කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු

කළු සුදු අළු - ඉරි රටා හැඩතල - බකන් නිලමු. හරි කළු සුදු අළු එක්තරා විදියකට වර්ණ තුනක්. කළු පාටට බහුතරයක් මිනිස්සු කැමති නැහැ ඒ ඒකේ නමයි පෙනුමයි නිසාම, කළු ජීවිත අඳුරු ජීවිත කියන හැඟීමක් කළු පාටින් මතු උනාට කළු කියන්නෙත් මේ ලෝකේ තියෙන තවත් එක පාටක්, කළු පාටේ ප්‍රකාශනය තදයි, ඒ වගේ ම ප්‍රබලයි, ඕනෑම දෙයක් අතරින් එකවර ඉස්මතු වෙන්න ඒ පාටට පුදුම හැකියාවක් තියෙනවා, විද්‍යාත්මක ව බැලුවම සියලු ම වර්ණයන් ඒ වර්ණය අවශෝෂණය කර ගන්න නිසා පරිවර්තිත වර්ණයක් නැහැ, ඉතින් දර්ශනය වෙන්නේ කළු විතරයි. එක එක්තරා අන්දමක ඇස රැවටීමක්. ඔව් ඔබත් මමත් ඒ රැවටීමේ කොටස් කරුවෝ, පාට රැවටීම තෝරා ගත්තා, අපි රැවටෙන එක තෝරා ගත්තා, ඒ තේරීම වෙනස් කල දා ඔබ කිසිම පාටක් නො දකිනු නියතයි. සුදු ගැන මොකද හිතෙන්නේ, පන්සල ද මතක් වෙන්නේ එහෙමත් නැත්තන් ලණුවකින් ලයිට් කණු දෙකක ගැට ගහපු කොඩියක් ද මතක් වෙන්නේ. අළු පාට සුදුත් කළුත් කලවම් උනාම ඒවා පාටක් උනාට ඒ වර්ණයට ඊට ආවේණික වෙච්ච ම අනන්‍යතාවයක් තියෙන වර්ණයක්, මිනිස්සුත් අළු පාට උනාට හැබැයි අඩු වැඩි වශයෙන් කළු සුදු පාටට බරයි. පාට තිබුණාට පාට හුදකලා වෙනවා ඒවාට මතු වෙන්නේ ඉරි රටා හද තල නැ...