සයිබරයටත් කියවන ඔබටත් මගෙන් පුංචි ඉල්ලීමක්........

අවුරුද්දත් කිට්ටු වේගෙන නේද එන්නේ. හැමොම මේ දවස් වල ගෙවල් වල පේන්ට් කරනවා  ඇති, කෑම බීම හදනවා ඇති, අලුත් ඇඳුම් ගන්න යනවා ඇති, ඇලුත් වැඩ රාජකාරි ඇති, හැමදේම අලුත් නේද? ඒත් ඒ කරන කියන දේවල් ඔක්කොම දේවල් පරණයි කියලා මම කිව්වොත් කොහොමද? දුවන්නන් වාලේ දුවමින් අවුරුදු කන්නනේද ඔබ මේ යන්නේ? ඔය ඔක්කොම පුහු ආටෝප නේද? "අවුරුද්දකට සැරයයි ගේ පේනට් කරන්නෙ ටිකක් මනුස්සයෝ වගෙ ඉන්න හැදුවම මෙන්න එනව අනන් මනන් කියන්න මේ මොන අමනුස්සයෙක්ද මේ"මම කියන ඒවට ඔබට මෙහෙම හිතෙනවා ඇති. එහෙනම් මෙන්න ඒ අමනුස්සයා ඔබෙන් ඉල්ලන ඉල්ලන දේ.

ඔබ අවුරුද්ද ලබන කොටම මොකද කරන්නේ? (ඩෝං පටෝං චට පටාස්) ආහ්! කාරනය පැහැදිලියි නේද? 



"එහා ගෙදර එකා රතිඤ්ඤයක් දැම්මා, මන් දානවා තුන් හුලහක් උගේ කන දෙක වෙන්න" පොඩ්ඩක් හිතන්න අපි අවුරුදු අරන් කොහේටද මේ යන්න හදන්නෙ? මේ ඔබ ඔබගෙම මුදල් නේද පුච්චන්නේ, අවුරුද්ද ලබනවිටම මුදල් පුච්චලා ඔබ අවුරුද්ද නාස්තිකාර විදියට නේද පටන් ගන්න සලසුම් කරන්නේ. ගිය අවුරුද්දේ කල දේමද මේ අවුරුද්දෙත් කරන්නේ? ඉතින් ඔබට කොහෙද අලුත් අවුරුද්දක්? ඔබට හැමදාමත් ලබන්නේ පරන අවුරුදුනේ.මේ අවුරුද්දේවත් වෙනස් වෙන් නැද්ද? වෙනසක් කරන් නැද්ද. ඔබට අවුරුදු විනොදය රතිඤ්ඤ පත්තුකරන් නැතිව ලබන්න නොහැකිද? ඔබේ දරුවන්ට ඊට වඩා වේස් විදියකට විනෝදයක් ගෙන දෙන්න ඔබට නොහැකිද? බලන්න ඔබටත් ඔබේ දරුවන්ටත් අනතුරක් වුනොත් කෝ ඔබට අවුරුද්දක්? (එසේ නොම වේවා යයි එක සිතින්ම පතමි )

ආහ්! අවුරුද්දට ගේ අස්කරනවා නේද? බලන්න ගේ ඇතුලෙ ගොඩ ගැහිලා තියෙන බෝතල් ටික


පොඩ්ඩක් හිතන්න ඔබ කොපමන විසක් ඔබේ ශරීරයට ගිය අවුරුද්ද පුරා ඇතුල් කරලා තියෙනවද කියලා? මේ අවුරුද්දෙත් ඔබ ඒකමද කරන්න යන්නේ? ඉතින් ඔබට කොහෙන්ද අලුත් අවුරුද්දක් ඔබේ පරන පුරුදු එක්ක? මේ අවුරුද්දත් බෝතලයට යට වෙන්නද ඉන්නේ? ඔබට මේවායින් තොරව අවුරුද්ද සමරන්නට හෝ අවුරුද්ද ගතකල නොහැකිද? ඔබට වෙනස් වෙන්න බැරිද? අවුරුදු විනෝදය ඔබට ලැබෙන්නේ බෝතලයෙන්ද? වෙන අයුරකින් එය කල නොහැකිද?

අවුරුදු කෑම මේසය ලස්සනට තියේවි නේද?



ඒ විදියට පටන් ගත්ත කෑම මේසයට කට්ටිය සෙට් උනාම වඩම්මන්නේ ඔබ මොනවද?



ඒ කෑම මේසෙම අහින්සකයන්ගේ ශරීර කූඩු වලින් හැඩ වෙලා තියේවි නේද? මරු බයිට් එක නේද?  මේකද ඔබේ අවුරුද්ද? ඔබේ ආමාශය තවකෙකුගේ සුසානය කරනවද ඔබ මේ අවුරුද්දෙත්? වෙන විදියක අවුරුදු සමරන්න බැරිද?

බලන්න හුගක් මිනිස්සු අවුරුදු කාලෙට ඇඳුම් ගන්න යන්නේ හරියට ගිය  අවුරුද්දම හෙලුවෙන් ඉඳලා වගේ. ඇඳුම් කඩ ඇතුලෙ ගහ මරාගන්නවා. ඇත්තටම ඇපි ඇඳුමකින් බලාපොරොත්තු වන්නේ කුමක්ද?විලි වසා ගැනීමද

නැතිනම් මොඩලින්ද



එහෙමත් නැත්නම් අන් අය අතර කැපී පෙනීමටද? ඔබත් මේ අය අතරද? එක ඇඳුමකින් සෑහීමකට පත්වන්නට ඔබට බැරිද? 

අවුරුද්දක් ලබන්නේ පරන අවුරුද්දේ නරක පුරුදු අතඇරලා අලුත් අවුරුද්දෙ ඔබට වෙනස් වෙන්න නොවේද? ඉතින් ගිය අවුරුද්දේ කරපු දේම මේ අවුරුද්දෙත් කරනවා නම් කෝහෙද ඔබට අලුත් අවුරුද්දක්? කෝ ඒකෙ අලුත් බවක්? 

පොඩ්ඩක් හිතලා බලන්න ඔබේ අනිත් මාස වල වියදමයි මේ මාසෙ වියදමයි අතර පරතරය කොහොමද කියලා. ඇයි ඒ මේ මාසෙට පමනක් විශේෂයක්? ඔබම හිතලා බලන්න අවුරුද්දට ඔබ කොතරම් වැඩකට නැති වියදම් කොපමනක් කරනවාද කියලා?

එහෙනම් මාත් එක්ක එකතු වෙන්න, මේ අවුරුද්දේ වත් අපි වෙනසක් කරමු. ඔබත් මා සමග වෙනසට එකතු වන්න.


ඔබට මේ දෑස් පෙනෙනවාද? ඔබට මේ දෑස් වලට බලාපොරොත්තුවේ ආලොකය ලබාදිය හැකිය.

මේ මුදල් වලින් කවදාවත් අවුරුද්දක් නොලබපු අසරනයෙකුට අවුරුද්දක් අවුරුද්දක් උදා කරමු. පොඩ්ඩක් හිතලා බලන්න ඔබ තනිව සතුටුවන එකද දුකින් සිටය අයෙක් සතුටු කර ඒ සතුට බලා සතුටු වෙන  එකද වටින්නේ. ඔබට ඒ වෙනස කරන්න පුලුවන් නේද? ඔබේ කය සතුටු කරනවට වඩා ඔබේ මනස සතුටු කරන්න ඔබට පුලුවන් නේද? ඒ සතුට ඔබට විඳින්න පුලුවන් නේද?

කිතුනු භක්තික මර්සලින් ජයකොඩි පියතුමා කියූ පරිදි "මගේ නත්තල දුගියා බත් කන දාය" නම් ඔබේ අවුරුද්ද විය යුත්තේ කමක්ද? ඔබේ දරුවන්ටත් කුඩා කල සිටම මේ වෙනස හුරු කරවන්න. එවිට කෙදිනක හෝ මේ ලොකේ හැමෝටම අවුරුදු ලබාවි. ඔබට ඒ දවස අත්විඳින්න පුලුවන් නේද?

සෑමවිටම වෙනසක් කරන්න. වෙනස තුල ඇති වෙනස අත් විදින්න. සම්ප්‍රදායට එහා සිතන්න.


MAKE A CHANGE THAT YOU CAN MAKE, THINK BEYOND THE TRADITION & FEEL IT


ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

Comments

  1. මේ වෙනස කරන්න ඔබ මාත් එක්ක එකතු වෙයි කියලා හිතනවා

    සෑමවිටම වෙනසක් කරන්න. වෙනස තුල ඇති වෙනස අත් විදින්න. සම්ප්‍රදායට එහා සිතන්න.

    MAKE A CHANGE THAT YOU CAN MAKE, THINK BEYOND THE TRADITION & FEEL IT

    ඔබ සැමට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  2. ඇත්තටම වටින කියන අදහසක්.. ඒ වගේඅ හොද ප්‍රාර්ථනාවක්.. ඒත් ප්‍රශ්ණේ තියෙන්නේ රෑස් එකට අහු වෙච්ච මිනිස්සුන්ට මේ වගේ දෙයක් හිතන්න වෙලාවක් තියෙනවද කියන එක..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අයියේ......
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  3. ඇත්තටම වටින අදහසක්.....
    ඒත් කීයෙන් කීදෙනාද මේක වටහගෙන මේ විදියටම ක්‍රියාකරන්නෙ..:/

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගී
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  4. මමත් ඔයාවගේ තමයි හිතන්නේ .ඔයාවගේ අදහස් තියෙන යට ගැලපෙන තවත් බ්ලොග්
    එකක් මම අමාරුවෙන් හොයාගත්ත

    http://www.marketslk.com/classified/index.php/blog

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  5. වෙනස් අදහසක් තමයි. ඒත් දවස් 364ක් දුක් විදින මිනිස්සුන්ට තියෙන්නෙ මෙච්චරයි.

    ReplyDelete
    Replies
    1. ඕකම තමයි බන් හෙනේ... ඔය දවස සමරන්න කියලම කොච්චර දුක් විඳිනවද?...

      Delete
    2. ඇත්ත කතාව
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  6. නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
    Replies
    1. ආවා මලේ
      දිගටම ලියන්න
      ජය වේවා
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  7. කතාවනම් ඇත්ත. අවුරුද්ද කාලේදි ගොඩක් අනවශ්‍ය දේවල්වලට වියදම් කරනවා. ඒත් ඉතිං ඒවා ඇත්තටම අනවශ්‍යයි ද......
    :)

    ReplyDelete
    Replies
    1. අපි තාමත් පෘතක්ජනයිනේ,
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  8. අනේ මන්ද සහෝ. රතිඤ්ඤ කියන්නේ නම් සල්ලි පුච්චන වැඩක් තමයි. ඒත් ඉතින් පොඩි අය මොකක් හරි සතුටක් ලබනවා නේ බං. තාවකාලිකයි තමයි, ඒත් බං අපි ඊට වඩා වැඩකට නැති දේවල් වලටත් සල්ලි නාස්ති කරනවා නේ. මට නම් ඕකෙ දෙපැත්තම හිතෙනවා.

    ගේ පේන්ට් කරන එකට බැන්නට කමක් නෑ, ගේ අස් කරන එකට නම් මුකුත් කියන්න එපා අපි දෙන්නට රණ්ඩු වෙන්න වෙන්නේ. ඇයි බං මාස ගානකින් කාමරේ අස් කරේ නෑ. අවුරුද්ද පිට දාල හරි ඒක අස් කරගන්න ඕන, නැත්තන් තව මාස ගානක් යනකල් ඔහොමයි.:D :P

    ReplyDelete
    Replies
    1. උඹ නම් කාමරේ අස්කරන්නත් එපා කසුන් මල්ලි... පරණ අවුරුද්දටයි අලුත් අවුරුද්දටයි නාන්න තියෙන නැකත් වලට ඒ වැඩේ විතරක් කලත් ඇති...

      Delete
    2. රතිඤ්ඤා වල සද්දෙ විතරනේ
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  9. අපි පොඩි කාලෙත් රතිඤ්ඤ පුපුරනකොට කොච්චරනම් ආසාද? ඇත්ත අදහස හොදයි ඒත් මචං ඔය දෙකම කරන්න බැරි කමකුත් නෑනේ මම කියන්නේ

    අසරණයෙකුට උදව් කරන ගමන් රතිඤ්ඤයක් දෙකක් පත්තු කරාට අව්ලක් නෑ මට හිතෙන්නේ නම්..

    ReplyDelete
    Replies
    1. ඒ කතාව නම් ඇත්ත
      ඔයාට සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  10. හිතන්න වටින අදහස් ටිකක් එකතු කලාට ස්තුතියි
    සුභ අළුත් අවුරුද්දක් ඔයාටත්..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  11. සම්ප්‍රදාය රැකගෙන, අළුත් විදියට ඉස්සරහට යනවා නම් තමයි ඉදිරිය හොඳ !!!

    ReplyDelete
    Replies
    1. සම්ප්‍රදාය රැකිය යුතුයි ඒත් ගතානුගතික නොවිය යුතුයි
      ස්තූතියි
      සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  12. මුළු අවුරුද්දක් තිස්සේ දාහක් වැඩ රාජකාරි වලට හිරවෙලා හිතේ නිවනක් නැතුව ඉන්න අයට සිහල අවුරුද්ද කියන්නේ කියල නිම කරන්න බැරි තරම් සතුටක් දැනෙන දෙයක්.

    අම්ම, තාත්ත., ළමයි නෑදෑයෝ ඔක්කොම එකතුවෙන්නෙත් මේ අවුරුදු දවසේ. මොනවා නැති වුනත් අවුරුද්දේ අනික් දවස් 364 වඩා මේ දවස වැදගත් වෙන්නේ අන්න ඒ හේතුව හන්දයි.

    ඔයා කියන කතාවත් ඇත්ත. නමුත් රතිඤ්ඤ පත්තුකරන් නැතිව අවුරුද්දේ කිසිම ගතියක් නෑ කියලයි මගේ අදහස. අනිත් දවස් වල මිනිස්සු කොච්චර නම් සල්ලි නිකරුනේ නාස්ති කරනවද. ඉතින් එහෙව් එකේ එදාට රතිඤ්ඤ පත්තුකරලා (හැබැයි පරිස්සමෙන්) විනෝද වෙනේ එකේ වරදක් දකින්නේ නෑ.

    සත්තු මරණ එකනම් කොහොමත් අනුමත කරන්නේ නෑ.. වෙනස් විදිහටක හිතන්න පුළුවන් නම් එක හොඳයි. එත් ඕනෙවට වඩා සාම්ප්‍රදායික වෙන්න ගියාමත් එතනත් ගැටළුවක්. මං දන්නේ නෑ මං හරිද කියල. මට හිතෙන්නේ එහෙම.

    ReplyDelete
  13. වටින අදහස් ගොඩක් තියෙන,හැමෝටම හිතන්න දෙයක් ඉතුරු කරපු ලිපියක් යාලුවේ....

    // ඒ කෑම මේසෙම අහින්සකයන්ගේ ශරීර කූඩු වලින් හැඩ වෙලා තියේවි නේද? මරු බයිට් එක නේද? මේකද ඔබේ අවුරුද්ද? ඔබේ ආමාශය තවකෙකුගේ සුසානය කරනවද ඔබ මේ අවුරුද්දෙත්?//

    ඔයාටත් සුභ අලුත් අවුරුද්දක්!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි
      ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  14. මට නම් ඔය දවසෙ වෙනසකට තියෙන්නෙ අනිත් දවස්වලදි තියෙන නිදහස නැතිවෙන එක විතරයි...

    ReplyDelete
    Replies
    1. හපොයි ඇයි ඒ
      කොහොම උනත් ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා!

      Delete
  15. පෝස්ටුව බලලා එකෙක් හරි හැදෙනව නම් බොලට පිං නොවැ..

    අනේ මන්දා මට නම් වෙනසක් නැහැ වගේ.. හැමදාම එකයි.. දැන් අවුරුද්ද ටීවී ‍එකෙන් නොවැ..

    ජය !

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සෑම් සහෝ........
      ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා

      Delete
  16. බොහොම වටිනා අදහස් ටිකක් දීල තියෙන්නෙ..පරණ අවුරුද්දෙදිම අලුත් අවුරුද්ද ගැන අලුතින් යමක් හිතන්න ඔයා මග පාදලා දීල තියෙනවා..මමත් එකඟයි ඔයාගෙ අදහස් වලට..ගෙවල් දොරවල් සුද්ධ පවිත්‍ර කරල තීන්ත ටිකක් ගාලා මිනිස් වාසයට සුදුසු තැනක් කරන්න අවුරුද්දක් බලන් ඉන්න ඕන නැහැ..ඒවා අනිවාර්යෙන් විය යුතු දේවල්..

    ඒත් ඇඳුම් පැලඳුම්,රතිඤ්ඤා ,මත් පැන්,මස් මාංශ වලට මිනිස්සු ණය වෙලා හරි මේ වියදම් කරන වියදම් ගැන පුදුම හිතෙනව..ලෝකෙ දිහා නෙමෙයි අපේ රටේම ඉන්නව මහගොඩක් දුක් විඳින අහිංසක මිනිස්සු..ඔවුන්ට පුංචි හරි උදව්වක් කලොත් ඒ ලබන සතුට අවුරුදු දාට විතරක් නෙමෙයි අවුරුද්ද පුරාම හිතේ රැඳිලා තියේවි..ඒ මිනිස්සුන්ගෙ හදවතින්ම අපිට ලැබෙන ආශීර්වාදය මුලු අවුරුද්ද පුරාම වාසනාව ගෙනේවි..

    ReplyDelete
  17. කියවල විතරක් මදි.ගොඩක් හිතන්න දෙයක් තියෙනවා.

    ReplyDelete
  18. සුබ අලුත් අවුරුද්දක් වේවා!!!

    ReplyDelete
  19. හිතන්න දේවල් බොහොමයි... කියල තියෙන ඔක්කොම දේවල් ඇත්ත... මේක හැමෝම අනුගමනය කරන්න කොච්චර කල් යාවිද?

    ReplyDelete
  20. හිතන්න දේ බොහොමයි තමයි. එකක්වත් බොරු නෙවේ.

    උදාහරණයක් විදියට මත්පැන්, පුපුරණ දේවල් ගත්තොත් ඒවා තමයි අනතුරු ව්ලට මූලිකම හේතුව. දැන් දැන් ගිනිකෙලි අඩුවෙලා මත්පැන් වැඩිවෙලා...

    වෙද සිතක සිත්තම

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

යශෝදරාව හැඬුවද නැත්නම් තවමත් පෙම් කලාද? කවියන් දුටු යශෝදරාව හා නරසීහ ගාථා

කරත්ත කවි කියමුද?

මගේ සරසවි, නවකවදය, තෙල හා උත්තමයින්