete
  10. අයියෝ වෙලා තියෙන වැඩක් :)))

    ReplyDelete
  11. කෙල්ල හිනා උනා විතරයි මලයට වේදනාවත් ගිහින්.. එවෙලේ හිනාවට වේදනාව නැති උනාට ගෙදර ආවට පස්සේ තමයි දැනෙන්නේ..

    ReplyDelete
  12. ජැක් ගහන්න ගිහිල්ල චා උනා නේද ???

    ReplyDelete
    Replies
    1. අන්න ඉතිං කැත හිත, අපි ඕවට නෑ හරිය...........

      Delete
  13. අලවංගුවෙන් ඇන්නා වගේ මටත් උනා ඔය වගේ එකක්..හීල් එකම අඟල් 6 විතර උසයි...

    ReplyDelete
    Replies
    1. හෆොයි අගල් 6ක්? හනේ හම්මෝ..........

      Delete
  14. මදැයි ඔය තරමිං ගියා.

    ReplyDelete
  15. 'බසයේ මා සිප් සොයා වාසිටි යන අතර තුරා'

    මන් හිතුව කලිසමේ සිප් එකත් ඇරගෙනද බස් එකේ ගියෙ කියල :-)

    ReplyDelete
    Replies
    1. හෑ!
      මක්කයි මේ ඔබා මාමා කියන්නෙ?

      Delete
  16. අනිත් දවසේ හයි හීල්ස් දාපු නැති කෑල්ලක් දිහා බලමු :P

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මාත් හිතලා බැළුවෙ

      Delete
  17. හම්මෝ සොඳුරු මිනිසෝ මතක් කරන්නවත් එපා ඔය හයි හීල්ස්... කවිය නම් සුපිරි.

    ReplyDelete
  18. අත්දැකීම් සෑහෙන්න තියෙනවා වගේ.........

    ReplyDelete
  19. කවිය ගැලපිමනම් ලෙසටම තියෙනවා. සිද්දිය තමා හරි නැත්තේ.අනිත් දවසේ කෙල්ලොන්ගේ කකුල් දිහා බලල කිට්ටු වෙයන්.

    ReplyDelete
  20. හයියෝ වෙලා තියන දෙයක්.

    ReplyDelete
    Replies
    1. හි හි
      වෙලාවෙ අවුලක් තමා
      ස්තූතියි

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්