"කාපන් සිඟා ආත්මය නොවිකුණා........"


"වීදි පහන් කණු යට 
දිව රෑ වෙනසක් 
නෙමැතිව 
අයාලේ යන 
ඔය 
ජීවිතය 
ජීවත් 
කරවන්නද 
නුඹගෙම ගත 
අතිනත යන 
තවකෙකුට 
පහසක් වන 
කෙළිබඩුවක් කළේ 
නුඹ.........

නුඹගේ 
ගත පතා 
දහසක් ඇදෙයි 
නිරතුරා 
සියොලඟම 
ගිණි වෙලා 
විකිණෙයි නුඹ 
රෑ පුරා..........

සළුවෙන් වැසූ
ගත 
විලි බියක් 
නොමැති නම් 
කළුවන් අඳුරේම 
ඉතින් නුඹ 
සැඟවියන්..........

නුඹට හැකිනම් 
නුඹේ ගැහැනිය 
ගනින් එලියට 
නැගිටුවාපන් 
දෙපයින් ඇයව..........

නොහැකිනම් 
කාපන් සිඟා 
ආත්මය 
නොවිකුණා............." 

Comments

  1. හැමෝගෙම ජීවිත පැත්තක් සුදුයි පැත්තක් කළුයි

    ReplyDelete
  2. ගොඩක් අය අසරනයි . තමන්ගේ ආත්මය උගස්කරන්නේ ඒනියි.

    අර්ථානුකූල සිතිවිල්ලක් ! නියමයි

    ජයවේවා !!

    ReplyDelete
  3. @ හිස් අහස : ගොඩක් කාමාතුරයන් කාන්තාවක්ව ඒ අපායට ඇද දානවා හිත් පිත් නැතිව, තවත් අය ලේසියෙන් මුදල් හම්බ කරන්න ඒ මාවත තෝරගෙන අවසානයේ අතරමං වෙනව. ගොඩක් ස්තූතියි අදහස් එකතු කලාට

    ReplyDelete
  4. ගොඩක් පව් එයාලා.. ඔයගෙ අදහස් ගැලපීම නියමයි....

    ReplyDelete
  5. @ Princess Thushy : ගොඩක් ස්තූතියි ඔයාගෙ අදහසුත් එකතු කලාට

    ReplyDelete
  6. මස විකුණයි නමුත් බොහෝ දෙනා ආත්මය නොවිකුණයි... වරද ඔවුන්ගේ නොව සමාජයේය...

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්