අබිනිස් කරපන් හිමි සමින්දා
ආලය කොයිබද දෙව්දත් හිමිනේ
රාහුල නොවේදෝ නුඹට උපන්නේ
යසෝදරා නුඹ තැලුම් ලබන්නේ
පෙරුමන් පිරුවා මදිද සිතෙන්නේ
වැදි බන අහලා රැවටුණු හන්දා
දෑගිලි බැඳලා පෝරුත් නැග්ගා
කාලය ගෙවිලා බිලිඳු උපන්නා
යසෝදරා නුඹ වියපත් වන්නා
කිරි දිය ඉල්ලා බිලිඳු හඬන්නා
කිරි නොව කඳුළුම තවත් එරෙන්නා
මැදුරේ නුඹ ලද නිවන කොයින්දා
බයිට් එක තනපන් ඔහු පැමිනෙන්නා
රා කල බිව් නාලා ගිරින්දා
වාගේ හිමි සඳු සවස වඩින්නා
සයනයෙ රෑ ගුටි පිදුම් ලබන්නා
කෙලෙස වන්නද රති රඟන්නා
තනිව හිඳ සී මැදුරු කවුළුවෙන්
අවට බැලු කල යොමා නුවන්
යාහලු යෙහෙලියන් විශාකා වන්
බුදුන් සරණෙය පුන් සඳක් වන්
සංසාරෙම විඳි දුක මදිවද මන්දා
නුඹ දෙන දුක් මේ මොනවාද මන්දා
තවත් දුක් නම් නොහිලිය හන්දා
අබිනිස් කරපන් මෙන්න වැන්දා
අබිනිස් කරපන් මෙන්න වැන්දා
මේකේ අන්තිම කවියේ පදේ ලිව්වේ මම අබිනිස් කරපන් හිමි සමින්දා කියලා, එත් එක එලි වැටට ගැලපෙන්නේ නැති හින්දා අබිනිස් කරපන් මෙන්න වැන්දා කියලා පස්සේ ලියලා එඩිට් කළා.
ප.ලි.
විභාගත් එක්ක මැරිලා වේලිලා තිබුණු කවි සිතට පන ගහලා එන්න ඔක්සිජන් පොඩ්ඩක් ගන්න මොණරිගෙ මේ නිර්මාණය _ ගිලිහුණ හීන මතින්_ ගොඩක් උදව් උනා, ඇත්තටම මේ ටික ලියුවුනේ ඒ නිර්මාණයට කමෙන්ට් එකක් විදියට, ඉතින් එක මෙතනට උස්සගෙන ඇවිල්ල අත හැරියා. :D
කමක් නෑ අයේ පාරක් කියවල එන්නම්....
ReplyDeleteහා හා එහෙම හොඳා
Deleteසොමියා කවියා එහෙනම් ...
ReplyDeleteලාංකීය සමාජය තුල බොහෝ ගැහැනුන් තවමත් යසෝදරාවන් , පටචාරාවන් නිසි ඇගයුමක් නොලබන
හ්ම්ම් හැම පැත්තෙන්ම අන් කොන් තියෙනවා, හැම විෂය සීමාවක් ම අතපත ගාල දැනුම ලබාගන්නත් හැකියාවක් ඇතොත් දියුණු කරගන්නත් ආසයි, එත් ඇත්තම කතාව පට්ටම කම්මැලියෙක්.
Delete//ලාංකීය සමාජය තුල බොහෝ ගැහැනුන් තවමත් යසෝදරාවන් , පටචාරාවන් නිසි ඇගයුමක් නොලබන//
ඔව් ඒ කතාව ඇත්ත, ඒ යට ඕනේ කාගේවත් ඇගයුමක් නෙවේ, තමන්ගේ පවුලෙන්ම, කොටින්ම තමන්ගේ මිනිහගෙන්ම.
පලවෙනිපාරට කියවද්දීනම් තේරුනේ නෑ ...යොදාගෙන තිබ්බ සමහර නම් නිසා පැටලුනා ..එත් ආ යේම කියවද්දී තේරුනා . මොණරු කවි පන්තිය හරි ලස්සනයි... ඒකට හරියන්නම ලස්සනට ගලපල .. ....සොමි අය්ය කවිකාරයෙක් එහෙනම් :)
ReplyDeleteඔව් නම් ගම එක්ක සාම්ප්රදායික විදියට බැලුවොත් පට්ටේටම අවුල්, අයෙත් කියවලා තේරුම් ගත්තට ගොඩක් ස්තුතියි නංගි, හෙක් හෙක් මන් කවිකාරයෙක් නම් බැරිය, ඔය හිතට එන මක්ක හරි ඉතින් කුරුටු ගානවා, එකටත් ඇත්තටම ඉස්පාසුවක් නැතිව ඉන්නේ. :D
Deleteආයේම කවි මතක් වෙලා තියෙන්නේ.. මරු මරු...
ReplyDeleteහෙක් හෙක් යෙල යෙල ඔක්කොම ජුන්ඩ ජුන්ඩ මතක් වෙනෝ, :D
Deleteදෙමවුපියො යාළුවො මෙහෙම දෙයක් කරන්න එපා කියල කියද්දිත් ඉටිපන්දම් එළියට පියාඹල ආපු පළඟැටියෙක්... සැප විතරක්ම හොයාගෙන ඇස් කන් වහගෙන තමන්ගෙ මුල් උදුරල දාපු බොළඳ ගහක්...
ReplyDeleteනියම අර්ථ දැක්වීමක්, ඔව් ඒ වගේ එකක් තමයි, එත් රැවටීම හමුවේ බොළඳ කම කියන නිර්වචනය හරියනවද මන්දා, මොකද බොළඳ කම හිතේ සංවේදීම තැනකින් එන දෙයක්, එක නුගත් කමට බරසාරේට දැම්මට අපි කවුරුත් ඇත්තටම යම් යම් කාරනා වලදී බොළඳයි, මිනිස්සු රැවටෙන්නේ අන්න ඒ බොළඳ කම නිසාමයි.
Deleteඅපූරු හැකියාවක් සොම්යා...
ReplyDeleteප්රස්තුය මනරම්...
ජ ය වේ වා !!!
තැන්කු තැන්කු :D කොහෙද මේ අතුරු දහන් වෙලා ඉන්නේ, මක්කවත් ලියන්න හිතෙන්නේ නැතෑ?
Deleteබැදීමකින් නුඹ නොබදිමි රාහුල
ReplyDeleteනොඑවමි ඉල්ලා දායාද නුඹෙන් තව
පියවර මනිනට සසර පුරාවට
නොපතන යශෝධරාවයි මා අද ...
කවි පෙළ හරිම අපූරුයි ........
ස්තුතියි වැහි ලිහිණි, ඔබේ අදහසත් මනරම් මේකයි ඕකට ගැටලුව වෙලා තියෙන්නේ
Deleteනිවනක් නැති සංසාරේ
ආවයි ඇය කර කාරේ
මග නුහුරුයි මේ වාරේ
සිතෙන විටදී හිත පෑරේ
යසෝදරා,පටචාරවන් අතරේ
ReplyDeleteරාහුල සුනීතලා ඇයි අමතක වුවේ
කාටත් දුක තමයි හිමි සංසාරේ
හිත පරාගෙන ඒ ගැන කුමද පලේ
හිත පාරගෙන නම් කිමද පලේ
Deleteපැහැදීමයි නොවැ ඕන කලේ
රාහුල සුනීතල අමතකම කලේ
සෝපාකල නිසයි පලින් පලේ
යසොදරාලා කදුලු සලනවා සඳලු තලේ
පටචාරලා උමතු වීලා අන්න රෝහලේ
සුනීතලා සිඟනවා සිප් ඉල්ලා පාටසාලේ
දැකලා මේවා කලකිරෙන්නේ නැතිද රාලේ
බොලාගෙ කයිය අපූරුයි සොමියො....අනේ අවාසනාවකට මෙහෙම චරිතත් අපේ සමාජයේ ඉන්නවා නේද කියලා හිතෙනකොට හිතට දුකක් දැනෙනවා බං....
ReplyDeleteසිරා අයියා ලියන කතා
Deleteමේවා එක්ක කවර කතා
ලෝකේ අහන දකින කතා
මන් ගලපලා ලිව්වා ගොතා
//ඉතින් එක මෙතනට උස්සගෙන ඇවිල්ල අත හැරියා. :D//
ReplyDeleteඉතින් අපි ඒක කියවලා ඒකේ තේරුම් හොයනවා...:P
ලස්සණයි සොමී...:)
ස්තුතියෝ පොඩ්ඩි අක්කා
Delete?? තේරෙන් නෑ........ (දුෂ්යන්ත සර්ගේ වචනයක්, දන්නෝ දනිති)
ReplyDeletethumbs up කියල දාන්න icon /letters තේරෙන්නෙ නැති නිසා තමයි ඕක
ReplyDelete(y)
ReplyDeleteනියමයි...
ReplyDeleteස්තූතියි
Delete