ලයියාගේ සිහිනය (true stories behind the green field)
සෑම දිනක ම ලෝකයේ සැබෑ ම සත්‍ය කතා සිදු වන අතර ඒවායින් බහුතරයක් කවුරු වත් මීට කලින් නො දැක ඇතුවාට කිසිදු සැකයක් නොමැත. එතරම් ම වැඩි කාලයකට පෙර නොව දකුණු අප්‍රිකාවේ සවානා බිමක විසූ මව්වරුන් දෙදෙනකුගේ බලාපොරොත්තුවේ කතාවයි මේ. සෑම විටම ඔවුන්ගේ ජීවිත සුරැකී ඔවුන් සතු තිබුණේ අසාමාන්‍ය ධෛර්යය මතය.
කඳුකරයේ නො දන්නා ඉසව්වකින් ඇරඹී මේ තැන්න හරහා වක ගැසෙමින් දඟර දමමින් ගලා ගිය ගංගාව ඔවුන්ගේ රාජධානිවල දේශ සීමා මායිම් කර තිබුණි. එය ප්‍රබල රාජධානි දෙකක් අතරින් නිදහසේ ගලා ගීයේ ය. දකුණු ගංගා රාජධානිය ගත් කල එහි අභීත සිංහ ධේනුවන් සය දෙනෙකුත්, උන්ගේ සුරතල් බිලාල කොලු කෙලි පැටික්කන්ගේ දඟකාර කම් වලින් පිරී ඉතිරී තිබුණි. සෑම තැනකම පැතිර තිබුණේ ත්‍රාසය හා සැකය පමණි. ඒ ගැන මේ කොලු කෙල්ලන්ට නම් වගක් නැති ගානය. උන් එකම පෙළපතක උරුම කරුවන් ය. කොට්ටා සහිත පුංචි පාද හිමිහිට බිම තබමින් විමතිය පිරි දෑසින් කොටු කෑල්ලකට එරවුම් ගෙරවීම් කරනා පැටියෙකි. විටෙක කොටුවට හිමිහිට තට්ටුවකි , තවත් විට පිම්මකි, මොහොතකින් ඌ මවු තුරුලේය. ආදරණීය ලෙව කෑම් වලින් පැටවා නැහැවී යයි.
ලයිලා, සියල්ලන් අතර පරිණත හා වැඩිමහල් ම දඩයම් දිවියේ අත්දැකීම් බහුල ම එකියයි. ලයිලා මාස හයක් වයසැති මාරාගේ මෑණියන් ය. සවානා බිම හොඳින් වැඩී ඇති තැන පඳුරු අතරින් කොට්ටා සහිත පාද පොලවටද නො දැනෙනා සේ යන ගමන් විලාසය ඇය මාරට කියා දෙමින් උන්නා ය. මාරාද මව පසුපසින් වැටී ඔහේ ඇවිද යමින් සිටියා ය.
![]() |
ලයිලා හා මාරා |
![]() |
මාරා |
මේ අතර තවමත් තමන් උපන් ලෝකය ගැන කිසිවකුත් නො දන්නා පැටවුන් මවගේ වලිගය සමග සෙල්ලම් කරති. පසු කලෙක මහා සිහ නද නගන ගෙල වටා කළු ලොමින් පිරී යන මුන් දැන් තබා ම කෑස් කෑස් හඬින් තම උගුර පාදා ගන්නවා දෝ කියා වරෙක සිතේ. ඒ කෑස් ගෑමත් සමග බිම පෙරලී යන පුළුන් බෝල එතරම් ම සුරතල් ය. පාද හතරම උඩ හිඳුවන් එකෙක් තවකෙකුට යටත් වී ඇත. දිනපු එකා තව තවත් දුර්වල යා සපා කයි. දුර්වලායාද සටන අතහැර නොමැත, උගේ කෑස් හඬ තවත් තෙදවත් වේ.
මේ දඟකාර කොලු කෙල්ලන් රැක බලා ගනිමින් කරන ජීවන අරගලයේ දී උන්ගේ උදර පෝෂණය වනුයේ මේ සිංහ ධේනුන් රැල කරන ලද සමූහ ප්රයත්නයක අවසන් ඵලය එලා ගත් අසරණ හරිත බුක්තිකයාගේ මාංශයෙනි. නමුත් උන්ව කිසිදු විටක දඩයමට නොයා කම්මැළි කමින් ඈනුම් අරිමින් මේ රාජධානිය පාලනය කරනුයේ රාජධානියේ පාලකයා විසිනි.
ෆෑන්ග්, උගේ යටි හක්කේ කැඩී ඇතත් විදුරු මසේ එල්ලෙමින් තිබෙන දත උගේ වීරත්වය කියා පායි. ඒ අතීත සටනක මතක සැමරුම් ය. ඌ මේ කුඩා පැටවුන් සියල්ලගේ පියාය. අන්තඃපුරයක් බඳු සිංහ ධේනුන් පිරිවරා ඌ රාජකීය දිවියක් ගෙවයි. අග රැජින ලයිලාය. මාරා උගෙන් පසු කිරුල හිමි කුමරිය විය.
![]() |
කැඩුණු දත සහිත ෆෑන්ග් |
රවුම් කන් පෙති වලින් සහ උද්යෝගී දෑසින් යුතු මාරට නම් ලොව සිටින හොඳම තාත්තා ෆෑන්ග් ය. ෆෑන්ග් මාරා සහ ලයිලාගේ ආරක්ෂාව සොයා බැලුව අතර . ඒ වගේම උගේ භූමියද ආක්‍රමණ වලින් රැක ගත්තේ ය.
මේ දඩ බිම් හරහා සෑම වසරක් පාසා ම ආහාර සොයා හරිත බුක්තිකයින්ගේ ශ්‍රේෂ්ඨ සංක්‍රමණය සිදුවේ. සැබවින්ම ඒ මිලියන ගණනක් වූ මස් පර්වත සිංහ දඩ බිම් හරහා ජීවිතයත් මරණයත් අතරක සටනක නියැලෙමින් සංක්‍රමණය කරනු ලැබේ. ෆෑන්ග් අනෙකුත් ප්‍රාදේශීය සිංහයන්ට ඇසෙන්නට දකුණු රාජධානියේ එකම පාලකයා තමන් බව කියමින් තමන්ගේ සිංහ නාදය සැතපුම් ගණනක් දුරට ගුවනේ පා කර හැරියේ ය.
![]() |
හරිත බුක්තිකයන් සංක්‍රමණය වෙමින් |
මේ භූමියේ ම ගඟ දිගේ උතුරු කොටස වෙනස් ම බළල් වර්ගයට අයත් බැළලියක් තම දඩ බිම් කර ගෙන සිටියා ය. ඇය මිහිපිට වසන වේගවත් ම සත්වයායි. ඇය චීටාවෙකි. ඇගේ ජීවිකාව සින්හයින්ගෙන් සෑම අතින් ම වෙනස් වූ වකි. මන්ද යත් ඇය ජීවත් වූයේ සමූහ වශයෙන් නොවූ නිසා ය. ඇය සීටා ය. ය සතුව රහසක් තිබුණි. එතරම් කාලයකට පෙර නොව මෑත දින කිහිපයකට කලින් ඇය ලොම් ගුලි පහකට මේ තෘණ බිමෙහි දී උපත දුන්නා ය. උන් තවමත් දෑස් විවර කර නොමැති, පිය සරණත් නොමැති උන්ට ඇති එකම සරණ තම මව සීටා ය. කෙඳිරි ගාමින් උන් සැවොම එක පොදියට මවට තුරුල් වෙමින් කිරි උරා බොන අයුරු සැබවින්ම අපූරුය.
![]() |
සීටා |
![]() |
සීටාගේ ලොම් ගුලි |
සීටා සහයකයෙකු නොමැති වැන්දඹු වීදැයිද නො දන්නා තනි වූ මවකි. ඇය පඳුරු අතර තැනූ බිලක පැටවුන් සඟවා තනි කර දමා දඩයමේ යන්නී ය. ඇයට වෙන විකල්ප ද නොමැත. චීටාවුන් මිහිපිට වේගවත් ම සත්වයා වුවද දඩයම එතරම් පහසු නොවේ, එය සැම විටම සාර්ථක ද නොවේ. සිටාගේ ප්‍රියතම මාංශය තොම්සන් ගැසෙල් මුවන් සතුය. එවුන් සියල්ලන් ම පාහේ වේගවත් එමෙන්ම ජවසම්පන්න සත්තු ජාතියකි. සිටාගේ දඩ බිම ඈ දෑස මානයේ ගැසෙල් මුවන් රංචුවකි. දින ගානක් නිරාහාරව සිට පැටවුන්ට දීමට තරම් කිරි ඇය සතු නොවීය.
![]() |
දඩබිම දෙස බලන සීටා |
සීටාද අලුත් දඩයමට සුදානම් ය. මද වෙලාවක් තණ පඳුරු වලට ඉහළින් උන් දෙස බලා උන් ඈ තණ පඳුරු අතරින් කිසිදු හඬක් නො නගා කෙමෙන් කෙමෙන් රංචුවට කිට්ටු වෙමින් විටෙක නැවතී හිස පහත් කොට රංචුව දෙස නෙත් යොමයි. යලි පහත් වී ගමන් අරඹන ඈ ගෙල මත වූ ලෝම දැන් ඉලිප්පී ඇත. දෑස කිසිවිටකත් දයාමෙන් ඉවත් නොවේ. සීටාට ක්ෂණිකව වේගය උපදවා ගත හැකි වුවද එය දිගු කලක් රඳවා ගත නොහැක. ඒ චීටවුන්ගේ හැටිය. දඩයම සාර්ථක කර ගැනීමට නම් කෙසේ හෝ සැඟවී උපරිමයෙන් දඩයමට ලඟා විය යුතුය. සීටා දැන් ලැහැස්තිය. එක්වරම පිම්මකින් ඇරඹි දඩයම හමා යාම විටෙක ඉදිරි හා පස්සා ගාත් ලං කරමින් ද විටෙක විහිදුව මින් ද ඇය තම ගත ත්වරණය කරමින් කරමින් උන්නා ය.
![]() |
දඩයම දෙස නෙත් යොමන සීටා |
![]() |
සීටා බෙන්ඩ් එකක් ගනිමින් :D |
නමුදු ඒ කිසිදු විටක හිස හා දෑස් දඩයම කෙරෙන් ඉවතට නො ගත්තා ය. අනතුරක ඉව වැටුණු රංචුව සී සී කඩ දුවද්දී එක් ගැසෙල් මුවකු කෑස් ගා ක්ෂණික ත්වරණයක් ලැබ දිවි රැක ගැනුම උදෙසා දුව යන්නට විය. දැන් සීටා උපරිම වේගයට ලඟා වී සිටියාය. ගැසෙල් මුවාද ඒ මේ අතට පනිමින් වක්රාකාර දිවීමක නිරත වේ. සීටා ක්‍රමයෙන් දෙදෙනා අතර පරතරය අඩු කර ගනිමින් මුවා පසු පස එළවයි.
ඩග් ඩග්......, ඩග් ඩග්........, ඩග් ඩග්........, ඩග් ඩග්......., ඩග් ඩග්........, ඩග්........, ඩග්..........., ඩග්
![]() |
ගැසෙල් මුවාගේ අවසන් මොහොතට මොහොතකට පෙර |
ගැසෙල් මුවාගේ හදවත වේගයෙන් ගැසී අවසාන නතර විය. සිටා සාර්ථකත්වය අත් වින්දාය. ඇගේ පැටවුන් අද කුසගින්නේ සිටින එකක් නොමැත. ගැසෙල් මුවන්ද තම මියගිය සගයාගේ මාංශය බුක්ති විඳින්නට සැරසෙන සීටා හා මියගිය සගයාගේ සිරුර දෙස බලා තම කෙටි වල්ගා වනමින් අවසන් ගෞරවය මල සගයාට පුද කළහ.
![]() |
සගයාට අවසන් ගෞරව පුදන ගැසෙල් මුවන් |
(සීටා හා පැටවුන්ගේ සංක්රමණයන් හා වික්‍රමයන්, ලයිලාගේ දඩයම් හා මාරගේ හතුරන් ගැන ඊළඟ කොටසට.......)
ප.ලි.
මෙය මා නැරඹු වයිල්ඩ් ලයිෆ් චිත්තර පටයක කතාවක් වන අතර ගොඩක් අය මෙය නරඹා ඇතුවාට සැක නොමැත, වනගත ජීවිත ගැන ලියවෙන පළමු අවස්තාව හා එවන් අත්දැකීම් නොමැති නිසා චිත්තර පටයක කතාවක් වුවද එය ලියපු අයුරු පට්ටම සාටර් විය හැකි අතර මේ මට දැනුනු ඒ චිත්තර පටය ඔබත් එක්ක බෙදා ගැනීමට ගත්තු පුංචි උත්සාහයකි. චිත්තර පටය ගැන විස්තර අවසාන කොටසින් කියන්නම් :D.
ප.ප.ලි
මනොෂ් කොලුවෝ, ඔන්න මම වෙච්ච පොරොන්දුව ඉස්ට කොරා හරිය. මතකනේ GB :D, එහෙමනේ ප්‍රියා අයියා. බලපු කතාව ඔන්න ලීවා.
මං කැමතිම විදිහෙ ලිපියක්. ඔය සතුන්ගෙ ඩී වී ඩී ඉස්සර ගෙනත් බැලුව සෑහෙන්න. // මිලියන ගණනක් වූ මස් පර්වත සිංහ දඩ බිම් හරහා ජීවිතයත් මරණයත් අතරක සටනක නියැලෙමින් සංක්‍රමණය කරනු ලැබේ// ඒ සංක්‍රමණයට මොකක්ද විශේෂ නමක් කියනව නේද, දැන් මතක් වෙන්නෙ නෑ.
ReplyDeleteඔව් චන්දන අයියා, කාලෙකට සවාන තණ බිම් වේලෙනවා, එතකොට එයාලට මුකුත්ම කන්න නැහැ, සිංහයොත් දඩබිම මායිමට වෙනකන් ඔය සංක්‍රමණ කාලේ පන්න පන්න දඩයම් කරනවා. ඊට පස්සේ මස් නැතිව එයාලත් අසරණ වෙනවා. ආයේ තණබිම් දළු දාන කාලෙට මෙයාල අයෙත් එනවා, එතකොට ආයෙත් පන බේරාගෙන හිටපු සිංහයෝ අයෙත් දඩයම පටන් ගන්නවා. ෆිල්ම් එකේ නම් කිව්වේ great migration කියලා, ඒ ගැන හොයලා බලන්න ඕනා, ස්තුතියි අදහස් එකතු කරාට, මමත් හොයා හොයා බානවා, අපේ තාත්තා d v d තාමත් ගෙනාවා, මටත් වැඩිය අපේ අයියා. :D, මේකත් අයියා ගෙනාපු එකක්. අපිට මෙහෙම බලන්න හරි කැමරා කරපු ය විඳින්නේ පුදුම දුකක්, ඒ අයට ගෞරවය හිමි වෙන්න ඕනා.
Delete//පට්ටම සාටර් කවුද මෙහෙම කියන්නේ ?? මේක පට්ටම සිරානෙ :D මම නිකන් ෆිලුම් එකක් බැලුව වගේ කියවගෙන ගියේ.කතාව ගලායාම නම් විශිෂ්ටයි .මේ චිත්‍රපටය නම් මම බලල නෑ .ඒත් ලියපුවිදිහ කතාව හිතේ මැවෙන්නම ලියල.ඉස්සර රිවිර පත්තරේට නයනක රන්වැල්ල ලිව්ව සොබාදහමට සම්බන්ධ ලිපි මං ආසාවෙන් කියෙව්වා (තාමත් එයා ලියනවද දන්නෑ ). මේකත් ඒ වගේ. :) ..මම වැරදි නැත්නම් මේක සොමි අය්ය වෙනස්ම ආරෙකට ලිව්ව ලිපියක්.. නියමයි ඉතිරිකොටසත් ඉක්මනට දාන්න කියවන්න නොඉවසිල්ලෙන් ඉන්නව :) (Y)
ReplyDeleteතැන්කු තැන්කු නංගා, අම්මපා දන්නා කාලෙකින් පත්තරයක් බැලුවේ නැහැ, වෙලාවක් නැහැ, මමත් පත්තරේ ඔය වගේ ලිපි කියවන්න හරිම ආසයි, කැමරා කටුවක් ගත්තු වයිල්ඩ් ලයිෆ් පොටෝග්‍රපි මගේ හීනයක්, :D, අලුත් අලුත් වැඩ ට්‍රයි කොරලා බලනවා, මේක ඇත්තටම මට වැදිච්ච ෆිල්ම් එකක්, මේවා ඇත්තම කතා. දෙන්නම් දෙන්නම්, මගේ කම්මැලි කමට ලිපිය ලියන එක නැවැත්තුවා, දහ පහළොස් සැරයක් එක දිගට බැලුවත් එපා වෙන්නේ නැහැ, කෑල්ලක් බලනවා, ලියනවා, ආයේ බලනවා ලියනවා :D, වැඩේ හොඳනම් මෙයින් ෆිල්ම් බර ගානක් තියෙනවා :D.
Deleteතැන්කු නංගා, වෙනස් ආරක් තමා, එත් මේ වැඩේට ආධුනිකයි, මම කරන්නේ බලන් ඉඳන් ලියන එකනේ.
අඩෙ අප්පා මේ මනෝගෙ ඩුප්ලිකේට් පෝස්ටුවෙ කියපු කතාව නේද? tb වලින් නෙලලා ඇරියෙ ඔළුවට.! :D
ReplyDelete//පට්ටම සාටර් විය හැකි// බොට පිස්සුද මේක එකෙන්ම පට්ට.!
අපිත් ෆිල්ම් එක බලා හිටියා වගේ තේරුනේ.
ඊළග කොටසත් ඉක්මනටම දාපියෝ!!
Deleteහෙක් හෙක් ඔව් ඔව් මනෝගේ ඩුප්ලිකේට් පෝස්ටුවෙ කියපු කතාව තමා, :D
Deleteආසම ෆිල්ම් කැටගරියක්, මීට වඩා හොඳ සෙට් එකක් තිබුනා කෙළේ වෙච්ච 320යේ, ආයේ පුරවනවා ඉතින්. දෙන්නම් දෙන්නම් ත්‍රාසය දුක කඳුල කුහුල අරකද මේකද ඔක්කොමත් එක්කම දෙන්නම්. :D
තැන්කු ප්‍රියා අයියා අදහස් එකතු කලාට.
හේ..හේහ්!! 500 ඔන්න මගෙ ඔලුවෙ ආයෙමත් කැරකෙනව වගේ... අතීතය මොනතරම් සොඳුරුයිද..
Delete:D මනොෂ් ඉරිසියයි නේ, සුපර් කම්පීතරක් තියෙන්නේ හරිය හෙක් හෙක් 500 tb :D
Deleteමගෙ ඔළුවත් නිකම් මඥ්ඥං වෙනවා බොල ඒවා ඇහෙත්දි!! :)
Deleteමටත් මඤ්ඤං වගේ :D
Deleteකිසිත් නොකියමි. සිතෙනා දේ ලීවොත්, උඹ මා හා තරහා වනු ඇත...
ReplyDeleteඅනේ නැහැ මාතලන් අයියා හිතෙන දේ කියලා යනවනම් ගොඩක් ස්තුතියි. කොහොම හරි ලිපිය බලන්න ආවට ගොඩක් ස්තුතියි. කමෙන්ට් එකකට තරහා උනොත් මමත් අර අන්දරේව අන්නාසි ගෙඩියට මරන්න හදපු කින් වගේ වෙනවනේ. :D
Deleteඅයියලාගේ අදහස් තමා වටින්නේ, ඒවා වලින් පන්නරයක් ගන්න පුළුවන්.
මං හිතං හිටියෙ අන්දරේ ලොක්ක කෑවෙ පැණි වරක යක් කියල...
Deleteඅදයි ඇහුවෙ උ් අන්නසියකුත් කාල තියෙනව කියල
මහේෂ් අන්දරේ රහ විඳින්න තියෙන හැම දේම රහ විඳපු බුවෙක්, මැරෙන මොහොතත් රස වින්ද මනුස්සයෙක්, ඒ රස විඳීම කටිනෙ හෝ වේවා කාන්තාවක නම් ඇහෙන හෝ වේවා ජීවිතය වින්ද මනුස්සයෙක්, එඩී ජයමාන්නයි රුක්මනී දේවියයි රඟන අන්දරේ චිත්‍ර පටය මොන තරම් රස ගුලාවක්ද? මගේ කතන්දර පොතේ අන්දරේ අන්නාසි තමා කෑවේ. :D
Deleteහුටා සොමිය සීරියස් වෙලා...
Deleteලොවෙත් නැ...
හිහි...
හෑ කෝ සීරියස් එහෙම එකෙක් නැහැනේ :p
Deleteඩිස්කවරි නැට් ජියෝ වැනි චැනල් වල මේ චිත්‍රපට එකක් දෙකක්වත් දිනකට පෙන්නනවා.ඔබ කියා ඇතිසේම මේ දර්ශන රූගත කරන ශිල්පීන්ට ඇත්තෙන්ම කාගෙත් ස්තූතිය හිමිවිය යුතුයි.අපේ ඇතුලෙ කූඩු හදපු කොන්ඩ කුරුල්ලන්ගෙ පිංතූර ගන්න ගිහිං මම විඳපු දුක මතක්වෙනකොට මෙවැනි දර්ශණ කැමරාගත කරන අයට ඇති භක්තිය වැඩිවෙනවා.
ReplyDeleteසොමියට වගේ දිගම දිග කමෙන්ට් දාල මටනං පුරුද්දක් නෑ.පොඩ්ඩක් ලිව්වා.
මම හිතන්නේ ඔබතුමා මේ ෆිල්ම් එක බලලා ඇති, අපොයි ඔව් ඒ මනුස්සන් ජීවිතය විඳිනවා කියලයි මට නම් හිතෙන්නේ, මොකද ඒ අය කරන දේ දුෂ්කර උනත් ඒ අයට තියෙන්නේ පුදුම තෘප්තියක්, අපිට බලන්න මෙහෙම හරි දෙනවට ඒ අයට ගෞරවය හිමි වෙන්නම ඕනා.
Deleteඔබ තුමා කුරුල්ලොන්ගේ පින්තුර ගන්න ගියා කිව්වම මට මතක් වෙන්නේ පෙළ පොතේ තිබ්බ එච් එම් කුඩලිගමයන්ගේ කුරුළු කූඩුවක් පැදි පෙලේ මේ කවිය.
සිවියෙන් මිදුණු බෝ විටියා ගෙඩිය සොයා
මල් කැකුලකට නෑකම් ඇති තුඩග තියා
ලස්සන කිරිල්ලක් වන ලැහැබකට ගියා
දිටියෙමි ඇගේ කූඩුව කොතැනක ද කියා
ස්තුතියි ඔබ තුමාට.
ඉස්සර චැනල් අයි එකේ, ඩිස්කවරි චැනල් එකේ ප්‍රොගෑම් පැය ගනන් විකාශය කලා. පුදුම ආසාවකින් බැලුව මං. ඒත් දැන් නෑනේ.
Deleteඒත් දැන් නෑනේ, එකනේ මනොෂ් කරුමේ, හැබැයි you tv චැනල් එකේ දැන් nature documentaries කියලා වැඩසටහනක් යනවා හවසට. ඉඳලා හිටලා එක නම් බලනවා.
Deleteඅලුතින් පෝස්ට් එකක් දාන්න කාලෙ හරි නේද බං.
Deleteසොමියා ,
ReplyDeleteඑලකිරි ඈ... මාත් ආසම සබ්ජක්ට් එකක්...
පට්ට සාටර්නං නෑ ඈෑෑෑෑෑෑෑෑෑෑෑැ...
ජ ය වේ වා !!!
\\ඈෑෑෑෑෑෑෑෑෑෑෑැ..//
Deleteපරණ සීටීබී බස් එකක් දහ අට අදිනවා වගේ!!
විදානේ අයියා කැලෑ වදින්න පට්ටම ආසයි නේ, මනින්න ගිය ගමන් වලදී සෙට් වෙලා නැද්ද කැලෑ යාලුවෝ, විශේෂයෙන්ම අර පරපෝෂිත මනින්නෝ? :D. තැන්කු තැන්කු විධානේ අයියා.
Deleteමනොෂ් එහෙම තමා බොලව් කල වයස යන කොට ඇන්ටික් වෙලා සවුන්ඩ් අවුල් යනවා. :D බොලා අපිටත් ඒක පොදුයි.
//පරණ සීටීබී බස් එකක් දහ අට අදිනවා වගේ!!//
Delete//එහෙම තමා බොලව් කල වයස යන කොට ඇන්ටික් වෙලා සවුන්ඩ් අවුල් යනවා.//
ඔය මනුස්සයා සිග්නල් නැති සිග්නල් ටවර් එකක එල්ලිලා මැරෙයි යකුනේ!! :D
හෙක් හෙක් //සිග්නල් නැති සිග්නල් ටවර් එකක එල්ලිලා මැරෙයි// නෑ මම හිතන්නේ නැහැ.
Deleteහ්ම්ම් සමහර විට ටවර් එකක් ගහගෙනම එල්ලෙයිද දන්නේ නැහැ, මේ දවස් වල ඉඩමක් මනිනවලු එල්ලිලා මැරෙන්න :D
අඩේ සමාවෙයන් පරක්කු උනාට. දවල් වරුවෙම අද පට්ට බිසී. ගෙදර ඇවිත් දැන් මේ ගේ වටෙයි වත්ත වටෙයි හැම තැනම දුව දුව සිග්නල් හොය හොය පෝස්ට් කියවනවා කමෙන්ට් කරනවා.
ReplyDeleteඅඩේ උඹ එහෙනම් ලිව්ව නේද. එළ එළ, උඹ සාටර් එකක් ගැන කියවනවා, මට මේක ප්ට්ට එකෙත් හොඳම එක. හරියට කේ.ජී කරුණාතිලකගේ පොතක් කියෙව්වා වගේ. ඉතිරි කොටහත් ඉකමනටම දාමු එහෙනම්. උඹ ඒ සිද්ධි විස්තර කරනකොට මට ඒවා මැවිල පේනවා. ෆිල්ම් එක බලන්න ආසයි බං.
හෙක් හෙක් එහෙනම් නිට්ටබු විදානේ අයියගෙන් සිග්නල් ටිකක් ඉල්ලා ගන්න. මම ඊයේ සඳුමල් බලන්න ගියාම මම දැක්ක ලින් ගත්තේ ඉඳන් බොග් බල බල කමෙන්ට් දානවය කියලා.
Deleteජුවාදා කියා වෝ නිබානා පඩේගා නේ? :D (තේරුනාද මන්දා :D)
අඩේ මන් වගේ අපතයෙක් ඒ වගේ මනුස්සයෙක්ට සම කරන්න එපා බන්. මම ඉතින් චිත්‍ර පටිය බල බල සිද්දි විස්තර කරනවා පසුබිම් හඬත් උපයෝගී කරගෙන, වෙන දෙයක් නැහැ බන්. පිලුම් එකේ විතරත් එක්ක ඔක්කොම අන්තිමට කියන්නම්. :D
තැන්කු තැන්කු.
\\ජුවාදා කියා වෝ නිබානා පඩේගා නේ//
Deleteආ තේරුණා තේරුණා.. ඔය කිව්වෙ මං ලිං මැඩියෙක් කියලනේ!!!???
හුකෑස්, හෙක් හෙක් ආ හරියටම හරි, බොලා හරියටම තේරුම් අරගෙන, මාර හැකියාවක්නෙ තියෙන්නේ. :D
Deleteඕක සින්හලේන්න් කීවා ජෝතිපාලයන් සමන් මල් පියල්ලේ සඳේ රැස් කැරැල්ලේ කියලා සිංදුවකින්. :D
සොමියා....................
ReplyDeleteනියම ලිපියක්. හරිම ආසාවෙන් කියෙව්වා.. විශේෂයෙන් ම රූප ටික කතාව තව තවත් රසවත් කරා සොමියා.. දිගට ම ලියන්න මේ කතාව...............................
ස්තුතියි කුගෑගීප
Deleteමම ෆිල්ම් එක බලන් එකේ කතාව ලිව්වා විතරයි, ඔය එකේ ස්නැප් ෂොට් ටිකක් ලස්සනයි කියලා හිතුනු අවස්ථා වල. අදහස් එකතු කරාට ස්තුතියි.
මේවගේ මාතෘකාවක් ඔස්සේ බ්ලොග් පොස්ට් එකක් ලිවීම මටනම් පෙන හැටියට මේ ආකාරයේ චිත්‍රපටියක් හැදීමට වඩා අසීරු කාර්යයක් . මොකද මේ කටාවක් නරඹන විට දැනේනේ උනන්දුව ලියවිල්ලක් තුලින් රඳවා ගන්නට තිබෙන අපහසුව නිසා. කොහොම වුනත් සොමියා සෑහෙන උත්සහයක් අරගෙන තිබෙනවා ඒ වෙනුවෙන්
ReplyDeleteස්තුතියි ඉවාන් අයියා, මම මොන කට්ටක් වත් කාල නැහැ මේක රූප ගත කරන්න ගිය මිනිස්සු විඳින කට්ට දැක්කම. මේ වගේ සමස්ත කතාවක් සිද්දියෙන් සිද්දිය රුප ගත කරපු එකයි මට තියෙන පුදුමේ. ඒ අය තමා සැබෑ දක්ෂයෝ. මොකද මේ සත්තුන්ට කියලා කරවන්නද මේ වගේ සිදුවීම්, එතකොට මුළු කතාවම, ඔහේ සිදුවෙලා යන සිදිවීම් හරහා කතාවක් ගොඩ නගපු විදිය හරිම අපුරුයි එයාල. මම බයේ හිටෙයේ ලියපු විදිය චෝර ඇති කියලා. :D
Deleteස්තුතියි.
සොයී මචෝ ටාර්සන් කතාවක් කියෙව්ව වගේ ඒ තරං සුන්දරයි... කොට්ට පාද සත්තුන්නෙ ඒ විදියට කියල නම් ඒ දඩයම් කරන රටාව කියල තියෙන හැටි එහෙම පට්ට... මට නං ඇත්තටම දැනුන්නැ අසාර්තක ගතියක්... ඇත්තටම මුල ඉදල් අගට යනකං අපූරුවට රස වින්ද... මේකෙ ඉතුරු ටිකත් දාපං. ඉක්මණට...මං පට්ට කැමති මේ වගේ කතා කියවන්න බලන්න....
ReplyDeleteජයන් ජය වේවා
මම ඔය කොට්ට පාද කතාව ඉගෙන ගත්තේ නම් born free චිත්‍රපටයෙන් ජාතික රූපවාහිනි සංස්ථාවේ dvd අලෙවි සලෙන් ගත්තු dvd එක බලලා, එකේ ඉන්නේ උගාස් කියලා මහලු සිංහයෙක් ගැනයි මිනිස් ඇසුරේ හැදුනු සිංහ කෙලි පැටික්කෙක් ක්‍රමයෙන් වන ගත ජීවිතයට හුරු වෙන අයුරුත් කියවෙන අපුරු සංවේදී චිත්‍රපටයක්, බලලා ඇති මන් හිතන්නේ ඒක. එකේ මේ සිංහයන්ට රෝගයක් හැදෙනවා ඔය පාද වල කොට්ට කුණු වීම කියලා. අනික ඒ කොට්ට මාරම ගති.
Deleteමතකද මන්දා මවුලා? (අර ෆ්‍රිජ් එකට ඔබපු පූසා) මම එකාගේ ඔය කොට්ට කිති කවනවා, එකට ගානක් වත් නැහැ. හරියට අපේ අල්ල වගේමයි.
කට්ටියම මේ වගේ කතා වලටත් ආසයි නේ.
පුළුවන් කමක් තියෙනවනම් සත්තු වත්තේ තියෙන තරුණ වන සත්ව වේදීන්ගේ සංගමයට එකතු වෙන්න, ඉරිදට එක රස වෙන්නේ, මමත් එකතු වෙන්න කියලා ඉන්නේ, එත් තාම මම හමා යන සිහිනය සැබෑ උනේ නැහැ, ඒ වෙනුවෙන් මේ වගේ දේවල් කැප කරන්න වෙලා. දුක තමා.
තැන්කු තැන්කු
මටත් born free මතක් වුනා...:)
Deleteborn free ලස්සන කතාව නේ පොඩ්ඩි අක්කා, කොහොමද උගාස් බිම පෙරලි පෙරලි සෙල්ලන් දාන හැටි කෙල්ලොන්ගේ හිත දිනා ගන්න :D, ටිකක් දුක හිතුනත් ලස්සනම කතාවක්.
DeleteThis comment has been removed by the author.
ReplyDeleteයාල යාල යාල යන්න සතුන් බලන්න
Deleteඇඟේ පතේ වෙහෙස නිවා විනෝද වන්න
පිල් විදහා රඟන මොණර නැටුම් බලන්න
සත්තුන්ගේ රජ දහනේ ඇවිද බලන්න ....
ගායනය - ග්‍රේන් ලියනාඩෝස්
(Gren Leonardos ගැන අපේ ජීවනගෙන් විස්තර දැන ගන්න පුළුවන් වෙයි )
යාල යාල යාල යන්න සතුන් බලන්න
Deleteමෙතැනින් අහන්න
අඩෝ කෝ අර ආතර් කියන එකා, අන්න ඌ සින්දු මුලින් දාපු කමෙන්ට් එක මකලා, උඹට නම් මචෝ ඕනා සීන් එකක් මොකක් හරි සින්දුවක්, හෙක් හෙක් ජය වේවා මචන්. සින්දුව විතරක් නෙවේ අහන්න පාරත් දෙනවා. තැන්කු තැන්කු.
Deleteඔය සින්දුව අහලා තිබ්බට ඔළුවල හිටින්නේ නැහැ නේ මචෝ.දන්නා එකම සත්තු සින්දුව සැළලිහිණි කොවුල් තමා, පට්ට ගහලම ට්‍රිප් යද්දී :D
තැන්කු තැන්කු සින්දු මචෝ.
උත්සාහය සාර්ථකයි.. ටීවී එකෙන් බලන විදියටම කියෙව්වා. ඉතිරි කොටසුත් ඉක්මණට දාමු.. :)
ReplyDeleteස්තුතියි,සාදරයෙන් පිලිගන්නවා, මේ පලවෙනි වතාව වෙන්නැති මේ පැත්තට ආපු, ඉකමනට දෙන්නම්, කියල ඉවර උන හැටියේ :D
Deleteඔව් පළවෙනි වතාව.. දිගටම එන්නම්.. :D
Deleteතැන්කු තැන්කු :D
Deleteකමෙන්ට් වලට රිප්ලයි කරන්න බෑ යකෝ වෙඩිතියනව බෝර දෙලහෙ තුවක්කුවකින්
ReplyDeleteඑකයි දාන්න පුලුවං වුනේ
කව්ද යකෝ වෙඩි තියන්නේ? @ මඤ්ඤං වී
Deleteකවුද ඩෝ කියන්නෙ මට මඤ්ඤං කියලා...අම්මපා රිප්ලයි දාන්න බෑනේ...නැත්තං දනී මං.
ReplyDeleteසොමියා, උඹත් ඩේවිඩ් ඇටන්බරෝ වගේනෙ. ටොප් ඈ...
මොකක්ද මේ රිප්ලයි දාන්න බැරි සීන් එක මට තේරෙන්නේ නැහැ. අඩේ විසිටර්, කව්ද බන් ඒ, මම සිරාවට එහෙම පොරක් දන්නේ නැහැ, නම ගුගලේ ගහලා බලුවමනේ දන්නේ,
Deleteඒ වගේ බුවෙකුට මම වගේ එකෙක් සම කොරන්න එපා. හෙක් හෙක්
තැන්කු තැන්කු
සිරාවට මොකක්ද මේ රිප්ලයි දාන්න බැරි සීන් එක?
අඩෝ පට්ටයි.. මම මාර කැමතියි මේ වගේ ස්ටෝරි වලට...
ReplyDeleteතැන්කු තැන්කු. :D
Deleteලියලා තියෙන විදිය හරිම අපූරුයි සොමී...
ReplyDeleteහරියට ෆිල්ම් එකක් බැලුවා වගේ.
එක, එක දර්ශන ඒ ඒ පෙනෙන විදියට ලියලා.
ගොඩක් ලස්සණයි. :)
ස්තුතියි පොඩ්ඩි අක්කා, කොහොමත් ෆිලිම් එක බලාගෙනනේ ලියන්නේ, ඒ නිසා ඉතින් මට දැනෙන විදියට ලියවෙනවා, පසුබිම් කතනයත් එකට උදව් කර ගත්තා,
Deleteස්තුතියි අක්කා :)
සුපිරි යි මචන්,,,
ReplyDeleteහරියට ෆිල්ම් එකක් බලන් හිටිය වගේ දැනුනේ...
උඹ දැක්ක රූප රාමු ටික අපේ හිත් වල චිත්ත රූප මැවෙන විදියට බොලා ලියලා තියෙනවා. සත්ව ලෝකය හරිම සුන්දරයි..මමත් ඉතාම ආසයි වනගත ජීවිත ගැන කියවෙන වාර්තා වැඩසටහන් වලට. බොලා දන්නවද සමහර වෙලාවට චීටාවන් සිංහයින්ගෙ ගොදුරු බවට පත් වෙනවා.මරා දැම්මට මාංශය බුදින්නෙ නෑ සිංහයො උන්ගෙ.
ReplyDeleteඔය පිල්ම් එකේ නම කියන්ටකො බලන්ට අපිටත්...
ReplyDeleteඅැයි සොමියා ලියන්නැත්තේ................... අපිත් ඒක්ක හැමදාම හිටපු යාලුවෝ ගොඩක් ලියන්නෑ ................. පාලුයි........... අායෙම ලියමු...............
ReplyDeleteමමත් මේ ආවේ ලියන්නේ නැත්තේ අහන්න.... සොමියාගේ සොමි සමය ඉවර වෙලාද?
Delete