කියවන එකේ වෙනසකට බකන් නිලන්න එන්න (ආරාධනා)
ජීවිතෙත් හරියට චිත්‍රයක් වගේ, ඒ චිත්‍ර පාට ගොඩයි, සංකලන, සම්මිශ්‍රණ, රටා, හැඩතල, හෙවනැලි, ආලෝකය, අඳුර, ඒ චිත්‍රෙ ඇතුලේ කතන්දර ගොඩයි. එත් ජීවිතේ ඇත්තටම මොන පාටද? දකින පාටමද පීන්නේ, පෙනෙන පාටමද තියෙන්නේ? පාටට පාට කොහෙන්ද? පාට එකතුවුනාම එක චිත්‍රයක්ද? ඔබ පාට දකින්න ගත්තේ කවදා ඉඳන්ද?
මතකද අම්ම අන්දවපු ජංගි කොටේ ඇඳගෙන හුණු කුරකින්, පාට කුරකින්, අඟුරු කෑල්ලකින් ගෙයි බිත්ති වල හීන සිතුවම් කරපු හැටි. සමනල්ලු, මල්, සුරංගනාවියෝ, කෝ උන්? උන්ටික කොහෙද ගියේ?
මතකද? ඒ අතීතය, ඔබත් මෙහෙම කරාද?
ටක් ටක් ටක්
කව්ද ආවේ?
රාස්සියෙක්
මොකටද ආවේ
පාටක් හොයන්න
මොන පාටද
එදා ආපු රාස්සි ආයෙම පාට ඉල්ලන් කවම දාකවත් ආවේ නැහැ, එයා ඔක්කොම පාට අරන් ගියාද? අනුන්නට දුන්න පාට අස්සේ මම තාමත් මගේම්ම පාටක් හොයනවා. එතකොට ඔබ?
ජීවන සිතුවම ඔබ අඳින්නේ පින්සලෙන්ද? පන්සලෙන්ද? හුනු කූරකින්ද? නැත්තම් අඟුරු කෑල්ලකින්ද? හැබැයි ඔබට අලුත් කඩදාසියත් නැහැ, මකන කෑල්ලකුත් නැහැ,
ඉතින් අඳින සිතුවම සමහර තැන වල වරදුනාද? වැරදුනා කියලා හිතුනද? ඉතින් වැරදුනාම සුදු පාට ගාල වැහුවද? නැත්තන් කළු පාටින් වැහුවද?
මිනිස්සු කළුත් නැහැ, හැබැයි සුදුත් නැහැ, කලවම් වෙච්ච අලුත් නෙවේ, එතකොට උන් මොන පාටද?
දේදුන්නේ පාටද?
වෙන්න බැහැ, දේදුනු කොහෙද අපි කොහෙද?
හරි තවත් මොටද වැල් වටාරම්, මිනිරන් කූරක් ගහපු පැන්සලෙන් අත තද කරොත් කළුම කළු පාටට ලියවෙනවා, බුරුලට කලොත් අළු පාටයි, හිස්තැන තිබිච්චාවේ, ඒවා සුදු පාටයි, ඒ කළු සුදු අළු වලින් මම දැකපු දේ මම හොයන පාටින් ටිකක් ඔබට දෙන්නයි වෑයම.
එහෙනම් මේ පුංචි ආරාධනාවක්
සඳුදා හිතුන වෙලාවක වෙන කොහෙවත් නෙවේ, මෙහෙටම ගොඩ වදින්න, නොලියපු දේ කියවන්න, ඒ දේ විඳිගන්න.
කළු සුදු අළු - ඉරි රටා හැඩතල
බකන් නිලන්න අවිත් යන්න.
මෙන්න එයින් දෙකක්.
1. පැරදුන ප්‍රේමය - කළු රෝස
2. අනේ නිව්ටන් බොලා මේක කෑවනම් - වැටුන ඇපල්
ඉතින් මත ඇතිව බකන් නිලන්න සදුදාට මේ පැත්තට එන්නකෝ, නොලියූ කතන්දර කියවන්න, නොලියූ කතා විඳගන්න, කළු සුදු අළු - ඉරි රටා හැඩතල.
හොඳයි... කොමෙන්ට්ස් තරම් නම් රහ නෑ...
ReplyDeleteස්තුතියි, රහ ඒවා සඳුදා තමා දොරට වඩම්මන්නේ
Deleteඔය ඇඳලා තියෙන්නේ ඔයාගේ හීන දෙකක්ද? මිනිස්සු කලුවත්, සුදුවත් නෑ . එයාලා ග්‍රේ පාටයි. :D
ReplyDeleteස්තුතියි පොඩ්ඩි අක්කා, හීන කෙසේ වෙතත් හැබැහින් දකින හීන.
DeletePoM එන්න ඕනැ තැනක් මේක
Delete@ ප්‍රා : තේරුනේ නැහැනේ, කව්ද PoM
Deleteඔය පොඩ්ස් ගේ "සිහසුනට තරග වැද" බ්ලොග් එකට එන ගෝඩාකාරයෙක්. මිනිහා ලස්සන පෙන්සිල් ස්කෙචස් කරනව. සමහර පෝස්ට්වල ඒවගෙ ලින්ක් දීලත් තියනව. පොඩ්ස් ගෙන් ඇහුවනම් විස්තර කියයි
Deleteතැන්කු ප්‍රා.
Deleteඅනිවා සඳුදට එනවා!! නොලියපුවා කියවන්න. කියවලා රසවිදින්න. (y)
ReplyDeleteඉත්තූතියි ප්‍රියා අයියා, අර රෝල්ට කෙලවෙන සීන් එක හින්දා මේ පොස්ට් එක පත්තු කරගත්තෙත් හෙනම ගේමක් දීල, හලේ මන්දා සදුදට පත්තු වෙයිද කියලා.
Deleteපාට පාට හීන නම් ගොඩයි, එත් අළු පාට හීන තමා පට්ට කළු සුදු කලවම් වෙච්චා. එල එල ජයවෙවා!!!
ReplyDeleteමොකාටද එන්න හදන්නේ?????? බලමු ඇවිත්...
ReplyDeleteඇවිල්ලම බලන්නකෝ, :D
Deleteවෙනසක් කරන්න හදනවා වගේ, හැබැයි මාතා කිව්වා වගේ උඹේ කමෙන්ට්ස් තමයි හොඳම , බලලම කතාකරමු නේ
ReplyDeleteකිසිම වෙනසක් නැහැ, වෙන ටැලන්ට් එකක් එලියට දාන්න යන්නේ, කමෙන්ට් එකක් කියන්නේ කියවපුවම හිතට එන දේ කියලා දාන එක, එක රසාද තිත්ත්ද කියලා ඒ ඒ අකාරයෙන් ග්‍රහණය කර ගත යුතුයි, හැබැයි දකින විදිය වැදගත්. ස්තූතියි.
Deleteසඳුදට එන්නං.එතකොටම බලමුකො කමෙන්ට්ස් වගේම පොස්ටුත් රහද කියල.
ReplyDeleteසදුදටම බලමු නේද හැලප තුමා, ස්තුතියි මේ පැත්තට ආවට.
Deleteඅහ්හ් අලුත් වැඩක් වගෙයි ..ඔන්න එහෙනම් මාත් සඳුදට එන්නම් ... :D
ReplyDeleteඑන්න එන්නෝ, අලුත් වැඩක් නෙවෙයි, පරණ වැඩක්, අලුත් මුණක්.
Deleteඅනිවාර්යයෙන් එන්නම්! වෙනසක් කරන්න වගේම වෙනසක් බලන්නත් මම ගොඩක් කැමතියි. ඔයා යන පාර හරි. වෙනසට කැමති අයත් ඉඳීවි, අකැමති අයත් ඉඳීවි. හැබැයි වඩා වැදගත් වන්නේ වෙනසක් සිදුව තිබීම සහ එය දිගින් දිගටම "වෙනස්" වීමයි.
ReplyDeleteස්තුතියි බස්සි අක්කා, බලමු වෙනසක් කරන්න. වෙනසත් ඉතින් වෙනස් වෙන්නත් එපැයි. වෙනස බලාපොරොත්තු වෙන වෙනසෙනුත් වෙනස් වෙන්න පුළුවන් නේද?
Deleteවෙනස් නොවෙන වෙනස මොකක් උනත් වෙනස වෙනසමයි හැමදාම වෙනස් අයට :)
Deleteබලමුකෝ එහෙනං..
ReplyDeleteබලමු බලමු.
Deleteනොවැරදීම එනව. ඔය බලිකුරුටු මේනියාව තියන නිසාම.
ReplyDeleteඑහෙනම් කුරුටු ගාමුකෝ, වෙලාවක් අල්ලන් අදින්න. අපිටත් බලන්න දෙන්න. ස්තුතියි.
Deleteසොමි මේ ඇඩ් එකක් දාලා තියෙන්නේ.මේ චිත්‍ර නම් පට්ට.බලමුකෝ සඳුදාට එහෙනම්...:)
ReplyDeleteහෙක් හෙක් පොඩි ඇඩ් කෑල්ලක් දා ගත්තා , අම්මපා මේක දාගන්නත් වින්ද දුකක්, සඳුදට එන්නකෝ, ඉත්තුතියි. :D
Deleteසඳුදා කියන්නේ හොඳ දවසක් ඇවිත් බලන්නංකෝ..
ReplyDeleteජ ය වේ වා !!!!
නිට්ටඹුවේ නෙවේනම් එදාට ඉන්නේ ඇවිත් බලන්නෝ, ඉත්තුතියි විදානේ අයියා. :D
Deleteඅනිවාර්යයෙන් සඳුදට එන්නම්! බලමුකෝ.....
ReplyDeleteතැන්කු තැන්කු මතක ඇතිව එන්නෝ :D
Deleteපෝස්ටුව තුලින් පැහැදිලි චිත්‍රයක් මවා ගන්න අපහසුයි...කරනවා කියන දේ බැලුවට පස්සෙ මගේ අදහස කියන්නම් සොමියො...බොට ජය !
ReplyDeleteස්තුතියි සිරා අයියේ, මටත් හිතා ගන්න බැහැ වැඩේ කොහොමද කරන්නේ කියලා.
Deleteපොස්ට් එක නම් කොට වැඩියි වගේ...
ReplyDeleteඑත් ඔය කියන වෙනස බලන අනිවා මාත් එනවා...
වෙනසකට වඩා වෙනසක් නම් නොතිබෙවී මගේ හිතේ. ස්තුතියි.
Deleteචිත්‍ර දෙක ලස්සනයි.. මමත් එන්නම්කෝ බලන්න සඳුදට...
ReplyDeleteස්තුතියි, ඇවිත් බලලා යන්න.
Deleteඅර කිව්වා වගේ බොලාගෙ කමෙන්ටුනං මාර වැදගත්. මේකත් එසේම වේවා!!!
ReplyDeleteසුබ ගමන්...ශක්තිය හා ධෛර්යය පතමි.
ස්තුතියි විසිටර්.
Delete