ඔබ කකුස්සි කටක්ද?
කාටවත් මඩ ගැසීමට හෝ අපහසු තාවයකට පත්කිරීමට හෝ විවේචනය යන වදනට මුවාවි නින්දිත ලෙස පහර ගැසීමට මෙයින් මා බලාපොරොත්තු නොවන බව මුලින්ම තරයේ ප්‍රකාශ කර සිටිමි. මෙය හුදු මා දරණ තවත් එක් මතයක් , එහෙමත් නැත්නම් මට හැඟෙන විදිය , මා දකින විදිය සමාජය හමුවේ තැබීමක් බව වටහා ගනු මැනවි. මා මුලින්ම යොමු කලාක් සේම නැවතත් ඔබෙන මම අසනුයේ ඔබ කකුස්සි කටක්ද යන්නය. මේ වන විට ඔබට මා කෙරේ වෛරයක් හෝ පිළිකුලක් ඇතිව ඇත්නම් එය සධාරණය. එහෙත් ඔබත් මාත් කකුස්සි කටකට උපමා කර තිබේ යයි මට හැඟේ. ඔබගේ වැසිකිලි කැසිකිලි අවශ්‍යතා ඉටුකර දෙන අර පික් මේ පික් හාපික් දමා මදින කකුස්සි කට මට සමාන වූයේ කෙසෙද යන පැනය මේ වන විට ඔබට පැන නැගී ඇතුවා නිසැකය. මිනිහෙක් වෙච්ච මන් කොහොමද යකෝ කකුස්සි කටක් වුනේ , මූට පිස්සුද කියා ඔබට හිතී ඇතිවා මෙන්ම මා කියන්න යන්නේ කුමක්ද යන්නත් සමහර විට ඔබ දන්නවා ඇත. මෙය කීමට මා ප්‍රමාදයයි හැඟේ. කවුරුන් හෝ මීට ප්‍රථම මෙය කියා ඇතයි මම නොදනිමි. නමුත් එය මා ඔබට කියමි.
ඔබ මහ මග යන විට මේ පුවරු දැක ඇතිවා මෙන්ම සමහර විට රූපවාහිනියෙන් දැක ඇතැයි මා සිතමි. සැබැවින්ම ඔබට හිතුනේ කුමක්ද යන්න මට සිතුන ඩේ හා සසඳා කියා යාමට කාරුනික වන ලෙස මා ඔබෙන් ඉල්ලා සිටිමි. එවිට මා දරණුයේ වැරදි මතයක්ද යන්න හෝ මට වැරදි වැටහීමක් ඇතිවීද යන්න තේරුම් බෙරුම් කර ගැනීමට එය ඉවහල් වනු ඇත.
දැන් කාරණය පැහැදිලිය. මා කියන්නට යන්නේ කකුස්සි කටවල් වල වෙලඳ ප්‍රචාරන දැන්වීමක් පිලිබඳවය. මෙම දැන්වීමේ නිර්මාන කරුවා කවුරුන් හෝ සැබෑ වෙනසක් කර ඇත.ඔහු වෙනත්ම අයුරකින් මෙදෙස බලා ඇතිවාය. එය අගය කල යුතුය. නමුත් ඒ වෙනස තුල සමාජයේ ගැහැනියට මිනිසාට ලබා දී ඇති වටිනාකම, දී ඇති තැන, යොදා ගත් උපමාව ගැලපේද නොගැලපේද යන්න ඔබට බාරය. මේ පිලිබඳ මාහට නම් ඇත්තේ ගැටලුවකි. ඔහු වෙලඳ පල ජය ගත යුතුය. වෙලද පලම ඔහු අලෙවි කරන බාන්ඩයට සම කොට ඇති අයුරක් මට නම් පෙනේ. නිර්මාන කරු මිනිසා කවුද ඔහුට හිමි තැන කුමක්ද එහි සීමා කවරේද යන්න දැන සිටිය යුතුය.(නොමිනිසුන්ද සමාජයේ නැතිවාම නොවේ) එක අතකට ඔහු වැරදි නැතිවා විය යුතුය, ආයතනය මාර්කටින් වලදී මිනිසාට අපූරු තැනක් ලාබා දී ඇතිවාය.
අතීත නිර්මාන කරු මෙ අයුරින් මිනිසා සහ ගැහැනිය නොමනා උපමා වලින් සසඳා නැතිවාමය. මෙය සැබවින්ම ජුගුප්සාජනකය. කාන්තාවගේ නාරි ඉරියවු ඔහුට කකුස්සියකි. කාන්තාව තබා නාරි ලතා පුශ්පය දුටු ඉසිවරුන්ගේද මනස කැලඹී නම් මොහුට හා අයතනයට ඒ සියල්ල කකුස්සියක්මය. කානතාවගේ කෙශ කල්‍යානිය කකුස්සියක වැහෙන පියනක් වීය.
අතීතයේ යදමින් බැඳී නිර්මාණ කල යුතු යයි මා නොකියමි. නමුත් මෙවැනි දෙ ගැලපේද යන ඔබට බාරය.
වෙනස් වන කාලයට අනුව අපද වෙනස් විය යුතුය. ඒ වෙනස නොමනා වෙනසක් නොවිය යුතුය.
මාකටින් තුල කල නොහැක්කක් නොමැත. ජේ. ආර් ටද බලය තුල කල නොහැකි වූයේ මිනිසා ගැහැනියක් කිරීමත් ගැහැනියක් මිනිසකු කිරීමත් පමනි. මෙයට එයත් කල හැකිය යන්න මෙයින් මට හැඟේ. මම මට හැඟෙනා දේ කීවෙමි. මේ අනුව මිනිසෙකු මිනිසෙකු පිට නැගී වැසිකිලි යනු නොකියා කියා අවසානය. අවසාන තීරනය ඔබ සතුය.............
අතීතයේ යදමින් බැඳී නිර්මාණ කල යුතු යයි මා නොකියමි. නමුත් මෙවැනි දෙ ගැලපේද යන ඔබට බාරය.
ReplyDeleteවෙනස් වන කාලයට අනුව අපද වෙනස් විය යුතුය. ඒ වෙනස නොමනා වෙනසක් නොවිය යුතුය.
මාකටින් තුල කල නොහැක්කක් නොමැත. ජේ. ආර් ටද බලය තුල කල නොහැකි වූයේ මිනිසා ගැහැනියක් කිරීමත් ගැහැනියක් මිනිසකු කිරීමත් පමනි. මෙයට එයත් කල හැකිය යන්න මෙයින් මට හැඟේ. මම මට හැඟෙනා දේ කීවෙමි. මේ අනුව මිනිසෙකු මිනිසෙකු පිට නැගී වැසිකිලි යනු නොකියා කියා අවසානය. අවසාන තීරනය ඔබ සතුය.............
මේ කියන්නෙ මොකක් ගැනද කියල තේරුනේ නෑ...බලමු කොමෙන්ට් වැටෙන කොට තේරෙයිද කියල...ආයෙත් එන්නං.
ReplyDeleteමෙන්න ඔබා මාමේ ලිංකුව ගිහින් බලලා තේරුම් ගන්න
Deletehttp://www.rocellbathware.com/print.html
ඔබා මාමා ලංකාවේ ඇඩ් දකින්නේ නැහැ නොවැ..
Deleteකොමෙන්ට් කියෙව්ව, ලින්ක් එකෙනුත් ගිහින් බැලුව. වෙන රට වල ඇඩ් වලට ගෑල්ලමයි උපයෝගි කරගන්න අන්දමට තාම අපි පහළ බාලාංශෙ ඉන්නෙ. වෙන රටවල් හොඳයි කියනව නෙමේ.
Deleteඅපේ සංස්කෘතියෙ හැටියට තාම බය සැක ඇති ඒ අතින් ඕනෙවට වඩා ඉස්සරහට යන්න. 1980 ගණන් වල ඇත්තටම ලස්සන සිංදුවක් එක්ක හුරුබුහුටි ගෑල්ලමයි හතර දෙනෙක් තුල්හිරිය රෙදි කම්මලේ චීත්ත ඇඳගෙන වෙරළෙ ඇවිදින ඇඩ් එකක් ගියා ටී.වී. එකේ.ගෑල්ලමයින්ගේ යාන්තමට චීත්තෙ එහෙ මෙහෙ වෙලා කකුල් පෙනුන කියල අපේ බොදු තලිබාන්ලා දුම්මල වරම අතට ගත්ත.
මම නං දුම්මල වරම් අතට අරං නටන් නැතෝ, මේ විදියට බාලාංශෙ ජේශ්යඨ අංශයට යන දවස වැඩි ඈතක නෑ. තුල්හිරිය කතාව වන විට මා ඉපදී නොමැත.
Deleteපෞද්ගලිකව මමත් මේ වෙළඳ දැන්වීමට කැමති නැහැ..ඒත් මෙහි නිර්මාණශීලිත්වයනම් උපරිමයි..
ReplyDeleteප/ලි:අපේ තාත්ත දකින දකින වෙලාවට බනිනවා..හැටි විතරක් කියල.. :D
අපේ තාත්තා වෙන පැත්තක් දානවා මේක යන කොට හොද වචන ටිකකුත් කියලා......
Deleteකතාව සහතික ඇත්තය.
ReplyDeleteනමුත් එම වෙළඳ දැන්වීම්කරු මෙතැනදී සාර්ථක වෙන්නේ කොහොමද කියල කියනවනම්.... ඔයත් දැන් කතා කරන්නේ මේ වෙළඳ භාණ්ඩේ ගැන නේද. එකෙනුත් ඒ වෙළඳ භාණ්ඩේ ප්‍රමෝට් වෙලා නේද. ගොඩක් මිනිස්සු මේ දැන්වීමේ නරක දකිනවනම් ගොඩ දෙනෙක්ට ඒ ගැන කියනවා දැන් ඔයා කියනවා වගේ.. අන්න එතනදිත් මේ භාණ්ඩේ ප්‍රමෝට් වෙනවයි කියල තමයි මට නම් හිතෙන්නේ... හොඳ දෙකින් හරි නරක දේකින් හරි වෙළඳ දැන්වීම් කරුගේ මුලික අරමුණ තමයි ප්‍රචාරණය. මට නම් මේ ගැන හිතුනේ ඒ විදිහට.
එහෙම කියල අර්ථ ශුන්‍ය නිර්මාණ වල වැදගත් කමක් නම් දකින්න බෑ.
ප්රචාරනයට නම් ඔහු දක්ෂ වීය, නමුත් මෙය දකින විට බුද්ධිමති පාරිහෝගිකයා මෙය මිලදී ගනීද යන්න ගැටළුවකි.
Deleteම්ම්ම්....දැක්කම හිතෙන්නේ මේ වගේ භාණ්ඩයි ගැහැණිය සහ මිනිසාගේ ඇගේ හැඩෙයි දෙකම සමාන කරලා පෙන්නන්න උත්සාහ කරනවා වගේ.
ReplyDeleteතරගකාරී වෙළදපොළේ කැපිලා පේන්නනම් වෙනස් විදිය වෙළද ප්රචාරක ක්‍රම භාවිතා කරන්න වෙනවා. මේකත් ඒ විදිය වෙනස් විදිය අදහසක්. වැරදක් නම් මං දකින්නේ නෑ. මේ විදිය පොස්ට් එකක් හරි දාන්න හිතුනේ, ඒ වෙනස නිසානේ. දැන් මේ පෝස්ට් එකේ කොමෙන්ටුවකම ඒ ලින්ක් එකත් තියෙනවා. ඉතිං මේක වෙළද ප්‍රචාරනය නෙමෙයිද...
මේ විදිය භාණ්ඩයක් ළගදි දවසක ගන්න හිතන් ඉන්න කෙනෙක් මේ පෝස්ට් එක දැක්කනම් රොසෙල් වෙළද නාමය ටක්ගාලා ක්ලික් වෙන්නේ නැද්ද.....
ඉතිං වෙළද ප්‍රචාරනය කියන්නේ මේක නේද...
අපෙ ඔබා මාමට කරුණු පැහැදිලි කර ගැනීම පිනිස ලින්ක් එක පල කලෙමි. නමුත් මෙය දකින විට බුද්ධිමති පාරිහෝගිකයා මෙය මිලදී ගනීද යන්න ගැටළුවකි.
Deleteනිර්මානශීලි ඇඩ් එකක් මචං..
ReplyDeleteනිර්මානශීලීත්වය උපරිම උනාට උපමා කීරීම කොතෙක් දුරට ගැලපේද?
Deleteමටනම් හිතෙන විදියට බ්ලොග් එකක කතාවෙන තරමට ඇඩ් එක තාත්වික වෙලා. ඒ වුණත් බහුතර මිනිස්සු ප්‍රමාණයකට මේකේ අර්ථය වැදගත් වෙන්නේ නෑ, හේතුව බුද්ධිමත්කම ගැන තියෙන ගැටළුවක් නිසා. එතකොට බුද්ධිමත් පාරිභෝගිකයෝ කියන කොටස කොහොමත් මෙහේ නැතිතරම් නේ. ඒ නිසා ඒකේ ගැටළුවකුත් නෑ!
ReplyDeleteඅනේ මන්දා සහෝ............
Deleteඔබ දකින්නෙ කොයි හැටියට උනත් මම නම් මේක දකින්නෙ නිර්මාණශීලිත්වය හැටියටයි. මේ සමහර ඇඩ් මම දැක්කෙ පහුගිය නොවම්බර් දෙසැම්බර් ලංකාවට ගිහින් ඉඳිද්දි ගත්ත පත්තර වලයි මෙහෙදි ඔන්ලයි බලපු සිංහල පත්තර වලයි.
ReplyDeleteමට මේක ආයෙ මතක් වුනේ මේ පෝස්ට් එක දැක්කාමයි.
henryblogwalker the Dude
නිර්මානශීලීත්වය උපරිම උනාට උපමා කීරීම කොතෙක් දුරට ගැලපේද?
Deleteමොනව උනත් වෙනස් දෙයක් හිතල තියෙනවා..
ReplyDeleteවෙනස කොතරමි දුරට ගැලපේද?
Deleteඅමුතුම සීන් එකක් නේ ....
ReplyDeleteහ්ම් හ්ම්..............
Delete"මිනිසා ගැහැනියක් කිරීමත් ගැහැනියක් මිනිසකු කිරීමත්" මේක මං හිතන්නේ දැනටම කරලා ඉවරයි අයිඩී ඔෆිස් එකෙන්, මම දැක්කා නිව්ස් වල යනවා ඔය වගේ සීන් එකක්..
ReplyDeleteඒක නම් ඇත්ත ගාල්ලේ ඉස්කෝල කීපයකම පිරිමි ළමයින්ට අයි ඩී ඇවිත් තිබුන,විස්තර සේරම ගැනු ළමයිගේ,ෆොටෝ 1 විතරක් කොල්ලගේ :P
Delete@ කනියා සහෝ : මේ දවස් වල නිවුස් බලන්න උනේ නෑ , මොනවා උනත් මේ ලංකාවනේ
Delete@ නුවන් සහෝ : අයි ඩී කන්තෝරුවෙ ඇත්තො ජේ ආර් ට වඩා ලොකු වාර්ථාවක් තියලනෙ දන්නෙත් නෑ
මිනිසාගේ ශරීරය කියන්නේ කළාගාරයක් එතකොට නිරුවත් කළාව කියන්නේ වෙනම කළාවක්. අපි ඒ අතින් තවම ගල් යුගයේ ඉන්නේ. මේවා මිළදී ගන්නවද කියලා ප්‍රශ්නයක් ඔබට මතු වෙලා තියෙනවා. අද ලංකාවේ නාන කාමර කට්ටල වල සහ ටයිල් වල වැඩිම අලෙවිය. රොසෙල්.. කෙසේ හෝ මෙවන් නිර්මාණකරුවන් ගැන අප ආඩම්බර විය යුතුයි..
ReplyDeleteනිර්මාණශීලි උනාට හරි මදි...
ReplyDeleteමටත් හිතෙන්නෙ ඔය ටිකමයි
Deleteකෝ මේකට මම දාපූ කොමෙන්ට් එක ස්පෑම් ගොඩේද දන්නේ නෑ..
ReplyDeleteමේකෙන් නිර්මාණකරුව කියන්න හදල තියෙන්නෙ මිනිස් ඉරියව් ගැනම හිතලා කරපු නිර්මාණයක් කියලා...මේ වගේ දේවල් කාලානුරූපි නිර්මාණ කියලයි මම හිතන්නෙ..තව අවුරුදු 10ක් ගිහාම ඔයත් මේ ගැන වෙනස් විදිහට හිතාවි..
ReplyDeleteමට එහෙම හිතෙය්ද මන්ද?
Deleteමේ දැන්වීම ඇත්තටම මොකක්ද කියල දැක්කෙ දැන්. කලින් දැක්කත් උවමනාවකින් බැලුවෙ නෑ. මේ උපමාවන් ටික යෙදීම හොදද නරකද කියල මම විනිශ්චයක් දෙන්න යන්නෙ නෑ. ඒත් කියන්න දෙයක් තියනව, වෙලද දැන්වීමක් සාර්ථක වෙන්න නම් ඒකට බනින ප්‍රමාණය අඩුවෙන්න ඕන. මොකද දැන්වීම දැක්කම මල පනින ජාතියෙ ඒවයෙන් නිෂ්පාදනයට පාඩුවක් මිසක් ලාභයක් නැහැ.
ReplyDeleteසහතික ඇත්ත.
Delete