සුදු සද දුටු සද උඩු බුරයි මගේ සිත




සුදු සද දුටු සද
මතක් වී නුඹේ පෙම
උඩු බුරයි මගේ සිත
නාකි බල්ලකු ලෙස

උඩුබුරනා විට මහ හඩන්
අසා ඉදිපන් ඉතින්
සී මැදුරු කවුළුවෙන්
නිදි යහනට වී තුටින්

මාගෙ දුක් සුසුමන්
පාරයි සදේ සදකැන්
සමුදී නුඹ ගිහින්
අමාවකයි දැන් ඉතින්

තනි තරැවක ලෙසේ
බැසයන සද විලසේ
තනි කලේ මා කෙසේ
කියාදී යනු ලදේ.........

Comments

  1. හිතට ආපු දෙයක් ලිව්වා හොදේ.......

    ReplyDelete
  2. තවත් බූට් පාරක්

    ReplyDelete
  3. ම්ම්ම්...
    නියමෙටම ලියලා තියෙනවා.

    තනි තරැවක ලෙසේ
    බැසයන සද විලසේ
    තනි කලේ මා කෙසේ
    කියාදී යනු ලදේ.........

    ReplyDelete
  4. සම්භාව්‍ය ගතියක් පේනවානේ. කොරටම ලියලනේ.. එල එල...... සදා වාසනා

    ReplyDelete
  5. ලස්සනට ලියල තියනවා යාලු... කෙනෙක්ගේ හිතේ තියන ආදරේ තේරුම් ගන්න බැරි අයත් මේ ලෝකේ ඉන්නවා යාලු... එයාලට කවදා හරි එකේ වටිනාකම තේරුම් යයි.... කාලය හැමදේම විසදයි...
    මම කැමතිම කොටස:
    මාගෙ දුක් සුසුමන්
    පාරයි සදේ සදකැන්
    සමුදී නුඹ ගිහින්
    අමාවකයි දැන් ඉතින්

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා මචං, කාලය කෙලවනව වලේම දෙන කොට ගෙදරටම ගෙනත් දෙයි.

      Delete
  6. කවි ටික ගින්දර !

    ReplyDelete
  7. තරුණයා පත්තරේ නිර්මාණයකුත් දැක්ක. මෙහෙම ලියද්දි ඒකෙ වැටුනෙ නැත්න්ම් තමා පුදුමෙ........:)

    ReplyDelete
  8. ලස්සන අදහසක්.. මගේ බ්ලොග් එකෙත් මේකේ කොටසක් කම්න්ට් එකකට දාලා ගිහින් තිබුනා..

    ReplyDelete
  9. ශා... දැන් ඔයා කවිමද ලියන්නේ...පට්ට ඈ... :))

    ReplyDelete
    Replies
    1. කවි තමා බිලොග් ලියන්න පටං ගත්ත දා ඉදලා ලිව්වෙ

      Delete
  10. හරිම ලස්සනයි කවිටික

    ReplyDelete
  11. කවියක් උනාට ගීතයක් වගෙයි දැනුනෙ...

    ReplyDelete
  12. අදමයි ආවේ සුපිරි බී ඈ ...

    ReplyDelete
  13. හලේ සොලී.....මං එන්න පරක්කු වුනා....
    අදමයි මං ආවේ.....:)
    උඩ හිරූ කියල තියෙනව වගේ මටත් මේටිකනම් තදටම වැදුන...
    “මාගෙ දුක් සුසුමන්
    පාරයි සදේ සදකැන්
    සමුදී නුඹ ගිහින්
    අමාවකයි දැන් ඉතින්“

    පුදුම සංවේදී.....

    ReplyDelete
    Replies
    1. තැන්කූ හලේ මේ පැත්තෙ ආවට..........
      සාදරෙන් පිළිගනිමි.........

      Delete
  14. මුල් පේලි හතර නම් පට්ටම පට්ටයි ඕයි

    ReplyDelete
  15. soduru minisa ...............soduru nirmana ........idiriyatath me wagema .....ape thiraya matha watewa//////

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්