අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ
අද තනියෙන් මා ඉඳගෙන ගාලූ මුවදොරේ
නැගෙන බහින රළ බැලුවා මගේ ජීවිතේ
නුඹ නොමැතිව නැත සුවයක් මගේ ලෝකයේ
හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ
සිත් වෙරළේ තැනුවයි මං අහස් මාලිගා
දරුණු රළක් සේ ඇවිදින් නුඹ බින්දයි ඒවා
රිදුනු සිතේ සෝ සුසුමන් ඇතිවයි බෝමා
බිදුණු රලේ පෙන කැටි සේ විසිර ගියෙයා
සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ
විටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ
ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ
නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ
නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ
ReplyDelete// හිතේ දුකක් ඉතිරිව ඇත එයයි කාරණේ
ReplyDeleteඕවා හිතේ තියාගෙන ඉන්නේ ඇයි කියලා නම් අහන්නේ නෑ. ජීවිතෙයි ආදරෙයි කියන්නේ දෙකක් නෙවෙයි එකක් නිසා!
මම දැක්කා ගැන්දෑවේ මූදේ පනින්න බලාගෙන ඉන්න එකෙක්
ReplyDeleteමම වෙන්නැති.............
Deleteනිව්ස් වලට කිව්ව එකෙක් පැන්න කියලා..
ReplyDeleteඒ නම් මම නෙවෙයි................
Delete"නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ "
ReplyDeleteලස්සනයි...
:)
ස්තූතියි...........
Delete//නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ//
ReplyDeleteඅපූරු කවියක්!
ස්තූතියි.............
Deleteකවිය ලස්සනයි ගොඩාක්..
ReplyDeleteස්තූතියි යාළු.............
Deleteනුඹ ඇවිත් සුවදක් තවරලා ජීවිතේ
ReplyDeleteයන්න ගිහින් ආයෙ නොඑන්නට ජීවිතෙන්...
තැවරූ නූඹේ සුවද දවයි මා ගතින්
Deleteවේදනා විදියි ඉතින් මා මනසින්
සයුරු රළක් වාගෙමයි නුඹේ ආදරේ
ReplyDeleteවිටෙක නැගෙයි විටෙක බසියි මටද නොතේරේ
ඒවි යාවි කවදාවත් නොරැඳී වෙරළේ
නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ
හ්ම්ම්.. මටත් තියෙන්නේ ඔය ප්‍රශ්නෙමයි..
හැමෝටම පොදුයි වගේ.........
ReplyDeleteස්තූතියි
බලං හිටියට පනින්න එහෙම එපා....මට පෙනි පෙනි එකෙක් පැන්නා දවසක්....
ReplyDeleteඅපෝ මං මෝඩ නැතෝ, ඔය මං හරිය..........
ReplyDeleteඅතේ හයියෙන් තමා දැන් ඉතින් කොරගන්න දෙයක් :-))
ReplyDeleteඅනිවා ඔබා මාමේ
Deleteජිවිතේ ඔහොම තමා සහෝදරයෝ,ගණන් ගන්න එපා.ඒ දුක නැතිවෙන්න, " ගිය අයට දැනෙන්න,පේන්න" ජිවිතේ ජය ගන්න අලුත් අදහසක් හිතට අරන් දැන් ඉදන් වැඩ කරන්න.ඔබේ ජිවන සහකාරිය ඇය නොවේ.එකයි යන්න ගියේ.ගිය අය ගියා.බලෙන් තියා ගන්න එපා ,යන කෙනා කවද හිටියත් යනවමයි.බදින්න කලින් ගිය එක ගැන සතුටු වෙන්න.
ReplyDeleteප.ලි.
මම ඔබේ බ්ලොගය නොදැක "සොඳුරු මිනිසා " නමින්ම බ්ලොගයක් පටන් ගත්තා.එත් දිනක් ඔබේ බ්ලොගය අහම්බෙන් මට නෙත ගැටුණු මොහොතේ ,ඔබ මට මිට බොහෝ කලකට පෙර එය පටන් ගත් බව දැක, වහාම මගේ බ්ලොගය "සොඳුරු සිතැති මිනිසා " ලෙස වෙනස් කලා.මුලින් එම නමින්ම පටන් ගැනීම ගැන සමා වෙන්න මිත්‍රයා........
අනේ මම URL එකවත් domain එකවත් බදාගෙන නෑ යාළු, හිතට ආපු නමක් මාත් දැම්මෙ ඔයත් දැම්මෙ, ඔයා කලින් නමට කැමති නම් සිංඩි වලින් අවුලක් නැත්නම් ඒ නමින් බ්ලොගේ කරගෙන යන්න මගෙන් කිසි අවුලක් නෑ, අදහස කියලා ගියාට ගොඩක් ස්තුතියි යාළු
ReplyDeleteබ්ලොගේ දිගටම ලියන්න ජය වේවා
නැගෙන පෙරැළෙන රැල්ල වාගේ ඇවිත් යනකොට ආදරේ
ReplyDeleteසැදුව වැලි මාලිගා කැඩුනත් වෙරළ වාගෙයි ජිවිතේ
කවඩි ඉතිරිව ඇත වෙරලේ රැල්ල ගෙනවිත් සාගරෙන්
Deleteදුකත් ඉතිරිව ඇත මා හදේ නුඹ හැරගොස් ආදරෙන්
මේ පාර කවිය නම් ලස්සනයි.... මම කැමතිම තැනක් ගැන ලියලා තියෙන්නේ.. හැබැයි ගාලු මුවදොරේ නම් නෙමේ අපේ පැත්තේ වෙරළ මතක් වුනේ...
ReplyDeleteඔයා ඉන්නෙ මූද ලගද?
ReplyDeleteහරිම ලස්සනයි.. :)
ReplyDeleteස්තූතියි..........
Delete"නුඹම ඇවිත් නුඹම ගියා කියන් මෙයද ආදරේ"
ReplyDeleteපිස්සු හැඩෙනව අයියෝ.....:(
හා හා පිස්සු හඩා ගන්න එපා නංගියෝ............
Deleteඔයාගේ කවිය දැකලා මගේ මතකයන් අවදිවුනා .ලස්සන කවිය .
ReplyDeleteස්තූතියි, මතකයන් අමතක කෙරුවත් අමතක වෙන්නෙම නෑ.
Deleteලස්සන සටහනක්..!
ReplyDeleteස්තුතියි චන්දන අයියා, අයියගේ සටහනට තබපු එක කොහොමද හොයා ගත්තේ
Delete