ඉයන්ගේ අභියෝගය, මම කැමති සින්දු 16
කාලෙකින්ද කොහෙද බ්ලොගේ පැත්තේ ආවේ. ඉයන් අන්කල්ගේ සින්දු චැලේන්ජ් එකත් එක්ක බුකිය පුරා සින්දු පොස්ට් යද්දී ආයෙත් බ්ලොග් පැත්තේ ආවේ මගේ සින්දු ටිකත් කියල යන්න. ඇත්තටම මේ දවස් වල වහන් වෙලා ඉන්නේ අධ්‍යන වැඩයි පරීක්ෂණ ව්‍යාපෘති වැඩයි විභාගයි තියෙන හින්ද. සප්ත මහා සාගරේ වගේ තියෙන සින්දු වලින් තමන් කැමති සින්දු 16 තෝරලා වෙන් කරන එක හරිම අමාරු වැඩක්.
හරි වැල් වටාරම් මොකටද, සින්දු වලට යමුකෝ.
මේ සින්දු ටික පිළිවෙලකට ගත්තම මට විශේෂයි. මුල ඉඳන්ම එමුකො එහෙනම්. කවුද අකමැති අම්මගේ තුරුලේ ආයෙත් නැලවෙන්න. කාලය ගෙවිලා ගිහින් අපි කොච්චර ලොකු මහත් උනත් කකුල් දෙකට කොට්ටයක් දාල ඒ උඩින් අපිව හොවල ඒ කකුල් දෙක රිදෙනකන් පද්ද පද්ද අම්ම කියපු නැළවිලි ගී අමතක වෙන්න නම් විදියක් ඇත්තෙම නැහැ නේ. මේ සින්දුව අහද්දී අම්මගේ තුරුලට හිත දුවල ගිහින් එදා දැනුනු උනුසුමේ මතකයන් එක්ක අම්ම මුමුණපු කවි දෙසවනනට නිකන්ම ඇසෙනවා වාගෙයි. ඒ වගේම ඒ කාලේ හැම මතකයක්ම චිත්‍රපටියක් වගේ ඇස දෙක පියා ගත්තම මැවිලා පෙන්න ගන්නවා. අද අම්මගේ තුරුලේ ඒ වගේ නැලවෙන්න බැරි උනත් සැටියේ අම්ම ඉන්න කොට ඔලුව පොඩ්ඩක් උකුලට බර කරොත් නෝක්කාඩුවක් දෙකක් කියල කොන්ඩ ගස් අතරින් ඒ ඇඟිලි දුවව දුවව හිස පිරිමදින්නේ හරියට ඒදා වගේමයි. ඒදා නිදිකරවපු හැටියටම අදත් ඇගේ ඒ ඇඟිලිවල පහසින් නිකන්ම නින්ද යනව. වික්ටර් රත්නායකයන් ගයන ප්රේමකීරිතිද අල්විස් නම් ශ්‍රේෂ්ට ගී පද රචකයා අතින් ලියවුනු ආදරයේ උල්පත වූ අම්මා ගීතය අංක එකට තියෙන්නේ අන්න ඒ අම්මගේ මතකයන් එක්කමයි.
1. ආදරයේ උල්පත වූ අම්මා
වික්ටර් රත්නායකයන් උදාහරණ දිදී ඔය කියන කවි ඔක්කොම අපේ අම්මගේ කටහඬින් අහන්න මම වාසනාවන්ත උනා. ඉතින් ඒ මතකයන් යලි යලිත් මේ සින්දුව අහන කොට මතක් වෙනවා නම් මේ සින්දුව කොහොම අමතක කරන්නද?
අම්මගේ උකුලේ නැළවි නැලවී ඉඳල පෙර පාසල් යන්න ගත්තම තමා වැඩේ. පෙර පාසල් කාලේ ඉඳල සාමාන්‍යයෙන් 5 වසර වෙනකන් ඉස්කෝලේ යන කාලේ කියන්නේ ආයෙත් යන්න පුළුවන් නම් සුන්දර මතක ගණනාවක් එකින් එක එකින් එක මතක් කරන්න පුළුවන් කාලයක්. ඔය කාලේ මම ඉස්කෝලේ දෙකේ පන්තියේ ඉඳිද්දී තිබුන විවිද ප්‍රසංගයක අපිට කියා කියා නටන්න වෙනවා මාලනී බුලත්සිංහලයන් කියන මේ රට මගේ රට මා ඉපදුන රට සින්දුවට. පොඩි කාලේ රූපවාහිනියෙ නිතර අහන්න ලැබුණු මේ සින්දුව දැන් අහන්න ලැබෙන්නේ නැති එක කනගාටුවක්. අදටත් මේ සින්දුව අහද්දී එදා පාසල් වේදිකාව, ඒ මතකයන්, නැටුම පුරුදු කරපු ටීචර්, ඒ වගේම සින්දුවත් එක්ක විස්තර කරන්න බැරි හැඟිමක් හිතට දැනෙනවා.
ඒ කාලේ අපිට ටීවී තිබුනේ නැහැ. අල්ලපු ගෙදරට දුවන්නේ ටීවී බලන්න. මුලින්ම ඔය සින්දුව මට මතක විදියට ඇහුවේ අල්ලපු ගෙදරදී. ඒ මතක ඔක්කොම එකින් එක පෙළ ගැහෙනවා මේ සින්දුවත් එක්ක. ඒ නිසා මගේ දෙවැනි තැන මාලනී බුලත්සිංහල මහත්මිය ගයපු මේ රට මගේ රට ගීතයට හිමි වෙනවා.
2. මේ රට මගේ රට
ඔය සින්දුවත් එක්ක සමාන්තරව යන සින්දු ගොඩාක් තියෙනවා අපේ පොඩි කාලේ මතකයන් එක්ක බැඳුනු, ඒ අතර දොස්තර හොඳ හිත කාටුන් එකේ තේමා ගීතය, පිස්සු පුසා කාටූන් එකේ තේමා ගීතය, අඹ යාලුවෝ නාට්‍යයේ කටු අකුලේ ගීතය වගේ ගීත. ඔය සියල්ලම බැලුවේ අපේ ටීවී එකෙන් නොවීමත් ඕව ඇහෙනකොට ඒ මතක අවුස්සන්න එක හේතුවක්.
ඊළඟට අපේ සීයලත් එක්ක මගේ මතක අවුස්සන සින්දුව. සීයලත් එක්ක ගෙවුණු පොඩි කාලේ නම් සුපිරි. කුඹුරකට බැහැල මඩේ නටලා වත්ත කොටලා හේන් දාලා කුරුඳු තලලා ඉරටු සුද්ද කරලා ඔය වගේ වැඩ ගොඩක් සීයලත් එක්ක පුංචි කාලේ එකට බැඳුනා. කොටින්ම හා හා පුරා කියල ගහක් හිටෙව්වේ සීයත් එක්ක. ගමේ සීය විතරයි දැන් ඉන්නේ. එයත් එක්ක තොවිල් පවිල් වැඩ හම්මේ මතක ගොඩායි. :) සීය අදත් කොල්ල වගේ ඉන්නවා, හැබැයි මම අද නාකි වෙලා. ඉතින් මගේ සින්දු ලයිස්තුවේ තුන්වැනි තැන මොනවාද මුත්තේ මොකද කරන්නේ සින්දුවට.
3. මොනවාද මුත්තේ මොකද කරන්නේ
3. මොනවාද මුත්තේ මොකද කරන්නේ
කොහොමින් කොහොම හරි යන්තම් කොලු වයසට ඇවිල්ල ටින් බෙලක් ටිකක් හොයාගෙන එක්ස්රේ කොළයකින් ඩ්‍රම් සෙට් එකක් අටවාගෙන ඕකට තල තල උච්ච ස්වර වලින් සින්දු කියන කාලේ මේ සින්දුව කොහම නම් අමතක කරන්නද? හැබැයි ඕකේ මොනවා කියවුනාද කියලවත් හරි හැටි දන්නේ නැහැ ඒ කාලේ.
4. සීත රෑ වසන්තේ
ඇස්රේ කොළවලට තල තල ඒ ගත්තු වින්දනේ ආයේ කවද ගන්නද? ඕක ෆාස්ට් බීට් කරලා කියා කියා අපි දාපු බජව් වල ඉහලින්ම වැජඹුණු ගීතයක් තමා ඔය සින්දුව.
පහේ ඉඳල නවය වෙනකන් ටිකක් ආදරෙයි විරහවයි පැත්තට බර වෙනවා මේ සින්දු ටික. එතැනදී පස් වැනි ස්ථානය දිනා ගන්නේ අයිවෝ ඩෙනිස් මහත්තයාගේ ඉර වට යන ගිරවියනේ ගීතය තමා. මේ සින්දුව මට හොඳටම කික් උනේ නදීක ගුරුගේ මහත්මය ගයනා කරන විදිය අහල. ඉතින් පස් වෙනි තැන ඉර වට යන ගිරවියනේ සින්දුවට. එකේ පද මාලාව එක්ක අමුතම ලෝකෙක හුදෙකලා වෙන්න හිතෙනවා. විශේෂයෙන් හිත පතුලට ගිනි ඇවිලී මට තනිකම් දැනුනාවේ හතට වරං දෙවි පිහිටෙන් ඈ නිදුකින් උන්නාවේ" වචන ටික සින්දුවට එකතු කරන්නේ අමුතුම ගතියක්.
5. ඉර වට යන ගිරවියනේ
ඊළඟට නන්දා මාලිනිය ගයන රුවල් ඉරී ගිය නෞකාවේ ගීතයට හිත අතරමන් කරලා දාන්න පුළුවන් උනා. මහා රෑ නිදි මරාගෙන පාඩම් කරන වෙලාවට පොඩි වෙනසකටත් එක්ක මේක අහල මනෝ පාරක් ගහල ආයෙත් පාඩමට සෙට් උනාම හරි ඉතින්. සින්දුවේ විරහ දුකත් එක්ක උපද්දවන හැඟීම අපූරුයි. ඉතින් ඒ සින්දුව හයවෙනියට තල්ලු කළා.
6. රුවල් ඉරී ගිය නෞකාවේ
ඊළඟට පොඩ්ඩක් හිත දුවල යන්නේ මුහුදු වෙරළට. කාටද මේ වගේ මතකයන් නැත්තේ මුහුදු වෙරළේ. වෙරළේ පා සටහන් එකින් එක මැකිලා යන කොට මතකනුත් එහෙමම වේවිද? එහෙනම් මේ සින්දුව මොකටද? :D
7. පියමන්නේ ඇයිද මෙසේ
ඊළඟට ආදරේ නම් කිමැයි කියා හොයන්න හිතෙන්නේ නැද්ද? පලු සීත රාත්‍රියක හුදකලාවක ගිලිලා ආදරය නම් කිමැයි කියා මනෝ පාරක් ගහන කොට මේ සින්දුව මනෝ ලෝකෙට අරන් යන යානාවක් වගේ. රහසක්වත් මුමුනන්න දෙතොල් වත් විවර නොවෙන ඝන නිහඬතාවයක ගිලිලා ආදර නම් කිමැයි කියා ඔබත් සොයනවානම් මේ පාලු සීතල රාත්‍රියේ ඔබටයි.
8. මේ පාලු සීතල රාතියේ
හිත කියන්නේ නිතැතින්ම අපිව එහි පාලනයට නතු කර ගන්න දෙයක්. හැම විටම අපිට ඉන්න මොහොත අමතක කර අනාගතය නම් නිශ්චිත නොවූ අන්තයකත් අතීතය නම් මතක සමුදායක සුසානයකත් නිතර දෝලනය වෙමින් අපිව පෙලන්න හරිම දක්ෂයි මේ සිත. ඉතින් ඒ සිත පෙර මතක ආයෙ ආයේ ඇවිදින් නෙතග තෙමන්නේ ඒ දක්ෂ කමෙන්මයි. මේ සින්දුව ඒ ගැනයි.
9. සිතින් මා නොසැලී සිටිද්දී
මේ සින්දුව ගැන නම් මොකුත් කියන්නේ නෑලු. එත් ඉතින් මොකක්ද එකකට එක එහෙමලු.
10. ඔබ පෙම් කරනා
අන්තිම සින්දු 6 විශේෂ නිසා සෑහෙන්න අමාරුවෙන් පෙළ ගස්සන්නේ.
මේ සින්දුව ට මම ආස උනේ ෂෙල්ටන් පෙරේරා මහත්තයාගේ සින්දු අහන්න ගත්තු කාලේ. මේකේ තේරුමත් එක්ක මම තවත් මේකට ආස උනා. අපි හැමෝම මුලාවක නේද ඉන්නේ කියල හිතෙනවා වෙලාවකට. එගොඩට යන්න දඟලනවා වගේ ඉඳන් තව තවත් ගඟේ සැඩ පහරේ ඔහේ ගහගෙන යනවාදෝ කියල හිතෙනවා. අපිට ඒ බෝට්ටුව මිස් වෙලා. එකයි තවමත් සංසාරේ කියල වික්ටර් රත්නායක මහත්තය කියනවා වගේම මේ සින්දුවේ බුදු හාමුදුරුවෝ පරිනිර්වාණයට ලංවෙලා තව කුඩා ඉන්නේ සංසාරෙන් එගොඩ වෙන්න අහනවා. "පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවානම්එ එන්නේ. ඒ වගේම ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ". ඒ වචන මාලාවටයි ගායනයටයි හරි සංවේගයක් දැනෙනවා.
11. එගොඩහ යන්නෝ
මේ සින්දුව ට මම ආස උනේ ෂෙල්ටන් පෙරේරා මහත්තයාගේ සින්දු අහන්න ගත්තු කාලේ. මේකේ තේරුමත් එක්ක මම තවත් මේකට ආස උනා. අපි හැමෝම මුලාවක නේද ඉන්නේ කියල හිතෙනවා වෙලාවකට. එගොඩට යන්න දඟලනවා වගේ ඉඳන් තව තවත් ගඟේ සැඩ පහරේ ඔහේ ගහගෙන යනවාදෝ කියල හිතෙනවා. අපිට ඒ බෝට්ටුව මිස් වෙලා. එකයි තවමත් සංසාරේ කියල වික්ටර් රත්නායක මහත්තය කියනවා වගේම මේ සින්දුවේ බුදු හාමුදුරුවෝ පරිනිර්වාණයට ලංවෙලා තව කුඩා ඉන්නේ සංසාරෙන් එගොඩ වෙන්න අහනවා. "පමා නොවන්නේ අඳුර වැටෙන්නේ යනවානම්එ එන්නේ. ඒ වගේම ගඟුල අනෝමයි අද මට වෙහෙසයි යනවා නම් එන්නේ". ඒ වචන මාලාවටයි ගායනයටයි හරි සංවේගයක් දැනෙනවා.
11. එගොඩහ යන්නෝ
ඔබ මම අපි සැවොම එකිනෙකාට වෙනස් වූ නමුදු එකම සිහිනයක් දකිමින් සිටින්නන් නොවේද? ඒ ඒ සිහින මාවත් වල යද්දී අපට මුණ ගසෙන්නන්, අපිව පසු කර ගියවුන්, අපිට හැර දමා යන්නට සිදුවුවන් සියල්ලන්ගේම මතකයන් අල්පමාත්‍ර වශයෙන් හෝ ඔබ මම අතර සිත් සන්තානයේ ශේෂ වී නොමැතිද? ඔබේ සිහින මාවතේ ඔබට සිදුවූ වැරදීම් යලි යලුදු ඒ වැටීම් හමුවේ නැගිටිමින් යන අයුරු පසෙකට වී මොහොතක් කල්පනා ලෝකය තුල කිමිදෙන්න විරාමයක් ලත් මොහොතකට මේ සින්දුව නියම අස වැසිල්ලක්. ඔබට හිනැහෙන්නන් ඔබේ සිහිනය තුල ඔබවම අතරමන් කරවුවන් මේ සියල්ලන්ම මේ සින්දුවේ එක වචනයක හෝ ඉන්නවා. මේ සින්දුව ඉතින් නොදැනෙන්නේ කොහොමද? මේ සින්දුව දුන්න මට දුන්න කෙනාට ගොඩක් ස්තුතියිලු ඉතින්. ;)
12. හීන හොයාගෙන පියමන් කල මග
හීනයෙන් බිමට බැහැල ටිකක් දුර ඇවිදගෙන යනකොට කාලය ගැන ඔලුවේ මනෝ පාරවල් ගහන්න පටන් ගන්නවා. අපි අපිවවම හොයාගෙන කණ්නාඩියක් කණ්නාඩියක් ගානේ ගිහින් ප්‍රතිබිම්භය නරඹනවා. කණ්නාඩියටත් සමහරවිට අපිව අඳුර ගන්න පුළුවන් උනාද මන්දා. මොනවා උනත් මේ සින්දුවේ වචන සෙට් එකට මන් කැමතියි. ඉතින්
13. අපි කවුද
අපි කවුදත් හොයාගෙන ඔහොම යනකොට අහම්බෙන් වගේ ඇපල මලක් මුණ ගැසුනොත් කොහොම වේවිද? ඇත්තටම අහම්ඹයන් ජීවිතේට එකතු වෙන්නේ නැද්ද? ඒ ඒ අහම්ඹයන් අපේ ගමන් මග වෙනස් කරන්නේ නැද්ද? කොහොම හරි අමරසිරි පීරෙස් මහත්තයාගේ සුවිශේෂ වූ ගීත ගොන්නක් අතරින් මේ ගීතය මම මුලින්ම අහපු ගීතය නිසාත් එහි ඇති මියුරු සංගීත රටාවට සිත ඇදුනු නිසාත් අර කීව වගේ ඇපල් මලක් ළඟ හිත නවතින්න බැරි නැද්ද නිසාත්, අහම්ඹයක් වගේ ජීවිතේට එකතු වෙලා ජීවිතේ ජීවත් කරවන්න එක මොහොතකට හෝ සතුට විතරක්ම ගෙනෙන අහම්ඹයන්ට මම ආස නිසා මෙන්න ඒ අහඹු ඇපල් මල.
14. ඔබ ඇපල් මලක් වාගේ
ඇපල් මලක් දැකල අතරමන් උන වෙලාවට තනි තරුවක් පාර කීවලු. ලහිරු පෙරේරාගේ සින්දු එවෙලේ රසාස්වාදය සඳහා අසා බැහැර කලත් මේ සින්දුවේ සංගීතයයි වචනයි හුදකලාවක නතර කරවනවා.
15. හවසක මා
16. අවසාන වශයෙන් අමරදේවයන්ගේ ආරාධනා ගීතයට ගොඩක් ආසයි.
සින්දු වලින් සින්දු 16 තෝරනවා කියන එක ලේසි පහසු වැඩක් නම් නෙවෙයි. එත් මට දැනුන මන් ආස ටික කොහොම හරි පෙළ ගස්ස ගත්ත.
16, 11 සහ 8 මගේ මනාපය.
ReplyDeleteජයවේවා!!!
16 න් 3 ක් තියෙනවා, ජයවේවා.
DeleteHoda therimak.
ReplyDeleteලස්සනසින්දුටිකක්
ඉස්කොතුයි. :D
Deleteආදරයේ උල්පත වූ අම්මා සිංදුවට අකමැති කෙනෙක් නැතිව ඇති හැමෝම එක වගේ ආදරේ කරන සිංදුවක් :) .. සනත් නන්දසිරි මහත්මයාගේ සිංදු වලින් මං ආස 'බෝ මළුවේ මල්' සිංදුවට.
ReplyDeleteඉර වට යන සිංදුව මට මුලින්ම අහන්න දුන්නෙත් අය්යනේ :) ඒකෙන් කතාවකුත් ලීවනෙ :)
සිතින් මා නොසැලී සිංදුව මගෙත් ප්‍රියතම ගීත එකතුවේ තියනව :)
එගොඩහ යන්නෝ සිංදුවත් හරි ලස්සනයි. :) ඒ එක්කම මට මතක්වෙන සින්දු දෙකක් තියනවා අමරසිරි පීරිස් මහත්මයාගේ 'කවුරුවත් නැහැ ' සිංදුවයි වික්ටර් රත්නායක මහත්මයගෙ 'තොටුපල අයිනේ' සිංදුවයි ....
හීන හොයාගෙන සිංදුව දුන්න කෙනාට තැන්කියු හොඳේ ....... :P :D
අපි කවුරුද සිංදුව අපේ කැම්පස් බැච් එකේ ජාතික ගීය .... :) :)
ආරාධනා සිංදුව මං ආසම සිංදුවක් සිංදු එකතුව 16 වැඩි උනානම් මාත් එකතු කරයි ... :)
ආදරයේ උල්පතට හැමෝම වගේ කැමතියි. ඉරවට යන ගිරවියනේ ගති නේ? ඒ වගේම අයිවෝ ඩෙනිස් මහත්තයාගේ දුද නොද බිඳ (කුකුල් හෑල්ල) එකත් ගති.
Deleteසිතින් මා නොසැලී වගේම ටී එම් ජයරත්න මහත්තයාගේ ලස්සන සින්දු එමටයි.
එගොඩහ යන්නො වගේම මිල්ටන් පෙරේරාගේ පර ආත්මයක එක රාත්‍රියක මඩු කුසලානේ සින්දුවට ගොඩක් ආසයි.
හීන හොයාගෙන සින්දුව දුන්න කෙනාට ගොඩාක් තැන්කු :D
මේ ලිස්ට් එක අඩුම 25 වත් කරනවානම් මීට වඩා හොඳ ලැයිස්තුවක් දෙන්න තිබ්බ. :D ස්තුතියි නංගි වැඩ තියන් මේ පැත්තේ ආවට (ඒ උනාට බය කරලා එලවන්ට ඕනා :D )
හුටා පර ආත්මයක නෙවේ පෙර :D මේ සිංහල ටයිපින් කෙරුවාව හරියන්නෙම නැහැනේ. :P
Deleteපෙර ආත්මයක සින්දුඅව මම කැමතිම එකක් දැන් 34 ක වෙලා මගේ ලිස්ට් එක. මේ ලිස්ට් එකේ 1, 4, 8, 9, 10, 11 ඔක්කොම මම කැමති ගීත . අනිත් ඒවාට අකමැති කම නොවේ. වඩා කැමතියි මේ ටිකට.
Deleteබලන් ගියාම අපි හැමෝගෙම ලයිස්තු වල කාටත් පොදුවේ කැමති වෙන්න පුළුවන් ගීත තියනවා නේ අජිත් අයියේ.
Delete1,2,3,8,9,14 මමත් කැමතියි. බොහොම ස්තූතියි වැඩ අස්සේ අභියෝගය භාරගත්තාට
ReplyDeleteහුරේ 16 න් 6 කටම කැමති, ඇත්තටම මේ වගේ සුන්දර අභියෝගයක් දුන්නට ගොඩක් ස්තුතියි. :D
Deleteඅද තමයි කාලෙකට පස්සේ බ්ලොග් පැත්තේ ගොඩ වැදුනේ.
ReplyDeleteමේ සින්දු අභියෝග වැඩේ නම් බොහොම ආසා හිතෙන දෙයක් ..
තරිඳු ගේ සිලෙක්ෂන් එකත් බොහොම වටිනවා.
අර "මොනවද මුත්තේ" සින්දුව නම් මගෙත් බොහොම කැමති සින්දුවක්.
මොනවාද මුත්තේ පරණ මතක ගොන්නක් හාර අවුස්සන සින්දුවක්, විභී වඩාත් එක්ක හරි අමාරුයි blog කෙරුවාව නේ?
Deleteවිභිගේ ලැයිස්තුවත් දාන්නකෝ. :D ජය වේවා.
අයියගේ සින්දු ලිස්ට් එකේ තියෙනවා නේ මම ආසම සින්දු ටිකක්. මම "සීත රෑ වසන්තේ" ඇහුවේ ගොඩක් කාලෙකට පස්සෙලු හොඳද?
ReplyDelete"ඉර වට යන" සින්දුව නම් අදමයි ඇහුවේ. ලස්සන සින්දුවක්.
ආයේ ඉතින්
හවසක මා
අපි කවුරුද
හීන හොයාගෙන
කියන සින්දු වලටත් කැමතිලු ඉතින්...
අපිත් ලිස්ට් ඒක දැම්මලු.. :)
සීත රෑ වසන්තේ අපි කිව්වා වලස්මුල්ලේ මොදරවාන කියල ගමක පුංචි ඉස්කෝලෙක ප්‍රසංගයකට අපේ ටකරන් බෑන්ඩ් එකට එන්න කිව්වා සින්දු කියන්න. ඉතින් අත් ට්‍රැක්ටරයක පටවාගෙන අපේ ලට්ට පට්ට පකිස් පෙට්ටි ඇස්රේ කොළ ඩ්‍රම් සෙට් එකයි ඕකට පාද එකයි බයිසිකල් ජියර්වී වීල් සිම්බල් සෙට් එකයි අපි සින්දු කිව්වා. මම ඩ්‍රම ගහනවා, දෙන්නෙක් අල්ලන් ඉන්නෝ වැනෙනවාට. :D කෑලි විසික් වෙනවා. :D කොහොම හරි ජාමේ බේරා ගත්තා. උත්තම මුනි දළදා වඩම්මන, ඔය සින්දුව එකේ නැගල ගියපු සින්දු. ඒ කාලේ හරි සුන්දරයි. අපේ බෑන්ඩ් එකේ නම පැරඩයිස්. :D දැන් පැරලයිස් වෙලා. :(.
Deleteඉර වට යන සින්දුව ගති නේ? එක අහන්නෝ.
අපිත්ලි ලිස්ට් එක බැලුවාලු. හී ජයවේවා.
මාත් ඉතාමත් කැමති සිංදු ටිකක් අයියේ,විශේෂයෙන්ම වික්ටර් රත්නායකයන්ගේ ආදරයේ උල්පත වු අම්මා,සිතින් මා නොසැලි හිදිද්දි වගේ ගිත හදවතේ ඉහළ තැනක රැදෙනවා,ගොඩක් ලස්සනයි,සිංදු කිහිපයක්ම ආයිත් ඇහුවා,ආකර්ෂණී ලිස්ටුවක් අයියා
ReplyDeleteඉස්කෝතුයි මලයා. :D මලයත් දැන්ම ලැයිස්තු ගත කරන්න. :D
Deleteඑගොඩහ යන්නෝ සිංදුව මට හරි සමීපයි.. රුවල් ඉරි ගිය සහ අරාධනා අනික් දෙක..
ReplyDeleteඒ තුන මටත් සමීපයි කවිඳු, ස්තුතියි අදහස් එකතු කරාට ගීත ලැයිස්තුවට.
Delete12. හීන හොයාගෙන පියමන් කල මග
ReplyDeleteමම අහල තිබුනේ නැ
අහල බලන්න අටමයියේ, එකේ අමුතු ලස්සනක් තියෙනවා. :)
Deleteමම ආසම සින්දු ගොඩක් මෙතන තියනවා තරිඳු.. මේ රට මගේ රට සින්දුවට අපිටත් නටන්නන තිබ්බ පෙර පාසලේ..
ReplyDelete12. හීන හොයාගෙන පියමන් කල මග .....මම අහල තිබුනේ නැ
මේ රට මගේ රට සින්දුව අහද්දී හිතට අමුතුම හැඟීමක් එනවා නේද චතු. හීන හොයාගෙන ගති, අහල බලන්න.
Deleteහාහ්. දැනුයි දැක්කෙ.
ReplyDeleteනියමයි ඈ.
ඉස්කොතුයි කසුන් අයියේ. :D
Deleteතමන් කැමති ගීත 16 සහෝදර බ්ලොග් කරුවන්/කාරියන් ( සහ බ්ලොග් මාමලා ) අතර බෙදා ගත්තු ලිස්ට් 18 ක් දැනට පබ්ලිශ් වෙලා තියෙනවා. මේ ගීත එකතු ටික එක තැනක තියන්න කවුරුහරි ඉදිරිපත් වෙනවනම් හොඳයි. එතකම් ඒ ටික මේ පෝස්ට් එකේ තියෙනවා.
ReplyDeleteපොඩි කරුණක්. මම කලේ මම කැමති සිංදු ටික දාපු එක විතරයි. ඒක සුන්දර රැල්ලක් කලේ තම තමන්ගේ ලිස්ට් දාපු ඔබ වගේ අය. ඒක නිසා මගේ නම දැන් හලල මේක අපේ පොදු දෙයක් ලෙස තියමු.
ඔබගේ කැමැත්ත බෙදා ගත් එක ගැන නම් ඉතාමත් ස්තූතියි.
නියමයි ඉයන් බොස්. :D
Deleteහා.. හා... මම මගෙ ලිස්ට් එකට දාලත් ආයෙත් අයින් කරපු ගීත දෙකක්ම මෙතන තියෙනවා රුවල ඉරී ගිය සහ මේ පාලු සීත රාත්‍රියේ, මේ දෙන්නගේ වෙනත් ගීත දෙක්ක් ලිස්ට් එකේ උඩටම ආව නිසා මේ දෙක අයින් කලා.නන්දා , දීපිකා මහත්මීන් කියන්නෙ මගේ ප්‍රියතමයන් තමයි.
ReplyDeleteවෙල්කම් ශානි. අපි හැමෝම පොදුවේ එකම සින්දු ටිකකට හදවතින් බැඳිලා ඉන්නවා. ඒවා ඒ තරම්ම සුගායනීයි, රසවිඳිය හැකියි.
Deleteගී 16 ක් තෝරපු දහ නම වෙනි බ්ලොග්කරුගේ තේරීම මෙතන
ReplyDeleteමෙයින් ගීත දෙකක් කලින් අහල නැහැ...
ReplyDeleteඉර වට යන ගිරවියෙනේ, හීන හොයාගෙන පියමන් කල... බොහොම ස්තුතියි ඒවා අහන්න දුන්නට...
මේ පලු සීත රාත්‍රියේ, එගොඩහ යන්නෝ, සිතින් මා නොසැලී.... බොහෝ කලකින් ආයිමත් ඇහුවා, මගේ ප්‍රියතම ගී...
ඒ වගේම ආරාධනා කියන්නෙත් මගේ එකතුවෙන් අයින් කරපු ගීතයක්...බොහොම කැමතියි...
බොහොම ස්තුතියි සොඳුරු ගීත එකතුවක් අපිත් එක්ක බෙදා ගත්තට...
උඹේ දෙවෙනි සින්දුව කියුවම මතක් උනේ.. ඔපය කාලේ (ඔය වයසේ) මතක අතර මගෙත් උඩින්ම තියෙන සින්දු ටිකක් තමයි අඹ යහළුවෝ එකේ මල් පිපෙයි දෙනෙත් ඇරෙයි/ පාන තියා බුදු සාදුට හා කටු අකුලේ මල් ඇහැරේ.. ඒ වගේම යන්න කියන්න, අකුරු මැකී නා, මේ රට මගේ රට, මිදුලේ වැලි මාළිගාවේ සහ පුංචි වෙළෙන්දාගේ සිංදු.. ඒ දවස්වල අපේ මුතුහර ළමා සමාජය නිසා මේ සිංදු නිතර ඉදිරිපත්මෙ කරන්න අවස්ථාවකුත්හෙ ආව.. මේ ලිස්ට් එක තව ගොඩක් දිගට හදන්න පුළුවන්..
ReplyDelete1,6,8,9,10,13 හා 16 මගේ ලිස්ට් එකට දැම්මේ නැති උනාට ආසම සිංදු..
ශාස්ත්‍රීය ගීත, සරල ගීත සහ ජනප්‍රිය රැල්ලේ ගීත එකතුවක්. එම සමහර ගීත නම් අහලා නැහැ.
ReplyDelete