සිතක සිතුම්
අඩේ මටත් බෝගක්ද මොකක්ද එකක් තියෙනෝ නේද කියලා එක පාරටම හීනෙන් වගේ මතක් උනා, අනේ සොරි වෙන්න ඕනා මේ යලට මහට කොරන බොග් කෙරුවාවට, වී ආ බිසී පීපල් නෝ? ඇත්තමයි අධ්‍යාපන වැඩයි රස්සාවයි දෙක බැලන්ස් කරන් යද්දී සමහර දේවල් අකමැත්තෙන් උනත් අතාරින්න වෙන තරමට කැප කිරීම් කරන්න වෙනවා. එත් මොකක්දෝ කැසිල්ලකුත් තියෙනෝ, කොහෙද ඒ අස්සේ මේ කිරිල්ලියක් ඉඳන් අවුස්සා අවුස්සා කරදර කරනෝ නේ කවියක් හරි කතාවක් හරි ලියන්ට කියලා. ඒ අස්සේ අපේ ලොම් නැති හාවා (ඒ ආදරේට කියන නමක්) සමහරුන්ට නම් ද විලන් ලු .මහේෂ් රත්නායක බුවාත් ඉතින් කෝල් කර කර විස්තර අහනවා. ඉතින් මේ ඔය අව් අස්සේ හිතට ආපු මොනාද මන්දා ටිකක් බොගට දාල මම යනෝ. හත්වාලාමයි ඔක්කොටම කලින් මකුළු දැල් ටික කඩන්නත් ඕනා. (හැක).
නුඹ මාරුතයකි
ඔහේ හමායන
නොසලී සිටිනට වෙර දරන
මසිත් රුක දළු ලා වැඩෙන
බලාපොරොත්තුවක
ලපලු පත් කුනිති ගස්සන
එමත්තේ ගැවසී නොගැවසී
සිලි සිලි නාද නංවන
සිහලල්ව වෙලී වෙලී
ගත ගතකිලිපොවන
ඉසියුම්ම හැඟුමන්
ගත පුරා ගෙනයන
රිදුම් පිරි මිලින කොළ
මවෙතින් ඈතකට ගෙනයන
දඟකාර කෙලි කවට කම් කරන
එහෙත් රිදුමක්
ඉතිරි කරවන
ඔව්
නුඹ මාරුතයෙකි
සැබවින්ම
ඔහේ හමායන
නුඹ මාරුතයකි
ඔහේ හමායන
පුරා හිඩැසක් දරා සිනිනා
මසිත් බෙනයට
ඔහේ කඩා පැන
මොහොතක ඇසිල්ලක්
එහි නවාතැන් ගෙන
මතකයක නටබුන්
මතින් හමා යන
යලිදු හිඩැසක්
මවා පැනයන
රැඳී නොරැඳී
ලඟින්ම ඉඳින
ඔව්
නුඹ මාරුතයෙකි
සැබවින්ම
ඔහේ හමායන
නුඹ මාරුතයකි
ඔහේ හමායන
නිවී නොනිවී
විඩාවේ දැල්වෙන
මසිත් සිල හා
ගයා ගීයන්
තුටින් රඟදෙන
යලි යලිදු
වඩ වඩා දල්වන
නිවා නොනිවා
සැනින් පැනයන
ඔව්
නුඹ නම් මාරුතයෙකි
සැබවින්ම
ඔහේ හමායන
දෑකැති සඳ
දෑ කැත්තක් මිටක් නැතිව
පායන හැම රාත්‍රියක
අහස බලන පුංචි ඈයො
නිදි නොලබයි පැදුරු මත්තේ
නිදා ගන්න හෙට දිනයෙදි
තරු පායපු අඳුරු රැයක
මිටක් හොයන දෑ කැත්තට
යලි පායන දිනයක අපි
සවි කරමුකෝ නැගී ඉතින්
එතෙක් පුංචි උන්ගේ ලොවට
තරු පෙන්නපු මහ ගනදුර
පරයාලා මිටක් ඇතිව
පායාපන් දෑකැති සඳ
අමාවකෙත් හරි එලියට
සළු
ගත පොරවන් උන් මනරම් කසී සළු
ලබනු රිසියි තව නොපලන් දිව්‍ය සළු
දසත සරයි දුගියන් ගත නැතිව සළු
නිවන් මගට මොකටද බන් උතුරු සළු
සිල් ඇත්තියෝ ගත දවටන් හොඳ දුහුල් සළු
පෙන්නයි වහගෙන නොවැසුනු උන්ගේ හෙලු
අසරණියන් සළු උනා යහනක වෙද්දී හෙලු
කවුරුත් නෑනේ පොරවන්නට උන්ට සළු
එක කවියක් වෙනුවට කවි තුනක්ම ලියල.ඉතින් කිරිල්ලියෝ ඇවිදින් කවි ලියන්න බල කරන එක නරකක් නෙවේනෙ :D මම ආසම පලවෙනි කවියට. පිළිතුරු කවියක් ලියන්නත් හිතයි හැබැයි දැන් ආයේ ලියන්න බෑ වගේ හොඳ කවියක් ලියවෙන්නෑ වගේ. ඉඳල ඉඳල බ්ලොගේ මකුළු දැල් කඩන්න අපි මතක් කරන්නම ඕනලු ඉතින් :P
ReplyDeleteකොහෙද බොලේ අන්තරස්ධාන වෙලා උන්නේ?
ReplyDeleteකවි නම් නියමයි.
බොට මං වෙඩි තියනෝ... ඇයි හත්තිලව්වෙ හාවෙට්ට පුලුවංද විලන් කෙනෙක් වෙන්ට... :D:D:D:D:D
ReplyDeleteකවි තුනම ලස්සනයි.. ඒත් තුන ෂෙඩූල් කරල තුන් පාරකට දැම්ම නං වඩාත් හොදයි... මොකද දන්නවැයි එතකොට අඩුම ගාණෙ සතියකට එකක් හරි තියෙනව නෙ බ්ලොග අප්ඩේට් වෙනවත් එක්ක.
දැං බලහං උඩ ඉදං කවිය කියවං ආව. රිප්ලයි කොමෙන්ටුවක් හිතේ ඇදීගෙන එද්දි මෙන්න තව කවි දෙකක් අර රිප්ලයි එක නන්නත්තාරයි නෙ...
මොනා වුණත් පෝස්ට් එකක් දැම්ම එකට සතුටුයි
ජයවේවා සහෝ
සොමියෙන්ම ඉන්න ජය
ReplyDeleteලස්සනයි..
ReplyDeleteඇති යන්තම් මෙහෙම හරි දෙයක් ලියන්න මතක් වුනා.
ReplyDelete