අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ


අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ
නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ
නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ
හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ

සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා
දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්දයි ඒවා
රිදුනු සිතේ සෝ සුසුමන් ඇතිවයි බෝමා
බිදුණු රලේ පෙන කැටි සේ විසිර ගියෙයා

සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ 
විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ
ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ
නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ 

Comments

  1. නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ

    ReplyDelete
  2. // හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ

    ඕවා හිතේ තියාගෙන ඉන්නේ ඇයි කියලා නම් අහන්නේ නෑ. ජීවිතෙයි ආදරෙයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් නිසා!

    ReplyDelete
  3. මම දැක්කා ගැන්දෑවේ මූදේ පනින්න බලාගෙන ඉන්න එකෙක්

    ReplyDelete
  4. නිව්ස් වලට කිව්ව එකෙක් පැන්න කියලා..

    ReplyDelete
  5. "නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ "

    ලස්සනයි...
    :)

    ReplyDelete
  6. //නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ//

    අපූරු කවියක්!

    ReplyDelete
  7. කවිය ලස්සනයි ගොඩාක්..

    ReplyDelete
  8. නුඹ ඇවිත් සුවදක් තවරලා ජීවිතේ
    යන්න ගිහින් ආයෙ නොඑන්නට ජීවිතෙන්...

    ReplyDelete
    Replies
    1. තැවරූ නූඹේ සුවද දවයි මා ගතින්
      වේදනා විදියි ඉතින් මා මනසින්

      Delete
  9. සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ
    විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ
    ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ
    නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ

    හ්ම්ම්.. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි..

    ReplyDelete
  10. හැමෝටම පොදුයි වගේ.........
    ස්තූතියි

    ReplyDelete
  11. බලං හිටියට පනින්න එහෙම එපා....මට පෙනි පෙනි එකෙක් පැන්නා දවසක්....

    ReplyDelete
  12. අපෝ මං මෝඩ නැතෝ, ඔය මං හරිය..........

    ReplyDelete
  13. අතේ හයියෙන් තමා දැන් ඉතින් කොරගන්න දෙයක් :-))

    ReplyDelete
  14. ජිවිතේ ඔහොම තමා සහෝදරයෝ,ගණන් ගන්න එපා.ඒ දුක නැතිවෙන්න, " ගිය අයට දැනෙන්න,පේන්න" ජිවිතේ ජය ගන්න අලුත් අදහසක් හිතට අරන් දැන් ඉදන් වැඩ කරන්න.ඔබේ ජිවන සහකාරිය ඇය නොවේ.එකයි යන්න ගියේ.ගිය අය ගියා.බලෙන් තියා ගන්න එපා ,යන කෙනා කවද හිටියත් යනවමයි.බදින්න කලින් ගිය එක ගැන සතුටු වෙන්න.

    ප.ලි.
    මම ඔබේ බ්ලොගය නොදැක "සොඳුරු මිනිසා " නමින්ම බ්ලොගයක් පටන් ගත්තා.එත් දිනක් ඔබේ බ්ලොගය අහම්බෙන් මට නෙත ගැටුණු මොහොතේ ,ඔබ මට මිට බොහෝ කලකට පෙර එය පටන් ගත් බව දැක, වහාම මගේ බ්ලොගය "සොඳුරු සිතැති මිනිසා " ලෙස වෙනස් කලා.මුලින් එම නමින්ම පටන් ගැනීම ගැන සමා වෙන්න මිත්‍රයා........

    ReplyDelete
  15. අනේ මම URL එකවත් domain එකවත් බදාගෙන නෑ යාළු, හිතට ආපු නමක් මාත් දැම්මෙ ඔයත් දැම්මෙ, ඔයා කලින් නමට කැමති නම් සිංඩි වලින් අවුලක් නැත්නම් ඒ නමින් බ්ලොගේ කරගෙන යන්න මගෙන් කිසි අවුලක් නෑ, අදහස කියලා ගියාට ගොඩක් ස්තුතියි යාළු

    බ්ලොගේ දිගටම ලියන්න ජය වේවා

    ReplyDelete
  16. නැගෙන පෙරැළෙන රැල්ල වාගේ ඇවිත් යනකොට ආදරේ
    සැදුව වැලි මාලිගා කැඩුනත් වෙරළ වාගෙයි ජිවිතේ

    ReplyDelete
    Replies
    1. කවඩි ඉතිරිව ඇත වෙරලේ රැල්ල ගෙනවිත් සාගරෙන්
      දුකත් ඉතිරිව ඇත මා හදේ නුඹ හැරගොස් ආදරෙන්

      Delete
  17. මේ පාර කවිය නම් ලස්සනයි.... මම කැමතිම තැනක් ගැන ලියලා තියෙන්නේ.. හැබැයි ගාලු මුවදොරේ නම් නෙමේ අපේ පැත්තේ වෙරළ මතක් වුනේ...

    ReplyDelete
  18. "නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ"
    පිස්සු හැඩෙනව අයියෝ.....:(

    ReplyDelete
    Replies
    1. හා හා පිස්සු හඩා ගන්න එපා නංගියෝ............

      Delete
  19. ඔයාගේ කවිය දැකලා මගේ මතකයන් අවදිවුනා .ලස්සන කවිය .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි, මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙම නෑ.

      Delete
  20. ලස්සන සටහනක්..!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන අයියා, අයියගේ සටහනට තබපු එක කොහොමද හොයා ගත්තේ

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්