නුඹේ උසාවියේ නිවුරදි වැරදිකරු මා


එල්ලා මරා දමපං මා
නුඹේ කෘර හෘද රාජ්ජේ
ඉවසුවත් මා
නූඹ දීද සැනසීමක් මට
ජූරියත් නුඹ නම්
විත්තියත් නුඹම නම්
නුඹේ උසාවියේ
නිවැරදි වැරදිකරු මා
දීපං ඉතිං
උපරිම දඩුවම්
තවත් විදින්නට
දුකක් නොමෑත මට
වීදවුවා මං නුඹ නිසා
උගුල්ලාපං මේ ඇස්
නුඹ දෙස
සෙනෙහෙන් බැලූ නිසා
කපාපං මේ දෑත්
නූඹ සෙනෙහෙන්
වැලදගත් නිසා
පලාපන් මෙ දෙතොල්
නුඹව සිපගත් නිසා.........

Comments

  1. බූට් එකක් කාල මේ වීදවන කාලෙ හරිය....... :-(
    හිරමනයක් උස්සන් යන ලස්සන සූටි කෙල්ල
    බොක්කෙන්ම කරා හරිය
    අන්තිමෙදී බොක්කත් නෑ
    කෙල්ලත් නෑ
    :-(

    ReplyDelete
  2. ඊ....හලේ මේක මගෙ බ්ලොග් එකේ කමෙන්ට් එකක් විදියට දැක්කම මට උන්හිටි තැනුත් අමතක වුනා.....හලෙ අම්මෝ.....

    ReplyDelete
    Replies
    1. මොනාවුනත් ඇත්තටම සෑහෙන්න දැනෙන්න ලියල ටියෙනව හලේ......

      Delete
    2. හලේ සොලි
      මම ඔයාගෙ පොස්ට් එක කියවලා නමෙන්ට් එකක් විදියට ලිවිවම ඒක දිග වුනා,
      පොඩි කේස් එකකුත් තියෙනෝ ඔය ඉවසීමෙන් සැනසීම ලැබේ එක්ක,
      මොකද ඉවසලා මට කෙල වුනා

      Delete
  3. :O ආදරය කියන දේ කිදෙනෙක්ට විදවන්න දීලද මන්ද....:(
    මතකය අමතක කරන්න බැරි උනත් අපි ඒ ගැන හිතනේ නැතුව ඉන්න බලන්න වෙනවා යාලු..එහෙම නැත්නම් අපිට ජිවත් වෙන්න අමාරු වෙනවා... කාලය කියන බෙහෙත් තම ඔය ලෙඩේට එකම බෙහෙත..ලස්සන අදහස වෙනද වගේම....එත් එකෙන් හදවතේ තියන වේදනාව හුගක් පෙන්නනවා..දිගටම ලියන්න.ජය...!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හිරූ, කාලය එයාව මට ආයි ගෙනත් දෙයි කියලා මං බලාගෙන ඉන්නව,

      Delete
  4. මහ පුදුම කවියක් බං. ඇඟ හිරි වැටිල ගියා. සුපිරි වෙනස් අදහසක් නිසාම මං අද ඉඳන් පස්සෙන්. ආදර පලහිලව් ගැන එච්චර හිතන්න එපා මචෝ. මටත් පුංචිවට ඔහොම වැඩක් වෙලා තියනවා. සිය දහස් වාරයක් එපා මට ඔබ එපාමයි කියලා හිටපං.

    ReplyDelete
    Replies
    1. ඉන්න බෑ මචං, බොක්කෙන්ම කල නිසා බොක්ක එයා ගාව :-(

      Delete
  5. ඉතිං දැන් ඔයාගෙ සූටි කෙල්ල මෙහෙම කරාවිද...??

    :)
    හිත් වේදන්නාවක් කෝපයෙන් ප්‍රකාශකරලා. අදහස නම් නියමයි. ඇත්තමයි.

    ReplyDelete
  6. මේ තරම් දරුණු දඬුවමක් ??

    ReplyDelete
  7. බය හිතෙනවා බොල..

    ජය වේවා !

    ReplyDelete
    Replies
    1. බය වෙන්න දෙයක් නෑ, මෙහෙම කිව්වට කරව ගන්නෙ නම් නැතෝ

      Delete
  8. අනේ අම්මෝ... කියවන්නත් බයයි වගේ... නම සොඳුරු මිනිසා උණාට මේ කවිය නම් සොඳුරු නෑ මට... :(

    ReplyDelete
    Replies
    1. කෘරත්වයේ සොඳුරුබවත් දකින්න

      Delete
  9. ආදරේ නිසා විඳවන ජීවිත කොයි තාම්ද නේද?තරම්ද..සූටි කෙල්ල එක්ක තරහ ගන්නව හෙම නෑ..හැම දේටම හේතුවක් තියෙනවා..කොහොම වුනත් ලියමනනම් සුපිරියි..

    ජූරියත් නුඹ නම්
    විත්තියත් නුඹම නම්
    නුඹේ උසාවියේ
    නිවැරදි වැරදිකරු මා
    දීපං ඉතිං
    උපරිම දඩුවම්

    මම කැමතිම මේ කොටසට..

    ReplyDelete
  10. ආදරේ අනික් එකෙයි කෙස් ගහේ වෙනසක් තියෙන්නේ කියන කථාව ඇත්ත..

    ReplyDelete
    Replies
    1. කෙස් ගහ පත කොස් ගහක් වෙලා එයයි මායි අතර හරහට හිටියා

      Delete
  11. "ජූරියත් නුඹ නම්
    විත්තියත් නුඹම නම්.."

    ඔන්න ඔය වෙලාවට නම් මොන සාක්ෂි තිබ්බත් වැඩක් නෑ.. දඩුවම මේ තරම් දරුණු නැතිව පුංච් දඬුවමක් උනත් අපිට දරන්න බෑනේ.. ඒකයි ඇත්ත..

    ReplyDelete
  12. මේකා මටත් වඩා දරුණුද කොහෙද?...

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළි ගන්නවා, එහෙම නෑ හලේ...........

      Delete
  13. බොක්කෙන් ලියපු සිරා වදන් ටිකක්, මං හිතන්නේ මගේ පලවෙනි කමෙන්ට් එක මේ..

    ReplyDelete
    Replies
    1. සාදරෙන් පිළි ගන්නවා, ස්තූතියි..........

      Delete
  14. කවියයි කමෙන්ට්ස් ටිකයි කියෙව්වම මට මතක් උනේ මේක...
    "ආදරය සුන්දර වරදකි...
    කිසිදා සමාවක් නම් නැති...
    මට පෙන්නලා ආලේ හැටි ...
    නුඹ දුන්නු දුක හොඳටම ඇති"

    ReplyDelete
    Replies
    1. පෙන්නලා නුඹෙ ආලේ හැටි
      දුන්නා දුකක් කැඩෙන්න කරටි

      Delete
  15. //තවත් විදින්නට
    දුකක් නොමෑත මට
    වීදවුවා මං නුඹ නිසා//

    මෙහෙම හිත හයිය කරගන්න පුළුවන් නම්...ඒකම ලොකු ශක්තියක් යාලු...

    ReplyDelete
    Replies
    1. මෙහෙම කිව්වට මගේ හිත පොඩි එකෙක් වගේ ඒ උණුසුම පග නැවතුනා යාළු

      Delete
  16. නිර්මාණය රචකයාගේ හෘද සාක්ෂිය මොනවට විදහාපායි. ලෙසටම ලියා තිබේ, ඉල්ලන දඬුවම් ටික නම් සර වැඩිද මන්ද.... නෑ නෑ... කවියට ගැලපෙනවා සුපිරියටම

    ReplyDelete
  17. එයත් ලෙසටම බූට් එක දුන්නා
    ස්තූතියි සහෝ.........

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්