අමතකව



එක්තරා සමයක
සඳටත් හොරෙන්
සඳ එලියෙන්ම
කුමන්ත්‍රණ කරපු උන්
සඳට යලි නොඑන්නම
අමාවක ගෙන ආහ

අලුත් ඉරක් ගැන
වගක් නොවූ උන්
අව් කන්නාඩි පැළඳ
අමුතු අඳුරකට
පෙම් බැන්දහ

උන්ට සරා සඳක
සොමි පහසද
අරුණෝදයක
මන්ද රස්මියද
අමතකව තිබුණහ

අඳුරේම උන්නු උන්
කණාමැදිරි පුකක් වන්
එක රැයෙන් දිලී පරවන
තාරුකා එලි දෙසම
නෙත් යොමන්
උඩ බලන්
ඉන්නට ගත්තහ.

තරුද තෙමේගේම
ඌස්නය දරා ගත නොහී
රාප්ත තප්තව
දිලෙන්නට වන් කල
එතරු කඩා
බිම හෙළ මැයි සිතා
ගල්ද බොරළුද
දෝතින්ම ගෙන
හිස් අහසට
ඔහේ දමා ගැසූහ

උන්ට තරු කැට අභිමුව
දෝතට ගත්
ගල් කැටයක
සුමට රවුම් බවද
විටෙක කඩතොළු රළු බවද
අමතකව තිබුණහ.

උන් තුගු රුකින් හෙබි
අරණට ගිනි වැද
කල් යල්ද නොබලා
මෙගා හේන් කොටන්නට
වන් කල
වැසි දියක් නොලද්දෙන්
කාබන් වායුන්
වලාවලට ඉස ඉස
කෘතීම වැසි මැවූහ

රාත්‍රියේ ඇද හැලෙන
පිනි වැස්ස
උන්ට
අමතකව තිබුණහ

එකල්හි උඩ යැවු ගල්
හිස මත්තෙහි වැටී
වේදනාවෙන් බරිතව
ගලට වෙර බැන්දහ

නමුත් හිසක් ඇති බැව් ද
උන්ට අමතකවම
තිබුණහ.

Comments

  1. Replies
    1. ඉස්කොතුයි අන්ධකාර තාරකාව, :D සාදරෙන් පිලිගන්නවා මේ පැත්තට.

      Delete
  2. මට නං පැටලිලියි..

    ReplyDelete
    Replies
    1. හයියූ දේශක අයියා, මන් ලියන ඒවා ඒ තරම්ම අවුල්ද? මේ නිකන් අදහසක් ටිකක් විතර අද කාලේ දකින්න තියෙන දෙයක්. :D

      Delete
  3. නිර්මාණය නං පට්ටයි මචං......

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මචන්, උඹලගේ ගෙවල් පැත්තේ නාවත් අපේ ගෙවල් පැත්තේ ඇවිත් මෙහෙම අදහස් කියනවට. ආයේ ආයෙත් ස්තුතියි මචන්.

      Delete
  4. /කණාමැදිරි පුකක් වන්/
    කුණු හබ්බ කීම තහනම්.....

    මට අල්ලලා ගියේ අර අව් කණ්නාඩි සින් එක...

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විදානේ අයියේ, හැමදාම වගේ මක්ක හරි දාපු ගමන් දුවන් ඇවිත් බලල ජයවේවා කියල අන්තිමට කියල යනවට. :D කුණුහබ්බ කීම තහනම් :o

      Delete
  5. ඔහොම තමයි. හුඟක් දේවල් ඉතින් ඉක්මනට අමතක වෙනවනේ.

    උඹට කෙටි කතා ලියන්නත් අමතක වෙලා තියෙන්නේ එහෙමම වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. වෙන්නැති බන් මේ වැඩයි ඉගෙනීමයි එක්ක මට මාවත් අමතකව යන්නැති.

      Delete
  6. සොමි

    මාසෙකින් විතර නේද පොස්ට් එකක් දැම්මේ.
    හොඳ නිර්මාණාත්මක සංකල්පනාවක් සොමි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මනෝ, වැඩ අධික කාලයක හිතට ආපු බයිලාවක් ලියල දැම්මේ.

      Delete
  7. සොමි අය්යේ මම අර කවිය මෙතන ලියන්නම් :)

    අනුචිතයා - ආරියවංශ රණවීර

    නොසෑහෙන කාලයක්
    අන්ධකාරය ම
    පවතින්නට විය

    ඉන්පසු
    බහල තිමිරය තුලින්
    එකෙක්
    ඉරක් ගැන
    කතා කළේය

    එහෙත්
    ඒ වන විට
    අඳුරට හුරු ව සිටි
    අනෙක් උන්
    අඳුරේම
    උගේ ගෙල
    මිරිකාලූහ

    ReplyDelete
    Replies
    1. කියවපු හැටියේ බෙල්ලෙන්ම ඇල්ලුවා නේ?

      Delete
    2. හා හා දන්නෝ දන්නෝ ඒ බව :D ;)

      Delete
  8. අහෝ කදිමයි සොඳුරු මිනිසාණෙනි...

    ReplyDelete
  9. හොයාගත්තා අන්තිමට!
    එන්නම් මීට පස්සේ!

    ReplyDelete
  10. ඕවා අබුඉද්දෂ කාලෙට සිද්ධවෙන දේවල් සොමී.

    ReplyDelete
    Replies
    1. හම්මියෝ මෙන්න අපුර්වී අක්ක ඇවිල්ලා, මොකෑ අක්කේ පේන්න නැත්තේ? අබුද්ධස්ස ජාකෙට ලබුත් තිත්තයිනේ :D

      Delete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්